Monday, April 02, 2012

[239] හෙඩිමක් නැති කවියක් වගෙ ජීවිතයක්

සංසාරේ අපි අතරට සඳැසක් අවසන් වරට ආවෙ ගොඩක් කාලයකට කලියෙන්... ජීවිතය තිගැස්මකට ලක් වෙන කල්හි මොලයේ එක්තරා පැත්තක් ඔල්මාද වෙලා කලාව ඉල්පී එලියට පනින බවකුයි මගෙ හැඟීම. විශෙෂයෙන්ම සඳැසක්... 

මම තාම හිතනවා මේ පැදි පෙලට හෙඩිමක්. එත් අන්තිමේට මට කියන්න වෙන්නෙ මේවාට හෙඩිමක් නැති කවියක් වගෙ ජීවිතයක් කියල තමයි.  

ඒ උනාට මේක කවියක්.... කියවල බලන්නකො. අවුරුදු ගාණකට පස්සෙ එක එක , හෙමි හෙමීට ටික ටික ලියවෙච්චි සඳැස් කවි ටික දැන්. 

මම නොතෙරෙන අපබ්‍රන්ස පෝස්ට් ලියනවය කියල නිතර දෝස්මුර දාන මගෙ හිතවත්තු ටිකයි , සඳැස කවි ගෲප් එකට මාව එකතු කළ විපුල සුමනසේකර මාමායි මතක් කරමින් , ඔන්න එහෙනම් ලියනවා , ආයිමත් කවිය පල්ලෙහායින් ... මේකෙ කවි එක දෙක ඔයාල මුහුණු පොතෙ දුටුවාට සැක නැහැ.. :) මෙන්න ඔක්කොම එකතු කලා දැන්.. දැන් නම් මේක කවි පෙලක් වගෙ පේනව නේද??? :-)  

 ~`~

එලියක්    ඇවිත් වැතිරෙන විට අඳුරු හිත
මෙතුවක් නොලත් පැහැ දැක හිත බිඳෙනු නැත
දැරියක්    අතින් ඉහිරුනු පැහැ අහුරු මත
ඉඟියක්   නොහොත්, 'අතොරක් ලඟ' ලකුණු ඇත

පැතුමක්   එතෙන හැඟුමට සසැලෙන කැලතී
මුහුණක්   දකින සැණයක හද වෙණ නවතී
දහසක්   මතක ඉගිලෙන අඳුරට බියැ'තී
අහසක්   අඬනවද වැහි බිඳුවට හිතැතී ?

මතකෙන්   මතක පිරැවෙන සෙනෙහස් බඳුන
අතරින්   පතර කඩතොල් නොම සිස් බැවින
සිර ගෙන්   මිදුනු මුත් කටු කොහොලින් පිරුන
කඳුලින්    මවක දල්වමි කුල ගෙයි පහන ?

පෙර අත්   බවෙක සිත් බිඳි කම් කරන්නැ'තී...
ලද අත්   බවෙහි එහි කටු ඵල ලබන්නැ'තී...
ඇති මුත්   යමෙක් නොකියෙවු දිගු කවක් ගෙතී...
හදවත්   බිතෙහි ඇඳි සොඳ රූ මැකෙන් නැතී...

අතොරක්   නැතත් අතුරක් වන් දිවි මගෙක...
කොතෙකුත්  වෙසෙස් දසුනින් සිත වෙයි මෙලෙක...
නිදහස්   ලොවක් නැසු කෙරුමන් පිරි එ'වක...
එහෙයින්  බියක් නැති ලෙද පියඹනු නොහැක...


16 comments:

  1. කෝ කොයි එකාද බං කිව්වේ නගේ උඹ අපබ්‍රංස ලියනවා කියලා...මේ තියෙන්නේ යස අපූරු කතාවක්...:D

    ReplyDelete
  2. දපාරක් විතර කීබෝඩ් එකේ ඔළුව ගහගෙන ආයෙ කියවන්න ඔනෙ මේක තේරුම්ගන්න ;)

    ReplyDelete
  3. කෑලි කෑලි කියෝලා තිබුණට සේරම එක පාර කියවන්න ලැබුණේ අද තමයි...

    "ජීවිතය තිගැස්මකට ලක් වෙන කල්හි මොලයේ එක්තරා පැත්තක් ඔල්මාද වෙලා කලාව ඉල්පී එලියට පනින බවකුයි මගෙ හැඟීම"

    මේකනම් නිකං මැවිලා පෙනුනා.. හරියට බිත්තර කහමදේ එලියට පනිනවා වගේ.. :D

    ReplyDelete
  4. ලස්සනයි

    ඒත් මෙතනදී "කඳුලින් මවක දල්වමි කුල ගෙයි පහන ?"
    පැටලුණා

    ReplyDelete
  5. ඇත්තමයි සෑහෙන කාලෙකින්නේ අක්කගේ සදැසක් කියෙවුවේ.. ලස්සනයි අක්කේ..

    ReplyDelete
  6. "මතකෙන් මතක පිරැවෙන සෙනෙහස් බඳුන
    අතරින් පතර කඩතොල් නොම සිස් බැවින"
    ඇත්තම ඇත්ත..

    ReplyDelete
  7. මටත් කියන්න තියෙන්නේ අර ජේ. ඩී. කියල තියන එකම තමයි.

    ReplyDelete
  8. මාරයියා
    ඒකනෙ අනේ.... මම ලියන අපබ්‍රන්ස ! හිකිස්... නේදැ ???? :-) සිනා

    ජේඩී...
    තව එක පාරයි ගහගන්න තියෙන්නෙ ඔලුවට ! ඔහොම යන් :)

    මාලක
    ස්තූතියි දරුවා :)

    බිටා
    හිකිස්... ඕන් කිව්වා.... බිටා සුපුරුදු ලෙස ගැඹුරු දියෙන් පිටට පැන්නා එහෙනම්....

    තිසා අයියා
    ස්තූති.... අහ් ... හරි.. පස්සෙ කියන්නම්කො මොකක්ද ඒ කියලා....

    දිනේශ්
    ආව් ගොඩ කාලෙකින් මල්ලි.. කොහොමද? ස්තූතියී... ආයෙත් බලන්නම්කො ටිකක් තෙරෙන දෙවල් ලියන්න :)

    සරත්
    ස්තූතියි... ඇත්ත නේන්නම්.. නේද???

    පිසා
    ඔයා තාම 10 පාරක් ඔලුව ගැහුවෙ නෑ නේද? හී

    ReplyDelete
  9. අහසක බසින හිරු ඇඳි රත් පැහැ බොඳ වී,
    කඳුලක දිලුනු තරු කැට නෙතු යුග තනිවී,
    මතකෙක රැඳුනු සොව පිණිබිඳු ලෙස පහවී,
    දවසක පිපෙනු ඇත සෙනෙහේ මල් පිබිදී,

    අරින්ඩ එපා බොල , තව ලියාපිය සඳරැස්....හෙහ්, හෙහ්,

    කවුද බොල උඹට දෝස්මුර දැම්ම එවුං අපබ්‍රංස ලියනවයි කියල...ඒයි.... මේ නං ලිස්ට් එක ලියාගෙන හිටහං හොඳේ...මම එනව ලඟදි.....එකෙක් ඉතුරු කරන්නෙ නෑ අනෙ අම්මප....

    නෑ මේ මම කියන්නෙ කතාව සම්පූර්ණ ඇත්ත වෙන්න පුළුවං, ඒව වෙනයි...ඒත් එහෙම කියන්ට වටිනවද අපෙ දිල් ලමයට....ඇත්තම කිව්වොත් මම උනත් උඹෙ පෝස්ට් එකක් කියවන්නෙ අඩුගානෙ සකෘදාගාමී තත්වයටවත් පත් වෙලා තමයි...ආය මොකටද බොරු කියන්නෙ...හෙහ්,හෙහ්,

    ReplyDelete
  10. මේකට නම් තාලයක් දාන්ට පුලුවං..

    සිරා !

    ReplyDelete
  11. ලස්සනට සිත්තම් කරපු ගීපදවැලක්....

    ReplyDelete
  12. එලියක් ඇවිත් වැතිරෙන විට අඳුරු හිත
    මෙතුවක් නොලත් පැහැ දැක හිත බිඳෙනු නැත
    දැරියක් අතින් ඉහිරුනු පැහැ අහුරු මත
    ඉඟියක් නොහොත්, 'අතොරක් ලඟ' ලකුණු ඇත

    ගොඩක් ලස්සනයි අක්කේ..

    ReplyDelete
  13. රවියා...
    හනේ මට කිව්ව දේ.. එනවකො ලන්කාවට.. නුවර නම් එන්න නෙවෙයි අයියේ... හොඳේ.....

    සැමෝ....
    ස්තූතී.....

    තොටියා
    ආහ්....... ස්තූතියි ඇ.... සැරින් සැරෙ ලියවුනේ. අන්තිමට එකට ගැලපුනා....

    වර්ෂා
    ආහ්... ස්තූතියි නගා :)

    ReplyDelete
  14. රසවත් බවක් දිස් වෙන මේ කවි පෙළෙහී
    දෙවරක් තුන් වරක් සක්මන් කළ කළෙහී
    අරුතක් රැඳුණු බැවු මට දැන් ඇත වැටහී
    එනමුත් කිව නොහැක මේ යැයි මට හිනැහී

    ReplyDelete
  15. චතුර :

    අරුතක් වැටැහි බව දැන් මට ඇත වැටහී
    කොතෙකුත් වැසු නමුත් සත්‍යය වෙයි එරෙහී
    හඬකින් කියන්නට බැරි බෝ දේ සිරැවී
    තිබුනත් දිවිගෙවමි මම ලොවටම හිනැහී

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->