[244] ඇඟිලි තුඩු
පෙණ බුබුලක් මත
නොතියන් ඇඟිලි තුඩ
අත වැදෙන මොහොතක
එයින් ගිලිහෙයි හිස්තැන..
විනිවිද පෙනෙන මැදද
වටකුරු හැඩ තාලද
දිලෙන පලිඟු වන් බිතද
රික්තයට තනි රකින ..
බරින් තොර , පාවෙන
නොවෙනස් පෙණ බුබුල
ඇඟිලි තුඩු දැක රොස් වන
බිඳී විසුණුව යනු නොහෙන..
ලස්සන කවි පංතියක් අක්කේ.....
ReplyDeleteහරි අපුරුයි .
ReplyDeleteWOW! විශිෂ්ටයි!
ReplyDeleteමොන හේතුවක් නිසාද මන්දා මට කවදාවත්ම අක්කගේ කවියකට පිළිතුරු කවියක් ලියන්න පුළුවන් උනේ නෑනේ..
ReplyDeleteකොහෙන් එනවද මන්ද මේව ඔළුවට. මාරයි.
ReplyDeleteතේරුනේත් නැහැ වගේ.. ගැබුරුයි !
ReplyDeleteජය !
පිටතට වැඩි පීඩනයක්
ReplyDeleteඇතුලෙහි රඳවන
බිතෙහි තුල ඇති වාතය
රික්තයක් විය නුඹට..
හරියට අපේ ජීවිතත් ඒ වගේමයි..
සාර්ථක කවියක්!
just like being pressed against a glass.....u can see it...but can't feel....:P
ReplyDeleteලස්සන ගැඹුරු අර්ත සහිත කලාතුරකින් දෑකිය හෑකි වචන මාලාව ජීවිතේ මල්ගේ වචන ගෑලර්යෙන්....! ඈත්තටම මටනම් සමහර වචනවල් තේරුම් ගන්න හරි අමාරුයි....ඒත් මං ගොඩාක් ආසයි ඒවට නියම තේරුම හොයගෙන ජීවිතේ මල්ගෙ ලිපිය කියවන්න...සිංහල භාෂාව අලංකාර කරන ඔබේ නිර්මාණය අසිරිමත් ලෙස දැනුනෙ, අහම්බෙන් පළවෙනි වතාවට මම කියවපු ඔබේ ලිපියක් වන 'උපැස් මතක ඇස්' ඔබේ ලේඛන කළාවට මගේ සිත ඇදුනෙ ද ඒ ලිපිය මගින් කියලා ජීවිතේ මල්ගේ පාඨකයෙක් ලෙස අවංකවම කියමි..:)
ReplyDeleteniyamai akkiyo...aaye kiyanna vachana naa!
ReplyDeleteමගේ කවියට ආදරේ කරමින් මෙහි අකුරු ලිව්ව ඔබ හැමට ගොඩාක් ස්තූතියි......
ReplyDeleteවෑඩ වෑඩි වෙනකොට කොච්චර ආස උනත් ලියාගන නිදහසක් එන්නෙ නෑනෙ.
අඩු ගානෙ පිලිතුරක්වත් ලෑබෙන සෑනින් ලියන්න වෙන්නෙ අඩුවෙන්.
ඒකට අමනාප වෙන්නෙපා. හැකි හැම විටම මම ඔයාලට ස්තූතිවන්ත වෙනවා
ආයෙමත්... ස්තූතියි