ඈත තුරුහිස් හුලඟෙ තාලෙට
කියනවලු පැද්දෙන ගමන්
තාම හුලඟට අඬන සද්දේ
ඇහෙනවලු දැරියක හෙමින්..
උසට හිටියට දුරට පෙනුනට
අහසෙ ගෑවෙන්නටම මෙන්
දැවෙන තරමක් නොදනි පොළොවක්
තුරු මුදුන් ඉර උණුසුමෙන් ...
කියනවලු පැද්දෙන ගමන්
තාම හුලඟට අඬන සද්දේ
ඇහෙනවලු දැරියක හෙමින්..
උසට හිටියට දුරට පෙනුනට
අහසෙ ගෑවෙන්නටම මෙන්
දැවෙන තරමක් නොදනි පොළොවක්
තුරු මුදුන් ඉර උණුසුමෙන් ...
සම්භාව්‍ය කවි ! (නොතේරේ)
ReplyDeleteවෙනස්ම අදහසක්..
ReplyDeleteතුරු හිසග නිල් හරිත පත් රැස
ReplyDeleteකළඹවා හැමු සැඩ සුළං,
විලාපය නොව සවණ වැකුණේ,
යුවතියක හද ඉකි බිඳුම්,
නෙතඟ රැඳි උණු කඳුලු බිඳුනොව,
සිසිරයේ මිදි හිම කැටිත්,
දියව යන කල එලඹ ඇත දැන්,
වසත් කල ආයෙත් ඇවිත්,
හ්ම් !
ReplyDeleteඅවසාන කොටස සැහෙන්න යථාර්ථවාදීයි.. හොඳ නිර්මාණයක්..
ReplyDeleteකාලෙකට පස්සෙ උඹ ලියූ කවියක් ඕන් ටිකක් තේරුනා... ලස්සනයි ඈ ඇත්තටම. මන් මාර ආස ස්ටයිල් එකක් මේක.
ReplyDeleteලියූ ප්‍රතිචාර ටික බිසි වීම නිසා මගෑරුනා. ඒත් ලියූ සොඳුරු පද වෑල් සහ ලෙන්ගතු කෙඔමෙන්ටු වලට හදවතින්ම ස්තූතියි කියා පතන්නම් මම :)
ReplyDelete