Friday, April 06, 2012

[240] හෘද අභ්‍යන්තරයේ උණුසුම් දිය වැල


 සංසාරේ අපි යනු එක්තරා කොත්තුවකි. එහි නැති කිසිවක් නැත. ටැබූ සබ්ජෙක්ට්ස් වල සිට ගුරු වෘත්තියේ අපූරු සිදුවීම් තෙක්ද , කාල අවකාශයේ විවිධ විපිරියාසයන්ට ලක්වන චින්තාවලීන්ට දෙස් දෙන එක එක ජාතියේ සඳැස් නිසඳැස්ද , ගීත විවේචනද , පොත් විවේචනද යනාදී එකී මෙකී නොකී දේ මෙහි ඇත...

එහෙත් සංසාරේ ලියන මට කිසිදා සිදු නොවූ දෙයක් තිබේ. එකම ගීතය ගැන දෙවරක් ලියන්නට තරම් පද වැලක මට අරුමයන් වරින් වර වෙනස් ලෙස පෙනුනේ එක් ගීතයක පමණකි. එනිසාම කිසිදා නොවූ සේ වරක් ලියු ගීයක් ගැනම ආයිත් ලියන්නෙමි.

ඇතැම් ගීත කණට අහුවූ නිමේෂයේ සිට නොකඩවා ඇසීමෙන් දිනකින් දෙකකින් 'එපා' සහ 'අපෝ' වීගෙන යයි. මේ ගීයට පමණක් ඒ අපරාධය තාම නොවූයේ කෙසේදැයි මම සිතමි...




ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම ....

මේ සීතල හිම ගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ..
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ....

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ සේ පිපුනේ
ඔබේ රැසින් මා තවා ලන්න රෑ
ලය මත සනහා රාජිනියේ ....

බොහෝ සරල සුගම වදන් කිහිපයකට හදවත මත ආන්දෝලනාත්මක විපර්යාසයක් ඇති කළ හැකිද? බටනලා හඬින් කැලතෙන හද ස්වර මත හ‍්රද ගායනයක් වික්ටර්ගේ මුවින් ගිලිහෙයි.


ජීවිතයට ආදරය ලංවන්නේ සුනාමියක් වගේ නොවේ . ආදරය සාපේක්ෂ වුවත් ආදරයෙන් කැලැත්තෙන සිතුවිලි දාමය දිය යටින් ඇදෙන උණුසුම් දියවැලක් මෙන් හර්ද අභ්‍යන්තරය යම්තම් වරින් වර කලඹා ලන අයුරු මේ පද වැලෙහි එතී තිබෙයි.

ආදරයට කෝඩු කාර හෝ කෝඩු නොවන බොහෝ දෙනාට මේ කාලය මතක තිබේ. හෙවත් සිහින දකින යුගය තරම් ආදරය කරන යුගය රසවත් සහ ඩයිනමික් නැත. ආදරය කරන යුගය යම් සේ රසද එතරම් රසයක් යුග දිවියටද නැත. මේ අනුව බලන කළ ආදර ගීත තුරෙනුත් ඔය කී සිහින ලෝකෙ සැරිසරමින් වෙන දේට වඩා දේ හීන දකින යුගයෙහි යන හීන ලෝකෙට වික්ටර් නිතරම මාව ඇදෙගන යයි.

හින්දි චිත්‍රපටයක අබ කෙත් යායක සුලඟට නැලවෙන මල් යම් සුලඟින් කුල්මත් වන්නේද, එතරම් සොඳුරු කැලතිල්ලකින් ඇගේ පහසෙහි සැතපී සිහිනයට පැන යන ඔහුගේ සිත චමත්කාරයෙන් මත්වනයුරු වික්ටර් ගයයි.

ජීවිතය අවපස අහසක් වන්නේ කෙනෙකුද දෙදෙනෙකුට නොවේ, බොහෝ දෙනෙකුගේ ජීවිත කතාවන්හි අඳුරු රේඛා ඇති වැහිබර අහසක ගුප්ත බව රැඳී තිබෙයි. එහෙත් ඒ අන්ධකාරය කපා ගෙන එබෙන පුර පස සඳක් සේ ඇගේ රශ්මිය ඔහු නිවා සනහාලයි. දිවා ඉර මෙන් දවා නොලයි.

මේ ගීයට මෙතරම් ලකුණු දෙන්නට හේතු ඇත්දැයි කෙනෙක් මගෙන් අසනු ඇති. මේ ගීයට මගේ ලකුණ ඔබ නොදෙනු ඇති. එහෙත් සංසාරේ තුල ඇති ජීවිතේ මල්ගේ හෘද අභ්‍යන්තරය තුල 'එපා නොවී' මේ ගීය නින්නාද වෙයි.

ගීය මෙන්න

10 comments:

  1. ගීය සිරාය. අසා ඇත්තෙමි..

    ReplyDelete
  2. one of the best recent sngs by Victor....lo it....simply amazing .....:)

    ReplyDelete
  3. වර්ථමානයේ ඇසෙන බොහෝ ගීත වලට ශාපෙක්ෂව ඔයාගේ තේරීමට මම එකඟයි. හැබැයි ව්ක්ටර්ගේ බොහෝ ගීතවලට ශාපෙක්ෂව මම ඉන්නේ ඔයාම කියල තියන මෙන්න මෙතනයි. " මේ ගීයට මගේ ලකුණ ඔබ නොදෙනු ඇති ".
    ඇති යන්තං එකපාරක් කියවල තේරුම් ගන්න පුළුවන් එකක් ලියන්න හිතුන (කොත්තු වල ඉතින් නැති දෙයක් නැනේ).

    ReplyDelete
  4. වස්තූන් වලට ආවේණික ස්වාභාවික සංඛ්‍යාතයක් ඇත්තා සේ එක් එක් සිත්වල නින්නාද වන අවේණික ගීත ඇත..

    ReplyDelete
  5. සෑම් : යා. අසා ඈතිවා විතරක් නොවේ මම නම් පන යන තුරු අසමි.

    ශෑඩෝ.. ඒයි.... කාලෙකින්.... yaa yaa. its one of the best .

    පිසා : :0 හෙ හෙ ඔන්න මම ලිව්වා තෙරෙන එකක්...

    රූ: යා ... ඔබ හරිය... :) අන්න ඒකමයි මාත් කිව්වෙ .

    ReplyDelete
  6. මගෙත් සිංදු ලිස්ට් එකේ උඩින්ම තියෙන සිංදුවක් තමයි අක්කේ මේක.. සරල කෙටි වචන නිසා සොදුව හිතට දැනෙනවා හරි ඉක්මනට..

    ReplyDelete
  7. මම අඅසම සින්දුවක්... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේකනම්...

    ReplyDelete
  8. කවුරු කියන සින්දුවක්ද කියලා දැනං උන්නේ නැති වුණත් මමත් ඒ සින්දුවට ගොඩක් ආස කලා ..

    ReplyDelete
  9. මමත් ආසම සිංදුවක්

    ReplyDelete
  10. දිනේශ්
    ඔව් මල්ලි. මටත් නිතර දැනෙන ගීයක්.

    හිතුවක්කාරී
    හේ හේ. මටත්

    සඳරුවා...
    :) මාත් මාත් :) හෙ හෙ.

    නෙරා
    යා :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->