වෙලාව: පස්වරු 6යි
ස්ථානය: ආපිකෝ සුපර් මාකට් එක - නුවර
මේක ඇත්ත කතාවක්. ඇහින් දුටු සිද්දියක්. සිද්දිය හරිම පොඩි වේවි ඇතැම් විට ඔබට. මට හරිම ලොකු උනාට. .. කතාව කියන්නද එහෙනම්..
මුදල් ගෙවන කවුන්ටරයේ රෙදි හැට්ට! තාන් ඇඳුමෙන් සැරසුනු යුවතියන් කවුන්ටර අරක් ගෙන. අලුත් ඇඳුමක්! කබා කෝට් දවස් කිහිපයකට පලා ගිහින්.. ඒත් මැදැයි. රට යන අත ගැන අඩු ගානෙ එහෙමවත් සතුටු වෙන්න.
මම හිටියෙ කවුන්ටරයේ තුන් වෙනියට. මට ඉස්සරහින් සල්වාර් ඇඳුමක් ඇඳගත්තු, කණ්නාඩි දෙකක් දාගත්තු ලස්සන , අවුරුදු 30ක විතර වගෙ යුවතියක්. ඊටත් ඉස්සරහින් බොහොම වයස්ගත ඒත් පිරිසිදුව පිලිවෙලට අත් දිග කමිසෙකින් සැරසුනු අවුරුදු 60ක පමණ මහත්මයෙක්.
මහත්මයාගෙ වාරෙ. කරන්නට දෙයක් නැති කම නිසා මමත් අරමුණකින් තොරව සාප්පු කූඩ වල තියෙන බඩු භාණ්ඩ දිහා බල බල හිටියේ. මහත්මයාගෙ බඩු බාස්කට් එක කැශියර් අක්කා එකින් එක බිලට ඇතුලත් කරලා ඉවරයි. දැන් මහත්මයාගෙ වාරෙ.. මහත්මයා සාක්කුවෙන් මුදල් ඉවතට අදිනවත් , මුදල් අතරෙ සීයෙ කොල දෙකක් තිබෙනවත් මම හොරැහින් බලාගෙන. ආයෙමත් නිරායාසයෙන් මහත්මයාගෙ බඩු බාස්කට් එක මට බැලුනෙ ඒ කූඩෙට රුපියල් දෙසියය මේ කාලෙ ඇති වෙනවද කියන කුහුලෙන්...
මහත්මයා ටිකක් කලබල වෙන අයුරුත් , අතේ රැඳුනු ලොකු බ්‍රීෆ් කේස් බෑගය කෑශියර් මේසය උඩින් තබාගෙන දිගහරින අයුරුත් මම බලාගෙන. අනුන්ගෙ බෑග් ඈතුලෙ බලන එක නරක පුරුද්දක්. ඒත් එහෙම වුනා. කැත හිත වෙන්න ඈති. ඒ බෑගය ඈතුලෙ ෆයිල් කවරෙකුත් , ඒ මත ලොකු CDMA දුරකථනයකුත් හරිබරි ගැහිල වැතිරිලා හිටියා. මීට අවුරුදු පහ හයකට කලින් වගේ ඒක ටිකක් සාමාන්‍ය සිද්ධියක් වුනත් , අද කාලෙ නම් CDMA ෆෝන් විශෙෂයෙන් බ්‍රීෆ් කේස් බෑගයක අරගෙන යන එක ටිකක් කුහුලින් දකින්න දෙයක් ... ඒ නිසා ඒ රූප රාමු කිහිපයට මගෙ හිත ඈදිල ගියා.
මහත්මයා දෑන් බෑග් එක ඈතුලෙ මුදල් හොයනවා. සාක්කු අදිනවා . කාසි කිහිපෙකුත් රුපියල් විස්සෙ කොලයකුත් බෑග් එකෙන් එලියට ගන්නවා මට පෙනුනා. අතෙ තිබෙන මුදලත් කූඩයෙ තිබෙන බඩු බාහිරාදියත් සම නොවෙන බව වටහගෙනද මන්දා මහත්මයත් අයකැමි නෝනාත් ටිකක් අපහසුවෙන්. අයකැමි නෝනා බලන් ඉද්දි , අර මහත්මයා හිනාවකුත් පාලා
'බලන්නකො රුපියල් සීයෙ කොලේ පන්සීය වගෙනෙ දෑක්කෙ. මම හිතුවෙ පන්සියයක් තියනව කියලා'
මහත්මයා ටිකක් අපහසුතාවෙන් වගෙම දිග් ගැහෙන පෝලිම ගැනත් කලබලෙන් බ්‍රීෆ් කේස් බෑගයෙ ආයිත් කුඩා පොකට් අතගාන්න පටන් ගත්තා.. කූඩය දිහා බැලුන මට දැනුනෙ සීයෙක් ගෙදර ඉන්න පොඩි එකෙකුට ගෙනියන පොඩි පහේ කෑම බීම. .. චොකලට්... බිස්කට්.. ස්මාටීස්... මීට්බෝලස්... සීයට නම් වෙන්න බැහැ වගෙ.
මහත්මයා හිත හදන් තීරණයක් අරන් වගෙයි. රුපියල් 210 කවුන්ටරෙන් තිබ්බ මහත්මයා මේකට හරියන්න බඩු ටික දෙන්නකො කියල අපි දිහාවෙත් බලාගෙන හිනා වුනා. ඒත් ඔහුගෙ හිතෙන් ලෑජ්ජාව පහවෙලා නැතැයි දැනුනෙ ඔහුගෙ මුහුණෙ මතුවුනු දහඩිය බින්දු දැකලා. මීට කලින් ඒ මහත්මයාට ඒ වගෙ දෙයක් වෙන්න නැතුව ඇති. මට එහෙම හිතුනා.
ඒ මුදලට හරියන්නට කුඩා මීට් බෝල පැකට්ටුවකුත් , මාරි බිස්කට් පැකට්ටුවකුත් , තවත් බිස්කට් පැකට්ටු දෙකකුත් දාලා අයකැමි ගැහැණු ලමයා බිල අවසන් කරන්නට සැරසෙත්ම මහත්මයා ආයිත් කලබලෙන් හඬ අවදි කලා. කූඩයෙ ජෙම් බිස්කට් පැකැට්ටුවකුත් , ස්මාටීස් සැශේ පැකට් දෙකකුත් තව චොකලට්ටුවකුත් ඉතුරු වෙලා තිබ්බා.
'අනේ පොඩ්ඩක් ඉන්නකො. මේ ජෙම් බිස්කට් එක කීයද? ' අහමින්ම බිස්කට් පැකට්ටුවෙ මිල ගලපමින් , ඔහු ආයිත් මාරු කාසි කිහිපයකින් රුපියල් 32ක් ගලපගන්න උත්සහ කරනවා දකිද්දි හිතට දැනෙන්නට ගත්තෙ මහ දුකක්.
අයකැමි නෝනාට ටිකක් තරහ ගිහින්. කේන්තියෙන් හුස්මක් පිටකල ඇය පෝලිමේ ඉන්න අපි දිහා සමාව ඉල්ලන සහ නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා. එක අතකින් , අවුරුදු කටේ නිසා, බලන් ඉද්දි පෝලිම දිගු වෙන කොට ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් පිටවෙන ඇගෙ නොරිස්සුමත් අමනුස්සකමක් නෙවෙයි.
මට ඉස්සරහ හිටගෙන හිටි යුවතිය මේ ඔක්කෝම බලාගෙන නිශ්ශබ්ද මුහුණෙන් පර්ස් එක ඇරියා. මහත්මයා අර ජෙම් බිස්කට් පැකට්ටුවට රුපියලෙ දෙකෙ කාසි ගලපන ඇසිල්ලෙන් ඇය ,
'මේ ටිකට බිල දාන්නකො' කියලා අයකැමි කතට කිව්වා.
අයකැමි අක්කා නිරුත්තරව බලාගෙන හිටියා. මහත්මයත් කාසි හොයන එක පැත්තක තියලා ඇය දිහා බැළුවා. ඇය කා දිහාවත් බැලුවෙ නෑ. අයකැමි කත ඒ ටිකට බිල දාන අතරෙදි , මේ යුවතියම කුඩා ශොපින් මල්ලකට ජෙම් බිස්කට්ටු පැකට් එකත් , ස්මාටිස් පැකට් දෙකත් චොකලට්ටුවත් එබුවා ..
'ගන්න අන්කල්' කියූ ඈ , ඔහුගෙ අතෙ මල්ල තබමින් ඔහුට ලාවට හිනා වුනා.
අන්කල්ගෙ මුහුණේ ආදරයත් , දුකත් , ආත්මානුකම්පාවෙන් මඬනා ලද කාරුණික හැඟීමුත් මතුවෙමින් ඇස් වලට කඳුලු එන්නට වුනා.
' තැන්ක්යූ දුව. these are for my grand son. ' එසේ කියමින් ඔහු ඒත් නොයා නිරුත්තරව හිටියා.
ඈ හිනා වුනා. 'I guessed' ඇය කිව්වා.
ඇය සන්සුන්ව ඒ ටිකටත් තම බඩු මල්ලටත් ( ඒ බඩුමල්ල පිරී තිබුනේ අයිස් ක්‍රීම් සහ රූපලාවන්‍ය ක්‍රීම් වර්ග කිහිපයකින් ) මුදල් ගෙවා බෑග් අතට ගනිද්දී , අන්කල් ආයිමත්
'තැන්ක්යූ සෝ මච් දුව' කියමින් එතනම හිටියා.
'හැපි නිව් ඉයර් අන්කල්, Its a very small gift'
කියමින් ඇය එතනින් ඉවත් වුනේ... ඇගේ සැබෑ අවුරුද්ද සහ මනුස්සකම දෑසින් දකින්නට පින් ලද අපවත් වාසනාවන්තයින් කරමින්.
ඒ සීයාට රුපියල් පණහක මුදලක් එවෙලේ අකරතැබ්බයක් වුනාට , අනෙක් වෙලාවකදි මහ දෙයක් නොවෙන්නට ඇති. ඒ යුවතියට රුපියල් පණහක අමතර වියදම දැනෙන්නටවත් නැතුව ඇති. ඒත් ඒ සීයාටත්, එමෙන්ම ඒ සුන්දර යුවතියටත් එක දෙයක් හරි බරට දැනෙන්නට ඇති. සීයා කඩචෝරු අරන් එනකල් ගෙදර දොරකඩ බලන් ඉන්න පොඩි කොලු පැටියෙක්.. ජෙම් බිස්කට් දැක්කොත් තාරුකා දෙකක් වගෙ දැල්වෙන , සීයා මොකුත් කඩචෝරු ගෙනත් නැති කොට තාරුකා නිවෙන වේගෙන් මැලවෙන, ඇස් දෙක .. ඒ මුණුබුරාගේ ඇස් දෙක ඒ දෙන්නටම මහ බරට දැනෙන්නට ඇති.
(පොඩි, සරල, ඒත්, මට, බරට හිතුන - ඇත්ත කතාවක්)
සුබ අලුත් අවුරුද්දක් අක්කියෝ !!!
ReplyDeleteහොඳ මිනිස්සු තවමත් අපි අතර ඉන්නවා
ඇත්තටම හරිම ලස්සන කතාවක් අක්කේ.. ඇඩෙන්නත් වගේ.. අළුත් අවුරුද්දෙ අළුත් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන, මම මේක කරන්න ඕන, මම අළුත් අවුරුද්දෙ මෙන්න මේක ගන්න ඕන.. මෙන්න මෙහෙම හැඩ වැඩ වෙන්න ඕන කියන හැගීමෙන් මිදිලා අපි කවදාද හිතුවෙ "අපි මේ දේ මේ කෙනාට දෙන්න ඕන.." කියලා.. අපි ගොඩක්ම ලෞකික වෙලා නේද අක්කේ..??
ReplyDeleteකොහොම උනත් ඇත්තම ඇත්ත කතාවක් උනු එක හොදයි.. ඒ අක්කා ට රුපියල් 50/- වැඩි ගාණක් නොවෙන්න ඇති.. අංකල්ට ඒ විස්කෝතු පැකට් එක එච්චර ඕන නොවෙන්න ඇති.. ඒත් හැදෑ සමයෙ තමන්ගෙ ළගින් ඉන්න හොදම යාළුවාගෙ හිත සනසන්න තමන්ට දෙන්න තියන "තෑග්ග" නම් ලක්ෂගාණක් වටිනවා ඇති..
ඒ අක්කාටත් පිං..
අර අංකල්ගෙ ප්‍රාර්ථනාවටත් පිං..
අක්කා පොඩ්ඩක් එබිකං කලාට පවු නෑ..
මේ වගේ ලස්සන කතාවක් අපිත් එක්ක බෙදාගත්තාට අක්කාටත් පිං..
මට එකපාරම මතක් වුණේ අර "Paid in Full With A Glass of Milk" කියන ජනප්‍රිය කතාව...
ReplyDeleteසමහර මිනිස්සු කොච්චර සතුටින් ඉන්නවද කිව්වොත් ඒගොල්ලෝ යන යන තැන් වල වැඩි සතුට ඔහේ ඉතිරිලා වටේටම ගලාගෙන යනවා... :D මේ ගෑණූළමයත් එහෙම කෙනෙක් වෙන්නැති...
සික්...මීට පස්සෙ මම උඹ එක්ක නෑ කිසිම ආස්සරයක්....කතාව දෝලාවෙං ගමන පයිං කියන්නෙ ඔව්වට තමයි....යකෝ උඹට තිබ්බෙ නැද්ද අර වයස්ගත මහත්මයගෙ බිල ගෙවල දාන්ට.....එහෙම උනා නම් කොච්චර අපූරුද?..... :( :(
ReplyDeleteජීවිතේ මල් අවුරුද්ද සැමරුවයි කියල එහෙනම් බොහොම සන්තෝසෙන් කියන්න තිබ්බනෙ.... නැද්ද?
@ Ravi
ReplyDeleteජීවිතේ මල් හිටියෙ පෝලිමේ 3 ට ලුනෙ. එයා 2ට හිටියනම් ;-)
කව්ද දන්නේ - ඔය කියන්න අකමැතිවද කියල ;-)
ReplyDeleteකීයක් ඔට්ටුද ජීවිතේ මල්ම තමා ඔය වැඩේ කරන්න ඇත්තෙ
@ තිස්ස දොඩන්ගොඩ
ReplyDeleteචොක්ලට් එකක් ඔට්ටුයි
ජීවිතේ මල්ට සුභ අලුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteහැබෑම සුන්දර හිතක් ඇත්තියක්...වාසනාවන්...
හැබැටම ඔය දිල් වෙන්නත් ඉඩ තියනවා...
@ Chanaka,
ReplyDeleteආය පෝළිමේ හිටපු තැන වැඩක් තියේය?...මොකද මෙයා '' ඉන්න අංකල් මම සල්ලි දෙන්නම් '' කිව්වනම් අංකල් කියයිද '' නෑ, නෑ, එපා ඔයා පෝළිමේ තුනටනෙ ඉන්නෙ ඒ නිසා සල්ලි එපා '' කියල...හෙහ්, හෙහ්, මෙයාගෙ බොරුනෙ ඔය...
එක්කො හෙමීට යන්ට ඇති පෝළිමේ පස්සට...අපි නොදන්න මල් කිව්වළු...:) :)
ඇත්තටම ඇහැට කදූළක් ආවා.. ඒ මනුස්සකම නිසා.. අපි අතරේ තාම ඒ වගේ මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි..
ReplyDeleteමේ වගේ මිනිස්සු අද කාලේ ඉන්න එකම ලොකු දෙයක්
ReplyDeleteඒ යුවතිය අපේ මිස් නේදෝ...?
ReplyDeleteලස්සන සිද්දියක්!
ReplyDeleteකඩචොරැ නැතූව ගේදර එනවාට වඩා නැවිත් ඉන්න එක හොදයි.
ReplyDeleteඒ වගේ අය තාමත් ඉන්නවා.
ReplyDeletematath hitenne akki tama bila gewala tiyenne..:)ankaltai akkitai e podi ekatai subama suba auruddak wewa!!!
ReplyDelete'අපේ රටේ මිනිස්සු වෙනස්'. ඇස්වලට කඳුළු ආව.
ReplyDeleteපුංචි දේකින් ලොකු වෙනසක් කරන්න ඇහැකි අපූරුව..
ReplyDeleteකතාව බෙදාගෙන අපේ සිත් පහන් කලාට ඔයාටත් සූභම සුභ අළුත් අවුරුද්දක්..
@ චානක: ෂුවර් ඔට්ටුව ඔයා පරාදයි..!!!
ReplyDeleteදෙවැනි කොටස:
"ඒ බඩුමල්ල පිරී තිබුනේ "අයිස් ක්‍රීම්" සහ "රූපලාවන්‍ය ක්‍රීම්" වර්ග කිහිපයකින්"
ඔය දෙක නොගැලපෙන භාණ්ඩ - මේ ඔබේ අවධානය පිණිසයි..!
මේවගේ දේවල් වැඩිවැඩියෙන් දකින්න ලැබෙනවනං කොච්චර හොදද.
ReplyDeleteකඳුලු ආවා බන් ඇස් දෙකට . . .. අනේ ඒ ගෑනු ළමයට ත් ඒ වගේ හිතන සියළු දෙනාටත් හොඳක්ම වේවා . . ..
ReplyDelete@බීට්ල්!
ReplyDelete"සමහර මිනිස්සු කොච්චර සතුටින් ඉන්නවද කිව්වොත් ඒගොල්ලෝ යන යන තැන් වල වැඩි සතුට ඔහේ ඉතිරිලා වටේටම ගලාගෙන යනවා... :D මේ ගෑණූළමයත් එහෙම කෙනෙක් වෙන්නැති.."
මේක නම් ඇත්තටම එහෙම තමයි . . .
ලෝකේ ලස්සන මිනිස්සු ඉන්නව තාම...
ReplyDeleteමලක් වගේ කෙල්ලෙක්........:)
සංසාරේ!!!
ReplyDeleteකියන්න දෙයක් හිතාගන්න බෑ අක්කේ මේ ගැන. හොඳටම දැනුනා හිතට. ඒ වගේ මිනිස්සු තාමත් ඉන්නවා කියන එක කොයිතරම් දෙයක්ද. ස්තූතියි මේ අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා...!
අළුත් අවුරුද්ද කටේ තියලා පරණ අවුරුද්දට වටින පෝස්ටුවක් තෑගි කලාට තැන්කූ ඈ...
ReplyDelete(හම්මේ අදනං යන්තං තේරුනා...අවුරුද්දට එකක්වත් එහෙම උනාම මදෑ..:D:D:D)
අපේ මිස් වෙන්න බෑ.... ආයේ ඔය රූපලාවන්‍ය තෝරු මෝරු ගන්නකන් දිල් අක්කා ඒකෙන් පොත්ක් දෙකක් ගනී..........
ReplyDeleteසීයා ගැන නම් දුක හිතුනා........ ඒත් අර නෝනා ගැන සතුටුයි මොකද අදකාලේ සල්ලි වැඩියෙන් තියන මිනිස්සුම තමා ඔය වෙලාවට එක එක ඇනුම් පද කියන්නේ ගොඩ වෙලාවට.
@ තිස්ස දොඩන්ගොඩ
ReplyDeleteනෑ නෑ මම ඔට්ටුව දිනනවා. හම්බ වෙන චොකෝ එකෙන් 1/2ක් ජීවිතෙ මල්ට දීලා.
2 - සමහර අය අයිස්ක්‍රීම් මූනෙ අතුල්ල ගන්නවනෙ රූප ලාවන්‍ය වලට
මකරෝ : සුභ අලුත් අවුරුද්දක් වේවා! අනිවාර්යයෙන්.. හොඳ මිනිස්සුන්ගෙන් ලෝකෙ පිරිලා .. අපිට නොපෙනුනාට
ReplyDeleteආගන්තුකයා.: ඒකනේ... ලෝකෙ දැන් හරි අමුතුයි. අපි හිතන්නෙම අපිට ගන්න දේ. අපෙන් දෙන දේ හිතෙන්නෙ හරීම අඩුවෙන් කියලයි මට හිතෙන්නේ./.... ස්තූතියි ලස්සන දිග කොමෙන්‍ටුවට මල්ලියා....
බිටා : බිටෝ .. මට ඇත්තෙන්ම කියන්නට වචන නැහැ. මේ මේතුවක් කාලෙට බිටා සන්සාරේ ඇතුලෙ ලිව්ව ලස්සනම කොමෙන්‍ටුව ... මට ඊට වඩා කියවන්න ගිහින් ඒ ලස්සන වචන වල අගේ අඩු නොකර ඉන්නම්... තැන්ක්ස් ඉන් ටු මිලියන්ස් බිට්ලේ...
රවි අයියා...
ඒයි... මම හිටියෙ තුන් වෙනියට.. හරිය ? :)
චානකයෝ... ඒකනේ.. බලනවකෝ..... :)
තිසා අයියා.... හිකිස්.... අනේ ජීවිතේ මල්ට තවම 30ක් නැනේ අප්පා... :)
මෙන්න ඒ පාර මකරා හුරතල් වෙන්න තියා ගත්තා මගෙ අයියත් එක්ක. චිප් ඤපුරු මකරා !:)
ලකියා... : ඔය ඔය.. ඒ පාර මෙයත් පටන් අරගෙන .... අනික් අයගෙ ගෙස් කෙරිල්ලි...
රවියෝ: නිකා ඉඳින්කෝ.... :) හිකිස්...
දිනේශ් මල්ලි : ඒකනෙ මල්ලී.. ලෝකෙ ඇත්තෙන්ම හොඳ මිනිස්සුන්ගෙන් පිරිලා මල්ලි. ඒත් වෙලා තියෙන්නෙ පත්තර පොත් ටිවි වලින් නරකම පෙන්නන්න ගිහින් ලෝකෙ නරක හැටියට හන්වඩු ගැහිලා....
ඩිලෝ.. : ඒකනේ... ඉන්නවා. මේ සන්කර මහ පොලවෙම ඩිලෝ...
රොශාන් : හහ්.. ඒ පාර ලමයිනුත් පටන් ගත්තා ඕනෙ නැති එව්වා අහන්න... :) හිකිස්..
විසිතුරු : ස්තූතියි විසී :) හී හී
අටම්පහුර : ඒකනෙ සීයා ජෙම් බිස්කට් එක ගත්තෙ....
නදී : ඔව් නන්ගීඉ.. ඔයා හරි... ඉන්නවා. අපි අවටම :)
ඉශානි : හේ හේ.. ඒ කියන්නෙ මන් තුමීත් ඒ තරම් හොඳ ලමෙක් කියලා ඔයාල හිතනවා නේද... ස්තූති :)
පිසා : ස්තූතියි පිසා.. හැමදාම ඇවිත් සන්සාරේ බලනව නේද? :) ස්තූති
රූ : ඔයාල හැමෝටමත් සුබ නව වසරක් රූ... ඔයත් හැමදාම මෙහෙ එනවා නේ???ස්තූතියි
තිස්සයියා..: හී හී.. ඔය දෙක ගැලපෙන්න බැරිද අයිය?
රාජ් : කසුරිගෙ පරන පොතක් තියනවා 'වටරවුම' කියලා. හැකිනම් හොයන් කියවන්නකො
දුකා අයියා : ඒකනෙ අයියේ...... ස්තූතියි. ඔයා වගෙ සන්වේදි කෙනෙක්ට කඳුලු එන එක අපි නොදන්නවැයි :) හෙ හෙ. බිටාගෙ කතාව නම් මගෙත් හිතට හොඳටෝම වැදුනා.... ස්තූතියි බීටස්...
නිශ් : ඒක නම් ඇත්ත .. හිත මලක් :)
ඊමේල් කවී : සන්සාරේම තමා... හේ හේ. ආවාට ස්තූතියි...
කසුන් මල්ලි: ඒක තමයි මල්ලෝ.... ඔයාටත් සුබ නව වසරක්.. ලෝකය යහපත් මිනිසුන්ගෙන් පිරේවායි අපි පතමු :)
මාරයියේ..: ආවා ආවා.. මාරයියා ආවා :) හේ හේ.... ස්තූතියි. ඔයාලා කිව්ව ඒවා හිතට අරන් මන් දැන් හැදෙමින් ඉන්නේ.. පේනව නේ.. ලියන පෝස්ට් :) ;-)
හාපැටික්ස්... ආව් ගොඩ කාලෙකින්න්න්න්න්න්.... :) ම්ම් ඒක නම් ඇත්ත නගෝ.. මේ එක නෙවි.. හාවා කෝ??? ඉස්සර නම් අක්කේ කියාගෙන කතා කරන හාවා. දැන් මිසින්... :)
මකරෝ..: කනවා මගෙන් ගුටි ඈ..... :)
බ්ලොග් ලොකේ මගේ ගුරු ඔයායි.... ඒ වගේ ම කාලෙකට පස්සේ බ්ලොග් වලින් මගේ හිතට දුක දැනුන ගොඩාක් සංවේදිව දැනුන පොස්ට් එකක්... අක්කෝ මම ඔයාගේ කලින් පොස්ට් වලත් මම ඒක විදලා තියනවා...
ReplyDeleteඇත්තටම තාමත් ලංකාවේ මිනිස්සු ලග එහෙම මනුස්සකම් තියන එක ගැන සතුටුයි...
මේ ගැනු ලමයා අක්කාමයි කියලා මට හිතුනා වැරදිද?
ඇත්ත..තාමත් මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් ඔයාට..(අක්කානේ..?)
සුන්දරයි..
ReplyDeleteස්තුති ඇස් තෙත් කලාට..
සුභම සුභ වේවා.. !
thnQ 4 sharin.....
ReplyDeleteහප්පේ මේකනං තේරුනා.. ලස්සන සිද්ධියක්.. ඔය කතාවෙ ඉන්න ගෑල්ලමයව මට මැවිල පේනව. හරියට කවුරු වගේද දන්නවද ? යසෝධ විමලධර්ම වගේ.. සිරාවටම මේ කියන්නෙ.. හි හී..
ReplyDeleteඅද කාලේ ඔච්චර ලොකු හිතක් තියන කෙනෙක් බේතකවත් හොයාගන්ඩ නැහැ කියලයි මම හිතාන උන්නේ .. මාර සංවේදියි .
ReplyDeleteමේ කතාවේත් මේ අංකල් ඉංගිරිසියට බැස්සා නේද? මං කාලෙකට කලින් කියපු කතන්දරෙත් ඕකමයි වුනේ.
ReplyDeletehttp://kathandara.blogspot.com/2011/12/curb-your-enthusiasm.html
එතනදීස් ඒ සීයා වහාම ඉංගිරිසියට බැස්සා!
@සිහින
ReplyDeleteසිහින
යසෝදා ඇත්තටම දැකපු කෙනෙක් කිව්වා අඳුනාගන්ත් ඹැරි තරමට වෙනස්ය කියලා.
යසෝදා ට සමාන කිරීම "ජීවිතේ මල්" ට අපහාසයක් ලෙස හිතයි ද මන්දා, ඇයව සැබවින් දැක ඇති අය?
හිත හොඳ මිනිස්සු තාමත් පණපිටින්!!! දුලබයි , එත ඇත්තයි!!! ජය!! ඔබටත් සුබ අවුරුද්දක් වේවා!!!
ReplyDeleteආයේ කතා දෙකක් නෑ.. මේ නම් ඔයාම තමා....සුන්දර සිතැත්තියේ,ඔයාට ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා !! :)
ReplyDeleteදේවා
ReplyDeleteඔයාල හැමෝම ඉතින් පොට පටලගෙනනේ... හේතු
1. මට අවු 30ක් නෑ...
2. මම කණ්නාඩි දාන්නේ නෑ...
3. මම ලස්සන නෑ...
හයියෝ.. මම මන් ගැනම එහෙම ලියාවිද දෙයියනෙ.. හා හා
වර්ශා
ඕන් ඒ පාර මේකිටත් හැදුනා පිස්සුව. මන් නෙවි... හී හී...
සෑම්.///
ස්තූතියි සැමෝ.... ඔබටත් සුබ නව වසරක් :)
හේමලයෝ..
:)
සිහිනයෝ...
හේ හේ. යශෝදානම් නෙවි උන්නේ.. හේ හේ....
සඳරුවෝ...
ස්තූතියි මල්ලියා.....
කකා....
හේ හේ. අන්කල් ඇත්තටම කඩුවට බැස්සාඅ.. පව්ව්...
හපොයි පිස්සුද කකා. එහෙම කිව්වම යසෝදාට අපහාසයක් තමයි වෙන්නේ... හී හී
චාමර
ස්තූතියි. ඔබ හරි. ඔබටත් ජය වේවා :)
සොඳුරු
මේන් ඒ පාර මෙයාත් :) හේ හේ. ජය !
සුන්දරයි..ඇත්තටම හරිම ලස්සන කතාවක් අක්කේ.. ඇඩෙන්නත් වගේ...හොඳ මිනිස්සු තවමත් අපි අතර ඉන්නවා ...
ReplyDeleteහොඳ මිනිස්සු තවමත් අපි අතර ඉන්නවා ...
ReplyDeleteගොඩක් සංවේදී කතාවක්....සිතුවිලි ලස්සනට ගලපලා තියෙනවා...ලස්සනයි ....
ReplyDelete