Tuesday, March 20, 2012

[238] ඈ - මම දන්නා ආදරවන්තියක් ඈ


සුන්දර ඈ හරියට පාස්වර්ඩ් දැමූ සිස්ටම් එකක් වගේය. ඇගේ මුවින් ගිලිහෙන හැම ඩයලොග් එකම එන්ක්‍රිප්ට් කළ මැසේජ් එකකි. කෙනෙකුට ලෙහෙසියෙන් 'කියවිය' නොහැකි බැල්මක්,දෙඩුමක් සහ සිනහවක් ඇගෙන් මම දකිමි. හෙවත් , කෙනෙකුට ලෙහෙසියෙන් කියවිය නොහැකි පොදියක් ඈ සිය හදට තුරුලු කොටගෙන හැංගෙන අයුරු මම හොඳින් කියවමි. 

ජීවිතයට වඩා මිනිසුන් මෙතරම් කියවා ගත හැකි වීම ඛේදයකි. කියැවූ දෙයින් කියවන්නා වන මටත් කියවන ලද්දා වූ අනුන්ටත් පලක් ලබා දිය නොහැකිය මට.  


අව්‍යාජත්වය ඈ වෙතින් කියවා ගත නොහැකිය මට. අස්ථායී හදවතකට වුව , නොසැලෙන බැල්මක් සහ මහා උපේක්ෂාවක් පල කළ හැකැයි මම ඇගෙන් උගත්තෙමි. ඈ මවා පාන හුවා දක්වන නොසැලෙන සහ තෘප්තිකර ජීවිතය යනු, හුණු කූරක් ගෙන ඇගේ වටා ඈ අඳින තද පාට ඉරකින් වෙන්වූ වපසරිය ලෙස මම හඳුනා ගන්නෙමි. උලා කන , ඉබාගාතේ එන සහ හොරා කන්නට වැට පනින හොරුන්ට ඇගේ කම්බි වැට මායිම අසල ඉඳිනු මිස අන් මගක් නැත. 

ජීවිතය ඇයට තාම ටියුෂන් දෙන්නට පටන් ගෙන නැත. නොසැනසෙන හිතත්, සතුට මවාපාන හිනහවත් මිස සැබෑ අව්‍යාජ ජීවිතයක් ඈට තාම ලැබී නැත. අඩුගානේ ඈ සොයන නිධානය මේ යයි හඬගා ඉල්ලා සිටිය හැකි කටහඬක්වත් තාම ඈට නැත.  ඒ දෑස් මත කාටවත් කියා නැති කතාවක් පාස්වර්ඩ් දමා ෆයිල් කොට තිබේ. පාස්වර්ඩ් එකත් ඈ හිතා මතා අමතක කොට දැමූ බව මට සහතිකය. 

ජීවිතය යනු ඇනලයිස් කිරීමේ අවදානම ගන්නා කෙනෙකුට ප්‍රහේලිකාවකි. එහෙයින්ම නිරුත්තර භාවයෙන් ඈ යථාර්තය වෙත ඇද දමන්නට මා තැත් කළොත් එය පාපයකි.   ජීවිතය සත්‍යය සහ යථාර්තය අමු අමුවේ වැමෑරුවහොත් එය වේදනාවකි. නීරස අහර සහ කුසගින්න ඊට සැපයයි ඇගේ මානයෙන් නිවැරදි විය නොහැකිද? 

නිහඬ අතෘප්තිකර ජීවිතය යනු එක්තරා සැනසිල්ලකි. එසේ ජීවත් වීමට හිත හදාගැනීමම ජයග්‍රහණයකි. මල්ල ලිහා බැලුවහොත් පරණ හුණු දැකිය හැකිවාක් මෙන්ම එය ලිහා බැලීම වේදනාවක් වීම මග හළ නොහැකිය. එනිසා මම නිහඬව බලා සිටින්නෙමි. මා ගුරුවරියක්ය යන්න මට සිහිපත් වෙයි. ඈට සත්‍යය හෙවත් නීරස යථාර්තය පහදා දිය යුතු යැයි මගෙ සිත මුරගා කියයි... 

එහෙත් අනෙක් අතින් මම ලඟදී අලුත් උපදේශයක් උගත්තෙමි. ගුරුවරියක් යනු කියා නොදිය යුතු දෑ සාර්ථකව සඟවා අමතක කළ හැකි අයෙකු විය යුතු බව මම උගනිමින් සිටිමි.  එනිසාම ඈට ඇගේ ලොව රසවත්ව යථාර්තය සඟවා දෙනුවස් මම හැකි හැම උපකාරයක් කිරීමෙන්ම හිත හදාගමි .


25 comments:

  1. @තිස්ස දොඩන්ගොඩ

    එන්ක්‍රිප්ට් කරපු එක තේරුණා වගේ හිනා වෙන හැටි :-p

    ReplyDelete
  2. කවුද දැං මේ ඈ ??

    ReplyDelete
  3. තේරුනාද නැද්ද කියල හිතන ගමන්... නිදිමතේ අදහස් දක්වන්න බැරි පෝස්ටුවක් :)

    ReplyDelete
  4. අමුතුම මාදිලියේ සටහනක්!!!

    ReplyDelete
  5. තාමත් කල්පනා කරනවා මම..

    ReplyDelete
  6. නිකන් කොඤ්ඤං කොඤ්ඤං වගේ..

    ReplyDelete
  7. සමහර අයට හරියන දේ ලැබෙන්නේ ටිකක් පරක්කුවෙලා. ගොඩක් වෙලාවට කලින් හම්බවෙන දේ ට වඩා පරක්කුවෙලා ලැබෙනදේ සාර්ථකයි. ඔය දේ ගැන ඔච්චර හිතන් නැතුව කාලයට ඉඩදෙන එක හොඳයි කියලයි මට හිතෙන්නේ.
    මගේ අනුමානය හරිද මන්දා?

    ReplyDelete
  8. අමුතුයි එත් නියමයි...:)

    ReplyDelete
  9. ඇය.. සමාජය යථාර්ථය ජීවත් වන්න උත්සහ කරන තවත් එක ගැහැණියක්ද දන්නෑ...

    ReplyDelete
  10. තිස්සයියා : :-) කියෙව්වද?

    මකරා : ඔයා බය වෙන්නෙපා... තිස්සයියාට හොඳට 'කියවීම'' පුලුවන් ....

    සිහින : කවුරු උනාම මොකෝ අප්පා. හැබැයි මම නෙවේ ඈ :)

    නිදිමත ගියාම අදහස් දෙන්නකො සාතන් :)

    පොඩ්ඩි : හෙ හෙ.... අමුතුයි නේ ....

    ReplyDelete
  11. දිනේශ් : මාත් කල්පනා කරනවා නෙව......

    සෑම් : මොකෝ අනේ මන්දා.... :)

    අඩවි: මට කොන්නන් කොන්න එක ටයිප් කොර ගන්න බැහැ.

    පිසා... මේක මම ගැන සටහන නෙවෙයි. මෙකෙ මට අදාලත්වයක් නැහැ. ජීවිතේ සහ අනුන්ගේ ජීවිත මම කියවන හැටි ගැන සටහනක්. මේ මට මුණගැහුන තවත් එක චරිතයක් :)

    රේසර් : ස්තූතියි

    පසන් : හ්ම්ම්ම්.. නෑ... ඇය සමාජ යතාර්තයෙන් පැනල යන්න හදන ගෑණියක්

    ReplyDelete
  12. අර මුල්ලෙයි මේ මුල්ලෙයි තවත් මුල්ලකයි ඉඳගෙන තේරුම් ගනිමි

    ReplyDelete
  13. මේ නෝට් එක ඩීක්‍රිප්ට් කරන්න විදියක් නැද්ද??

    ReplyDelete
  14. / ගුරුවරියක් යනු කියා නොදිය යුතු දෑ සාර්ථකව සඟවා අමතක කළ හැකි අයෙකු විය යුතු බව මම උගනිමින් සිටිමි. /

    සාර්ථක (සාර්ථක යන්නෙන් මෙහිදී ගම්‍ය වනුයේ හුදෙක් මස්තිෂ්කය මඤ්ඤමානුගත නොවී නිරුපද්‍රිතව නඩත්තු කර ගැන්මට සමත්වූ යනු පමණෙකි )වියුණු පාඨකයෙක් යනු යටත් පිරිසෙයින් රචිකාවියට පවා දුරවබෝධ චිත්ත ව්‍යාකූල මනෝ භ්‍රාන්තිකමය සංකල්පනාවන් කියැවීමෙන් එක හෙලාම වැළකිය යුත්තෙක් බව මම ද උගනිමින් සිටිමි.

    ඉහත සටහන හුදෙක් ජිහ්ව කපෝලාභ්‍යන්තරයෙහි ඝට්ටනය කොට ගනිමින් ලියූවකි ( හිංගලෙං කිව්වොත් Tongue In Cheek බොල.... හරිය? )

    නිහඬ වෙමි. ඒ කිසිවක් පැවසිය නොහැකි නිසාම නොව පවසන හෝ පැවසිය හැකි සියළු දෙයින්ම මසිත අරක්ගත් විශ්මයාන්විත අපූර්වත්වය බිඳ දැමෙන බව අතැඹුලක් සේ මම දන්නා බැවිනි.

    මෙපමණක්ම පවසමි.මුරපද හෝ කේතීයකරණය වලංගු වන්නේ නිර්දය අප්‍රතිහත ධෛර්යයෙන් යුතු හැකරුවෙකු හමුවනතෙක් පමණි.

    ReplyDelete
  15. කියෙව්වා.කිසිවක්ම නොකියා ඉන්නම්...මට යමක් දැණුනු නිසා

    ReplyDelete
  16. කියා නොදිය යුතු දෑ සහ කියා දිය යුතු දෑ අරුත් ගන්නවන්නේ ගුරුවරියගේ හිතු මනාපෙට නේද ... ? සමහරවිට කියා නොදිය යුතු දෙයක් විදියට සාර්ථකව සගවා අමතක කරන්නේ අනිත් කෙනාගේ ඇසින් බැලුවම ඒ කෙනාට දැනගන්නම උවමනා කරන වැදගත් දෙයක් වෙන්නත් පුලුවන් ... !! ඒ මට හිතෙන හැටි ... ලස්සන ලියමනක් ...

    ReplyDelete
  17. හදිසියෙන් කියෙව්වෙමි... සිතන්නට වෙලා නැත...නැවත විත් කියවන්නෙමි..

    ReplyDelete
  18. තමන් හරි කියා හිතන්නේ තමන් ට පෙනෙන ලෝකයය්,නමුත් හරි දෙය අපි වැරදි ලෙසම ගන්නවා විය හැක ???,,,###

    ReplyDelete
  19. ඌප්ස් නැටි ටික මිස් වලා..... ඒ කිව්වෙ අන්තිම කොමෙන්‍ටු ටික.. සොලි ඈ....

    රන්දිල් :
    මොන මුල්ලක්ද හලෝ.... මේ නුවර :0 හිකිස්.... :)

    ලිශ්
    බැහැ ලිශ් . මොකද ඈ තාම මා ඉදිරියෙ ඩික්‍රිප්ට් වෙලා නැහැ. වුන දාට මට හිතෙන්නෙ තෙරෙන පෝස්ට් එකක් ලියන්න හැකි වෙයි :)

    රවියා
    ඒයි මොකක්ද හලෝ ඒ කිව්වේ... තෙරෙන්න කියනවකෝ.... හැකරුවා.. අන්න වචනේ... හිකිස්. තෙරුනෙ එච්චරයී :)

    නෙරන්ජි
    හෙ හෙ. හැබැයි මේ මා ගැන නෙවි :)

    වාසනා
    ගොඩ කාලෙකින් නේද? ස්තූතියි නන්ගි. ඒත් නන්ගි මට හිතෙනවා අපි සමහර දෙවල් හිතෙ හිරකරන් ඉන්න අයගෙ ඇතුලෙන් එලියට ඇද්දම ඇදෙන දෙයින් ඒ අය ගොඩක් විඳවනවා කියලා.

    හූනා
    නැවත ආවද.. :) කෝ ඇවිත් නැනෙ :)

    තරිඳු
    වෙන්න පුලුවන් .. විවෘත මනසින් බලන තරම ලේසියි

    ReplyDelete
  20. තවත් කල්පනා කරන්න තිෙයනවා

    ReplyDelete
  21. සිහිනයක් ඒත් පුදුමයි

    ReplyDelete
  22. මෙය කියවූ මට ඈ නොවැටහුනු නමුත් දින ගණනක් කියවූ නුබේ ඩිගිටල් සිතුවිලි තුලත්, පැය කිහිපයකට සවනට වන් නුබේ වචන තුලත් මම මා දුටුවෙමි. මිනිසුන් උදෙසා.. මිනිස්කම ලියන මිතුරිය නුබට දිරියක් වන්නට ලීවෙමි....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->