Sunday, December 04, 2011

[220] සෙසේ !!!!

'සෙසේ' කියල අමතන්නෙ පූසන්ට. රෙදි හෝදන සබන් කෑටේට සන්ලයිට් එක කිව්වම , අන්තිමට වොන්ඩලයිට් කෑටෙන් හේදුවත් කියන්නෙ සන්ලයිට් ගානවා කියලා. අන්න ඒ වගෙ පූසන්ට සෙසෙ කියල කතා කරන්න ගියාම සමහර පූවන්ට සිද්ද වෙනවා 'සෙසෙ' කියලම බෞතිස්ම වෙන්න. අපෙ කතානායක 'සෙසෙ' ටත් වුනේ ඒකම තමයි.

එයා නම් ලේසි පාසු පූසෙක් නෙවි. සෙසෙ කියන්නෙ ලෝකෙටම 'එකම එක' ජාතියෙ එක්කෙනෙක්ලුනෙ. ඒකට හේතුව එයාගෙ තියන ලෝකෙ කාටවත්ම (ඒ කිව්වෙ පූසන්ට) නෑති අමුතු වයිරම !   ඒ වගේ වයිරමක්! ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ. මේ තාලෙ සෙසේලනම් ලෝකෙටම එකම තමයි. ලෝකෙ අස්සෙ ලන්කාවෙ පුංචි ගමක මේ වගෙ පූවෙක් හංගගෙන තියාගන්න එක තරම් නෑහෑ. ඒ නිසා ප්‍රසාද් හිතුවා සෙසේව ලෝකෙට ගේන්න ඕනෙ කියල. ඒ නිසාම තමයි සෙසේ ගෑන මට දෑනගන්න ලෑබුනෙත්. 

මේ පල්ලෙහා ඉන්නෙ සෙසේ.  පේනවනේද? ඉන්න අපූරුව .... අර අපූරු වයිරමත් පේනව නේද? 


 
ප්‍රසාද් සමරසේකර ලිව්ව මේ පොත් පිංච , මම බරසාර පොත් විවේචන අස්සෙ ඔබ්බන්නෙ ඈයි කියල ඔබට හිතුනද ?   වෙරෝනිකා මෑරෙන්න තීරණය කරයි ගෑන ලිව්ව, මිනිත්තු එකොළහේ කතාව ගෑන ලිව්ව , ජයසේන ජයකොඩි ගෑන, ජූඩි ගැන , ජෝඩි බ්‍රවුන් ගැන ලිව්ව ජීවිතේ මල් අද ලිව්වෙ නිකම්ම නිකම් පූසෙක් ගැන ! ඈයි ඒ?

මගේ මතයට අනුව.. සෙසේ කියන්නෙ විශේෂ පොතක්! පොතට තියෙන විශේෂය තියෙන්නේ පූසෙක් ගැන කතාවට වඩා බස හැසිරවීමේ...   සැහැල්ලුවෙන් කියවගෙන යන්නටත් හැකි, රස වෑහෙන , බොලඳ නැති , අතිශයින්ම සරල ලෙස ගලාගෙන යන ආදරනීය බස් වහර නිසාම , මම මේ වෙද්දි 'සෙසේ' ව කියවල ඇති දහ වාරයකට වැඩියෙන්. 

පිටු 72යි. සරල කතාවක්. ලියා ඇති අයුරු බොහොම රසයි.  බරසාර ආදර්ශ , ගැඹුරු විවරණ ඇත්තෙම නැහැ. ඒත් සෙසේ කියවගෙන යද්දි , සෙසේගෙ කියවීමෙදි , සතෙක්ගෙ ඇතුලෙ ඉන්න මානුෂීය මුහුණුවර වගේම, ප්‍රසාද සමරසේකර සෙසේව දුටුව ආදරනීය මනුස්සකම , අගය නොකරම බැහැ. 

වැඩි වෙලාවක් යන්නෙ නැහැ. ආසාවෙන් කියවගෙන යන්න හැකි. ලස්සනයි. සුගමයි. සරලයි. පැය භාගෙන් කියවිය හැකි. මට නම් අද වෙද්දි පැය බාගෙ එවුවා 10ක්වත් ගියා මේ පොත රස නිසාම ආයි ආයි කියවලා.  

රුපියල් 120කට තවමත් වටින පොත් තියනවා පොත් සාප්පු වල. 'සෙසේ' කියන්නෙ ඊට තව හොඳ උදාහරනයක්. (ගුරු ගීතය කියන්නෙත් ඒ වගෙම උදාහරණයක්) 

කියවල බලන්නකො, ලෝකෙ ඉන්න හොඳම සහ ලස්සනම බළලා 'සෙසේ' ගැන....

පොත : සෙසේ -හෙවත් ලොව හොඳම බලලාගේ චරිතාපදානය
ලිව්වෙ : ප්‍රසාද් සමරසේකර
ප්‍රකාශනය : Timeless Books
මිල : රු 120
ගත්තෙ : සරසවි පොත් හලින්..  
කියවන්නට යන වෙලාව : පෑය භාගයයි
රස විඳිය හැකි වෙලාව : ජීවිත කාලයම  .....

පලි ....
ආයෙ පොතක් ගැන ලිව්වොත් ලියන්නෙ නම් 'මගේ පවුලයි අනෙක් සත්තුයි' ගැන. ඒ වගෙම රානි සේනාරත්න රාජපක්ෂගෙ අපූරු පරිවර්තන හැකියාව ගැන.... එහෙනම් එතෙක් 'සෙසේ'ව අරගෙන බලන්නකො. මම වගෙම දහ පාරක්වත් ඔයාලත් මේ පොත කියවාවි ...

22 comments:

  1. ජීවිත කාලේම රස විඳ්න්න එක පාරක් මමත් සෙසේ අරන් කියවන්න ඔනි..

    ඇත්ත අක්කේ ගුරු ගීතයත් එක පාරක් කියවලා මතක් කර කර රස විඳින්න පුළුවන් පොතක්.. කියවලාම බලමු සෙසේත් ඒ වගේ නම්.. :)

    ReplyDelete
  2. අපේ පූස් ගේ නම "පූසා". ඉක්මනටම සෙසේ හොයාගන්න ඔනි. මොකද ලෝකෙ හොදම සත්තු වර්ගය පූසෝ...

    ReplyDelete
  3. මගේ පවුලයි අනික් සත්තුයි ගැන නම් කතාකරන්න දේවල් ඕන තරම්.මම පුදුමාකාර විදිහට රහ වැටුන පොතක්.මුලින්ම පුස්තකාලෙන් කියවලා පස්සේ ගන්න බලපුවාම දැනගත්තා පොත් සියල්ල විකිණිලා හමාරයි කියාලා.

    ReplyDelete
  4. මම නම් ඉතින් පොතක් කියවපු කාලයක් මතක නෑ :)

    ReplyDelete
  5. හොයාගෙනම බලමු !!!

    ReplyDelete
  6. බලන්න වෙන්නැති එකට දුකයි අප්පා .. මට ඔය පොත් හොයාගෙන කියවන්න මාර කම්මැලියි අක්කේ ..ලඟට හම්බුනොතින් නම් අනිවා කියවලා තමා නැගිටින්නේ

    ReplyDelete
  7. අපේ ලොකු පුසාගෙ නම "සැලී"
    පාරේ දාලා ගිය එකෙක් ගෙනාවා මම් ඌ "ඔගී" ඒක කාටුන් එකක පුසෙක්ගෙ නමක් :D

    ReplyDelete
  8. ඉස්සර නම් ගොඩක් පොතපත කියවන්න වෙලාව තිබුණට දැන් ඒකට වෙලාව හම්බෙනවා අඩුයි.ඒත් හොද පොතක් හම්බුනාම නම් කොහොම හරි වෙලාව හොයාගෙන කියවනවා.විශේෂයෙන් බ්ලොග් ලියන සහෝදර,සහෝදරියෝ හොදයි කියන පොත්

    ReplyDelete
  9. ස්තුතියි අක්කේ පොත ගැන කිව්වට. අරන් කියවලා බලලාම අදහසක් කියන්නම් :)

    ReplyDelete
  10. රස විඳිය හැකි වෙලාව : ජීවිත කාලයම .....
    අන්න ඔය වගේ ජීවිත කාලයටම රසවිඳින්න පුළුවන් පොත්වලට තමයි මාත් කැමති. ඔච්චරටම රස කරන්නේ අනිවා හොඳ ඇති. දැක්ක ගමන්ම අරන් කියවන්න ඕනි.
    අවුරුදු 20 කට විතර කලින් කියවපු "උගුඩු විත්ති " කියල පොතක් තාමත් කියවනවා.

    ReplyDelete
  11. පොත් කඩයක් පැත්තේ ගිය වෙලාවක මතක් වෙයං...

    ReplyDelete
  12. ලස්සන කතාවක් වගේ..අරන් කියවන්න ඕනි..

    ReplyDelete
  13. ස්තූතියි. මාත් මේ පොත අරන් කියවන්න ඕනි. සත්තු ගැන කියවන්න මාත් ආසයි. ගුරු ගීතය නම් කීප වතාවක් කියෙව්වා. තාමත් කම්මැලි හිතුනම කියවන පොකත්....

    ReplyDelete
  14. මෙදා පොටේ මේ පොත ගන්ට ඕන . . තැන්කූ ඈ

    ReplyDelete
  15. හොයාගෙන කියවන්නම ඕනෙ එහෙනම්.

    ReplyDelete
  16. බලමුකෝ අරගන්න හම්බ වුනොත්...
    මගේ පවුලයි අනෙක් සත්තුයිත් නියම පොතක්...

    ReplyDelete
  17. ජීවිත කාලෙටම රසවිදින්න පුළුවන් කියලා අක්කා කියනවනම් අනිවාර්යෙන්ම මේ පොත ලස්සන එකක් වෙන්න ඕන..

    ReplyDelete
  18. කියවලාම කියන්නම් හොද නරක :)))

    ReplyDelete
  19. හිහිහී.. අක්කියගෙන්ම ලියාගත්ත පොත් ලිස්සට් එකට තව ලස්සන පොතක්..!
    ස්තූතියි දිල් අක්කියෝ..!!! :)

    ReplyDelete
  20. mage pawlai anith saththuy kiyanne mageth kemathima pothak...

    ReplyDelete
  21. පොඩ්ඩක් වෑඩ වෑඩි වෙච්චි නිසා මට එක එක කොමෙන්ටුවට වෙනම උත්තර ලියන්න බෑරි වුනාට මගේ යාලුවනේ අමනාප වෙන්න නම් එපා....
    සෙසේ එක්ක පූස් චාරිකාව ගිය , පොත ගෑන ආස හිතුව හෑමෝටම කියන්න තියෙන්නේ මේ පොත රුපියල් 120ට වඩා බොහොමත්ම වටින බවනම් තමයි.
    ස්තූතියි... කොමෙන්ටුවක් ලියලම ගියාට.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->