ඒත් කැතී කියන්නේ ජෝඩිගේම වාසනාවට ජෝඩිට ලැබෙන අපූරු කැපකරු මවක්. 'ආම්බාන් කරන්නට අමාරු' හිතුවක්කාරයන් ගණනාවක් අපූරුවට හික්මවූ අපූරු කාන්තාවක්.ඒ නිසාම කැතී හිතනවා ජෝඩිව උනත් 'හදාගන්න' බැරිවෙන එකක් නෑ කියලා... ඒත් ඈ හරිද ? වැරදිද ??
ඉතින් අවසානයේ ජෝඩි, කැතීගේ දෑත් මතට පත් වන විට ඈ හොඳටෝම නරක් වූ , මනස වියවුල් වූ , කිසිවක් නොහඳුනන නොදැනෙන , කිසිවෙකු කියන කිසිවක් නොසලකන, බය සැක වේදනා කිසිවක් නොදන්නා කෙල්ලක්....
ඒත් .. ඇයි මේ..?? අවුරුදු 8 ක දැරියක්... මේ තරම් 'පමණ ඉක්මවා' යන්නට හේතුව.??
මෙතැනින් එහාට මා ලියන්නට හිතන හැම වචනයක්ම පාසා මෙලොව වසන උත්තරීතර මවුවරු පියවරු හැමකෙනෙක්ම මට සමාවෙන්න ඕනේ.. එනිසාම ඒ කුරිරු මිනිසුන් දෙදෙනා මා ජෝඩි මෙලොවට බිහිකල මිනිසුන් දෙදෙනා ලෙස පමණක් හඳුන්වන්නම්.
ජෝඩි.... අහිංසක පොඩි කෙල්ල.... ඉපැදී මාස 18 පටන් අවුරුදු 8 දක්වා වසර ගණනාවක් මුළුල්ලේ , ගිණිය නොහැකි වාර ගණනක් , සිය පියා, සීයා, පියාගේ මිතුරන් අසල්වාසීන් අතින් දූෂණයට ගොදුරු වීමෙන් මනස අවුල් ජාලාවක් වූ, දූෂණයේ වේදනාවන් උදෙසා කිසිසේත් සංවේදී නොවූ මිනිසුන්ගේ එවන් විකෘති ආශාවන්ට ගොදුරු වූ, සිය මව පියාගෙන් පවා කිසිදු පිලිසරණක් නොලද දැරියකගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද ?ලිංගික හිංසාවන්ගෙන් නොනැවතී ඒවා ඡායාරූපගත කරමින් රූගත කරමින් විකෘති වින්දනයක් ලබන්නට මේ අහිංසකිය පාවිච්චි කරන ඔවුන්ගේ හිත් පිත් කොහේ තිබිණිදැයි අසන්නට සිදුවෙනවා.. සිය පියා අතින් පමණක් නොව මව හා ඇගේ මිතුරියන් අතින් පවා විවිධාකාර විකෘති කාම ආශාවන් සංසිඳුවා ගනු උදෙසා භාවිතාවට ගත් ලිංගික භාණ්ඩයක් වූ අවුරුදු 8ක්වත් නොවූ කුඩා දැරියකගෙන් සාහසික හැසිරීමක් හැරුනුකොට අපට බලාපොරොත්තු විය හැකි මොනවා හෝ ඉතිරිව තිබෙනවාද?
පණ පිටින් තටු කපා දමන ලද , ඒ තුවාල වලින් යලි යලිත් යලි යලිත් පෑරුනු ඉරි තැලුනු මනසක් උරුම වූ මේ අහිංසකියගෙන් අපේක්ෂා කරන්නේ මොනවාද අප ?
උදේ රැයින් නැගිට , පාසල් යනු උදෙසා නිවිසැනසිල්ලේ කිරි කෝප්පය තොල ගාන ලදැරියක්? සිය මවගෙන් ආදරෙන් සමුගෙන ගී ගයමින් සිනහසෙමින් පාසල් යන දැරියක් ? මවු කියා දෙන කතාන්තරයක් අසමින් නින්දේ කිරි සිහින දකින දැරියක්???
නැහැ !
තමාව අමානුෂික හිංසනයට ලක් කළ ඒ අතීතය වරින් වර සිහිනෙන් දැක කෑගසා අවදි වන ඇය... රෑ පුරා සිහිනෙන් බියවී කැගසන ඇය... සිහිනෙන් පමණක් නොව සැබැහින් පවා මේ මායාවි දසුන් දකිමින් විටෙක බියෙන් මරහඬ තලන ඇය... වේදනාවන් නොහඳුනන , සංවේදනා කිසිවක් නොදන්නා , බියෙන් සැකෙන් තොර, ඕනැම දෙයක් කරන්නට , කියන්නට දෙවරක් නොසිතන ඇය... අමානුෂික හිංසනයට ලක් වෙද්දී පවා වේදනාවන්ට හුරුවී, පිහිටක් නොලද ඇය.... කෝපයෙන් වියරු වැටෙන ඇය.... ලදරු වියෙන්ම සිය පෞරුෂය, සංවේදනයන්, සිරුර මෙන්ම හදවතද විනාශ කරනු ලදුව, කල්පනාවන්ගෙන් තොර වෙනමම ලෝකයක ජීවත් වන ඇය !!! වැඩිහිටි ගැහැණු පිරිමි හැමකෙනෙකු ඉදිරියේම බියෙන් හැකිලෙන , සාහසික වන ඇය..... අවුරුදු 8ක්වත් නොපිරුනු , කටේ කිරි සුවඳවත් නොගිලිහුනු ලදරු වයසේ සිටම , මාපියන් ප්‍රමුඛ මුලු මහත් ලෝකයටම බද්ධ වෛරය මුදා හරින ඇය...
ඔව්... ජෝඩි බ්‍රවුන්ට මේ ඛේදනීය ඉරණම සැබැවින්ම උදා වුනා. ඒත් ඈ සහ ඇගේ මනස , කැතී ග්ලාස් කැපකරු මව ලඟ නතර වන විට , කුඩා දැරියට සිදු විය යුතු හරිය සිදුවී හොඳටෝම අවසන්... ඒ විතරක් නොවෙයි.... ඈට කළ මේ විනාශයට වග කියයුතු මේ 'රහසිගත කණ්ඩායම' නිරුපද්‍රිතව !
දෛවයේ වාසනාවට, කැතී අතට පත් වන ජෝඩි,සාහසිකත්වයෙන් නො අඩු හැසිරීමක් පෙන්වුවත් , කැතී කෙරෙහි සිත් පහදා ගන්නා නිසාම , සිය දුක්බර අභව්‍ය සාහසික වේදනාවන්ගෙන් පිරුනු ලදරු අතීතය වරින් වර නොදැනුවත්වම හෙලි කරන්නට පටන් ගන්නවා.....
විටෙක භීතියෙන් මුසපත් වන , කියැවීමට අපහසු තරම් වේදනාවක් ගෙන එන , විටෙක මානව සංහතිය උදෙසාම කලකිරෙන සුලු, එහෙත් කැතී ග්ලාස් වන් උත්තරීතර හැදූ මවුවරු කෙරෙහිත් ජෝඩි බ්‍රවුන් වැනි අසරණ වූ , විකෘති මානසික රෝගීන්ගේ ගොදුරු බවට පත් වූ දැරියන් වෙනුවෙන් පිරෙන අපරිමිත මානව දයාවෙන්, කඳුලින් නෙත් තෙත් වන මේ පොත මට ඉතිරි කළේ සදා තිගැස්මෙන් යුත් මතකයක්....
එවන් දෛවයක් ලද මේ අහිංසක දියණියගේ අනාගතය කෙසේ වේවිද? හිතවත් කැතී ... ඔබට තනනු උදෙසා , කුඩා ජෝඩිගේ සිරුර තුල හදවතක් ශේෂ වී තිබිණිද?මේ දෛවයද? ඇගේම අවාසනාවද?
පසු සටහන 1
පහත රූපයේ සිටින්නේ කැතී ග්ලාස්..කොතරම් සෙව්වත් මට ඈ ඉදිරියට මුහුණ ලා සිටින පින්තූරයක් සොයා ගන්නට බැරි වුනා..
මේ ඈත්තෙන්ම සත්‍ය කතාවක්.. මේ ඉර හඳ යට සිදුවූ ඇදහිය නොහැකි සත්‍ය කතාවක්... ඒ කතාව සිංහලයට හැරැවූ දිලීප ජයකොඩි වෙත අපේ මහත් ප්‍රණාමය හිමි විය යුතුයි.. ජෝඩිගේ වෘතාන්තය ඛේදාන්තයක්ම වී අවසන් වෙතැයි පවසා මෙතැනින් මා නික්ම ගියහොත් මේ සංවේදී සටහන කියැවූ ඔබටවත් එය ලියූ මටවත් මේ දුක දවස් ගනනක් ඉතිරි වේවි. එනිසාම කැතී ග්ලාස්ගේ නිල වෙබ් අඩවිය පීරද්දී ඔබටත් මටත් යන්තම් හෝ සැනසුම් සුසුමක් හෙලන්නට හැකි පුවත් කිහිපයක් ජෝඩි ගැන කියවන්නට ලැබුනා... මෙන්න මේ පිටුවෙන්... මට හිතුනා එයත් ඔබ සමග බෙදා ගන්නට.. ( කැතී කල සුවිශේෂී මෙහෙයට ස්තූති කරන්න ඔබත් කැමති නම් , මෙන්න ඇගේ ඊමේල් ලිපිනය : cathy@cathyglass.co.uk )
ජෝඩිගේ මේ දුක්බර අත්දැකීම් කියැවූ රසික කැල ජෝඩි පිලිබඳව නිරන්තර ශෝකයෙන් කරුණු විමසන්නට වූ නිසාම කැතී සිය වෙබ් අඩවිය හරහා පාඨක ජනතාවට ජෝඩිගේ වත්මන් තත්වය වරින් වර හෙලි කරන්නට තරම් සොඳුරු සිතැති කැපකරු මවක් වී සිටිනවා...
ඈ පවසන ආකාරයට ජෝඩි දැන් සිය අඳුරු අතීතය සහමුලින්ම පාහේ අමතක වන මට්ටමට පැමිණ සිටිනවා... කැතී විසින් ජෝඩිව හයි ඕක් හි විශේෂ පාසලකට ආදරනීය රැකවරණයක් යටතේ පුනරුත්ථාපනය කිරීමට නතර කරනු ලබනවා...ඒ මීට වසර 7කට පෙර... එහිදී මුලින් මුලින් සාහසික ගති ලක්ෂණ නිරතුරුව පල කරමින් මායාවි ආවේශයන්ගෙන් පීඩා විඳිමින් කල් ගෙවූ නමුත්, පසුව ඉතාමත්ම සෙමෙන් සුවපත් වූ දහසය වියැති ජෝඩි 2010 වසර වන විට යලිත් ස්වභාවික පවුල් පරිසරයක නිදැල්ලේ ආදරය කරුණාව ලබමින් නිසසලේ හැදී වැඩෙන්නට සුදුසු තරම්ම මානසිකව සුවපත්ව සිටිනවාලු...
කැතී වසරකට කිහිප වතාවක් ඈ හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඇගේ තොරතුරු විමසමින් , ආශාවෙන් බලා සිටින්නේ , තම සුරක්ෂිත දෑත් වලින් තවත් සුරක්ෂිත භාරකරුවන් යුවලක් අතට පත් වූ , කලකට පෙර ලෝකයටම හොරෙන් විනාශ මුඛයට ඇදෙමින් තිබූ මල් කැකුල දැන් ආදරය මැද්දෙන් විකසිත වන අයුරු දෑසින්ම දකින දිනය එලැඹෙන තෙක්..
පසු සටහන 2
පොත : Damaged
කතුවරිය : කැතී ග්ලාස්
සිංහල පරිවර්තනය: බිඳුනු බිලින්දා
පරිවර්තක: දිලීප ජයකොඩි
ප්රවරකාශනය : සූරිය ප්‍රකාශනයක් (ෆාස්ට් පබ්ලිශින්)
කැතීගේ මෙම පොතෙහි නිල වෙබ් අඩවිය : http://www.cathyglass.co.uk/damaged.html
පසු සටහන 3
කියාගන්නට නොහැකි කමෙන් , නානා විධ වධ බන්ධන වලට ලක් වෙමින් අපා දුක් විඳින ජෝඩි වන් අහිංසක දරුවන් වෙනුවෙනුත් , ලේ කිරි කර පොවා හැදූ ජෝඩිගේ මවු වෙනුවට ඇගේ ඉරිතැලී විනාශ වූ සිතෙහි දුක වසර ගණනාවක් ඉවසිල්ලෙන් අසා ගනිමින් ඈ නිසි රැකවරණයට පත් කල කැතී වන් සුවහසක් කැපකරු මව් වරු වෙනුවෙනුත් , මේ පොතෙහි සඳහන් ජෝඩිගේ මව්පියන් වන් අල්පයෙනුත් අල්පයක් වූ විකෘති මිනිසුන් හැරුනු කොට , මෙලොව වසන සුවහසක් වූ උත්තරීතර වූ හැදූ මෙන්ම වැදූ මව් පියවරුන් වෙනුවෙනුත් මේ දිගු සටහන උපහාර කරමින් මම නවතින්නම්... සංසාරේ අපි යලිත් හමුවෙමු .... !
හප්පා.... ඇඟ මොනාද වෙලා ගියා මේක කියවද්දි..... හරි වැරැද්ද කොතනද කියන්න මන් දන්නෙ නෑ. මිනිස්සු කියන්නෙ මහා පුදුමාකාර සත්ව කොට්ටාශයක්. මන් දන්නෙ එච්චරයි.
ReplyDeleteහිතන්නට යමක් ඉතිරි උනාදෝ කියලා හිතෙනවා.. අපේ රටෙත් ඇති මේ වගේ අසරණ ළමයි.. කොහොන්වත් පිලි සරණක් නැතිව.. ඒත් මම හිතන්නේ නැහැ ලාංකිකයින් මේ කියන තරම්ම සාහාසික වෙයි කියලා... කොහොම උනත් මේ කතාවේ අවසානය සතුටක්.. ස්තූතියි අක්කේ අපි එක්ක මේ කතාව බෙදා හදා ගත්තට
ReplyDeleteඅනුරාධ මල්ලි... :
ReplyDeleteමම හිතන්නේ හැම සත්වයෙක් තුලම සියලු සම්මතයන් ඉක්මවා යාමේ ශක්‍යතාව සහිත තිරිසන් ආත්මයක් ජීවත් වෙනවා. ඒත් එකිනෙකාගේ විවිධ තත්වයන් මත එය යටපත්ව පවතිනවා. මේ පොතේ කියෑවෙන කණ්ඩායම පිලිබඳව පොත කියවාම බලන්න. ඔබට අදහන්නට අපහසු වේවි මේ කතාව...
සුදු හංසි...
සාහසික කතා මම බොහෝ රටවලින් (ලංකාවද ඈතුලුව) අසා තිබෙනවා.. සත්‍ය කතා. මේ කතා කියැවීමෙන් අපට ලෝකය පිලිබඳව අවධි මනසකින් සිටිය හැකියි... ඒ හෑරුනු කොට මිනිසුන් කෙරෙහි කලකිරෙන්නටවත් මිනිස්කම, උතුම් වූ මව් පිය පදවියනට ගරහන්නටවත් මා සිතුවේ නෑ.
ඒත් අවාසනාවට මේ ඈත්ත කතාවක්... පොත සොයාගෙන කියවන්න... කෑතීගේ වෙබ් අඩවිය බලන්න.. මට හිතෙනවා ඈගේ අනෙකුත් පොතුත් මෙතරම්ම අනුවේදනීය වනු ඈති...
මම ඔයාගෙ හැම පෝස්ට් එකකටම කොමෙන්ට්ස් දාන්නෙ නැහැ..ඒත් ඔක්කොම කියවනවා ඔයා දන්නව ඒක...
ReplyDeleteමේ අවුරුදු 10-12 කාලය ඇතුලත මේ රටවල අම්මල තාත්තල දරුවන්ව අමු අමුවෙම මරල දාපු හැටි,අදටත් මරල දාන හැටි ඔයාලට කිව්වොත් කවුරුවත් විස්වාස කරන්නෙ නැහැ...මේ ගැන ගොඩාක් දේවල් ගලපල ලියන්න මට තේරෙන්නෙත් නැහැ.
ලංකාවේ විදි දරුවන් ගේ කතා වලත් තියෙන්නේ මෙහෙම පැතිකඩක්. ලින්ගිකවම නොවුවත් උදේ පටන් රෑ වෙනකම් එක එකාගේ අතොරක් නැති හිංසනයෙන් ඔහේ දවස ගෙවෙන එක විතරයි උන්ට ඉතුරු වෙලා තියෙන්නේ. ජෝඩි කෙල්ල යන්තම් මේකෙන් ගැලවුනත් මේ රටේ නම් ඉතින් විදි දරුවන් සමාජ විරෝධීන්, හිඟන්නන්, ගණිකාවන් හෝ ලෙඩුන් කරවනවා ඇරෙන්න වෙනත් දෙයක් සිදු වන්නේ නැහැ.
ReplyDeleteඉඳලා හිටලා පොඩි එකෙක් ගඟකට දැම්මම එක සතියක් විකුණගෙන කාම විතරයි සිද්ධ වෙන්නේ.
නිකම්ම බලලා වින්ද ගන්නවට වඩා සමාජ කාර්යභාරයක් මෙතැනදී කරන්න පුළුවන් නේද?
හොඳ සටහනක්. බ්ලෝග් අවකාශය දිනෙන් දින අරුත් බර වෙන එක ගැන සන්තෝසයි.
තවත් මේ වගේම කතාවක්.. ඇත්තටම කියනව නම් මීටත් වඩා අන්ත කථාවක් තියෙනව කරුමක්කාරි කියලා.. මුල් කෘතියේ නම BROKEN.
ReplyDeleteමිනිසුන්මයි ලොව දෙවියන් වන්නේ.... මිනිසුන්මයි ලොව තිරිසන් වන්නේ.....
ReplyDeleteඔච්චරයි මං දන්නේ....
දෙපිරිසටම හේතුව ජානමය බලපෑමක් වෙන්න ඇති......
ඇත්ත ජෝඩි ලංකාවෙ දැරියන්ට වඩා වාසනාවන්තයි ඒ අතින්. ලංකාවෙනම් ගොඩඒමක් නෑ.
ReplyDeleteමවක් වීම හෝ පියෙක් වීම කියන්නෙ දරුවෙක් බිහි කිරීමට එහා ගිය දෙයක්. ඒත් මේ වෙද්දි ඒ අර්ථයන් යටපත් වෙලා තියෙන්නෙ බහුභාණ්ඩික ලෝකය ජීවිත පවා භාණ්ඩ ගාණට වැටෙමින් තිබෙන නිසා විය හැකියි.
(ගොඩක් පෝස්ට් කියවනව. ඒත් හැම එකකටම ප්‍රතිචාර දක්වන්න වෙන්නෙ නෑ. වෙලාව සහ මන්දගාමී අන්තර්ජාල සබඳතාවය නිසා)
http://www.google.com.sg/search?um=1&hl=en&biw=1360&bih=609&tbm=isch&sa=1&q=cathy+glass&oq=cathy+glass&aq=f&aqi=g5g-m5&aql=undefined&gs_sm=e&gs_upl=5114l5114l0l1l1l0l0l0l0l101l101l0.1l1
ReplyDeleteම්ම්... හිත කළකිරෙන කතාවක්, ඒත් කියවල බලන්න ඕනේ. හැබයි මෙහෙම දරුවො හදන කැපකරු අම්මල අපේ රටෙත් ඉන්නව, ඒත් ප්‍රසිද්ධ නෑ.. මම එහෙම අම්ම කෙනෙක් දැකල තියනව.
ReplyDeleteminissu kiyanna tirisannu jatiyak.ahama kiyana aka tirisanuntath agawrawayak
ReplyDeletesorry about my bad english and posting using anemouse profile
[[minissu kiyanna tirisannu jatiyak.ahama kiyana aka tirisanuntath agawrawayak
ReplyDeletesorry about my bad english and posting using anemouse profile ]]
ඇනෝ;
මිනිස්සු කියන්නේ සත්තු ජාතියක්. සත්තු කරන ඕනෑම වැඩක් මිනිස්සුත් කරන්න ඉඩ තියෙනවා. අර මනසින් උච්ච ද මොකද්ද එක බයිලයක්. ඇත්තටම ඕක කියැවෙන්න ඕනේ "ටිකක් වැඩිපුර හිතන්න පුළුවන්" කියලා මිස "උසස් විදිහට හිතන්න පුළුවන්" කියලා නොවේ.
read sihala book biduna bilindha. about her story.
ReplyDeleteමොකක්දෝ හේතුවකට මට මේ වගෙ සිදුවීම විස්තර සහිතව කියවන්න හිත දෙන්නෙ නැහැ. ඒ නිසා පොස්ට් එක යාන්තමින් කියවා ගෙන ගියා.
ReplyDeleteඅපි අපේ දරුවෙක්ගෙ වරදකට සැර කලාම පුංචි මුහුණු මැලවෙන හැටි දැක්කමත් හිත උණු වෙනවා. එහෙම එකේ කොහොමද මේ මිනිස්සු මේ ලස්සන මල් කැකුළු විනාශ කරන්නෙ..
නූගත්කම, දුප්පත් කම මිනිස්සුන්ව අසරණ කරනවා තමයි, ඒත් මිනිසුන් තිරිසනුන් කරන්න ඔය එකකටවත් පුලුවන්ද ?
මම හිතන්නෙ මේවා ගොඩ දේකට මුල මත් ද්‍රව්‍යය කියලයි....
Dave Pelzer - My story මීට සමාන කතාවක් තියෙන පොතක්. සත්‍ය කතාවක්
ReplyDeleteමමත් මේක කියවන්න ඕනේ.
ReplyDeletedave pelzers my story.its sinhala translation name is piyapath labuvemi.translator indrani karunarathne.just like jodis story.
ReplyDeletedave pelzer - a child called 'IT'
ReplyDeleteමේ පොත ගැනද ඔබ කියන්නේ?
මම ඊයෙ ඒ පොත කියෙව්වා...
එහි සිංහල පොත - ඕපපාතික (දිලිප ජයකොඩි) - ෆාස්ට් පබ්ලිශින්