මේ වීඩියෝව ඉතා සැලකිල්ලෙන් නරඹන්න. නැරඹීමට පෙර මේ පේලි කිහිපය කියවා ඉන්න. ඈ ඇගේ අහිමි අත වෙනුවෙන් හඬා වැටෙන්නීය. ඉදින් ඈ ඔහු හමු වූ විට ජීවිතය ජයගන්නට කල්පනා කරන්නීය. ඔහු ඒ වෙනුවෙන් උපකාරයේ කිහිලිකරුව දිගු කරන්නේය. ඈ ඔහු ප්‍රතික්ෂේප කරන්නීය. ඉන් පසු ඔහු ඔහුගේ අයෝමය හස්තය දිගුකරන්නේය. ඈ ඔහුගේ අත ගන්නීය... අහිමි පයෙහි අසරණ බව වෙනුවට හිමි පයෙහි ශක්තිය ඈ වැලඳ ගන්නීය.
මේ නර්තනය ලෝකයට කියා පාන්නේ එසේ මෙසේ කතාවක් නොවේ. රටක් වශයෙන් 'චීනා' මේ කර ඇත්තේ එසේ මෙසේ හාස්කමක් නොවේ. මා විස්මයෙන් ගල් ගැසෙන්නේ මේ නර්තන උදෙසාමත්ම නොවේ. හේතු කාරණ දෙකක් නිසාය.
1. ඇගේත් ඔහුගේත් දෑස් දෙස බලන්න. ඒ දැස් දිලිසෙන්නේ ජීවිතාශාවෙන්ද? අසරණ කමින්ද? එසේ නැතිනම් ජීවිතාශාව ඉක්මවාගිය , සුවහසක් හිත් දහිරියෙන් විස්වාසයෙන් කුලු ගැන්වීමේ ජීවිතාභිලාශයක්ද ?
2. චීනා හපනාය. හපනාට නැත්තේ මොනවාදැයි සොයා පිහිට වෙන චීනෙක් එහි නැත. ඇයි මා එසේ කියන්නේ?
නැත නැත. චීනාට ඕනා හපනාට පිහිට වෙන්නට නොවේ. චීනාගේ ඇස් වලින් , ආබාධිත ඔහු හෝ ඇය 'නැත්තෙකු' නොවේ. ඒ හපනෙකි. සොබාදහම විසින් , පැහැර ගත් දෑ වෙනුවට හිලව්වට පිරැවූ විභවයෙන් හාස්කම් දක්වන හපනෙකි. චීනාට ඔහු හෝ ඇය වීරයෙකි.
මේ වීඩියෝව යලිත් වරක් නරඹන්න. ඔවුන් අතක් පයක් අහිමි වූ පමණින් පිහිය විය යුත්තන්ද? එහෙත් මේ උදා වී ඇත්තේ පිහිටෙන් ඉදිරියට යා යුතු කාලය නොවේද? සානුකම්පිත දෘශ්ටිය හපනාගේ අනාගතයට හානි ගෙන දෙයි. පෞරුෂය දුබල කොට දමයි. දයානුකම්පාව යැදීමෙන් ඔබ්බට ගිය වීරත්වයවෙනුවෙන් අප අපේ සිත් අවධි කළ යුතු කාලය මේ යයි මට හැඟේ.
දයානුකම්පාවේ ප්‍රතිපල අපට විවිධ තැන්හි ඇස ගැසේ. නිවෙසක ජීවිත කාලයම කාමරයක මුලු ගැන්වුනු කෙනෙක්? රූපවාහිනිය නරඹමින්. කඩදාසි මල් හදමින්? ආබාධිත හෝ අනාථ නිවාසයක තමා වන්ම පිරිසක් සමග නිස්සද්දව විස්සෝප වෙමින්. නගරයේ පදික වේදිකා, බස් නැවතුම් , බස් රථ වල පිහිට යදිමින්..? අප දිගු කල පිහිට , ඔවුන්ව ගෙන ගොස් රැඳවූයේ කොතැනකද? ආදරයේ දයාවේ රැකවරණයේ අගය අති මහත්ය. එහෙත් ඉන් ඔබ්බට ගිය හයියක් දෙන්නට අපට බැරිද?
ත්‍යාගශීලී හදවත්වලට මා නිගා කරනවා නොවේ. එහෙත් .....???? ඒ ත්‍යාගවන්ත සිත තවත් එක් පියවරක් ඉදිරියට යා යුතු කාලය මේ යයි මට සිතේ.
__
බ්ලොග් පිටු වල අවකැපෙන කතා කීමෙන් , කී කතාව සත්‍ය කරගන්නා ඊලඟ උදාහරණය මා දැයි මා දන්නේ නැත.එහෙත් වරෙක ඒ අභියෝගය මා අතට ගෙන 'මගේ අන්තිම කැමැත්ත' ලියුවෙමි. අද මම ඊටත් අප්‍රසන්න අවකැපෙන කතාවක් කියන්නට යමි.
සිතන්න . මේ ලියන මොහොතේන් පසු එන ඊලඟ මොහොතේ (බසයේ මෙය කුරුටු ගාද්දී වෙලාව දවල් 11.05යි) , මා මේ ගමන් ගන්නා බසය අනතුරට ලක්වී මගේ පාද යුග්මය අහිමි වූවා යයි සිතන්න. මෙය කියවන ඔබට සිතෙන්නේ කුමක්ද? මා රෝහල් ඇඳක , සරීරය බැන්ඩේජ් කොට හුස්ම සහ සිහිය පමණක් ඇති, එලවලුවක් පමනකැයි සිතන්න.
මම ඔබෙන් ඉල්ලීමක් කරන්නෙමි.
මා දකින්නට එන්න. (නාවාට තරහකුත් නැත) එහෙත් ඔබට හැකිනම් මා අභියස නොහඬන්න. මා නොහඬවන්න. මා හා ඔබ හඬා , අනුකම්පාවෙන් මා අකම්පාල නොකරන්න. කැමතිනම් මා ආශා කරන චොකලට්‍ටුවක් වනමින් , මා ඉදිරියට හිනා වී කඩා පැන මගේ ඉතිරිව තිබෙන දැත් තදින් අල්ලා ගන්න. නැගිටිනු නොහෙන පා රහිත අර්ධ ශරීරය නැගිටුවා මා දකින්නට ආශා අහස පෙනෙන, ජනේලය වෙත මා ගෙන යන්න. මා ඇඳේ වැතිර ලියන කවි, බ්ලොග් එකෙහි ලියා දෙන්න. මා කියන්න ලියා දෙනවා වෙනුවට, මට වැතිරී ලියනු හැකි මේසයක් තනා දෙන්න. මට කෑම කවනවා වෙනුවට මට කැම කන්නට පහසු විදියක් තනා දෙන්න. පිහිටත් මග පෙන්වීමත් අතර වෙනස ජීවිතයක් උඩු යටිකුරු මෙන් වෙනස් අන්ත දෙකක් කරා යන බව සිහි කරනු වස්ම මේ ලියමන ලියමි.
ඔබ මට පිහිටක් නොවේ. මා ඔබට බරක් නොවේ. ඔබ මට 'මග පෙන්වන්නෙක් වෙනු උදෙසා' මග හදා දෙන්නේය.
මේ අනුකම්පීය යාං හෑල්ල ලියුවේ ඔබේ අවධානය මා වෙත ලබන්නට නොවේ. මට මා මිස ගත හෑකි වෙන උදාහරනයක් නැති නිසාය. මා මෙය ලියුවේ මා වෙනුවෙන් නම් නොවේ. මේ ලියවෙන්නේ අප තාමත් නොසිතූ කතාන්දරයකි.
අනුකම්පාව දයාව ඇති තැන 'පිහිට වන්නෙකු' වෙන තාක්, අප 'පිහිට යදින්නන්' දස දහස් ගනණක් උපද්දවමු. එහෙත් වීරයන් සොයා යන කුහුලින් යුතුව , ගම් දනව් පීරන 'මග හදා දෙන්නන්' වන්නට අපට හෑකි නම් , ඉන් ඉපදෙනුයේ ලෝකයටම 'මග පෙන්විය හෑකි' වීරයන්ය.
ඉහත වීඩියෝවේ අවසන් කොටස, හෑකිනම් යලිත් නරඹන්න. දකුණත අහිමි සුන්දරියගේත් , වම් පය අහිමි කඩවසම් ගෑටයාගේත් , ඒ තෙත්වූ දෑස් වල පෙනෙන ඒ වීරත්වයේ දිලිසීමේත් , මේ ලංකාවේ පාසලක, ගෙයි මුල්ලක, පදික වේදිකාවක අපෙන් 'පිහිට පතන' අසරණ ඇස් වල තිබෙන දිලිසීමේත් වෙනස ඔබ දුටුවාද?
මේ බැලේ නර්තන ශිල්පීන් දෙදෙනා 2007හි CCTV ප්‍රසංගයේහි ලද රිදී පදක්කම අබිබවා, මහා දිගු කතාවක් ලොවට කියා පාන්නේය. (කතාව මෙතැනින් කියවන්න)
ඔවුන් අද වීරයන් වී හමාරය. ඔවුන්ගේ චිත්ත ධෛර්යය දුලබය. එහෙත් , ඔවුන් වටා උන්නවුන්ගේ ආකල්පය ඔවුන් අද පිහිට යදින්නන් නොකොට මග පෙන්වන්නවුන් කිරීමෙහිලා විශාල මෙහෙයක් කොට ඇතැයි මට සිතේ.
කකුල් නැති නම් අත් දෙක ඇත. එයත් නැතිනම්. කට ඇත. සිතන්න ඒවා කියන්න පුළුවන්. ජීවිතයම නැති උනොත් කළ හොඳ නරක අප සමග එනු ඇත. පරාජය යයි අපි සිතනතාක් අපි පරාදය. නැතිනම් සැමදාම දිනුම්.
ReplyDeleteලස්සන පොස්ට් එකක්. හොඳ අර්ථයක් තියනවා..
බලාපොරෝතුවක් කඩවුණ වතාවක් පාසා අතපය හතර තියන් අනුකම්පාව යදින..මට නෑ, මට බෑ කියන ලොවට, ඔවුන්ගේ ශක්තිමත් හිතෙන් කියාදෙන , කරන අභියෝග එමටයි..
ReplyDelete"අහන් ඉන්න අහගෙන ඉන්න" මේ ගීතයෙන් වුණත්..
දිල් අක්කියෝ.. හෙට ලෝකයේ ඇස් විවර කරන්නට.. අක්කියා මේ දරණ වෑයම අමිලයි..
මගේ හද පිරි ආචාරය...!!!
මුහුණු පොතේ මෙය බෙදා ගන්නට මට අවසර දෙනවද.. :)
අනිවා,මටත් මොනවා හරි කරදරයක් උනොත් යාලුවෝ ඇවිත් හිනාවෙලා බලල සතුටින් යන්න තමා ඕන.ඇත්තමය් හරිම සුන්දර ජීවිතයක් අපිට ලැබිල තියෙන්නේ ඒක සුන්දර කර ගන්න අපි තාම ඉගෙනගන්නවා. සතුටුය් මේ වගේ පිටුවක් තියෙන එක.
ReplyDeleteThank you for letting us know this heart touching story about these strong courageous people Nangi...
ReplyDeleteදිල්ශාරාගේ කතාව කියවලා මම ඒ4 කොල දෙකක්ම ලිව්ව. හිතන්න හොඳ මාතෘකා තමයි ඔයා දෙන්නෙ, හොඳයි, එකෙක් හරි හැදෙයිනෙ කියල මම ලියපු දේවල් කොම්පියුටරෙන් කොටන්න බෑ කියල හිතුන. ඔය දේ ගැන ලේසියෙන් කතා කරල ඉවර කරන්න අමාරුයි වගේම කෙනෙක්ගෙ හිතට තේරුම් කරල ප්‍රායෝගික කරවන්නත් හරිම අමාරුයි. කොහොම උනත් දිල්ශාරා දිගටම ලියනවනේ, ඒක තමයි හොඳ, එකෙක් හරි හැදෙයිනේ... ජය වේවා...
ReplyDeleteමේ විඩියෝත් මෙතනම දාන්නම් ඈ... :)
ReplyDeletehttp://youtu.be/YWF-wWV06jI
http://www.youtube.com/watch?v=snDQe3tWwRQ
අත් පා අහිමි පිහිනුම් ශුරයෙක්ගේ කතාවක් මං ටික කාලෙකට කලින් කියෙවුවා.. අවාසනාවට මට දැං නම මතක නෑ.. නැත්නම් මම ඒ ලිපිය මෙතන ශෙයා කරනවා..
ReplyDeleteසමහරක් මිනිස්සු කොයිතරම් දේවල් ලැබුනත් සැහීමට පත් වෙන්නේ නෑ. ඒ අතොන් බලද්දි මොවුන් උතුම්..
"...හුස්ම සහ සිහිය පමණක් ඇති, එලවලුවක්..."
ReplyDelete'සිහිය' තිබියදීත් මිනිසෙක් 'එලවලුවක්' විය යුතු නැත. නමුත් අත පය සියල්ල හොඳින් ඇති බෝහෝ මිනිසුන් හැසිරෙන්නේ 'සිහිය' නැති එලවලු මෙන් ය. එහෙයින් අත පය ඇති/නැති එලවලු මිනිසුන් අතර වැඩි වෙනසක් නැත. ඔවුහු ඇස් ඇතත් අන්ධය, කන් ඇතත් බිහිරිය, සිත් ඇතත් උන්මත්තකය...
හිත සසල කළා
ReplyDeleteඔයා කියා තියෙන හැම එකක් එක්කම එකඟයි.
ReplyDeleteඅතක් පයක් අහිමි වූ පමණින් කෙනෙක් ට 'අබාධිත' ලේබලය ගහන්න හෝ ගහගන්න හරි අවශ්‍ය නැහැ. පොඩි කාලේ ඉඳන් දන්නා මගේ හොඳම යෙහෙලියක් නිසා මට අත්දැකීම් තියෙනවා. ඇය මට කලින්, මම නොකරපු බොහෝ කඩ ඉම් තනිව ජය ගත්ත. ඇය කවදාවත් විශේෂ සැලකිලි ඉල්ලන්නේ නැහැ.
දිරිය මිනිසුන්ට ජය වේවා!
මේ වීඩියෝ එක බලද්දී කඳුළු ආවා. හරිම සංවේදී නර්තනයක්. බොහොම ස්තුතියි බෙදා ගත්තට!
අන්තිම කැමැත්ත වගේම මේ ඉල්ලීමත් (එහෙම අවස්ථාවක් උදා වුණොත්) ඉටු වේවි. උඹ වෙනුවෙන් විතරක් නෙවේ උදවුවක් හයියක් අවශ්‍යය ඕනෑම කෙනෙකු වෙනුවෙන්.
ReplyDeleteදිල්, ස්තූතියි! පෝස්ට් එකට. මේවගේ දේවල් හරිම වටිනවා කෙනෙක්ව මනසින් ශක්තිමත් කරන්න. වැටිල ඉන්න වෙලාවක ඒ කෙනාව උඩට ගන්නවා තරම් පිනක් තවත් නෑ. පසුව එයා හොදින් ඉන්නවා බලලා කොයිතරම් සතුටක් අපිට විඳින්න පුලුවන්ද?
ReplyDeleteඔයා හැමදාමත් ලීවෙ හිත්න්න දෙයක් තමා... ඇයි කියන්න දන්නෙ නෑ ඒත් මේක කියවද්දි ඇස් දෙක ටිකක් තෙත් වෙනව වගේ දැනුන..
ReplyDeleteඇත්ත... අපිමයි සමහර වෙලාවට මිනිස්සුගෙ දිරිය යටපත් කරල, අනුකම්පාව ඉස්මතු කරල ඒ අයව අසරණ කරන්නෙ..
ඇත්තටම අගේ ඇති ලිපියක්...
මේ වීඩියෝ එක කලින් දැකල තිබුනත් .. ඔයාගේ පොස්ට් එක කියෙව්වම,
ReplyDeleteඒකෙ වටිනාකම දහස් වාරයකින් වැඩිවුණා.
පුළුවන්කම තියෙද්දිත් අනුකම්පාව අයදින අපේ රටේ සමහර මිනිස්සුන්ට මේක හොඳ ආදර්ශය
මට රුසියානු සාහිතයේ " සැබැ මිනිසෙකුගේ කතාවක් " මතක්වුනා.
ReplyDeleteමේ වගේ කතා හරිම දුලබයි වගේ නේද? ඒත් අපේ සමහර ඔහොම අය හිගා කන්නෙ ආබාදිත බව ආදාරයක් කරගෙන.මට වෙලාවකට හිතෙනවා ඒ වගේ අයට යමක් කරලා දෙන්න හැදුවත් පිලිගනියිද කියලා.
ReplyDeleteඅත් දෙක නැති අම්මෙක්
ReplyDeletehttp://www.youtube.com/watch?v=dSCeCnRX3uc
මේ වගේ අය අපි කාට කාටත් හොද ආදර්ශයක් !!!
ReplyDeleteඇත්තටම වටිනා අදහසක්. ජීවිතේ ගොඩක් දේවල් දිහා හන මිටි අදහස් තියෙන හැමෝගේම දෙනෙත් විවර කරන බ්ලොග් එකක්.
ReplyDeleteමේ අයට ජීවිතේ විදවන්නේ නැතිව විදින්න පාර කීමක්. එයාලව බලාගන්න අයට ටික දවසකින් එපා වෙන එක මේකෙන් වැළකෙනවා.
" අපෝ හරි කරදරේ.. කොහෙවත් යන්න බෑ . එයා වෙනුවෙන්ම ඉන්න ඕන " . සමහර අයගේ මේ වගේ කතාවල් නිසා සුවිශේෂී හැකියාවන්
තියෙන මේ වගේ ජීවිත .. අනන්තවත් දුක වෙලාගන්න ඇති. සත්තකින්ම ඒ අය "සුවිශේෂී හැකියාවන් " ඇති අය. සොබාදහම හැමකෙනාටම
යම් හැකියාවක් ලබා දෙනවා. ඒ හැකියාව අදුරගෙන ඉදිරියට යන එක අපේ වගකීම. ඔයාගේ බ්ලොග් එකේ මේ වටිනා අදහස් කියෙව්වම..
තවත් සිත් දහස් ගණනක් අලුත් වෙයි කියල මම හිතනවා.
හ්ම්ම්ම් මේ විඩීයෝව අවුරුද්දකට විතර කලින් බැලුව වෙලාවේවත් ඇස් වලට නාපු තරම් කඳුලු අද එයාගේ පෝස්ට් එක දැකලා ආවා අක්කේ..
ReplyDeleteශක්තිමත් විය යුත්තේ ඔබේ හදවත මිස,අත් පා නොවේ....
ReplyDeleteමුලින්ම කියන්න ඕනේ , මට දැනුන මහා විසාල සතුට කියල නිමක් නැහැ , ජීවිතේ අලුත් විදියට දකින්න ආසා තවත් හදවත් මේ විදියට ඉදිරියට එනවා දැකීමෙන් ..... ස්තූතියි... අපිට පේන දේ නොපෙනෙන පැත්ත මේ වගේ හිතන්න මේක නිමිත්තක් කරගනිමු...
ReplyDeleteප්‍රියන්ත අයියේ.... ඔයා කියන ඔය දැක්ම ජීවිතේට අපි එබ්බුවොත් අපි දිනුම්. ඕනෙම දේකදී මනස වට්ටවා නොගැනීමයි වැදගත්ම.... හදවත තුල අභිමානය උදාරම් බව රැක ගන්නා කෙනෙකුට පුලුවනි ජීවිතය ජය ගන්න. ජීවිතය ජය ගනිද්දීත් හදවත වැටුනු මිනිසුන් මා දැක තියනවා. ඔවුන්ගේ ජයග්‍රහණය ඔවුන්ටවත් රටටවත් කල එලියක් නැහැ.
නන්දු... සංසාරේ අපි වෙත ආදරයෙන් පිලිගන්නවා... අපිට ලෝකයම එකපාර වෙනස් කරන්න බැරි වේවි. අඩු ගානේ මේ කියවූ 21 දෙනෙකුගේවත් හදවත් මට සසල කල හැකි වීමම මගේ ජයක්... මන්ද අනාගතයේ ඒ 21 දෙනාට පුලුවනි තව 21 දෙනෙක්ගේ හදවත් මේ සිදුවීම පෙන්වා සසල කරවන්නට. එහෙම බැලුවොත් ඒ 42 දෙනාට තව 42 දෙදෙනෙක්ව සසල කළ හැකියි. ලෝකය වෙනස් වීමට එක් කුඩා පියවරක් හෝ මා තැබුවා යන හැඟීම මා ජීවත් කරවනවා...
අනේ සමාවෙන්න. මූනු පොතේ අවසරය මීට කලින් දෙන්න බැරි වුනාට. අනේ කිසිම අවුලක් නෑ. බෙදාගන්න. :)
තරිඳු
බොහොමත්ම ස්තූතියි. ගැහැණියක් වූ පමණින් , මම මගේ ජීවිතයේ අහිංසක උදාරම් අරමුණු අත් හැර නැහැ.
mier
ස්තූතියි. තව ගොඩක් තොරතුරු තිබෙනවා. බෙදාගන්න ආසාවත් තිබෙනවා. වෙලාව තමයි හිඟ... බලමු එන එන හැටියට .. නේද :)
බුද්ධික
අපිනම් කැමතියි ඔබේ පිටු 4 කියවන්නට. කම්මැලි නොවී එය පල කරනවද ප්ලීස් ? අනික පල කලාම මෙතන ලින්ක් එකක හලල යන්නත් අමතක කරන්න එපා...එකෙක් හරි හැදුනත් නැතත් කමක් නෑ. අපි උත්සහ කරමු ....
ස්තූතියි බීටලයෝ...
එක සංවාදයක් කියවන්නට එන කෙනාට බලන්න සරු සමබර සශ්‍රීක කතා මාලාවකින්ම පෝඅෂණය වෙන්න පුලුවනිනේ.. ස්තූතියි...
දිනේශ්
ඇත්තෙන්ම. ඔවුන් ජීවිතය ජය ගන්නේ සිය සිතෙහි මහිමය නිසාඅ.. ස්තූතියි...
ටීබී
ඔබ හරි.... ඇත්තෙන්ම ..... එලවලු පිල්බඳ මා ලියූ ලියමන නිවැරදි විය යුතුයි නේද???
වර්නා
මට සතුටුයි.. අන්න මම දිනුම් :)
නොරෝශිනී
ගොඩක් ස්තූතියි අපි එක්ක තොරතුරු බෙදාගත්තාට.. ආයෙත් එන්න,...
මකරෝ...
හෙ හෙ.. හාකෝ එහෙනම් :)
චන්දි
මම හිතන්නේ අපේ වර්තමානයේ කාලීන මෙහෙවර මේ විය යුතුයි කියන එකයි. මට හිතෙන හැටි. පොත්පන් ඇඳුම් අපි දෙනවා. අපි භෞතික ලෝකෙට පොහොර දෙනවා. ඒත් මානසිකත්වය හදන්න පොහොර දෙන්නත් එපැයි.. නේද??
මල් සුවඳක්
ස්තූතියි මල්ලි. සිතන්න දෙයක් වෙනුවෙන් ලිවීම මගේ ජීවිතයයි :)
pisakkatuwa
ඔය පොත මම හොයමින් ඉන්නේ... කියවන්න..... ගත හැකි පොත් හලක් කියනවද? ස්තූතියි මේ ලිපිය අගේ කලාට
නිසුපා
ආබාධය වෘත්තිමය ජීවනෝපායක් වූ අය ඒ තත්වෙට පත් වුනේ ඇයි නංගී??/ මම හිතන්නේ අපි ආබාධයක් නැති අය (ඒ කිව්වෙ අඩු අය) වසයෙන් අපි අදම අපේ චින්තන වෙනස ඇති කල යුතුයි නේද???
මකරෝ...
ස්තූතියි
මධුරංග
ඔව් මල්ලි... ඇත්තෙන්ම...
සචිත්‍රා
ඔව්... ඔයා හරිම හොඳ දෙයක් ලියල තියෙන්නේ... ස්තූතියි
සුදු හංසි නගා
ස්තූතියි.. ඒ කඳුලු වලට . ඒවා බොහොම බරයි .. ඒත් සොඳුරු කඳුලු ඒවා...
ජංජාල චාමර
ඔව්... හරියට හරි
'සැබැ මිනිසෙකුගේ කතාවක් '
ReplyDeleteප්‍රකාශනය - වුඩ්වර්ඩ් පබ්ලිකේෂන්ස්
17, බුදිගමුව පාර, වැලිකඩ, රාජගිරිය.
හොයාගන්න බැරිවුනොත් 17 පාරේ එන වෙලාවක මේල් එකක් දාන්න. ( shukaarseeya@gmailcom )
ස්තූතියි යාලුවා පොත් ඔත්තුවට :)
ReplyDelete"මල් නො දන්න මල්"
ReplyDeletehttp://buddharashmi.blogspot.com/2011/12/blog-post_09.html
මේක ඊට පස්සේ කියෙවුවොත් තේරේවි කර්මය කරුමය ම නො වන බව....
http://buddharashmi.blogspot.com/2011/11/blog-post_10.html
අගේ ඇති ලිපියක්..
ReplyDelete