මේ ටික ලිව්වෙ 23
-------------------
23 - තවත් මහා විප්ලවීය දවසක්... ඒකට හේතුව ජීවිතෙ මල් ඉපදුන නිසා නම් නෙවි. ඒත් ජීවිතේ මල්ගෙ ජීවිතේ මහා අමුතු දේවල් ගොඩකට ඉඩ පෑදුව දවසක් මේ.
මීට අවුරුදු 4 කට ඉහත මේ ලියන දවස (23)වගෙ දාක මට ඉන්න හොඳම යාලුවොත් එක්ක මම නුවර පීසා හට් එකෙ පීසා කමින් හිටියා. ඊට පස්සෙ අවුරුද්දෙ, 2008, මේ දවසෙ මම හිටියෙ දානයක් මගෙ අතින්ම හදමින්. ඊට පස්සෙ අවුරුද්දෙ, 2009 මේ දවසේ මම හිටියෙ තට්ටම තට්ට තනියම කිව්වොත් වැරදි නෑ. ඊට පස්සෙ හෙවත් ගිය අවුරුද්දෙ අද දවසෙ මම හිටියෙ අලුත් ව්‍යාපෘතියකට ලිප ගිනි මොලවමින්. අද ? මම මෙතන...
මේ ලිව්වෙ මට මතක් වෙන අතීතෙ. ඒත් මගෙ මතකෙන් ගිලිහුන කාල පරාසයෙ අද වගෙ දාක මොන මොන දේවල් වෙන්න ඇද්ද?
ප්‍රථම ප්‍රේමය සමග වීදුරු ජනෙලෙකින් එපිට හා මෙපිට ඇස් වලින් කතා කෙරුවෙ මීට අවුරුදු 9කට කලින් අද වගෙ දාක. එදා ඒ විසාල ඇස් දෙක මගෙන් ඉඟියෙන් ඇහුවා ඇස් වලින්ම 'ඇයි' කියලා .... මම ඔලුව වැනුවා 'නෑ මුකුත් නෑ' කියලා. ඒ පුංචි කාලෙ. :-)
ඇයි මම මෙහෙම ලිව්වෙ?
මට මගෙ ජීවිතෙ ගැන සතුටු වෙන දුක් වෙන හේතු දහසක් ඇති... ඒත් අවසාන වශයෙන් මම මගෙ ජීවිතේ ගැන සෑහීමට පත් වෙන ලොකුම හේතුව තමයි, මම තාමත් ජීවත් වෙන එක.
ඒත් මගෙ 28 වෙනි උපන්දිනේදී, අවුරුදු 28ක කෙල්ලෙක් ලබපු සරල මට්ටමේ සිට අසාමාන්‍ය අත්දැකීම් දක්වා මහා අරුම පුදුම දේ දක්වා , මම ජීවිතේ කියෙව්ව හැටි ගැන ආපහු හැරී බැලීමක් ලියන්නෙ ඔයාල වෙනුවෙන්මයි.
~'~
ගිය අවුරුද්දෙ දෙසැම්බර් 23න්ම මම පටන් ගන්නම්. එදා මම හිටියෙ මහා ව්‍යාපාර ප්‍රර්ථනාවක් ඔලුව උඩ තියාගෙන ලොකුවට යතානුරූපි නැති හීන ගොඩක් හදමින්. ඒ නිසාම මම ජනවාරියෙ මහ විසාල ප්‍රශ්න වලට රැකියා ස්ථානයෙදි මුහුණ දුන්න. ඒත් කොහොමදෝ මගෙ උපන් වෙලාව හොඳ නිසා බේරුනා. මිනිස්සු මාව වරදවා වටහ ගත්තෙ නෑ. වැරදි වැටහීම් නිසා හෝ අයින් වුන කෙනෙක් වෙත් නම් , මම ඒ අයටත් මටත් කාටත් ඒකෙන් වූයෙ හොඳක් කියල දකින්න කැමතියි. කාලයත් සමග ගත් තීරණය හරි බවට වඩා වැටහුනෙ වැරදි බව.
ජීවිතේ වැරදීගෙන යනකොට ඒක ඈලියාවට යන්න දෙන එක මගෙ පුරුද්ද නොවෙයි. ඒ නිසා මගෙ තීරණය මම ගත්තා. සල්ලි වලට ගන්න බැරි මාව , මම රැකගත්තෙ එහෙම. ඉතින් අද වෙන්කොට ඒ ගැන කිසිම දුකක් පසුතැවීමක් නෑ.
"ජීවිතයේ කිසිම තැනක අපි පමා වැඩි නෑ.. ජීවත් වෙන්න ඉදිරි කාලයම එහෙමම.. ඒ නිසා වැරදීගෙන එනකොට තවත් බලන් ඉන්න එපා"
~'~
දුවන්න හැමදාමත් අකැමති මාව දිවිල්ලකට ඇදගෙන වැටුනා. ඒකෙන් අයින් වුනාට ජීවිතෙ තව තවත් ව්‍යාකූල වෙමින් වෙහෙස වෙන අයුරු මට දැනෙන්නට වුනා. බාහිර මිනිසුන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවල් මත මගෙ ගමන නොනැවතී වංගු අරගෙන හැරිල හැරිලාම මම යන අත මටම අමතක වෙලා තිබුනා. මේ සෙල්ලමට තිත තැබිය යුතුයැයි මගෙ හිත හඬගෑවා.
ඒත් රස්සාව? නෑ. මම මේ පහුගිය වසරෙ මම වඩාත්ම සතුටු වෙන නිර්භීතම තීරණය ගත්තා. දෙකට දෙවාරනේ නොවෙයි බොහොම සෘජු දැඩි තීරණයක්. මම නවතිනවා. දිවිල්ලෙන්. බලු පොරයෙන්. ලෝකයට ඒක විවිධ අර්ථකථන සපයාවි. ඒත් මට වැදගත් වුනේ මාව. හැමදාම අනුන්ට ඕනෙ විදියට රූකයක වුනෙ මම විහින්ම. අනුන්ට හූරන් කන්න බැරි වෙන්න මට මාව 'හදා ගන්න' ඕනෙ වුනා. මම ඒක කලා. මාස 5ක් . මම ගෙදර හිටියෙ ඒ නිසා. ඒ කාලය මම ජීවිතය ගැන හොඳම අභ්‍යාසය කළ කාලය, මම ජීවිතය විනිවිද දුටුව විවේකය මට වටිනා මැණිකක් වුනා.
~'~
මම ඇවිද්දා. ඇති පදම් රස්තියාදු ගැහුවා. මම පොත් කියෙව්වා. ඒ වගෙම මට අරමුණක් තිබ්බා. ඉගෙන ගන්න දෙයක් ගැන. සල්ලි උල්පත් උපදවන්න මාව උදැල්ලක් කර ගත්තු ගොඩ දෙනෙකු හිතා මතාම බලෙන්ම යට ගසා අමතක කල, ඒත් වසර 2ක් තිස්සෙ මගෙ ඔලුවෙ කරකැවුන හිසරදය. බාගෙට ඉවර ඉගෙනුම් ව්‍යාපෘතිය. ගෙදරට වෙලා උඩ බලන් ඉන්න ගියා නම් මේ මාස 5 මට තිත්ත වෙන්න තිබ්බා. විවේකය ගන්න අවසරයෙන්ම එහෙනම් මගෙ අරමුණ සපුරන්නත් මේක තමයි හොඳම විවේකය ! හරි! මම ආයෙමත් වැඩ පටන් ගත්තා. මගෙ වටේ ඉන්න හිතවත් සහෘදයො මාව දිරිමත් කලා.සමහරු 'ඔයාට පුලුවන්' කියල දිරිමත් කලා.... සමහරු 'ඔයාට බැහැ' කියල දිරිමත් කලා... දෙකම මට ආසිර්වාද වුනා....
හොඳට මතක තියාගන්න යාලුවනෙ .
ජීවිතෙ තීරණය වෙන්නෙ අපි ජීවිතෙ දකින විදිය අනුව.
'මම රස්සාවක් නැති නිකමෙක්" කියල හිතුව නම් , ලෝකෙ මාව වට්ටන්න ඕනෙ නැ. ඔයා වැටිල ඉවරයි. ලෝකෙට අපවාද කියල වැඩක් නෑ.
'මේ මගෙ ජීවිතෙ මම ගන්න උපරිමම විවේකය . මම ජීවිතෙ විඳිනවා මේ කාලෙදි'
කියලම දකින ජීවිතේ පුදුම සතුටක් මට ගෙනවා. ලෝකෙ වටෙ ඉන්න අයට මාව වට්ටන්න බැ එතකොට. මොනව කියලවත්.
හැබැයි මම මේ කිසිම දෙයක් කලෙ කාත් එක්කවත් වෛර පිරිමහන්න, ඇනෙන්න නෙවෙයි. අන්න ඒ නිසාම මම සැහැල්ලුවෙන් මගෙ ගමන ගියා. ඒ සැහැල්ලුව නිසාම මට ඇවිදින්න , පොත් කියවන්න, ෆිල්ම් 47න් 25ක් විතර බලන්න, නිදාගන්න . ජීවිතේ විඳින්න හොඳටෝම වෙලාව තිබ්බා. මාව තාමත් ඔලුව උඩ තියාගෙන (කොටින්ම මම මේ යන සැහැල්ලු ගමන ගැන කුලප්පු වෙලා) තාමත් ගින්නෙන් පැහෙන චරිත මට ඇහෙනවා ... පේනවා....අන්තිමේදි කවුද විඳවන්නෙ ??
ජීවිතෙ සතුට ඇති වෙන්නෙ හෝ නැතිවෙන්නෙ තමුන්ගෙ අභ්‍යන්තර සාමය හෝ යුද්ධය නිසා. ඔබ අභ්‍යන්තරයෙන් සාමකාමී නම් , බාහිර ලෝකෙ මොන යුද්දෙටවත් බෑ ඔබව කලඹන්න. ඒත් ඒ වගෙම තමයි, ඔබ අභයන්තරය කැලඹුන, වෛරයෙන් පැහෙන , සැනසීමක් නැති කෙනෙක් නම්, බාහිර ලෝකෙත් ඔබට යුද්දයක් වෙනවා. ඉතින් බාහිර ලෝකෙ 100% සාමකාමී වුනත් , ඔබ බලෙන් අත පොවලා හරි කලඹ ගන්නවා ලෝකය , ඔබෙ සංඛ්‍යාතයට ලෝකයත් බලෙන් සුසර කරගන්න.
~'~
තව මහා විශාල දෙයක් මම ජීවිතය ගැන ඉගෙන ගත්තා...
ඒ තමයි සංවේදී විය යුතු නොයුතු තැන් අඳුනගන්න කියන එක. ශක්තිමත් විය යුතු තැන් වලදි සංවේදි වුනොත් අපිට කොහෙන්වත් රැකවරණයක් නැහැයි කියලයි දැනෙන්නේ. ඉතින් අපි රැකවරණය හොයනවා. තියෙන චකිතය දෙගිඩියාව නිසාම , යන්නෙම වැරදි තීරණ වලට. ඒවා වෙනස් කරන්න ඊට හපන් බයයි.
ඒත් මම එක දෙයක් ඉල්ලනවා. හැමෝගෙන්ම. තමුන්ට රැකවරණය දෙන්න හැක්කෙ තමුන්ටයි. කර්මය හා බාහිර අනතුරු වලකන මාර්ග මම දන්නෙ නෑ. ඒත් අපි නිතරම අපි පිලිබඳව සිහියෙන් විමසුමෙන් ඉන්නව නම්, අන්න එදාට ඔබට තෙරෙවි ඔබට ම පුලුවන් ඔබෙන්ම රැකවරණය සපයා ගන්න. තව කෙනෙක්ගෙන් රැකවරණය හොයන එක මුලාවක්...
~'~
ඒත් අපි අපෙ මනස දක්තිමත් කරගත්තොත්, කවුරු නැතත් දෙපයින් හිටගන්න හැකි තැනට අපෙ පෞරුෂය හදාගත්තොත් , අන්න අපි දිනුම්. ලේසියෙන් කෙනෙක්ට අපිව වචන සහ ක්‍රියාවෙන් නම්ම ගන්නවත් දුර්වල කරන්නවත් බැහැ. එක් ඉරකින් එහාට ලං වෙන්නෙත් අනිවාර්‍යයෙන්ම තමන් තරම්ම ශක්තියක් තිබෙන අය.
බුදු හාමුදුරුවො කිව්වෙ ඒක තමයි 'මල් වලට මලුත් , කුණු වලට කුණුත් එකතු වෙනව කියල'
තව මහා විශාල දෙයක් මම ජීවිතය ගැන ඉගෙන ගත්තා...
අපි කුණු ගොඩක් නම් , එකතු වෙන්නෙත් කුණුම තමයි. එකතු වෙන්නෙ කුණුය කියල දොස් කියල වැඩක් නෑ. ඒ වෙනුවට අපෙ කුනු සෝදන් මලක් වෙන්න ට්‍රයි කරමු..
~'~
ඉතින් 2011 අවුරුද්ද මට අති විශේෂයි. මම ජීවිතේ කියෙව්වා. මම විවේකය ලැබුවා. ඇවිද්දා. පොත් කියෙව්වා. සතුටෙන් හිටියා. අවුරුදු 6ක් රස්සාවක් කළ මම මාස 6ක් ගෙදර ඉන්නකොට
සමහරු 'කම්මුලේ අත තියා ගන්නැති' - අනේ වෙච්ච දේ. ඇයි මේ ගෙදරට වෙලා නිකම්ම ඉන්නේ???
සමහරු සතුටු වෙන්න ඇති... 'ආ ශුවර් එකට රස්සාවෙන් එලවල වෙන්නැති' කියල තමුන්ගෙ සතුටට කාරණා හදාගන්න ඇති...
'අතෙ සතේ නැතුව කොහොම ඉන්නවද මන්දා. කියල සමහරු මා ගැන විස්සෝප වෙන්න ඇති...
ඒත් ඒ හැමෝම පව්. මොකද මන් ගැන දුක්වෙන්න දුක මට කිසිසේත්ම ඒ කිසිම හේතුවක් තිබ්බෙ නෑ. මම රෑකියාවෙන් අයින් වුනේ මට විවේකය ඕනෙ නිසා. මගෙ රිසර්ච් එක තවත් ඈදෙන්න නොදී ඉවර කරන්න ඕනෙ නිසා. මට 2000 අවුරුද්දෙ පටන් ගත් දිවිල්ල නතර කරලා හුස්මක් අරගන්න ඕනෙ නිසා.
හැබැයි අතේ සතේ නැතුව නොවෙයි.රස්සාවෙන් එලවලා නෙමෙයි, අරමුණක් නැතුව නෙමෙයි ...
ඒ හැම දේම මම ප්ලෑන් කලා,
1. අප්‍රේල් මාසෙ අස්වීමෙ ලියුම දුන්නෙ (මාස 3ක අස්වීමේ නෝටිස් සමග) , ජූලි මාසෙ රස්සාවෙන් අයින් වුනෙ , අඩු ගානේ මාස 6ක් රස්සාවක් නොකර ඉන්න අවශ්‍ය මූල්‍යමය ඉතුරුව කරගෙන. දන්නවද?
2. රස්සාවෙන් එලෙව්ව නම් සතුටු වෙන්න බලාගෙන හිටි අය හරිම වැඩියි. ඒත් ඒක වුනෙත් නෑ. නම්බු පිටින් අස්වීමේ ලියුම දීලා , මාස 3ක් පඩි සමග වැඩ කරලා, හැමෝගෙන්ම , ඉස්කෝලෙ චෙයාමන්ගෙන් පවා හරිම සතුටුදායක විදියට කතාබහ කරලා, ඇගයුම් අහගෙන , ඒ මදිවට ඒ පාසලෙ පුස්තකාලෙට මේ පල්ලෙහා රූපෙ තියන පොතත් පරිත්‍යාග කරලා තමයි සමු අරගෙන ආවෙ. (මගෙ බ්ලොග් එක නොවැරදීම කියවන කුහක ඇස් 4ක් තියෙන බව මම දන්නවා. මීට මාස 9කට පෙර මම ක්ෂණික උත්තර දුන්නෙ නෑ. මෙන්න නිසි කාලය. මෙන්න මම අද උත්තර දෙනවා. :-) ජූලි 8 වෙනිදා මම ඉස්කෝලෙන් සමු අරන් ආවේ , 'නැවත කොලඹ ආවොත් අනිවාර්යයෙන් මේ ඉස්කෝලෙටම එන්න' කියන ආරාධනාවත් ඉහල පුටුවෙන්ම අහගෙන...
3. ගෙදෙට්ට වෙලා අරමුනක් නැතුව ඉන්න ගියා නම් පිස්සු හැදෙයි. ඒ නිසා බාගෙට නතර වුන අධ්‍යාපන අරමුණට අඩිතාලම හදාගෙනයි ගෙදර නතර වුනේ..
1,2,3 න් මන් ඔයාලට මොනවද කියන්නේ????
1. ඉදිරියේ දැනුවත්වම එන්න නියමිත දුශ්කර කාලයක් ඔnබටත් තියෙනව නම් දැන්ම ඒ කාලය ප්ලෑන් කරන්න. සල්ලි ඉතුරු කරගන්න, කාටවත් අත පාන්න ඉඩ නොතැබෙන්න වගබලා ගන්න.
2. රැකියාව කළ ඕනේම තැනකින් සතුටෙන් සමුගන්න ඉගෙන ගන්න. මොන ප්‍රශ්නය ඇති වුනත් , ඒක දරාගෙන , ඒවාට උත්තර නොදී , තමන්ගේ මහත්මා ගතිය පෙන්වලා යන්න. ඒක තමුන්ට ආශිර්වාදයක්.
3. අරමුණු හදාගන්න . නිකම් ඉන්න එපා. නිකමෙන් වෙන්නෙ අරමුණක් නැතිනම් රස්සාවක් නැතිනම් නොවෙයි.
4. කිසිම දාක ,කාටවත් පෙනෙන්න , ගේමට වැඩ කරන්න එපා. තමුන්ගෙ දුයුණුවට වැඩ කරන්න. ගේමට වැඩ කරන අයගෙ වැඩ පෙන්නිලිත් , ඒ වැඩ අස්සෙ ගින්නෙන් පැහෙනව වගේ වෛරයෙන් පැහෙන හැටිත් මට හොඳට පේනවා. ඒත් මට එයාලට අනුකම්පා කරනවා ඇරෙන්න උත්තරයක් නැහැ. බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නෙ නෑනෙ. :)
පහුගිය අවුරුද්ද මට තවත් සුවිශේෂයි. මම මුල් වුනත් තවත් හොඳ හිත් ගනනාවකගෙ හයියෙන් කළ පොත් සත්කාරය මට සුවිශේෂයි. මගෙන් ජීවිතය ඉගෙන ගනිමින් මට ජීවිතය කියා දෙන මගෙ සිසු පරපුරම මට සුවිශේෂයි. මම ගහපු රස්තියාදු, මම ගිය ට්‍රිප්, මම කළ හොඳ දේ තරම්ම මගෙන් වෙච්චි අඩුපාඩු, ඒවායින් ඉගෙන ගත් පාඩමුත් මට සුවිශේෂයි. අනුන් අතින් වෙන අඩුපාඩුත් සුවිශේෂයි. ඒ දේවල් වලින් මට මිනිසුන් කියවගන්නට හැකි නිසා. කියවා අවසන මා රැඳිය යුතු ඉසව්ව මට තීරනය කළ හැකි නිසා.
බ්ලොග් අවකාශයේ සිටින අතෙ ඇඟිලි ගානට අඩු අති විශේෂ සරල සොඳුරු plain හදවත් ඇති ගොන්නට මේ අවුරුද්දේ අලුතෙන් එක්වූ මිතුරාත් ඔහුගේ බිරිඳත් සුවිශේෂයි. 'බලන්නකෝ මම ඔබේ තවත් හොඳම මිතුරෙක් වෙනවා කවද හරි' මිතුරා ඔට්ටු ඇල්ලුවා.... අද , ඔට්ටුව ඔයා දිනුම් සහෝ. ඔට්ටුව මන් පැරදි. ඒත් සහෝ ලැබුන මිතුරු කම(ඔබ දෙන්නගෙන්ම) නිසා මමයි හරියටම දිනල තියෙන්නෙ . නේද? ස්තූතියි :)
~'~
ජීවිතේ කියවීම් තව ඉවර නෑ..... ගතවුනු අවුරුද්ද දිහා ආපහු හැරිල බලද්දි මටම මම ගැන පුදුම හිතෙනව.. ඒත් මම ගතවෙන හැම අවුරුද්දෙම මගෙ ජීවිතේට වැඩි වැඩියෙන් ආදරේ කරනව.
නියම පෝස්ටුවක් අක්කේ. ඇත්ත තනියෙන නැගිටින එක තමා වීරකම..
ReplyDeleteමොනව කියන්නද බං......පපුව ගලවල එලියට දැම්මම, අපි නිරුත්තර වෙන එක අහන්නත් දෙයක්ද?...........
ReplyDeleteවචනයක් වචනයක් පාසා මයෙ පපුව පල්ලටම වැදුනා......
තමාව හඳුනාගන්න.....තමාව ජයගත හැකිනම් ඔබ මුළු ලොවම ජයගත්තා හා සමානයි.....මේකත් කිව්වෙ බුදුන් වහන්සේ.....
Inner peace is the most important. Make peace with yourself you would be at peace with the whole world.......
ඒ එක්කම ඔන්න...සුබ උපන්දිනයක් කියලත් කිව්ව .....හරිය...මැඩම්....
සතුටුයි බොහෝම..
ReplyDeleteමිස් අපිට උගන්නපු දේ වලට අමතරව ලබාදුන් උපදෙස් වලින් අද මම සතුටුදායක අන්දමින් ජීවිතේ ගෙවනවා. නමුත් එක උපදෙසක් නම් ටියුබ්ලයිට් මට පිලිපදින්න අවුරුදු 2කට මාස කීපයක් අඩු කාලයක් ගතවුනා. ඒත් දැන් මම සතුටින්..
ප්‍රශ්න වලදි තෙවැනි පුද්ගලයකු ප්‍රශ්නය දකින විදිය ට ප්‍රශ්නය දිහා බැලුවම විසඳගන්න ලේසි බව කීවානේ. ඒක මට ගොඩක් උපකාරී වුනා පහුගිය කාලෙම. ඒ උපදෙස මගෙන් වෙනත් අයටත් ලැබුනා. කීපදෙනෙක් දැන් ඒ උපදෙස ක්‍රියාත්මක කරන බව දන්වන්නෙ සතුටින්..
මම ඉස්සරහටත් උපදෙස් ඕන වුනාම මිස්ව හොයන්නම්..
අක්කේ ඔයාව මම මගේ රෝල් මොඩල් එක කර ගත්තේ මම සංසාරේ අපි බ්ලොගයට ආපු මුල් දවස් වල..එන්න කලින් හිතුවේ ඔයා හරිම ආඩම්බරකාරියක් කියලා.. ඒත්.. පස්සේ ඇත්තටම දුක් වුනා මගේ ක්ෂණික නිගමනය වැරදියි හොඳටම වැරදියි.
ReplyDeleteඔයා හරිම අපුරු චරිතයක්... ඒකට හේතු ගනනාවක් තියනවා
1- ඔයා නිහඬයි ඒත් කල්පනාවන් ගැඹුරුයි.
2- ඔයාට මහා ලොකු ආත්ම ශකිත්යක් තියෙනවා
3- ඔයා දක්ෂයි. උත්සහවන්තයි
4- ඔයා සමහර වෙලාවට ඔයාට එරෙහිව වැඩ කරනවා. ඒ හැම තැනදිම ඔයා සාර්ථකයි.
5- හැමදේටම වඩා ඔයා කරුණාවන්තයි.
මෙන්න මේ හේතු නිසා ඔයා සුවිශේෂියි. කෙනෙකුට ආදර්ශයකට ගන්න කියන්න පුළුවන් චරිතයක්.
සාමාන්‍යෙයන් කෙල්ලෙක් නොකරන්න හිතන විදියේ දේවල් වලට ඔයා බය නැතිව ඉදිරි පත් වෙනවා. හොඳම උදාහරණය. ඔයාගේ දිර්ඝ විවේකය.
මේ වන තුරු මට හමුවුනු කිසිම කෙල්ලෙක් හිටි අඩියේ ජීවිතේ ලොකුම ලොකු පෙරලියකට තනියම මුන දෙන්න ඔයා වගේ ඉදිරි පත් වෙලා නැහැ ඒත් ඔයා ඒක කලා.
ඔයාගේ ඒ වැඩෙන් මාසයක් ගතවෙද්දි මාත් ඒ වැඩේ කලා.. ඔයා දන්නවද මම කල්පනා කලේ.. දිල් අක්කා කලා නම් ඇයි මට බැරි වෙන්නේ කියලා.
හැමදාම ඔය ගතිගුන රැකගෙන ඉන්න අක්කේ අපිට පුළුවන් වෙයි ඔයාගේ ජිවිතේ ලස්සන නව කතාවක් වගේ කියවන්න..
ලොකු කල්පනාවක් තියන. සරල පුංචි කෙල්ලෙක්.
ReplyDeleteමොනවා උනත් කිසි දෙයකින් නොවැටී ඉදිරියට යන එකනම් ගොඩක් අගේ කරනවා.
නිසු නගා :
ReplyDeleteස්තූතියි.. අද මේ මුලු පෝස්ට් එකේම ඉන්නෙ මගෙ ඇතුලාන්තය...
රවි අයියා :
මගෙ ජීවිතෙ හරියට තීන්ත ඔක්කොම කවලම් වෙච්චි දිය සායම් පෙට්ටියක් වගෙ. එහෙම පෙනුනට ඇතුලෙන් තියෙන්නෙ බොහොම සරල සංඝටක කීපයක්... :) ඒ බව මැනවින් පසක් වෙන කොමෙන්ටුවක් ලිව්වට ස්තූතියි
රොශාන්
ReplyDeleteඔයිට වැඩියෙ අගයක් මට මගෙ ජීවිතයට දෙන තවත් නෑ. කොටින්ම ඔය වචන ටික ඇති. ස්තූතියි.
ඒ වෙනුවෙන් බලාගෙන මම වැඩ නොකලාට , තව එක ජීවිතයක් හරි සතුටෙන් ඉන්න එකම මට ලොකු සතුටක්...
අනෙකා සතුටෙන් සිටීමෙන් නොනැවතී , තවත් මග පෙන්වන්නෙක් වෙන එක සතුටක් විතරක් නොවෙයි මට මහ ආඩම්බරයකුත් දෙනව !
ජය !
ආ හන්සියේ
මේ මම ආඩම්බරයි හැබැයි .. හී හී...
හැබැයි නගෝ ඔයා හරි..... මම නිර්භීතයි. සරලවම කිව්වොත් ජීවත් වෙන අර්ථය මම පැහැදිලි කරගන්නට උත්සහ කරනවා.
මම රෝල් මොඩ්ල් කෙනෙක් වෙන්න නම් සුදුසු නැහැ. මේ බ්ලොග් එකෙ නොලිව්වට මගෙ රින ලකුනු දෙන්න සුදුසු ලක්ෂනත් තිබෙනව. හේ හේ. ඒව නොලියන අනික් හේතුව , ඒවා කියෙව්වට තව කෙනෙක් නිසි මග යන්නෙ නෑනෙ. :)
ඔයාගෙ දීර්ඝ කොමෙන්‍ටුව මට මේ ජීවිතෙ ඉදිරියටත් මේ වගෙම ගෙනියන්න ලොකු හයියක් ගෙනාවා.
ස්තූතියි නංගි
ප්‍රියන්ත අයියා...........
ReplyDeleteකල්පනාව තිබ්බට පාරෙ යන්නෙ නම් හඳේ.... හිකිස්..
ඒත් අගේ කල එකට නම් මහා ස්තූතියක් පිරිනමනවා...
ඇත්ත මාව වට්ටන්න බෑ. වැටෙන්න පොලු පාරවල් වදිද්දි මම නැගිටින කෙනෙක්... :)
මම සතුටු වෙනවා අපුරු චරිත ගොඩක් ලැබෙන එක ගැන,මෙතෙක් කලක් ලැබුණු අපූරුම විවිධත්වය ...හැම බ්ලොග් එක එක කින්ම ලැබෙන කොට හරිම ෆිට් එකක් හිතට එනවා..ඒ අතරින් අක්ක හොඳම චරිතයක් .ඉස්තුතිය් මෙහෙම බෙදා හදා ගන්න එක..සුභ පතනවා.,
ReplyDeleteවසරක් අවසන් වෙද්දී ආපහු හැරිලා බලන එක ඊළග වසර සාර්ථක කරගන්න පළමු පියවර මම හිතන්නේ...
ReplyDeleteපුද්ගලික ජීවිතේ සාර්ථක හැම පිරිමියෙක්ම, ගැහැණියෙක්ම අනිවාර්යෙන්ම කරන දෙයක්...
එන වසර පුරාවටම ජීවිතේ මල් වේවා..! තව තවත් ඔට්ටු පරදීවා...
මට හිතෙන්නේ .. ඕනෑම පුද්ගලයෙක්ගේ දියුණුවට අවශ්‍ය ප්‍රදානම දේ තමයි තමන්ව හරියටම් හදුනාගන්න එක.
ReplyDeleteතමන්ට, පුළුවන් මොනාද? බැරි මොනාද?
තියෙන්න මොනාද? නැත්තේ මොනාද?
කලයුත්තේ මොනාද? නොකලයුත්තේ මොනාද? ...............
මම හිතන්නේ ඔයා, තමන්ව රියටම හඳුනාගත්ත, කලාතුරකින් දකින්න හම්බවෙන චරිතයක්. ඉඳල හිටලා අඩියක් පස්සට තිබ්බත්, ඒකෙන් අඩිගානක් ඉස්සරහට යන්න ඔයාට පුළුවන් නංගි.
ඔයාගේ අනාගතයට මගේ සුබපැතුම් !
මන් මේකට කමෙන්ට් එකක් දාන්නෙ නෑ. මොකද මන් කියන දේවල් සේරම උඹ දන්නවා අක්කේ.
ReplyDeleteGreat !!!
ReplyDelete:)
අක්කාට ජය වේවා.. සුභ පැතුම්.. :D
ReplyDeleteවිශේෂයෙන් කියල කියන්න දෙයක් නෑ.. ජීවිතය ගැන අවබෝධයක් තියන කෙනෙකුට.ඔබ සතු ආත්ම ශක්තියට ගරු කරනවා
ReplyDeleteකෙටි කාලයක් ඇතුලත ගොඩක් බරපතල තීරණත් එක්ක ජීවත් වෙන එක අමාරු වැඩක්
ReplyDeleteඒ සියල්ලත් එක්ක හිනාවෙලා ඉන්න එක ඊටත් අමාරු වැඩක්
ඒ ඔක්කොමත් හරි කියමු - ඒ අව් අස්සේ අනෙක් මිනිස්සුන්ගේත් දුක් ගන්න එක....????
හම්මේ - ජීවිතේ සුවදැති මල් ගොමුවක්ම වේවා...!!!
දඟකාර පිස්සු කෙල්ල........... ධෛර්යයෙන් ජීවිත පිය ගැට පෙල සෙමින් නැග යන්නියකගේ හදවත විවර කලා වගෙයි.............. නුඹට සුභ පැතුම් මිතුරියේ
ReplyDeleteතරිඳු මල්ලි
ReplyDeleteගොඩක් ස්තූතියි..... මම හොඳ වගෙම නරකයි. ඒත් වැදගත්ම දෙ තමා මම ඉතා හොඳින් මගෙ නරක මොනවද කියල දන්න එක.
බීටලේ.
ස්තූතියි. ඔට්‍ටු පැරදුනා මැදැයි :) හා හා....
පිසා .
ඔව්.... මම එක අඩියක් පස්සට ගත්තා. ඒ නිසාම ලොකු ගැම්මකින් ජීවිතෙ ආයෙත් ඇරඹුනා.... සතුටුයි...
පනුවා.
දනිමි මලයන්ඩ ... ස්තූති
චානක
ස්තූතියි
රතුහැට්ට කාරි
ස්තූතියි නගා
රවිනුමල්
ස්තූතියි
තිසා අයියේ
ඔබ මගෙ අතෙ ඇඟිලි වලින් එකක් තරම් සමීප ලොකු සහෝදරයෙක්...ඒ බව දන්නවානේ.... අනෙක් අයගෙ දුක් ගන්නවා කියා මම ඒක සිතන්නෙ නෑ අයියෙ. ඇත්තෙන්ම මම කරන්නෙ එයාලගෙ දුක මට ගන්නවා වෙනුවට එයාලගෙ හිසින් ඒ බර බිමින් තියන්න පොඩි සප් එකක් දෙන එක... :) ස්තූතිය්. ඒ වගෙම බොහොම පින්...
රන්දුනෝ.
ස්තූතියි අක්කේ... ජය!
අයියෝ මම මේ බ්ලොග් පෝස්ට් කලින් නොදැක්කෙ... මට මේ පෝස්ට් කියෙව්වම පුදුම හයියක් ආවා.. මේ අකුරුවල මාර උත්ප්‍රේරකයක් තියෙනවා, ඇත්තටම අක්කෙ.. අද ඉඳන් මම දිගටම කියවනවා... ස්තූතියි අක්කෙ..ඔයාගෙ ආතම ශක්තිය දිහා බලද්දි මට හරිම පුදුමයි.. ආඩම්බරයි...
ReplyDeleteජය වේවා අක්කාට!!!
This comment has been removed by the author.
ReplyDelete