වැහි කෝඩයට තැලී පොඩිවී මිරිකෙමින් නුවර කරා යන ගමනේදී , ආපසු පියවර තියා ගෙදර දුවන්න හිතුනේ වරක් දෙවරක් නොවෙයි. ගෙදර දුවා ඇඳට පැන පුරුදු බ්ලැන්කේට්‍ටුව තුල ගුලිවී නින්දක් ගසන්නට කියාපු කාලගුණේ... :( සිත පෙරැත්ත කරයි.
දෙකට දෙවාරනේ තීරණ ගැනීම, ආඩාතාඩේ ගමන් යෑම යන දෙකම දැන් පුරුද්දක්ද මන්දා... ඒ හින්දාම හිත කියන්නේ මේ ගමන් තියපු පය ආයිත් ගන්නට එපා කියලාමය. වැහි අඳුර දවසාවසානයට අඬ ගසන විට මම පානදුරේ බස් එක අසල !
එකම සීට් එකක්වත් නැහැ. ඊලඟ බසයට පැයක් තිබේ. කලින් දාක ගිය 'හිටගෙන' රස්තියාදුවත් මතක් වූයේ ඉබේම..අදත්... හපොයි.... . අන්තිම පේලිය පැත්තට ඉගිල ගිය කොන්දොස්තර කොලුවා බූරු ඇඳන් හකුලවා, මහා කෝණ සුලු කෝණ කොට මා චුට්ටන් ඉඩෙහි හිර කෙටී වාඩි වෙන්නට සැලැස්වූයේ ආයෙ නැගිටින්නටවත් බැරි වන්නට පසුපස පේලිය පැක් කරවමින්. ඉතින් මේකයි ඉරණම! කරන්නට දෙයක් නැත. අද පෙම් මුල්ලේ.. ! මුල්ලේ කිව්වාට ,ඇත්තම කියනවානම්, ඒ පෙම් මුලු දෙකේ මධ්‍යස්ථ ලක්ෂ්‍යය හෙවත් බස් එකේ භයානකම ආසනයේය!.
නිකම් එක විදියකට ඉන්න වෙනවා මදිවට හිරවෙලාත් නිසා පොඩි වෙනසකටත් එක්ක නෝට් පොත දිගැරගෙන ඔන්න මේන් මේ ටික කුරුටු ගෑවා මම.
'හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු
මේ කිසිවක් අපට නැතේ...
වැරදීමෙන් හුස්ම ගියත්
අපි හඬන්නෙ නෑ'
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු
මේ කිසිවක් අපට නැතේ...
වැරදීමෙන් හුස්ම ගියත්
අපි හඬන්නෙ නෑ'
හැමදාමත් ආස ගීතයක් කන් දෙකේ රැව් දෙනවා... මොකද මේ ගීතෙ පුරාවට 'නෑ නෑ' ගෑවාට මේක අසුබවාදී ගීතයක් නෙවෙයි. මේක සර්ව ශුභවාදී ගීතයක් :) උෂ්ණාධික බස් අභ්‍යන්තරයත් ඊට නොගැලපෙන වැහි පරිසරයත් නිසා සෙමිලක්ශරි බසයේ කර්ටන් පවා වහලාය. ඉතින් බස් එකෙ සුවඳ හෙම හිතා ගත්ත හැකි නේද?
සිතුවිලි ඔහේ ඇදීගෙන යන්නේ ඈත්ව යන නුවරත් සමග අතීතයත් මැකී යන්නාක් මෙන් අමුතු හැඟීමක් දනවමින්. එහෙත් මේ ඇදී යන්නේ නුවර තරමටම (ඇතැම් විට ඊටත් වඩා) වේදනාබර මතකයන් ශේෂ වූ ගෙන්දගම් පොලවට....කොහෙත් පොළව එකමයි... ගෙන්දගම්ය , ගුරුපාරය වෙනසක් නැහැනෙ , ගුරුත්වය එකමනෙ :-)
කොහේ ගියත් 'මතකය' ට දොස් අසන්නට සිදු වෙනව. කොහේ හිටියත් කොහෙන් පලා ගියත් 'මතක' ඉල්පෙන වර්තමානය වේගයෙන් කැලැත්තෙනව... මම වේගවත් කෙටි හුස්මක් හෙලමි න් මුල් ඇදුනු සිතුවිලි මුදා හැරිය... . හුස්ම තරමට සිතුවිල්ලත් කෙටි කරගන්නට හැකි නම් හොඳයි.....
අතින් කට වසා ඈනුමක් වත් අරින්ට ඩ්‍රයිවර් මාමා ඉඩක් නොදෙන්නෙ කිසිම අනුකම්පාවක් නැතුව.. . බස් එක ඒ තරම්ම සෙමින් යන්නෙ ! මට කම්මැලියි. බස් එකම අඩ අඳුරේ නිදාගෙන වගේ.... නිකම්ම ඉන්න එකේ වටපිට බලන්නට වූ මම දුටුවේ පෙම් මුල්ල... !!!!
එතන නාටකයක්. ආයෙමත් ඉච්චාකාර බළල් වේශයෙන් මගේ රස්තියාදුකාර සිත පරල වෙන්නට පටන් ගත්තා....මාත් හොර හොරෙන් කට කොනෙන් ඈස් කොනෙන් මේ නාටකය බලන ඉඳගෙන හිටගෙන යන අනාරාධිත ප්‍රක්ෂක සමූහයට එකතු වුනා. අයිපොඩ්ඩාවත් කණෙන් ගැලෙව්වෙ සිද්ද වෙන දේ සහසුද්දෙන් දැනගන්ට...
තරුණ යුවලක්. වැඩිම උනොත් වයස 30ක් ඈති. කෙල්ල දඟ පාටයි. මුදු මුදු කොණ්ඩෙකුයි, අවුවට ටෑන් වෙච්චි රත්තරන් පාට හමකුයි එක්ක. එක තැනක ඉන්න බැහැ. කැරකෙනවා දඟලනවා. හෝව් හෝව්... කවුරුවත් නොවෙයි. මේ කෙල්ල කිව්වෙ, තරුණ යුවලගෙ පුංචි පැන්චි. දූ පොඩ්ඩි.
කෝටු ! කෝටු! හිතුව නේද වෙන එකක් ? හී හී ;-)
ජීවය සෙනෙහස දඟකාරකම් ඉතිරී පැතිරී යන දකුණු පෙම් මුල්ලේ මේ තරුණ අම්මයි තාත්තයි , ආච්චි අම්මයි එක්ක පොඩි පැටික්කි සෙල්ලම් කරන්නෙ පොඩ්ඩක්වත් මහන්සි නැති ගානට. ඒ මදිවට අම්මයි තාත්තයි ආචිචියිත් හරි හරියට කෙලි පොඩ්ඩි එක්ක එන්ටටේන් වෙනව. බලන් ඉන්න ආසයි. කට්ටියම පොඩි ලමයි වගෙ.
මුලු බස් එකටම ඇහෙන්න කවි ගී සින්දු කිය කිය පොඩ්ඩි සෙල්ලම් කරනවා. බස් එකේම ඇස් පොඩ්ඩි දිහාවෙ. මටත් හිනාව නවත්ත ගන්න බැහැ.
මාත් ඉතින් පොඩියක් කතාබහ කරල පුංචි පවුල එක්ක එකතු වුනා කඩචෝරුවක් හෙම බෙදාහදාගෙන.
යන්නෙ කොහෙද , කින්ද මන්ද හෙම හිතවත්කමට හුවමාරු වුනා. බොහොම අව්‍යාජව කතා කළ නිසාම, කතා කරන්නත් ආස හිතුනා. කට්ටියම හරි සතුටෙන්. පානදුරෙ සිටන් එදා උදෙ රැයින්ම පානදුර-නුවර බස් එකෙ, දලඳා වඳින්න ආව පවුල මේ ආපහු ගෙදර යන ගමන්. මෙච්චර පෑය ගණන් බස් එකෙ කටුව කා ආ වගක් කට්ටියගෙ මූණු වලින් නම් පේන්නෙ නෑ. මහන්සියක් නිදිමතක් නැත්තෙ පොඩ්ඩි නිසා වෙන්න ඕනෙ.
දඟකාරි අම්මගෙ පිටේ දඬුලේණියක් වගෙ නගිනවා. ආයිත් ඔඩොක්කුවට පනිනවා. ආයිත් තාත්තාගෙ බෙල්ලට පනිනවා. සෙල්ලම් ගොඩයි. තාත්තා දඟකාරිගෙ බඩට මූණ තියල කිචි කවනව . කිරි හිනා බස් එකෙම දෝරෙ ගලනවා.
පොඩි එකීගෙ සෙල්ලම් ටික නිසා අයි පොඩ්ඩ කණෙන් ගැලවුන. නෝට් පොතෙනුත් වැඩක් නැති ගානයි. අප්පච්චිගෙ මූණ මගෑරලා පොඩ්ඩි මට මූනු හදනව. මම ලේසියෙන් චූටි උන්ට ෆිට් නොවුනත් , මෙයා නම් ඕනෙ කෙනෙක්ව දැපනෙ දාගන්නව වගෙ ..
එක පාරටම මට මතක් වුනා වචනයක්.. හැබෑ නේන්නම්... 'පෙම් මුල්ල'..... ආදරේ ඉතිරී පැතිරි යන පෙම් මුල්ලක් නොවෙන්නම් මේ.... පෙම් මුල්ල සිසාරා පැතිරෙන හිනා කවටකම් බොලඳ වැඩ දිහා බැලුවම , ඇත්තෙන්ම මට හිනා ගියා. 'පෙම් මුල්ල' ගැන...
අම්මාවත් අප්පච්චිවත් පොඩි එකීගෙ දෑත් තදින් අල්ලාගෙන නැති. ආච්චි අම්මත් හිනා වෙවී බලන් ඉන්නවා. අම්මගෙ ඔඩොක්කුවේ හිටගෙන ඉන්න පොඩි එකී දඬුලේනෙක් වගෙ වේගෙන් යන බසයෙ තාලෙට පැද්දෙද්දි මගෙත් ඇඟේ ලේ වතුර වෙනවා. ඒත් අම්මා පොඩ්ඩිට තරවටු කලේ නෑ. වෙලාවකට බ්‍රේක් නෑතුව අම්මගෙ ඔඩොක්කුවෙන් බිමටම රූටන පොඩ්ඩි තව වෙලාවක බස් පොල්ලෙ චූටි නිකටත් ඇණ ගත්ත මම දැක්ක. පොඩ්ඩි ඇඬුවෙවත් , අම්මල බය උනෙවත් , පොඩ්ඩිට තරවටු කලේ වත් නෑ. ඔය තියන දාන්ගලේට ඕවා මයිනර් ඉන්ජරීස් වෙන්න ඇති.හිකිස්...
පැය හතර ගෙවුන හැටි හිතාගන්නවත් බැහැ. පෙම් මුල්ලෙ මැද්ද ආසනේ කියන්නෙ, බ්‍රේක් එකක් ගැහුවොත් ඩ්‍රයිවර් මාමගෙ ඔඩොක්කුවට ගිහින් වැටෙන ආසනේ. එදා ඔරුවක් හබල් ගාන්න ලෑස්ති වෙලා වගෙ සීට් දෙක තරයේ බදාගෙන මහ වැස්සෙ , බස් එක අස්සෙ දැවෙන රස්නෙ මැද්දෙ ගියත් , අයිනෙ සීට් එකක සින්දුවක් අහගෙන යන දවසට වඩා විනෝදෙන් පෑය හතර ගෙවුනා...
පෙම් මුල්ලේ පොඩි පැන්චියි , පැන්චිගෙ කවි සින්දුයි, පැන්චි තරම්ම සුන්දර අයියයි, අක්කයි, ආච්චි අම්මයි නිසා...
පෙම් මුල්ලට ජය වේවා !!!! :-)
ආඩාතාඩේ කියන්නෙ?
ReplyDeleteජයවේවා!! මල් හතයි. මම හොඳට ඇඳගත්තා. :D
ReplyDeleteහිත සංසුං කරගන්න ඕනේ. හික්ස් :)
ReplyDeleteආඩතාඩේ කියන්නේ රස්තියාදු ගමන් වෙන්ටෑ.
අනේ මරු පොඩි එකෙක් වගේ, අම්මටයි තාත්ටයි ගෙදර පාලු නැතුව ඇති, අක්කගේ පාලුවත් නැතුව ගියේ අගේට :D
ReplyDeleteසංසාරේ අපි හිතුමතේ නෙත ගැටුනු ලස්සන තැනක්... හිතුමතේ පෙම් මුල්ල ගැන ලස්සන අතිතයක් තියෙන කොලු ගැටයෙක්... ඒත් ඔය කොටු වැටුනු එකක් නම් නෙමේ....
ReplyDeleteජයවේවා.... අක්කා ගැන ඉරිසියයි මට නම්..... ඔහොම රස්තියදු කෙලින්න බැනේ අපට
අම්මපා මාත් හිතුවෙ කට ඇරන් කියවන්න පුලුවන් ඉස්ටෝරියක් කියල. බලන් යද්දි මාත් ඇඳගෙන!
ReplyDeleteසැක් මාත් ආවේ කොටු කොටු කතාවක් කියවල බස් වල යන්න වත් දන්නෙ නැති උන් කියල බැනල යන්ඩ හිහි
ReplyDeleteඅපෝ පොඩි කාලේ ඉඳන්ම කෙල්ලෙක් ඔහොම දඟට හැදිලා කොහොමද... අම්මලාට ගාණක් නැති හැටි නිකමටවත් එපා කියලා කියන්නේ නෑ. හරියට ළමයෙක් හදන්නවත් දන්නෑ. දැන්ම තරවටු කරලා හැදුවේ නැත්තම් ලොකු වෙනකොට තව කොහේ හදන්නද. පොඩි දාංගලයක්ද තියෙන්නේ. අර ආච්චි අම්මා කෙනෙකුත් ඉන්නවා. අනේ හැබෑට උන්දැටවත් ගාණක් නෑනේ!
ReplyDelete( දිල් අක්කා ඒ දඟකාර කම් රසවිඳින අතරේ දළදා වැදගෙන එන ආච්චි කෙනෙක් ඔහොම හිතුවා වෙන්නත් බැරි නෑ :D ;) )
අලේ ජය වේවා... බස් වල තියන හැම මුල්ලක්ම පෙම් මුල්ලක්ම වේවා.....
ReplyDeleteඇත්තටම පොඩි උන්ගේ ලෝකය ගොඩාරියක් ලස්සනයි.මොකද උනගේ ඔලූ වල විස නෑ... ඒ නිසා උන්ගේ ලෝකෙක තනිවෙන විනාඩියත් ගෙවෙන්නේ පුදුම ඉක්මනකින්..
සික් නෝටියා දිල් වගේ රස්තියාදුවක් ගැහුව කාලයක් මතක නෑ අප්පා...
ඕං නෝටියත් සංසාරෙට ගොඩවැදුනා...
මේක කියෙව්වම මටත් ආසා හිතුණා දෙකට දෙවාරනේ තීරණයක් අරන්, ආඩාතාඩේ ගමනක් යන්න...
ReplyDeleteදෙකට දෙවාරනේ තීරණ නම් කාගිල්ස් එකේ ගන්න ඇති, අඩාතාඩයක් හොයාගන්නෙ කොහොමද... හයර් කරන්න තියෙනවද..?
මාතෘකාව දැක්කම මාත් හිතුවේ වෙනම දෙයක්නේ.. හැබැයි ඉතින් අක්කට හොද වෙලාවට පෙම් මුල්ලේ මෙහෙම හට්ටියක් සෙට් උනේ... :)
ReplyDeleteහරි හුරතල්!
ReplyDeleteමම හිතින්න් මවා ගත්තා දිල් අක්කේ කතාව :D ඔය එනවැයි කිව්ව ගඳ ඔය බස් එකට ආවේණීක ලක්ෂනයක් මමත් හිටි ගමන් වේලාසනින් වැඩ ඇරිලා යන දවසට කොට්ටාවේ ඉඳලා යන්නේ ඔය බස් එකේ තමා අපෝ බහින තැනට වෙනකල් මාව නිකන් සිහි නැති උන ගානට ඉන්නේ ගඳයි ඒ තරමට
ReplyDeleteමෙන්න ඉච්චාකාර බළල් තඩියෙක්
ReplyDeletehttps://lh5.googleusercontent.com/-_dExyVpGdAE/Tm9N7dT1OHI/AAAAAAAABmU/165my4b0qZs/s520/2005_07_21_shrek_cat.jpg
පෙම් මුල්ල පිරිලා ඉතිරිලා ගිහිල්ලා.......... ඔයාගේ කම්මැලි කම යන්න ආපු ආශිර්වාදයක් වගේ නේද?
ReplyDelete:))))))
ReplyDeleteනදී ආඩාතාඩේ කියන්නේ බැලන්ස් නැතුව වගෙ අර්ථයක් :)
ReplyDeleteකෝච්චි පුන්චෝ .... ආනේ... ඇන්දද? හූ හූ :) මොනවද ඇන්දේ.... හිතුවෙ වෙන එකක් නේ... චී... කෝටු කෝටු :)
මධුරංග මල්ලි.... හිත මොකො සන්සුන් නැද්ද..ඕන් ආඩාතාඩෙ කියන වචනේ මම තේරුම නදීට කිව්වා.....
මලිති...ආයෙත් අහලා... ඔව් ඔව්.. නියම පොඩ්ඩි. පැහිලත් නැ. හරි සුයිට්.....
හිතුමතේ.... ආ ඕන් සාදරයෙන් පිලිගන්නවා සංසාරේ අපි දිහාවට..... :) අනේ ඉරිසියා මොකෝ. ?? මම මේ නිකම් යනින් එනින් ගමන් වෙන දෙවල් අනේ ලියන්නේ.....
ඉන්දික..හූ හූ රැවටුනා.... :) හෙ හෙ... කෝටු! :)
කපිකේකි.. අනෙ අනෙ... කොටුවක් දෙකක් ඉතින් දාන්නම ඕනෙ නම් දාන්නම් :)
පූශා..... හහ් හා හා හා.... සිනා සිනා... වෙන මොනව කියන්ටද ????? අනිවාර්යයෙන්... වැරදි නේන්නම් ඒ ගොල්ලො :)
නෝටියා.... හෙ හෙ..... කියල වැඩක් නෑ. පෙම් මුල්ල නම්... හෙ හෙ.... කොටින්ම අපි දෙවල් දිහා බලන විදිය... නේද?
බීටලේ.... අන්න හරි.. ඒයි කොන්කිරිට් පිරිච්චි මූදු වෙරලෙන් පැන ගොස්, කාන්තාරයක් වගෙ එකක් මැද්දෙ ඉඳිගස් හෙවනක මොට්ටැක්කිලියක් බැඳගෙන නයි නැටෙව්වොත් මොකද??? හූ හූ හූ :)
අනෙ මන් ඔය හැම තැනම බැලුව අනේ. කාගිලිස් එකෙත් ඉවරලු :)
දිනේශ්
ඔව් මල්ලි. හැබැයි පෙම්මුල්ලේ , භයානක කම , එකෙ සිට 10ට රේට් කලොත්, ඔය 1 සිට 10 දක්වාම දේවල් නිරීක්ෂණය කරල තියනවා මම අවුරුදු 6ක් තිස්සේ. පෝස්ට් වල ලියන්න බැරි තරම්ම ඒවා.. හම්මේ... :)
විසිතුරු...
ස්තූතියි කියන්නද? :)
ශානු නන්ගි.... හහ් හහ් හා.. හප්පේ.. වැහි දාට ඒක දෙගුණ වෙනවා අප්පා.... නැද්ද ? එදා නම් ගඳ අමතක වුනා.. සමහර දාට ඒසී බස් වලත් ඒ ගඳ එනවා....
චානක
හිකිස්...... :)
රන්දුනෝ...
කියල වැඩක් නෑ අක්කෙ. හෙ හෙ. ඔයාගෙ පොඩ්ඩිවත් මතක් වුනා... :)
ධනුක මල්ලි .... :)))))))
පොඩි උන් එක්ක ඉන්නකොට කම්මැලිකම ඉබේ නැතිවෙනවා... සමහර අම්මල නම් පොඩ්ඩන් ට ඕනවට වඩා සැර කරනවනේ. ඒ අතින් මේ අම්ම හොඳයි :)
ReplyDeleteසතුට බෙදා ගන්න තරමට සතුට වැඩි වෙනවා කියන්නේ මෙන්න මේකටයි, නේද?
මටනම් පොඩි එවුන් අනන්ත සෙට් වෙනවා.එක පාරක් අපි කන්තලේ ගිහින් එනකොට ලස්සන කෙලි පැටික්කියෝ දෙන්නෙකුයි,කොලු පැටියෙකුයි ඉන්න පවුලක් මුලිච්චි වුනා.ටික වෙලාවක මමයි පොඩි එවුනුයි මූනූ හද හදා හිටියා.තව ටිකකින් එක කෙලි පැටික්කියක් මගෙ උකුලේ.අනික් අයත් ඒ ලග.ගමන ඉවර වෙනකල් අපි පොඩි උන් එක්ක සින්දු කිය කිය ආවා.ගමනෙ මහන්සියක් දැනුනෙම නෑ. :)
ReplyDeleteපෙම් මුල්ල එදා එහෙම නොවුන එක කොයිතරම් දෙයක්ද!
ReplyDeleteඇත්තටම ඇයි දන්නේ නැ මාත් පොඩි එකෙක් වගේ නිසා වෙන්න ඇති ගොඩාක් පොඩි උන් ඉක්මනටම මාත් එක්ක යාලු වෙනවා... ඊට පස්සේ මාත් උන්ගේ ලොකේ.. අක්කා කොහොම එන්න ඇතිද කියලා හිතෙන් මවන ගමන්
ReplyDeleteමම නම් වැඩිය ෆිට් වෙන්නෙ නෑ පොඩි එව්වො එක්ක විශේශයෙන් බස් වලදි... ඔව්වො වමනෙ දානවා ඇගේ... හපොයි එදා
ReplyDeleteඅමා.. ඒක නම් ඇත්ත... වෙනදාට ඔය පැය 4 නිකම් මරන්නා වගේ තමයි යන්නේ... එදා නම් හරිම ශෝක්.... හෙ හෙ. ඒකනේ.. සතුට කියන්නෙ පොඩි උන් ගාව උපතින්ම තියන දෙයක් ... එහෙම නේද....
ReplyDeleteනිසූ නගා.... හෙ හෙ... එහෙනම් මාත් දවසක එන්නම් ඔයා එක්ක ගමනක් යන්න. ඇති මාත් පොඩි එකෙක්නේ.. ඔයා මාව හුරතල් කර කර යන්න ඕනෙ... හරිද? හිකිස්....
ලහිරු... ඒකනේ.... පෙම් මුල්ලෙ හැබැයි හොඳ හොඳ එවුවාත් මම දැකල තියනව. මට හිතෙන්නෙ ඒවාට නම් වග කියන්නෙ ඕනෙ, හිතෙ හැටියට කිස් එකක් දෙන්න , අත් අල්ලගෙන යන්නවත් බාහිර වටාපිටාවෙන් ඉඩක් නොදෙන ලන්කාවෙ කුහක සමාජය. කොල්ලන්ට කෙල්ලන්ට මුලු හොයන්න වෙලා තියෙන්නේ ඒකනෙ. නුවර වැවරවුමෙ බන්කු වල පෙම්වතුන්ට වාඩිවෙන්න බැරි වෙන්න කලු තෙල් ගාල තිබ්බ යුගයකුත් තිබුනනෙ. ඒ කියන්නෙ ඒවයි වාඩි වෙන්න කාටවත්ම බැනෙ. අම්මල තාත්තලත් එක යුගයක පෙම්වතුන්නේ (එයාල වැඩිහිටි උනාම පෙම්වතුන් නෙවෙනේ අපේ සමාජේ... ) ඒ වගෙම් පොඩි උන්ට වාඩිවෙන්නත් බැනෙ. ඇයි උන් අනාගත පෙම්වතුන්නේ... :)
දේවා..... ආ ඔයා පොඩි එකෙක්ද.... හැකිස්..... දැන් මවාගත්තාද? :) හී හී
පිස්ස මල්ස්.... හෙ හෙ. හපොයි වමනෙ කියද්දිම ඔවැක් උනා... ඊක්.... :)
17 :)
ReplyDeleteහිහිහී...පෙම්මුල්ලට තවත් ප්‍රේමයක් එක් වුණා කියලයි මට දැනුනේ.. එතනත් සොඳුරු ල'බැඳි පෙමක්..! :)
ReplyDeleteතව තවත් සොඳුරු පැතිකඩයන් අපේ දෑස් හමුවේ දිගහැරෙන්නට.. අක්කියගෙ රස්තියාදුවට ජය වේවා..!!! :)
ටී බී ....17???
ReplyDeleteනිති.... හෙ හෙ... පෙම්මුල්ල නරකම නෑ නේ??? ඕන් එහෙමයි කියල එතෙන්ටම දුවනවා හෙම නෙවි ඕන් :)