වසර එකොලහක ඉතා දිගු නැවතීමෙන් තොර වෙහෙසකාරී ධාවන මාර්ගයෙන් මීට තෙමසකට ඉහත ලොකු වංගුවක් ගෙන පිට පැන්නා මතකය. අධිවේගී පථයෙන් පිට පැනීම හිතූ තරමට ලෙහෙසි වූයේ නැත. එය මහා මානසික ගැටුමක් විය.
මම සිතා බැලුයෙමි.කල් මැරුයෙමි...මට මේ තීරණය ගන්නට හිතේ හයිය ඇතිදැයි කිරා මනිමින් බැලුයේ වරක් දෙවරක් නොවේ.
ඉගෙනුම් කටයුත්තකට හැරුනු විට , කිසිවෙකුත් අත නොපෑ, වසර 6ක් ගොඩ නැගූ අතිශය ස්වාධීන ජීවිතය හැර දමන්නට මා බියවන්නේ මා නිසාද? අවට ලෝකය නිසාද? ඒ දෙකමද?
මම කල්පනා කලෙමි. ජීවිතයේ උස මෙපමණද? මා මේ හදන්නේ පල්ලම් බහින්නද? මම මගේ තුන්වෙනියාට අඬගැසුයෙමි.
නැත. නැත. මා හිඳින්නේ පල්ලමේ හෝ ආගාධයේ නොවේ.මට බැස යන්නට හේතුවක් නැත. මා මේ සෘජු වෙහෙසකර නැග්ම මොහොතකට නතර කොට හාත්පස බලන්නට ඇසිල්ලක් ගත්තා පමණි. මම මේ ශක්තිමත් සිතිවිල්ලට වැඩෙන්නට ඉඩ හරිමින් මාස 6කට පෙර අස්වීමේ ලිපිය ලියූවා මට මතකය. ඒ ලියුම ලියන්නට හිතු දවසේ , ඒ ලියුම ලියු දවසේ , ඒ ලියුම භාර දුන් දවසේ මම විවිධ මුහුණු දුටුවෙමි. දෑසින්ද මනසින්ද දුටුවෙමි.
හර්දයාංගම විරෝධයත් ව්‍යාජ ශෝකයත්කොතරම් පැහැයෙන් වෙනස්දැයි එදාටත් වඩා අද මම අතීතය අතගා ස්පර්ෂ කරමි. ඒ හැඟුම් දෙකෙහිම ඇති සියුම් තැන් මම විස්මයෙන් ආස්වාදනය කරමින් අද සිනහසෙමින් සිටිමි.
කෙසෙ වෙතදු මම එදා ගංගාවක් වීමට තීරණය කළ අයුරු ඔබට මතක ඇත. කඳු මුදුනට ඇති වෙහෙසකර අංශක අනූවේ නැග්ම අතහරින්නට මම එඩිතර වූයෙමි. අවංක විරෝධයට එදා මා අකීකරු වූ තැනෙහි කිසියම් සාධාරණයක් ඔබට දැන් පෙනෙත්වා!
මම අල්ලා ගන්නට ගල්කුලක් අත්වැලක් සහ මගපෙන්වීමක් නැති ඉතා වෙහෙසකර මාර්ගය අත්හැරියා මිස කඳු මුදුන අත් හැරියා නොවේ. ජීවිතය මෙතරම් නොවේ. උල්පතින් ආ කිරි රස අසලින්ම වැටුනු මඳ නැග්ම හෙවත් දුර පාරට මා අවතීර්ණ වූයේ එබැවිනි. එය බොහෝ මනරම් මාවතකි. ගහකොල, සතාසීපාවුන් , අහස , සුලඟ විඳිමින් යන මේ ගමන බොහෝ දුර පාරක් වුව විඩාවෙන් තොර බැවිනි. එහි ඇත්තේ වෙහෙසකර අංශක අනූවේ නැග්ම මත එල්ලී , කලු ගල් තලාවට මිස අන් කිසිවකට ඇස් නොදුන් මහා වියවුලක් නොවේ.
පෙරලුන පිට හොඳ කරගන්නට මා වලි කනවායැයි ඔබට සිතෙනවා නම් , මට කියන්නට ඇත්තේ ඔබ 100% හරි බවයි. මිදි තිත්ත බව කී නරියාටත් මා මෙන්ම සිතෙන්නට ඇති. නරියා මිදිවල්ල හැර ගිය පසුත් තොල ලෙවකමින් තවමත් මිදිවලු සිහිනයේ එල්බුනාදැයි නරියා සහ මිදි වැල කතාව ලියූ අඥාතයා ලියා තිබුනේ නැත. එනිසාම මා එය හරිහැටි දන්නෙත් නැත. මා ඒ නරියා නොවූවා නොවේ. නමුත් අඥාතයා අමතක කළ කොටස මට අමතක නැත. 'මිදි තිත්තය, තිත්ත මිදි නැතුව මේ ඉන්න ඉඳුම මට අවංකවම සුපර්බ්ය!' මම මට කියමි. ඔබ පිලිගත්තා නොගත්තා මට කම් තිබේද? :-)
මේ මගේ මාස තුනෙහි සමාලෝචනයයි. පොප්සිකල් කමින් චිත්‍ර ප්‍රදර්ශන බැලූ, පොත් කියවමින් චොකලට් බිස්කට් කෑ වර්තමානය අනාගතයේ ශේෂ වේදැයි මම හොයන්නෙත් නැත. බිය වන්නෙත් නැත. එදාටත් මා කියන්නේ 'පෙරලුන පිට නම් අපූරු බවය' ... එය මට අහිමි වීමක් නොවේ. මා කඳු මුදුනට යන මඳ බෑවුමේ සින්දුවක් කියාගෙන හිතූ හැටියේ විවේකයෙන් ගමන් කරමි. ජීවිතේ තව උසය ! අද මට ඒ ගමන මහ බරක් නොවේ..
Yesterday was History...
Tomorrow is a Mystery...
But Today is a Gift...
That's why it's called the 'Present' !!!
A Present is a Surprise.
Take time, Slowly unwrap ,
you will find Happiness...!
මේ සටහන :
'නවතින්නට' බයේ වෙවුලන මගෙ හිතවතිය වෙනුවෙනි...
ඇත්ත බන් . . ජීවිතයට ගංගාවක් වගේ ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕන . .
ReplyDeleteඅතර මඟ බාදක දාලා නතර කරන්න හැදුවත් කොහේ හරි ඉඩ තියෙන තැනකින් ගඟ ගලාගෙන යනවා . . .
අද තීරන ගන්න බයේ ඉන්න අයට කියන්න තියෙන්නේ අභියෝගවලට බය වෙන්න එපා . .
තමන්ගේ හිත ගැන විස්වාසයක් තියාගෙන බය නැතුව තීරණ ගන්න කියලා තමයි . .
අද දවසේ තීරණ හෙට හෙට හෝ අවුරුදු ගානක් ඉස්සරහට ගිහින් හෙට දවසක හැරිලා බලද්දී තමයි තේරෙන්නේ ඒ තීරණ කොයි තරම් නිවැරදිද කියලා ..
මම නම් අත්දැකීමෙන් කියන්නේ . .
නරියා මිදි තිත්තයි කිව්වලු. හික්ස් :)
ReplyDeleteමොකෝ එකපාරම මිදි තිත්ත උනේ.
දුකා අයියා
ReplyDeleteහරියටම හරි උඹ බුදු අයියේ.... ඔව් අයියෙ, සමහර තීරණ නම් හරීම තීරණාත්මකයි.
ඒත් සමහර තෑන් වලදි , අපිත් මංමුලා වෙද්දි, අපේ තීරණ වලට වැඩිහිටි අවවාද නම් ඕනෙම වෙනවා. වැඩිහිටියන්ට පුලුවන් අපිට නොපෙනෙන පෑත්ත පෙන්නල දෙන්න. මටත් එහෙම වෑඩිහිටියො ගොඩාක් මම වට කරගෙන තියාගෙන ඉන්නවා දෑන්. මම දන්නවා ඒ අය මෑද්දෙ මම ආරක්ෂිතයි , කරන දෙයක් අහල කරාම මට නොපෙනන පෑත්ත පෙන්නයි කියන එක.
වෑරදිච්චි තෑන්වලින් පාඩමක් ඉතින් පහුවෙලා හරි ඉගෙන ගන්න එක හොඳයිනෙ බන්.. හෑබෑයි ජීවිතේ දෑන් හරි ලස්සනයි :)
මධුරංග මල්ලි
මිදි තිත්තයි අනේ !!!!!!!!!!!! :)
mayya me gana hithanne tikak venas vidihata...mayya hithanne oya inne fog light gahagena yanna one avadiyaka kiyala....
ReplyDeletekamak nedda me link eka dammata....
http://maiyyagelokaya.blogspot.com/2010/12/blog-post.html
අනේ මන්දා..
ReplyDeleteජය..
//මිදි තිත්තය, තිත්ත මිදි නැතුව මේ ඉන්න ඉඳුම මට අවංකවම සුපර්බ්ය!' \\
ReplyDeleteමම ගොඩක් වෙලාවට හිත හදා ගන්නේ ඔහොම හිතලා.
ජීවිතේ පරිපූර්ණ වෙන්න ඕනි නැහැ සතුටින් ඉන්න. මේක මගේ ජීවිතේ තීම් එක වෙලා ගොඩාක් කල්.. මට මතකයි එක තැනක තිබ්බ මෙහෙම ! ඔළුවට හෙන හතක් වැදුනත් කමක් නෑ දත් ටික ඉතුරුවෙලා තියේනම් හිනා වෙයන් උඩ පැන පැන... කියලා.. මම ජීවිතේ දුකක් දැනෙනකොට ඔලුවෙ මවා ගන්නෙ මේ කතාව සහ.. කන්දක් පහලට වැටෙන දිය ඇල්ල පාමුල හිනා වෙවී සතුටින් ඉපිලෙන දිය කන්දරාව තමයි.
ReplyDeleteහ්ම්ම්ම්....
ReplyDeleten පොලිනෝමියල් එකක් n-1 වාරයක් අවකලනය කරලා, අන්තිමට -1 න් හරි වැඩි කරලා ධන අනුක්‍රමනයක් ඇති සරල රේඛාවක් හදාගන්න වෙනවා කොයියම්ම කාලෙකදි හරි..
අගට තියෙන ලොකු constants වාගේ පෙනෙන එව්වා මුලු ශ්‍රිතයම උඩට පහලට කලාට වරක් අවකලනය කලහම බිංදු වෙනවා....
"ගොම්මං සමයමටා ගම හොල්මං තියේ...
නුඹ එක්කා අප(සේරම) එන්නා යම නංගියේ....!!!"
මේ කියන්නේ ඔබ ඔබේ රැකියාවෙන් ඉවත් වූ බවද? එය එසේ නම් මා කියන්නේ එය නොකලානම් හොඳ බවය.ටික දිනකින් ඔබට විවේකය තිත්ත වෙන්නට පුළුවන.
ReplyDeleteමයියා
ReplyDeleteඒක ඉතින් සාදාරන නෙව මයියා. අපි හැමෝම එක වගෙ නෑනෙ. නේද ?
මම කිව්ව දේම ඔබ කිව්ව දේත් එකක් එකාතකට සමපාත වෙනවනෙ නේද? ඔව් ෆොග් ලයිට් ගහගෙන , හැල්මෙ නැතුව හෙමීට යන අවධියක තමයි ඉන්නෙ. අවට බලනවා කියන එකෙන් මම ඒකත් අදහස් කලා. ලෝකය දෙස විමසිලිමත්. වල්නරබිලිටීස් එක්ක සෙල්ලම් දාපු කාලෙ ගියා. ඉන්නෙ වල්නරබිලිටීස් එක්ක බෝම පරේස්සමෙන් ඩීල් කරගෙන :) මොකද මේක වල්නරබල් කාලයක් :)
බ්ලොග් ලින්කු දැම්මට කමක් නැ. ඒත් ඕක href ඇතුලෙ දැම්මනම් ඔතන ක්ලික් කල ගමන් යන්න හැකි නේද? ඒක පොඩ්ඩ්ක බලන්න :)
ගයාන්...
මොකො අනේ මන්දා ජය ! එහෙම නෙවේ... 'ඒකත් එහෙමද..ජය!' ඒක හොඳයිනෙ :)
අකීකරු හිත
හෙ හෙ... අනිවාර්යයෙන්.... මිදි තිත්තයි ඉතින් .. උඩ පැනල කකුල් කඩාගන්නවට වඩා ඒක නරකද? අත්දැකීම් එකතු කරනවා කියලා අඬගහල කරදර ඇඟේ දාගන්නෙ මොටෝ.. නේද .. අපෙ මයියා කිව්ව වගෙ ෆොග් ලයිට් ගහගෙන හිටියම හරි :)
වෙනී අයියා
හරියට හරි. පරිපූර්ණත්වය හීනයක්. සාර්ථකත්වය එහෙම නෙවෙයි. සාර්ථකත්වය ඇස් පනාපිට යතාර්තයක්. හොඳ හිතේ හයියක් තියෙන කෙනාට.
පරිපූර්නත්වය පිලිබඳ සිහින දැකීම පීඩනයක්. සාර්ථකත්වයකට අඩිතාලම් දැමීම පීඩනයක් නොවේ. තෘප්තියක්. :) අයියා කියන දේ හරි.
ඔය උඩහින් ඉන්න තණ බිස්සෙ වාඩිවෙලා කනේ මල් ගහගෙන ඉන්න රූපෙත් මවාගන්ට නම් හරි අපූරු දෙයක් :)
තිස්සයියා....
ReplyDeleteආව්..... නිතර නොලිව්වත් , ඉඳහිට ඔයා ලියන කොමෙන්‍ටුව ඉතින් හැමදාම වගෙ බරටම වදිනවා හිතට .
n ඩිෆයින් කිරීමට තමා මේ ඉස්පාසුව ගත්තෙ. නැතිනම් හෙම ඕනෙවට වඩා බාල්දි කොක්කයි , dy/dx යි වෙලා වෙලා වෙන්නේ කොන්ස්ටැන්ටින් බින්දුව වෙලා යන එක. එහේ උනාම ඉතින් ආයෙ බාල්දි කොකු දදා ගොඩ ගන්නව නම් බොරු ! නැද්ද?
මම හිතන්නෙ අයියන්ඩි n ඩිෆයින් වෙනවා හෙමීට...
රින එකෙන් හරි ' ගුණ ' කරන්න උනොත් අයියා ඒ අභියෝගය ගන්න තමරමට මේ මාස තුන දුන්නා මට යෝධ ශක්තියක්. අයි තින්ක් ද ඩ්‍රේනින් තෝට්ස් ආ නව් ඇබ්සෝබින් එනජි :)
අනුක්‍රමණය හෙමීට ධන වේවි. මම හිතනවා සහෝ ඔයා 'හෙමීට' ධන වෙන එක අනුමත කරාවි....
"ගොම්මං සමයමටා ගම හොල්මං තියේ...
නුඹ එක්කා අප(සේරම) එන්නා යම නංගියේ....!!!"
ආ අයියෙ, ගොම්මන් සමයට ඉස්සර කලේ ෆොග් ලයිට් ගහගෙන ගිය එක . ලයිට් පත්තු වෙද්දි හිතුව ඔක්කොම හරි කියලා. ෆොග් ලයිට් ගහන් වැරදි පාරෙ ගියාට වැඩක් නෑනෙ පාර පෙනුනට ! හිකිස්. නැද්ද හොඳයි? ඉතින් දැන් අයිය කිව්ව වගෙ ෆොග් ලයිට් ගහගෙන යන්නෙ ඕනෙම උනොත් . හි හි. නැතිනම් කරන්නෙ ෆොග් (රෙඩ්? බිසි? ) ලයිටුත් නිවාගෙන බිස්කට් එකක් කකා පොතක් කියවනවා :) හී හී
පුංචි පුංචි (මට ඇහිච්ච) රුවන් වැකි
------------------------------
"ඇයි පොඩි ලමයෙක් උනත් රෑට වෙන චූටි සත්තු අතැරල කණාමැදිරියොම අල්ලන්නෙ? එලියක් විහිදෙන නිසා"
පුංචි පුංචි දැති රෝද ගොඩා....ක්ක්ක් එකට එකට සම්බන්ධ වෙච්චි ලොකු සිස්ටම් එකක් ඇතුලෙ අපි ඉන්නෙ. අපිට පේන්නෙ නෑ එන්ටයර් සිස්ටම් එක. ඒ වෙනුවට අපිට පේන්නෙ අපි අවට කැරකෙන චූටි රෝද අපිව කරකවන හැටි විතරයි. ඒත් බලාගෙන ගියාම අපි මහා සිස්ටම් එකක කොටස් කාරයො. "
" ඔය දැති රෝද සිස්ටම් එකට අපි කැමති නම් ඕන්නන් වාලෙ කැරකෙන්නත් පුලුවන්. ඒත් මතක තියා ගන්න අපි තීරණය කලොත් අපිව කරකවන සිස්ටෙම් එකෙන් අයින් වෙන්න, අන්න හොඳට මතක තියා ගන්න එදාට අපි කැරකවෙන එක නැවතුවොත් සමහර විට ඔය වැරදි සිස්ටෙම් එක අවුල් කරලා වෙනස් කරල දාන්නත් පුංචි දැති රෝදෙට පුලුවන්.
හැබැයි දැති ශක්තිමත් වෙනකල් ඉවසන්න ඕනෙ, නැතිනම් දැති මෙලෙක් නම් අපිව කැඩිල බිඳිල යන එක තමයි සිස්ටෙම් එක අපිට දෙන දඬුවම ...'
"හොඳ දේ නිවැරදි දේ, කරන එක හොඳයි. ඒත් හැමතිස්සෙම ගෑනු ලමෙක් බව මතක තියාගෙන දෙපාරක් හිතල අඩිය තියන්ට. එහෙම නැතිනම් පෝඩ්ඩක් පිටිපස්සෙන් අඩිය තියන්ට , මීදුම අයින් වෙනකල්. එතකොට ෆොග් ලයිට් ඕනෙ වෙන්නෙ නෑ"
හී හී....
මටත් මිදි තිත්ත වුනා....අම්මපල්ල....ඒ වුනට...ඉතින් ආයෙ ඔනි වෙනවා....
ReplyDeleteගලාගෙන යන ප්‍රවාහයට හසුව ඔහේ ගහගෙන යනවට වඩා, උඩුගම් බලා පිහිනීම දුශ්කරයි, වෙහෙසකරයි, නුමුත් සුන්දරයි ඊටත් වඩා එහි අවසානය බොහොමත්ම තෘප්තිමත්.
ReplyDeleteමතකයි නේද මේක ? සෙන් කතාව
ReplyDelete"හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්.
එකම යථාර්තය නම් මේ මොහොතයි"
හේමලයෝ...
ReplyDeleteආව් කලකට පස්සෙ... කෝමද අප්පා... ???
හෙ හෙ
මිදි ඔහොම තමා :) මට නම් එපාම වුනාද කොහෙද :)
රවිනුමල්
හ්ම්ම්ම්... අනෙ මන්දා .. මේක උඩුගම්ද>>
මකරා
අනිවාර්යයෙන් :)
obata jaya..!!!
ReplyDeleteහිත කතා කරනව සහෝදරී... සටහන් වල හැටියට ඔයා මගේ වයසෙම වගේ ඇති කියල හිතුනත් මට කාලයක් තිස්සේ කරන්න බැරුව ඉන්න දෙයක් කරල ඔයා ගොඩාක් ඉස්සරහින් ඉන්න බව පේනව... මම නගින කන්දෙ මුදුන තියෙන්නෙ ඉතාම ලඟින් උනත්, නැවතිල වටපිටාව බලන්න ඕනෙ කියල හිතෙන වාර අනන්තයි... ඒත් ඒ තීරණේ ගන්න තරම් ධෛර්යයක් තාම ඇතිවෙලා නෑ... මෙච්චර දවස් මහන්සියෙන් උපයාගත් දේවල් (මුදල් නොවේ) එක වැරදි තීරණේකින් නැති වෙලා යයිද කියල භයක් දැනෙනව... මේ ඔක්කොමත් එක්ක මිදිත් තිත්ත වෙන්න ගත්තම ඇත්තටම මේ දුවන රේස් එක නවත්තන්න කාලෙ හරි කියල හිතෙනව...
ReplyDeleteඒත් එක ප්‍රශ්ණයක්... හිමීට හරි ආයෙත් නවත්තපු තැනින් පටන් ගන්න ඕනෙ නේද??
නවතින්න බයේ වෙව්ලන මගේ හිතවතියට කියල කිව්වෙ මටමයි වගේ දැනුනේ... සටහනක් නොතියා යන්න හිතුනෙ නෑ... ඔයාට ජය...