සැප්තැම්බර් මාසෙ දවසක මේ උඩහින් පේන ඉස්කෝලෙට (කෑගල්ල පානකාව මහා විද්‍යාලයට) මම ගොඩ වුනේ මගෙ පුද්ගලික ඉගෙනුම් කටයුත්තක් පිලිබඳ වැඩකට. ඒත් ඒ පාසලෙ හරි අපූරුවට පුංචියට නමුත් පිලිවෙලට වැඩ සිද්ධ වෙන ලස්සන දුටුවම , කාටද උදව් කරන්න නොහිතෙන්නෙ ?
"පොඩි පැටවුන්ට කියවන්න පොත් පත් තමයි හිඟ. ඒත් ඔය පුංචි දරුවා ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනි නෑ. ඔයාට පුලුවන් හැටියකට පොතක් දෙකක් දෙන්න. ඒ ඇති "
විදුහල්පති ගුරුතුමන් එහෙම කිව්වෙ හදවතින්ම. මම මහ ධනවතෙක් නොවෙන බව , මට කෝටිගණන් පරිත්‍යාග නැති බව ඔහුටත් වැටහෙන්න ඇති. ඒත් මගෙ වටේ , හිත හොඳ අපූරු යාලුවො කැලතක් ඉන්න බව එවෙලෙ මට සිහිඋනේ ආත්ම විශ්වාසය ජනිත කරවමින්.
මේ ලිපියෙ ඇරඹුමේදිම මට එක දෙයක් කියන්න ඕනෙ. මේ අකුරු සටහන් වෙන්නෙ සංසාරේ අපි පෝස්ට් එකක උනත්, සංසාරේ අපි ලියන මම නැමැත්තීගේ 'වන් මෑන් ශෝ' එකක් නෙමෙයි මේක. මේ පොත් සත්කාරයේ ප්‍රතිපාදන වලින් මම දැරුවෙ අටෙන් එකක් වගෙ පොඩි කොටසක්. අනෙක් පින්බර දායකත්වය ලැබුනෙ මගෙ වටේ ඉන්න යහලුවන්ගෙන්. ඉතින් මේක මට මාව ප්‍රසිද්ධ කරගන්න කරපු වැඩක්වත් , ලොකූ වැඩක්වත් නොවෙයි. (මේ කාර්යයට වචනයකින් හෝ , මා පිලිබඳ පූර්ණ විස්වාසය තබා රුපියලකින් හෝ දායක වූ යහලුවන්ගේ හදවත් කොතරම් ලොකුදැයි කියන්නට නම් වචන නැහැ)
ඇයි මම මේක පෝස්ට් එකක් හැටියට ලියන්නෙ? එච්චර ලොකු එකක්ද මේක? මෙයා ප්‍රසිද්ධ වෙන්න කරන වැඩක්ද කොහෙද මේක. බොරු ශෝ දානවා... එකී මෙකී නොකී දේවල් කියවේවි.
නැහැ. මේ දකින ඔබටත් සිතෙනව නම් , අපිත් පුලුවන් ප්‍රමාණයෙන් මේ වගෙ චූටි දෙයක් කරන්න ඕනෙ, සම්පත් අඩු අය වෙනුවෙන් කියලා.. අන්න ඒ දිරිගැන්වීම වෙනුවෙනුයි අද මම මේ අකුරු ටික සටහන් කොට තබන්නේ...
ඔව්... ඒ පුංචි පාසලට අද අපි ගොඩවැදුනා. පොතක් දෙකක් වෙනුවට , එකතු කරපු පොත් ගොන්නත් (ගණනින් පොත් 200ක් පමණ) තුරුලු කරගෙනම.....
මේ පුංචි පැටවුන්ට ගෙදර ගිහින් කකුල් පද්දමින් කියවන්නට සිඟිති ගෘහස්ත පුස්තකාල නැහැ. ඒ තබා කියවන්නට සැප පහසුවට දිගාවෙන්නට තිබෙන්නෙත් පැදුරු කබලක් වෙන්නට පුලුවනි. කියවන්නේ ඇස් පොඩි කරමින් තෙල් සිඳෙන්නට ලංවූ කුප්පි ලාම්පුවෙන් වෙන්න පුලුවනි.
එහෙවු පොඩි උන් තුන්සිය දෙනෙක් ආසාවෙන් ඉඹ ඉඹ , මේ අලුත් සුවඳ පොත් පිටු එක එක ආදරයෙන් පරිස්සමෙන් පෙරලෙනකොට , උන්ගෙ තරු ඇස් සන්තෝශයෙන් දිලිසෙන විට , මේ සත්කාර්යයේ පුරුක් වූ ඔබට මේ පින භක්තියෙන් අනුමෝදන් වේවායි මම හදවතින්ම පතන්නම් !
සත්කාර්යයට දායක වූ මහත් වූ සොඳුරු සිත් ඇති , අසංග අමරවංශ අයියා, චානක අරුණ මුණසිංහ මල්ලී, ජයනි තොටවත්ත අක්කා, වෑප් නිශාන්ත සහෝ , රොශාන් හේරත් පුතා , කණිශ්ක හෙන්නායක මල්ලි, සුභාෂ් ගුණවර්ධණ අයියා, චමින්ද වාසල අයියා , වජිර සහ ලසන්ති හිතවත් මිතුරු යුවල, සමීර ,ප්‍රියන්ත ගල්ගෙපිටිය අයියා සහ අනුරාධ නානායක්කාර මල්ලී.... ඔබ සැමටත් මෙය කියවන ඔබටත් මේ කුසලය අනුමෝදන් වේවා!
ස්තූතියි !
පසු සටහන 1:
කතා කොටගත් වෑන් රියෙන් යන සහ එන ගමනේදී කන් පිරෙන්නට මගේත් , අනුරාධ මල්ලීගේත් , ප්‍රියන්ත අයියාගේත් රස කතා අසාසිටි වෑන් රථයේ රියදුරු මල්ලීගෙන් , මා රථයෙන් බසින්නට සූදානම් වෙද්දී අසන්නට ලැබුනේ හීනෙකින්වත් නොසිතූ ප්‍රකාශයක්..
"මිස් ඕ පොසිටිව් වකුගඩුවක් හොයන කෙනෙක් ඉන්නවනම් මිස් ගාව මගෙ නොම්මරේ තියනවනේ, මට දන්වනවද?"
මට ඇත්තෙන්ම මොහොතකට වදන් අහිමි වූයේ , මිනිසත්කම යනු මල් වලට මල් එකතු වන න්‍යායයෙන් ගත් කල , අනේ එක්කන් යන වාහනයට පවා මිනිස්කම ගෑවෙන්නේ කෙසේදෑයි විමතියක් ඈතිවෙමින්.
"ඔයා වකුගඩුවක් දෙන්න හිතන් ඉන්නවද? ඊට පස්සෙ ආෆ්ටර් ඉෆෙක්ට්ස් එනවා. එක වකුගඩුවකින් ජීවත් වෙන්න ගියාම. ඒක දන්නවද?"
මිනිස්කමින් යලිත් වරක් සංවේදී වෙමින් මම ඇසුවේ නිකමට මෙන්..
"දන්නව මිස්. ඒත් මේ ගෙවිල යන ජීවිතෙ වගෙද, තව ජීවිතයක් ජීවත් වෙනව නම්.. නේද?"
ඔහු සතුටෙන් එසේ කියමින් වාහනය් නිවෙස අසල නතර කලා. මගේ හදවතත් එක් මොහොතකට නතර වූවා සේ මට හැඟුනා... ඔහු රියැදුරු අසුනේ සුක්කානම කරකවමින් ජීවිතයේ විශාල වංගුවක් ගන්නට නොබියව වදන් ඇමිණූ අයුරු මගේ දවසෙහි සතුට දෙගුන කළා.
වනසිව්පාවුන් වැනි මිනිසුන් නැත. දෙවිදේවතාවුන් සිටි මහ පොලවක .... දේවත්වය යලිත් සොයා යන ගවේෂණයක යෙදෙන මිනිසුන් මිසක...
දීඝ නිකායේ මෙසේ සඳහන් වන්නේලු...
යම් සේ උණු කිරි මත්තෙහි යොදයක් වේද එසේම රස පොළොවේ ද ඒ දිය මතුයෙහි සිසාරා පැතිරුනේ විය. මනාව නිපැයු ගිතෙලක් හෝ වෙඬරුත් යම් බඳුවේද ඒ රස පොළොව එබඳු රත් පැහැ ඇත්තේ ද විය පෘථිවි රසය පිරිසුදු දඩුවෙල් බෑ මීවදක් මෙන් විය.
එක්තරා ලොල් ස්වභාවය ඇති සත්ත්වයෙක් භවත්නි මේ කුමක් විය යුතු දැයි ඒ රස පොළොව මදක් ඇඟිල්ලෙන් ගෙන දිව ගෑවේය. ඔහුට එය පී‍්‍රති විය.
එහි තණ්භාව සිත් තුළ බැස ගත අන් සත්ත්වයෝ ද ඔහු අනුව යමින් රස පොළොව ලෙව කෑහ. ඔවුන් සිත් හි ද තෘෂ්ණාව බැස ගති. එකල්හි ඔවුහු ඒ පෘථිවි රසය පිඩුකොට වළඳන්නට වන්හ. එයින් ඔවුන්ගේ ස්වයං ප්‍රභාව අතුරුදන් විය. සඳ හිරු නැකැත් තරු ප්‍රකට විය.
අග්ගඤ්ඤ සූත්‍රයෙන් හෙළි කෙරෙන මානවයාගේ ආරම්භය පිළිබඳ මේ තොරතුරු වලට අනුව ආදී මානවයා ප්‍රසන්නය, පැහැපත්ය, සතුටින් ජීවත්වූහ. ගැටුමට නොගැටුණි. එහෙත් තෘෂ්ණා සහගත සිතිවිලි ඇතිවීමත් සමඟම ඒ සියල්ල අතුරුදන් විය.
එසේ තෘෂ්ණාවෙන් භරිත වූ ලෝකය තුල තවමත් ඒ නැතිවූ ප්‍රභාව සොයන , ඒ මුල් ජීවියා සොයා යන්නවුන් සිටිති....
පසු සටහන 2:
පානකාව දුප්පත් පාසලක් නොවෙයි.. භෞතික සම්පත් අතින් සීමිත වූවත් ඉතා පරිශ්‍රමයකින් යුතුව ඒ ගුරු මෑණිවරුන් පියවරුන් විදුහල්පති තුමන් සමග එක්ව ගොඩ නගා ඇති, මනා සේ සංවිධිත පාසල ඔබ දුටුවොත් පුදුම වේවි. මේසයක පුටුවක පවා ගල්වා ඇති පිලිවෙල, සකසුරුවම සහ විනය පානකාව යනු මිනිස්කම් සහ දස්කම් අතින් පොහොසත් පාසලක් කොට ඇති අයුරු ඔබට පානකාව විදුහල් වෙබ් අඩවියෙන් නරඹන්නට මම ආරාධනා කරන්නම් . (මෙතනින් පිවිසෙන්න)
---
වෑන් රථය ගෙන ගිය මල්ලීටත් , වෑන් රථයේ මා සමග සහයට ගිය ප්‍රියන්ත අයියා සහ අනුරාධ මල්ලීටත් , මේ උතුම් කාර්යයට සිය දුක් මහන්සියෙන් හම්බ කළ ධනය නොමසුරුව කැප කළ සොයුරු සොයුරියන්ටත්, දුව පැන හොඳ දෙයක් වෙනුවෙන් අඩුම කුඩුම සොයා උපකාර කළ සමීරටත් , අපව මහත් අදරින් පිලිගෙන සත්කාර කළ විදුහල්පති පියාණන්ටත්, ගුරු මව්පියන්ටත්, මේ සත්කාර්යය අවසන මේ සිදුවීම් පවසද්දි ඇස් වල කඳුලු පුරවාගෙන දීඝ නිකායේ මේ පාඨය මට මතක් කළ තිස්ස අයියාටත්.. සැමට මහත් කුසල්ම සිදු වේවා !
මේ පින මටත් අනුමෝදන් වේවා !
ReplyDeleteමේ කළ පිනේ මහිමයෙන් ඔබේ සිතේ ඇති
ලොකුම බලාපොරොත්තුව ඉටු වේවා !
නියම සත්කාරයක් අක්කේ....අපිත් ඔය වගේ පොත් පරිත්‍යාගයකට සහය දුන්නා....කොත්මලේ කැතිගානහින්න වීරසේකර මධ්‍ය මහා විද්‍යාලයට....අහන්න ලැබීමත් සතුටුයි අක්කේ.....
ReplyDeleteඅඩේ මන් ජීවිතේට හිතුවෙ නෑ අර කොල්ලා එහෙම දෙයක් අහාවි කියලා. පුදුමෙනුත් පුදුමයි.
ReplyDeleteබොහෝම සතුටුයි අක්කේ :)
ReplyDeleteමා දන්නා ලොරි රියදුරෙක් ඉන්නවා. හමුදා රණවිරුවෙකුට වකුගඩුවක් පරිත්‍යාග කළා. අඩුම වශයෙන් ඒ සඳහා වන පරීක්‍ෂණ සඳහා යන විට එම රණවිරුවාගෙන් තේ එකකට වියදම එම රියදුරා අරන් නෑ. දෙදෙනාටම තේ පවා අරන් තියෙන්නේ ඔහුගේ වියදමින්. හේතුව කියන්නේ මම තෑගි ලබන්න නෙවෙයි මේ දේ කරන්නේ කියා. එවන් සොඳුරු හිත් ඇති මිනිසුන් අප වටා පිරිලා.
ReplyDeleteමම දුටුවා එම පාසලේ ගුරුතුමියන් ඇතුළු ළමුන් මේ පොත් ලබන අවස්ථාවේ හැඟුම්බර වූ ආකාරය. ඔවුන්ට ඔබට අපට නෙත් වලට කඳුලක් ගෙනා එම අපූරු අවස්ථාව තවම ඇස් ඉදිරියේ මැවෙනවා.
ලෝකය ලස්සන වෙන්නේ ලස්සන හිත් ඇති මිනිසුන්ගෙන්. මේ කාර්යයට මූලික වීම. අනෙක් අයට මග පෙන්වීමට දිල්ට ගොඩක් පින්..
"නැති බැරි කම උතුරා ගිය මග හමුවන මිනිස්සුන්ට...."
ReplyDeleteහිතට සීයක් සිතුවිලි ආවත් ඒ එකක් දිගේ "හිතේ මනාපෙන්" ගිහින් මෙවැනි සද් කාර්‍යයක් සම්පූර්ණ කරන්නේ කීයෙන් කී දෙනාද?
අර සිසුවියන් දෑස් දල්වා බලා සිටින්නේ ඒ මනුස්සකම දිහාය....
මෙවන් සත් ක්‍රියාවන්හී නියැලෙන්න වඩ වඩාත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා . මට පුළුවනිනම් ඔබතුමීගේ ඊමේල් එඩ්‍රස් එක එවන්න . මගේ ඊමේල් එක viyamana.art@gmail.com
ReplyDeleteසතුටුයි බොහෝම..
ReplyDeleteපුංචි උන්ගෙ දැනුම වැඩි කරන්න ඔයාල හැමෝම එකතු වෙලා කරපු මේ පරිත්‍යාගය ගොඩක් වටිනව.ඉදිරියටත් මේ වගේ පිං කටයුතු වලට ශක්තිය දිරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteමට මතකයි අපේ පීඨයෙන් ඉස්කෝලෙක පුස්තකාලයක් හැදුවා. ඒකට මාත් පොත් ටිකක් දුන්නා. ඒ දවස්වල මයේ ගෑල්ලමයා මට කියවන්න කියලා දීපු එයාගේ පොත් වගේකුත් පරිත්‍යාග කලා. මම් නොසෑහෙන්න බැනුනුත් ඇහුවා. ඒත් මම සැලෙයි !!!
ReplyDeleteඉතා හොඳ වැඩක්... ඒ වගේම මේ පාසැලේ වෙබ් අඩවිය දැක්කහම පුදුමත් හිතෙනව...
ReplyDeleteගොඩක් හොද දෙයක් අක්කේ.. ඇත්තටම සතුටුයි.. ඊටත් වඩා මගේ හිත සසළ කලේ අර රියැදුරු මහත්මාගේ කතාව... ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්...
ReplyDeleteඅගය කල යුතුමයි.
ReplyDeleteමට ඒ ලමයින්ගේ හිනාව මැවිලා පේනවා. ඒ වගේ සිදුවීම් කීපයකට මුහුණ දීලා තියෙන හින්දා. අපි කොයි තරම් නම් තේරුමක් නැති වැඩ වලට සල්ලි නාස්ති කරනවද? ඒත් ඒ සල්ලි වලින් මේ වගේ දේවල් කරන්න පුළුවන් නම් හැබවින්ම අගෙයි කියලා දෙපාරක් කියන්න ඕනේ නෑ.
thank you girl
මේ වගේ දෙයකට දායක වෙන්න නොලැබිම් ගැනනම් ඇත්තටම දුකයි... සමහරවිට හිතුමතේ ගොඩාක් අයව නොදන්න නිසා වෙන්න ඇති...
ReplyDeleteජිවිතේ අමාරුම කාලේ කියවන්න පොතක් නැතිව දුක් විදපු අතිතයක් මටත් තිබුනා... හිතුමතේට එහෙම උදව් කරපු එක මනුස්සයෙක් විදිහට උන්නු දේවියෙක් බදු කෙනෙක් ගැන මමත් පුන්චි සටහනක් අකුරු කලා..
ගොඩාක් ගොඩාක් පින් අක්කෝ... මම දන්නවා කොයි වගේ හැගිමක්ද ඒ පුන්චි පැටවුන්ගේ හිත්වල තැවරිලා ඇත්තේ කියලා ඒ දුක විදපු කෙනෙක් විදිහට
හුඟක් අගය කළ යුතු වැඩක්. ඒ වගේම, මෙහෙම වැඩ කළහම කියන එක හොඳයි- යාළුවො එකතු වෙලා කරන්න ඕන මොන විදිහෙ දේවල්ද කියන එක ගැන අනික් අයටත් අදහසක් ඇති වෙන්න්a.
ReplyDeleteමහා උතුම් සද්කාර්‍යයක් කරලා තියෙන්නෙ !
ReplyDeleteඇස් වලට කළුත් ආව රියදුරා අහපු දේ දැකලා. :((((
ReplyDeleteගොඩක් හොඳ දෙයක් අක්කේ... කියවගෙන යද්දී මමත් සහභාගි වුනා වගේ ලොකු සතුටක් දැනුනා. පොඩියට හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතට වැදුනා... ඒ සිතුවිල්ලම ඇති ඔයාට පිං ලැබෙන්න.
ReplyDeleteතව තවත් මේ වගේ සත්කාර්යයන් වලට ධෛර්යය ලැබේවා !
පින් අතේ වැඩක්....
ReplyDeleteමෙවන් දෙයක් අගයන සොඳුරු සිත් ගැන ඈතිවන්නේ මහා සතුටක්. ඒ සොඳුරු සිත් තුලිනුත් මෙවන් පුන්චි පුන්චි උත්සහයන් බිහි වේවා !!!!
ReplyDeleteස්තූතියි.
මේ සත්කාර්යයෙහි පින ඔබටත් අනුමෝදන් වේවා !
කොච්චර හොඳද...දිල්ශාරා ඔයාල ආයිත් මෙහෙම වැඩක් කරනවා නම් මටත් දන්වන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා. ලංකාවේ හිටියත් නොහිටියත් මට දායක වෙන්න පුළුවනි
ReplyDeleteමට ඊ මේල් එකක් එවන්නකො මෙන්න මේකට - niro_ucscATyahoo.com
ස්තුතියි!
හිතට දුකයි . . ඔයාගෙන් විස්තර අරගෙනත් සහභාගී වෙන්න බැරිඋන එකට . . . මොනව කරන්නද . . රස්සාවක් නැතුව හිටපු කාලෙ වෙච්චිකොට . . .
ReplyDelete:(
Ane web eka wada nane kohomada scl eka balanne matath udaw karanna asai
ReplyDelete