Sunday, September 18, 2011

[202] මගේ රස්තියාදු චාරිකා 4

හතර වෙනි රස්තියාදුව ආවෙ වෙන කොහෙවත් නොවෙයි. කොලඹ... ඒ මොකෝ ? ඇයි දෙයියනෙ පොත් ප්‍රදර්ශනේ ... !!!! වෙන මොනවද? රස්සාවක් කරන්න ගත්තු 2006 අවුරුද්දෙ සිටම අද වෙනතුරුම හෑම අවුරුද්දෙම ඔය වන්දනාව කරන එක අතෑරුනෙ නෑ.


රස්තියාදුවක් නෙමෙයිනෙ. මේක නිකම්ම නිකම් බස් ගමනක්නෙ. ඔයාල කියාවි. අපොයි නෑ. මොන පිස්සුද ? කියවලම බලන්නකො. එක පින්තූරයක් නෑ අද. හේතුව තමයි තනි අතින් රිලවෙක් වගෙ එල්ලිලා පින්තූරු ගන්න තියන බෑරි අමාරුව. ඒ ඈරුනම පරණ පහෙ නොකියා ෆෝන් එකක් තියන නිසා නෙමෙයි හොඳේ :-) (දන්නෝ දනිති... ස්පෙශල් එඩිශන් ඈස්ප්‍රස් මියුසික්) :)




නුවරට ආවෙ මගෙ අප්‍රිය බස් ගමන නොයා , ප්‍රියතම කෝච්චි බබාගෙ නෑගෙන්නයි. අපොයි කල් වෑඩී.... එකයි වෙලාව. අනික මාලබේට. ලොකු ගමනක් ආයෙත් කොටුවෙ සිට. ඉතින් අමාරුවෙන් හිත හදාගත්තා බස් එකෙ එන්න. පානදුර.


අතුරු කතාවක් : අලව්වෙදි හෑප්පී තිබුනේ මම අද එන්න නියමිතවූ දුම්රිය. අපොයි.... ගොඩක් දුකයි ඒ විනාසය දෑකලා. මම බේරිලා වෙනකෙකු දිවි පිදුවාට ඉතින් කොහොමද සතුටුවෙන්නේ ?


කොහොමෙන් හරි දවල් එකට නුවරට සේන්දු වෙද්දි අතේ කරේ බෑග් තුනයි. මගෙ උසෙන් අඩක් උස බැක් පැක් එක , (නයා නෙමෙයි) , යන යන තැන ගෙනියන අර නයි මල්ල ,(මේක කොටන්නෙ ඒ නයි මල්ලෙ තිබ්බ පෙට්ටියට පින් සිද්ද වෙන්නනෙ), සහ සාම්ප්‍රදායික හෑන්ඩ් බෑග් එක.... ඉතින් පානදුර බස් එකට එබීගෙන යද්දි ත්‍රිවිල් මාමා පෙන්නුවා 'අන්න 17ක් යනවා' අපොයි මහපාර මෑද.. නෑව දියත් වෙලා.. ඒත් සෙනග නම් අඩුයි වගෙ. ආයෙ මොනව හිතුවද? ගත්තා බෑග් ටික. පෑන්නා... බස් එක ඉස්සරහට! ඩෑයිවර් මාමාට අත වෑනුවා. අතින් පයින් බෑග් වලින් මා එනතුරු නවත්වන්නෑයි ඉල්ලමින්. (බලන් ඉන්න අයට නම් මල විකාරයක් වගෙ පේන්න ඈති)


ඩෑයිවර් මාමා නෑවෑත්තුවා පාර මෑද. මාත් දොරෙන් අමාරුවෙන් බෑග් ඈතුලට ගන්න බෑරුව දොරේ හිරවෙලා දඟලද්දි කොලු ගෑටයෙක් බෑක් පෑක් එකේ සිරවූ මාව ගලවගන්න පිහිටට ආවා. ඉතින් ඉඳගෙන ඉන්න අයගෙ හෑප්පෙමින්, රෑවුම් බලමින් මම බසයෙ හිස් අසුන් සොයන්නට වුනා.. හපෝයි දෙවියනේ...... !!!! එක් හිස් අසුනකුදු නෑත. බසයම මා දෙස බලාගෙන. මා අසුලා කූට ලෙස නංවා ගත් කපටි පානදුර බසය ඉගිල්ලෙමින්.


දෑන් මොකෝ කරන්නෙ? බහින්නද ? ඉන්නද? හිත සෑලේ.... අපොයි... බසයේ අසුන් වෙත කොතරම් නෙත් යෑව්වත් හිස් අසුනක් නොවෙය් නෙත ගෑටුනෙ. ඒ අස්සෙ මම වගෙම තවත් කූට හිස් බවට අහු වෙච්චි ප්‍රාණියෙක් බසයට නෑග්ගෙ මගෙ ඉරණමම අත් කරගනිමින්. ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මගෙ බෑගය රාක්කයට දෑමුවේ ආයෙ නම් ලේසි ප්‍රොජෙක්ට් එකකින් එය හිරවූ තෑනින් එලියට අදින්නට බෑරි වෙන්ට. හරියට මට තරහට වගේ ! හපොයි... උස සපත්තු දෙක... නිකනුත් උසට පෙන මාව බස් එක මෑද්දෙ හිටවපු පොල් ගසක් වගේ. මොකද කරන්නෙ? ලෑජ්ජ නහරෙ කපල වගෙ ආයෙ ලොකු හා හූවක් කරගෙන බහින්නද? ඉන්නද? සෑලි සෑලී...


අන්න ! වෙලාව ! කකුල් දෙකට පණ තියේද බලන්න! පෑය 4ක් හිටගෙන යන්න ! නිකම්ම නෙමෙයි.. එල්ලිලා.... බස් පොල්ලෙ..!!! කොහොමද .. චෑලෙන්ජ් එක බාර ගන්නවද? නෑද්ද? දිලාගෙ සෙකන්ඩ් සෙල්ෆ් (second self) ඈඟිල්ල උරුක් කර කර දිලාට ඔච්චම් කරන්න ගත්තා. මට ගියෙ සුවල්ප කේන්තියක් හෙම නෙමෙයි.


බස් වල කොයිතරම් හිටගෙන ගියත් පෑය 4.5ක් හිටගෙන යන්න. නෑ මම යනවමයි ! යන එක යනවමයි ! හරි බරි ගෑහිලා සීට් එකකට හේත්තු වූ මට සන්ගීත පෙට්ටිය කනේ ගහගත්තෙ ඒ වෙනකොටත් කන් දෙකම පුරවමින් හිටිය බස් ගීත ටික (Buzz නෙමෙයි ඈ.... Bus) නෑසෙන්න... පොඩි ලී කොට දෙකක් උඩ හිටගත්තු එකෙ වාසිය පොල්ල අල්ලන්න ලේසිය. ඒත් කකුල් කෙඩෙත්තුව ඊට අමාරු වෙන්න ගත්තෙ කෑගලු හරියෙ. ඉතින් ආයෙ සල්ලි සල්ලි කියල බෑලුවෙ නෑ , පිරිසිදු කාපට් පොලවනෙ. ගෑලෙව්ව සෙරෙප්පු දෙකත්. ලෑප් ටොප් එක කරෙ තියාගෙන එක අඩි සීයක් පයින් නොයන මට බෑක් පෑක් එක වගෙ අකාරුණෛකව ලෑපීව නම් රාක්කෙ උඩට දාන්න බෑ.ජීවිතේ පලවෙනි වරට ආසාවෙන් සතෙන් සතේ මාස ගානක් එක් කරලා ගත්තු මගෙ වස්තුව ! ප්‍රාණය ! දෑවෑද්ද ! (හිකිස්) එයා කරෙ එල්ලන් මම හිත හදා ගත්තා. මේ මගෙ දරුව වගෙ එකානෙ. හි හි..


ඒත් මම කන කටුව , මේ බරෑති ලෑපත් එල්ලගෙන , කාරුණික දෑසින් බලන් උන්නු අන්කල් කෙනෙක් එයාගෙ ඔඩොක්කුවෙ හිස තියන් උන් පුතුව ඈහෑරවලා කරෙ නිදියන්න සලස්වලා මගෙ ලෑපීව ඉල්වා ගත්තා... අන්න මිනිස්සු !


පෙරලුන පිට හොඳයි කියන්නෙ නිකම්ද ? මම හිතට ගත්තා මහා ලොකුවට.. ආ ! මේ තියෙන්නෙ මගෙ 4 වෙනි රස්තියාදුව ! ලෝකෙ නෑති විකාර කල්පනා කරමින්, පසුබිමෙන් ඈහෙන ගීතයටත් ඈතෑම්විට නොකල්පනාවෙන් සවන් දෙමින්, වටපිට නරඹමින්, පොල්ලෙ එල්ලි බ්‍රේක් ගසන හෑම විටම හෑප්පෙමින් වෑටෙන්න යමින් පෑද්දෙමින් ආව කියමුකෝ....


හිතේ අමාරුව කාට කියම්ද? බස්(ඒ කිව්වෙ නම් ගූගල් බස්) සගයොන්ටවත්? අමාරුවෙන් අර ඈක්ස්ප්‍රස් සන්ගීත ෆෝන් එකෙන් පොඩි ඊමේලක් කෙටුවෙ කම්මෑලි කමෙ ඉන්ඩ බෑරුව ඈනුම් අරිමින් හිටි මට මොකක් හෝ මහන්සිය මග හරව ගන්න විනෝදයක් සපය ගන්න බලාපොරොත්තුවෙනුයි.


'කකුල් කෙඩෙත්තුව හෑදී අමාරුවෙන් හිටගෙන බස් එකේ එමි ' කියල ලිව්වා... අපේ සමහරු අහල එව්ව නෙව මගෙන් , ඈයි දිල් සීට් තියෙන්නෙ ඉඳගන්නකො කියලා...මන් ඉතින් කියන්නෙ නෑ. සීට් පෙනි පෙනී මම හිටගෙන යාවියෑ බොලේ... තව සගයෙක් කිව්ව අනේ මගෙ මාන්සිය නිවෙන්න සින්දුවක්. අනෙ මෙහෙට සෑපත් වුනාමත් දුම්‍ රිය අනතුරෙන් බය වී මා යහතින්දෑයි අසන්න එයා අමතා කලෙ නෑ... මගෙ සහෝ. ස්තූතියි. ඒ වගෙම හවස , රෑ හැම පැත්තෙන්ම මම යහතින් ආවාදැයි හොයා බැලූ යාලුවො හැමෝටමත් ඉස්තූතියි....


බෑලුම්හහරෙදි මට සීට් එකක් ලෑබුනා. ඒ වෙනකොට නම් උන්නෙ ඈඬිලා... හෑබෑයි ඔයාල දන්නවද? මට සීට් එක ලෑබුනම දෑනුනෙ දුකක් ! මගෙ චෑලෙන්ජ් එක මමම පෑරදුනානෙ. පෑය 4ක් හිටගෙන යාම. ඉතින් ඔහොමයි බස් රස්තියාදුව අනපේක්ෂිත කෙළවරක් දුටුවේ. එටහ් ඉතින් අද අලව්වෙ හෑපුන ට්‍රේන් එකෙ මාත් උන්න නම් හෙම මේ වෙද්දි කොල කෑලි වල කවි ලියාගෙන , රටේ හුලං තියන උස් තැන් හොයා ගෙන හෙට අනිද්දම මාව බලන්න ආයෙත් ට්‍රිප් එකක් ඕගනයිස් කරන්නත් වෙනවා...


රස්තියාදුවක්ද මේ? මට නම් ඔව්. මගෙ ලෝකෙ ඉන්න ගුරුවරියට , උඩරට කෙල්ලට, වගකීම් අරව මේවයින් බෑඳුනු දෝනියන්දෑට විරාමයක් දීල , පොඩි අහිසක නිදහසක් , අව්‍යාජ වල්මත් බවක් පොඩි කාලයකට නිදෑල්ලේ අත් විඳින්න , මට 'මම' වෙන්න නිදහස ලෑබෙන රස්තියාදුවක්.... අහා!!!


ගමන මාන්සියි ! ඈත්තෙන්ම... ඒත් රස්තියාදු රසය ... ආයෙමත් උපරිමයි !


පලි: දාන්න එක පින්තුරයක් නෑ... දුකේ බෑහෑ.... :) ඔන්න ලිව්ව හතර. ඊයෙ ගිය රස්තියාදුව ! (දෑන් රෑ එකහමාරයි) ..හෙට තමා පහ ! කවුරුත් දන්න පොත් රස්තියාදුව !!! අහා අහා අහා... මම වගෙ කෙනෙක් දෑක්කොත් දිල් අක්කද කියල අහලම යන්න හොඳේ... වෑරදුනාට ලෑජ්ජ වෙන්න එපා.. ඒත් වෑරදි අයගෙන් අහල ගුටි කෑවොත් මම නම් නෙමයි ඕන් :)

12 comments:

  1. කවදාවත් යන්න පටන්ගත්තු බස්එකකට ඒ බස්එක ගමන්ආරම්භ කරපු ටවුන්එකෙන් නගින්න එපා මිස්.. විශේෂයෙන්ම සතිඅන්තෙ හවස්වරුවල නුවර ටවුමෙන්.. කොළඹින් එද්දි නම් මේක වෙනස් වෙනවා බොහෝවිට. නමුත් නුවරින් ගමනාරම්භ කරන බස් බොහෝවිට ආසන සියල්ල පිරුනම තමයි යන්නෙ.. ඒකරලා ගමනාන්තයට හෝල්ට් 2ක් මෙහායින් බහින කෙනාගැන හිතලා/කියලා එයාගෙ සීට්එක වෙනකෙනෙක්ට දෙන්න තව 2-3 දෙනෙක් නංවාගන්නවා.. පුලුවන්නම් ආය පානදුර යද්දි ctb එකක නගින්න. බොහෝවිට කෑගල්ලෙදි සීට්එකක් ලැබෙනවා. අත්දුටුවයි. අනික කොන්දොස්තර කෑගල්ලෙ බහින කෙනෙකුට කියාවි මෙයාට සීට්එක දීලා බහින්න කියලා.. ප්‍රයිවට්වල කරන්නෙ එක සීට්එක දෙතුන්දෙනෙකුට පෙන්වනවා. වාඩිවෙලා හිටපුකෙනා බැහැලා ගියාම හොල්ට්2-3 යන කෙනෙක් එතැන වාඩි වෙනවා. දුර යන කෙනා හිටන් යනවා..

    තව ටිකවෙලාවක් ඉඳලා ඊළඟ බස්එකේ යන්න තිබනානෙ. මම නම් බොහෝවිට උස සීට් තියෙන බස්වල මැද සීට්එකක් හරි ජනේල්අයිනක් හරි අල්ලාගන්නවා. බස්එකේ මැද හරියෙ මිනිස්සු පොල්ල අල්ලන් යනකොටසේ ගියාම හිටන්ඉන්න අය ඉන්නෙ අපේ අඟේ.. 3නේ සීට්වල මැද සීට්එක තමයි යන්න හොඳම සීට්එක. ඒත් සීට් උස නැතිනම් ජනේලයක් අයිනෙ වෙන්නම ඕන. නැතිනම් නිදාගන්න බෑනෙ..

    සතිගානක් පානදුරෙ ඉන්න වගෙයි සූදානම...

    ReplyDelete
  2. හප්පොච්චියේ කාල තියන කට්ටක් කොළඹ එන්න.ඔය බස් වල යද්දී බැනුම් අහගෙන හරි හදිස්සියකට වාඩි වෙන්න තැනක් තියනවා.පිටිපස්සෙම සීට් එක.ඕකේ ඉන්න නෝනා මහත්තුරු කොහොමත් ඉඩ තියාගෙන වාඩි වෙලා ඉන්නේ.ඉතින් පොඩ්ඩක් කිව්වම තරහෙන් ඔරෝගෙන එහාට මෙහාට වෙලා අඩි බාගෙක විතර ඉඩක් හදලා දෙනවා.වාඩි උනායින් පස්සේ අපි දැනගන්න ඕනේ අර අඩි බාගේ අඩි එක හමාර කරගන්න.ඒකටත් එක්ක අපි ඔය සීට් එකේ ආවොත් ලොවෙත් නැති බර කරත්ත එන්නේ."ළමයෝ,පොඩ්ඩක් ඉඩ දෙන්න" කියල ඉඳගෙන අපිව නැගිටින මට්ටමට පත් කරනවා.හික් හික්.අයියෝ සංසාරේ.............

    අද පොත් ප්‍රදර්ශනේ බලන්න අපිත් එනවා..

    ReplyDelete
  3. Hapoi.... 17 bus gana nam mathak karanna epa. Mamath aurudu deka hamarak oya katta kawa. Hithanna kohomada ude pandara 4 idala 8 wenakan hitagena Panadura bus eke nuwara idala yanakota thiyena sapa?

    Anika oya wage newe, sanduda udeta. Aye agillak gahanna ida na. Hita gaththa vidihata thama bahinakan...

    Habai dannam bus ekak diha man ahak arala balanne na.. :D

    Train ekama thama...

    ReplyDelete
  4. අනේ දෙයියනේ කොළඹ එන්න කාපු කට්ටක්.. දුර ගමන් යද්දී මමනම් කවදාවත් ටවුන් එක මැදින් නගින්නෙම නෑ... ස්ටෑන්ඩ් එකටම යනවා... එහෙනම් පොත් රස්තියාදුවත් දාන්නකෝ....

    ReplyDelete
  5. මාත් හිටන් ඇවිත් තියේ පැය 3ක් ඉතර කොඹළ බසේක. එපා.......... වෙනවා...... මට කොහොමත් බස් ආ......ප්පිරියයි. කෝච්චි සෝ......යි.

    අක්ක දැන් පොත් තෝරනවා ඇති. අපිටත් ඇවිත් විස්තර කියන්ටකෝ.....

    ReplyDelete
  6. හපොයි හිටගෙන දුර ගමන් බස් වල.. ඇඩෙනවා... මමත් කාල තියෙනව ගාල්ල කොලඹ බස් වල ඕනි තරම් ඔය කට්ට... කටුබැද්දෙන් එහෙම සීට් අල්ලගන්න බෑනෙ කවදාවත් ලේසියකට...

    අනික සීට් පේලි ගහපු විදියට ඉඩකුත් නෑ හිටගෙන යන්න... අපොයි

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හම්මේ අක්කා පරිස්සමින් ආපු එක ගැන මුලින්ම සතුටුයි.අපි ගියානෙ අක්කා ඊයෙ.අපිට ඉතිං නිවාඩු නෑනෙ..:((

    ReplyDelete
  9. ඔන්න මම අක්කා කියලාම පටන් ගන්නවා.. මම එහෙම කථා කරන පලවෙනි පාරමද මන්දා.. කොහොමෙන් කොහොමහරි අක්කා මාරම වදයක් දිගෙන පොත් ප්‍රදර්ශනේ බලන්න ආවනේ..

    මගේ මතකේ නිවැරදිනම් දෙයක් අඩුයි.... ඔයාත් එක්ක ඔය ගමන යන යාලුවෙක් උන්නා නේද??? නම නම් මිටර් නැ අනේ ඔන්න වැරදිනම් මට සොරි හොදේ

    ReplyDelete
  10. මේක නම් මරු බස් ගමනක්. අක්කා දන්නවැයි මාත් පේරාදෙණියෙන් කොළඹ එන්න කියලා වැලිමඩ (79 ක) එල්ලුනා කොන්දාත් කිව්වා "සීට් තියෙනවා සීට් තියෙනවා !!!!" කියලා.

    ඉතින් මාත් ගොඩ උනා. සීට් නම් තිබ්බා. වාඩි වෙන්න තැනක් තමා තිබ්බේ නැත්තේ. හික්ස් :)

    ReplyDelete
  11. කෝ ඉතින් කියන්න දුන්නේ නෑනේ. මාත් ඔය නිසූපා අක්කලාගේ සෙට් එකත් එක්ක තමා ගියේ. අපරාදේ අක්කවත් හම්බ උනා නම්....

    ReplyDelete
  12. ඔන්න මට සමාවෙන්නම ඕනෙ ඉතින්... රොශාන්, නිසුපා, අවංක, මධුරංග, දේවා, පිස්සා,හාපෑටික්ස්, දිනේශ්, දක්ෂිණ , සිහින...
    මට මේකට උත්තර ලියන්න අමතක වෙලා... සොරි හොඳේ....
    මම වෙනුවෙන් සන්සාරේට ආව ඔයාල ඔක්කොටම ස්තූතියි...
    ජය!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->