කෑම රුචිය කොහෙන් ගියාද නැත. මොන්ගෝලියන් , අමෙරිකන්, තායි එකී මෙකී නොකී මේ බුෆේ ආහාර වේල කොච්චර නම් මිල ඇද්ද? අරවින්දගෙන් අසන්නට සාරාගෙ සිත නොනැමේ.. ඒ , අරවින්දත් එය නොදන්නා නිසාද? එසෙත් නැතිනම් , සාරාගෙන් මුවින් එය පිටවුවහොත් ඊලඟට එන අරවින්දගේ විධානය ඈට ඉවසිය නොහැකි නිසාද?
'නිකන් දුන්නු අස්සයාගෙ දත් ගනින්නෙ නැතුව බඩ පිරෙන්න කනව ඕයි!'
ඇ සිතෙන් පිලිතුර ලදින් , යලිත් සිය අහර පිඟාන වෙත නැඹුරු වූවාය. ඉදිරිපස ආසනයේ හැඳි ගෑරුප්පු හරඹය නැවතිනි. එහෙත් හිස එසවූයේ සාරා නොවේ. අනියත බියක් ඈ වටා වෙලාගත්තේ ඔහුගේ දෑස් සිය කෑම පිඟාන මත සැරිසරනු දුටු නිසාවෙනි.
'මොකක්ද සාරා.. නිකම් හම්බු වෙච්චි චාන්ස් එක. එක්ක ආවටත් පාඩුයිනේ. තව කන්න කොහොම හරි'
රැලේ යාමට සැරසෙන බළලකුගේ දැස් වලින් ඊලඟ මොහොතේ යලිත් සිය කෑම පිඟාන වෙත අරවින්ද යොමු වූයේ ඉච්ඡා භංග කෙටි හුස්මකුත් පිටකරමිනි.
සාරා යලිත් පසෙක තැබූ ආයුධ දෙක ශක්තිමත්ව දෑතෙහි රඳවා ගත්තාය.
සටනක් ! ඔව්..ජීවිතේම මහ හටනක්... කෑම පිඟානටද මේ ඔක්කොම හටන ?
~~~~
'ආව්..... සාරා.... ඉන්ෆාස්ට ෆ්‍රී ඩිනර් ටිකට්ස් දෙකක් හම්බු වෙලා.... ඌට එපාලු. වයිෆ්ට එන්නත් බැහැ කියනවලු. අපි දෙන්න යන්න කැමති නම් දෙන්නම්ලු. යමුද අනේ? ඉන්ටකොන්ටිනෙන්ටල් එකෙන් ඩිනර් ගන්න පුලුවන්යැ නැතිනම් අපිට ? යමු නේද?'
සාරාගේ සිතේ අද හවස මල් පිපුනේ එසේය.
ජීවිතය ගැන දහසක් සිහින සමග මේ වහල යටට ආ සාරා මේ වන විට සිටියේ දෙලොවක දෝලනය වෙමිනි. ඒ මන්ද?
'මට පිස්සුද? මම අච්චර හීන මැව්වෙ? මම මවපු හීන අතාත්විකද? බීච් එකට වෙලා ආදරවන්තයා එක්ක කඩල ගොට්ටක් කකා හඳ බල බල ඉන්න? බයික් එකක් රෙන්ට් කරලා කඳු මිටියාවත් දිගේ හස්බන්ඩා එක්ක ඉබාගාතේ යන්න?'
මේවා හිතෙන් මව මවා අවුරුදු 20ක් හිටිය මට පිස්සුද?
සාරා හැමදාමත් උදෙත් හවසත් මේ ප්‍රශ්නය ඇගෙන්ම ඇසුවාය.
නෑ. අරවින්දටයි පිස්සු. එයාටයි ඒ වගෙ ටේස්ට් එකක් නැත්තෙ. එයා තමයි මැසිමක් වෙලා ඉන්නෙ... මගෙ වරදක් නැහැ.
හිත කඩා වැටී, ජිවිතයේ වෙහෙසින් ඇඹරී මිරිකෙන විට ඈ දෝශාරෝපණය ඔහුට යොමු කලාය.එහෙත් ඇගේ සිත ඈට මේ දුන් වධයෙන් මිදෙන්නට එහි පිලිතුරක් විසඳුමක් සැඟව තිබුනේ නැත.
'අනේ සාරා මේ. මිනිස්සු කසාද බඳින්නෙ හඳ බලන්නයි , තරු ගනින්නයි, විකාර කරන්නයි නෙවෙයි. ජීවත් වෙන්න. කොටින්ම නීත්‍යානුකූලව එකට ඉන්න. ලමයි හදන්න.මොනවද ඔයා පොඩි ලමෙක් වගෙනෙ හිතන්නෙ..ඔහොම නම් බෑ ලමයො'
සිය බොලඳ ඉල්ලීමක් හමුවේ අරවින්දගේ මුවින් ගිලිහෙන එබඳු වදන් ඈ මේ කාලය තුල ඇසුවේ වරක් දෙවරක් නොවේ.
ඔව්... අරවින්ද හරි. මේවා ඔක්කොම මේ මගෙ මනස්ගාත....
ඒ මොහොතෙහි අරවින්ද ඇගේ පරිණත උපදේකයා හෙවත් කැපකරු පියා වී ඒ හදවතෙහි හරිබරි ගැසෙන්නට සැරසුනා පමණි!
මොන පිස්සුද. යාලු උනාම එහෙම උනෙ නෑනෙ. ඒ කාලෙ මටත් වඩා බොලඳ වැඩ කලේ එයානෙ....
කවදත් හිතුවක්කාර සාරා එසේ කියද්දී, නැවතත් අර කැපකරු පියා අඩියකුත් හප්පා සාරාගේ හදවතින් නික්මී යන්නේ දඩාං ගා කුල දොරත් වසමිනි.
සාරා මේ දෙලොව අතර එහෙටත් මෙහෙටත් වැනුනාය.
'මටයි පිස්සු. මගෙයි මොලේ හොඳ නැත්තෙ. පොඩි කාලෙ හිට එක එක සෙන්ටිමෙන්ටල් බොලඳ ලව් දැකලා, මල් කතා කියවලා මගේ මොලේ කුරුවල් වෙලා.එයා හරි'
සාරා ඈ දෙසම රවා බැලුවාය !
'ඇයි මම එහෙම හිතන්නෙ. මට කියල ජීවිතයක් නැද්ද? ආත්මයක් නැද්ද? මම ආදරෙ විඳින්න ආස විදියක් නැද්ද? මම හීන මැවු ආදරයක් නැද්ද? මම මැශිමක්ද? මම එහෙම වෙන්න මම කළ වරද මොකක්ද?
සාරාගේ දෙවන සාරා නැවතත් ඇගේ කරවට අතක් දමා ලකුණු පතෙහි සාරා ඉදිරියේ එකේ අකුරක් අඳින්නීය....
සාරා හිතට විරුදු නමුත් ජීවිතය නමැති පන් ගසෙහි එල්ලී සිටිය යුතු නිසාවෙන් තීරණයකට එලැඹුනාය.
විසල් රුක හැරදා පන් ගසෙහි එල්ලුනෙමි. ගිලී මිය නොයා මා මා ජීවන ගමන යායුතුය.හැරීමක් නැත.
සාරා ගේ වැඩිමල් සාරා, සාරවත් අවසානයකින් චින්තාවලිය අවසන් කලාය.
ඉන්ටකොන්ටිනෙන්ටල් එකේ හදිසි නොමිලේ බුෆේ එකේ වාසනාව හිමි වූ අරවින්දගේ ඇමතුමෙන්, එදා දවල් සාරා සිතු දේ, ආයෙමත් ඇට්ටර සාරා එලියට ඇද දැම්මේය..
ඉපිලී යන ආශාවෙන් සාරා මුසපත් වූයේ තරු පහේ හෝටලයේ රසමසවුලු වෙනුවෙන් නොවේ... මේ උඩ පන්නිනේ, ඇඳුම් අල්මාරියම එහෙ මෙහෙ විසි කරමින් සුලඟේ නොයන ඇඳුම් සොයන්නේ , සාරා නොවේ.. සාරාගේ දොලොස් හැවිරිදි පුංචි සාරායි...
ආඅව්ව්ව්ව්ව්ව්ව්ව්ව්...මුහුදු හුලං... අදනම් අරවින්දව බලෙන් හරි බංකුවක ඉන්දවගෙන එයාගෙ ඔඩොක්කුවේ ඔලුව තියන් තරු බලනව එලි වෙනකල්. ඩිනර් එක ඉක්මනට ගිලල එන්න ඕනෙ එලියට.
කුලගෙයට ආදා පටන් නොලද ඒ හීනය අස්සේ පිනුම් ගසමින් හිටි සාරාට අරවින්දගේ අඩි හඬ පවා ඇසුනේ නැත.,
සාරා....සාරා.... ලැස්ති වෙන්න...
මේ මොකෝ?? පැනල යන්නද?
අරවින්ද මහ හඬින් සිනාවෙමින් පිස්සන් කොටුවක් වි තිබූ ඇඳුම් ගොන්න දෝතට ඔසවා ගත්තේය.
සාරා ප්‍රීතියෙන් ඉපිලී යමින්... එක් කල්පනාවකින් ආයිමත් දුකින් බර වූවාය.....
'අනේ ඒ ඇඳුම් ගොඩ මම නම්'
ඒත් ඒ දුක එක මොහොතකි.
ආයෙමත් මුහුදු වෙරළ. හුලඟ... ජීවිතය.... ආව්ව්ව්ව්ව්ව්ව්.....
සාරා....කොහොමද අපි යන්නෙ?
කොල්ලුපිටියට බස් එකෙ ගිහින් ඉතුරු ටික අත් අල්ලන් පයින් යමු...
සාරා උඩ පනිමින් කීවාය... සතුට උත්පාදනය කරන කම්හලක බෙල්ට් එකක් දිගේ එන පළමු සතුට පැකට් එක දෝතට ගන්නට නොයිවසිල්ලේ බලාසිටින සාරා....!
අපි කැබ් එකක් ගමු නේද.... ෆයිව්ස්ටා එකකට කොහොමද බස් එකෙ යන්නෙ.... මන් කෝල් කරන්නම්....
අරවින්ද දුරකතනය සාක්කුවෙන් ගෙන අංක කරකවමින් නිරුත්තර සාරා ඇඳුම් ගොඩත් සමග තනිකොට පිටව ගියේය. එහෙත් මුහුදු වෙරළේ ආස්වාදයෙන් ලය පුම්බාගත් හුස්ම වියැකී යා නොදී, කලු තුන්කාලේ කලිසමත් සිය හැඩ මැවෙන, නිල් පැහැ උඩ ඇඳුමත් හරවමින් බලමින් සිටි නිසා සාරාට ආයිත් ඇගේ ලෝකයට පියඹන්නට හැකි විය...
'කාලෙකින් එහෙනම් බඩ පැලෙන්න කත හැකි...නේද සාරා?'
අරවින්ද කාමරයට ආවේ ඇගේ දෑතේ හිරවූ ඇඳුම දෙස නෙත් රඳවමිනි.
'අපෝ... පොඩි එකෙක් වගේ.... ඕක නම් එපා... මොකක්ද සාරා.. පොලට යන්න වගෙ පුලුවන්ද එතෙන්ට යන්න. ඉන්ෆාස්ගෙ තත්වෙටත් හොඳ නැනෙ. අර ගවුම අඳින්න. කලු එක..හරිද? නැතිනම් මිනිස්සු හිතයි තාත්තයි දුවයි කියල ..හහ් හහ් හා.. '
සාරා... සාරා...! සාරා...
කුහකයා !
සාරා කිව්වේ ඈටය ! කුඩා සාරාටය!
පොඩි එකෙක් වගෙ පේන්න ඇන්දම... අරවින්ද පව්...
දිගු හුස්මත් සමග සාරා දොලොස් වියෙන් යලිත් එකුන් විසි වියේ බිරිඳ වූවාය.
කලු ගවුමට පමණක් නොව, කොයි ඇඳුමටත් හැඩ , සාරා දෙස බලමින් ආ අරවින්ද සිය කීකරු බිරිඳගේ වත නරඹමින්, සිනහසුනේය. එකෙනෙහි මැකී යන අරවින්දගේ සිනහවේ පිටුපස ඇති නොපහන් බව, සාරාගේ තියුණු දෑස් පසක් කරමින්, යමක් ශ්‍රවණය කලේ තැති ගැන්මෙනි....
'හ්ම්ම්ම්... ලස්සන නම් තියනව ඉතින්....'
යලිත් මුවට සිනහව නගා ගනිමින් අරවින්ද සාරාගේ නිකට සොලවා ඇඳුම් හැඳ ම්දුලට බැස්සේය...
~`~
වීදුරුවට නාසය තබාගෙන, රෑ සීත මැද්දෙන්, සාරා කැබ් රථයේ හිඳ තරුපහේ ආහරය වෙනුවෙන් හිත හදාගත්තාය.
'අරවින්ද ඉන්නෙ මේ මහපොලවෙ, මම ඉන්නෙ අඟල් ගානක් උඩ... මට පිස්සු'
සාරා යලිත් සිත දිරිමත් කරගත්තාය.
'ආදරේ කියන්නෙ එකට ඉන්න එක, ඔය හීන දැන්වත් අයින් කරපන්. '
සාරාගේ වැඩිමහල් සාරා ඈ අසලින්ම වාඩි ගෙන හෙමින් මිමිණුවාය. ඈ එකුන් විසි සාරා හරිද වැරදිදැයි පහදා දෙන්නට සාරාගේ උදව්වට නාවාය. ආ කිසිවෙකුත් නැත.
කැබ් රථය හෝටලයේ දොරකොඩ නැවතිනි... මුහුදු හුලඟින් ගසාගෙන යන ගවුම් වාටිය එක් අතකින් අල්වා සාරා, මුහුදු හුලඟින් මිදී හෝටල් ද්වාරය වෙත අරවින්දගේ අත ගෙන ගියාය.
~`~
අරවින්ද සහ සාරා මේසය දෙපැත්තේ හිඳ සිටිනු දොලොස් හැවිරිදි සාරා දුටුවේ නෙතගිනි. කුඩා ඈ ඒ වනවිටත් වීදුරුවෙන් එහා නාන තටාක මණ්ඩපයේ පඩියක හිඳ රූන් පෙත්තක් කරකවමින් මුහුද දෙස බලා ගීයක් මුමුනමින් සිටියාය.
නිනව් නැතිව වටපිට බලන අරවින්ද , කකුල් සොලවමින් නාන තටාකයේ මේ සීතලේ දිය නාන විදේශිකයන් දෙස උපහාසාත්මකව බලා හිඳියි. සාරාත් අරවින්දත් ආසන දරා සිටි හතරැස් මේසයේ හිඩැස මැද්දෙන් වේටරයෙක් පැමිණ විශාල ඉටිපන්දමක් දල්වා ගියේ , මේ තරම් ලන්තැරුම් දැල්වෙන තරුපහේ හෝටලය විදුලි අර්බුධයකට ලක්ව ඇතුවාක් මෙනි.. !
උන්නු හැටියට මලා මදැයි ! සාරා සිනහසුනේ නාන තටාකය අසල හිඳ සිටින දොලොස් හැවිරිදි සාරා සමගය.
'කනව හලෝ.... මොනාද අයිසෙ. නිකම් දෙන තරුපහ , කන්න පින නෑ... '
තෙවන වරටත් බෙදාගෙන ආ මොන්ගෝලියන් වට්ටෝරුව උදෙසා යලිත් පිරිසිදු හැඳි ගැරුප්පු ඇණවුම් කරමින් අරවින්ද සිනාවෙයි... සාරාද සිනහසුනාය.
'මරු නේද කෑම ටික'
අරවින්ද හෝටලය වර්ණනා කරයි...
'ඔව්'
ඔහු නිවැරදිය. කෑම ! සාරා අරවින්දගේ කෑම පිඟාන හිස්ව ඇති හෙයින් නැගිටින්නට මාන බැලුවාය...
දැන් වත්... ඇවිදින්න... අඩුගානෙ.. එලිපහලියෙ..
ඔහු ගියේ අතුරුපස වෙතය. සාරාද ඒ පිටුපස ගෑටුවාය. සාරා, අතුරුපස බත් වගේ කන, ටිකක් පිස්සු ගෑනු ලමෙක් බව දන්නා අරවින්ද අතුරුපස පිඟන් දෙකක් හිස් කරන සාරා දෙස තෘප්තිමත් බෑල්මක් හෙලුවේය.
'අපෝ ඇති යන්තන්.. එහෙමවත් කෑවා'
අරවින්දගේ හිත සැහැල්ලු වූ බව දුටු සාරා අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට වචනය ඉස්සර කලාය.
'අරවින්ද.. අනේ අපි බීච් යමු....'
ඈ සුපුරුදු සුරතලයෙන් කීවේ අරවින්දගේ හිත දිනා ගන්නා අටියෙනි...
'පිස්සුද බබා, මේ රෑ..හීතලෙ. අනික මට ඇවිදින්න බෑ දැන්. බඩ කලයක් වගෙ වෙලා. දැන් යමු'
සාරාට කවදත් අප්‍රිය දත්කූරක් හපමින් සාක්කුවෙන් පිටතට ගත් දුරකතනයෙන් කැබ් රථයේ අංකය කරකවමින් අරවින්ද නැගී සිටියේය.
සාරා,,, සාරා... සාරා...
ඈ මොහොතක් බිම බලා හුන්නාය. හුස්ම එකක් දෙකක් ඉතාම සෙමෙන් වැටෙන්නට ඇත. ටකරං වහලයකින් බේරී එන හිරු පදාසයක් රැඳි, දීප්තිමත් විසල් වම් ඇසට, වෙනදාට වඩා වේගයෙන් කඳුලක් උනා එන්නේද?
නාන තටාකය අසල හිඳ කකුල් පද්දමින් මුහුදු හුලඟ විඳි දොලොස් හැවිරිදි සාරාට ඈ හිසින් සන් කලාය. අරවින්දගේ පරිණත බර අඩි මත්තේ , සාරා එක එක පියවර තැබුවාය.
වෙනදා මෙන්, තමා අසලට දිව එනු වෙනුවට , තටාකාංගනය , උයන හා මුහුදු තීරය දිගේ දුව ආ කුඩා සාරා, ස්වයංක්‍රීයව ඇරෙන විසල් වීදුරු දොර අබිමුව ඈ වෙනුවෙන් බලා සිටියාය.
~`~
මටත් මෙහෙම වේවිද මන්දා.අපි කොච්චර ලොකු උනත් කසාද බෑන්දත් ආදරේ කරපු කාලෙ හිටපු විදියට ඉන්න උත්සාහ කරනවා.පිරිමි ලමයි,අපි එහෙම බොලද වෙනවට අකමෑතිද කොහෙද.
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්......ඕක ඉතින් අමිහිරි යථාර්ථයක් නේද....හැබැයි මිනිස්සු වෙනස් වෙන එක වලක් වන්න බෑ....නමුත් ඒ වෙනස එකපාරටම නෑඹිලිය අනිත පැත්ත ගැහුව වාගෙ ඇතිවෙන්නෙත් නෑ...එහම කියනව නම් අනිත් පාර්ශවය ඉඳල තියෙන්නෙ නිදිය ගෙන.....අපි හැමෝම නොද්දන්න අනාග්තය ගැන හීන දැක දැක වර්තමානය කාබසිනිය කරනව...අන්තිමට දෙකම හුළං....හී හී...මාත් එහමම තම...ආයෙ දෙකක් නෑ...හී හී....:P
ReplyDeleteඅනේ මන්දා.. මගෙත් තියනවා ඔය වගේ හීන.. බලමු හිමිකාරයාත් ඒවගේ එයිද කියලා.... :)නියමයි අක්කියෝ ලස්සනයි කතාව :)
ReplyDeleteමෙදා ඔබ මට සැබෑ සඳමය
ReplyDeleteවිදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ.....
දිල් අක්කා....සුපර්.....
ReplyDeleteමම ආසත් නෑ අරහෙම ලොකු ලොකු හෝටලේක ඉදන් කන්න.
ReplyDeleteමාත් ආස කරන්නේ අර විදිහට මූදු වෙරලක වගේ ගිහින් කෑම කන්න.
ම්ම්ම්ම්... මේ සාරා දිල් අක්කමද කියලත් හිතෙනව කියවල ඉවර වෙද්දි..
ReplyDeleteකතාවකට එහා ගිය සොඳුරු නිර්මාණයක්. හිතක් අතුලෙ සිතුවිලි තරඟ කරන හැටි. එකම වහල යට එකිනෙකට වෙනස් සිතුම් පැතුම්, ජීවිතේ නියම හැඩරුව හොඳින්ම කියාදෙන පාඩමක් වගේ හරියට.
ReplyDeleteහිම හංසි..
ReplyDeleteඅනේ මන්දා නගා. මට මේ කතාවේ ලියන්න ඕනෙ වුනේත් ඒකමයි. ඇත්තටම මම කැමතිටි අපෙ පිරිමි ඇයෝ ඇවිත් ඒ සිදුවීමේ ඒ ගොල්ලන්ට පේන අපිට නොපේන පැති පෙන්වනවනම් :)
හේමලයා
හෙ හෙ.. කියල වැඩක් නෑ සහෝ.. වර්තමානයේ සරලව ජීවත් වෙන එක උනත් සහෝ.. මේකෙ අරුමෙ කියන්නෙ සාරා වගෙම අරවින්දත් ජීවත් වෙන්නෙ වර්තමානෙ. සාරාත් එයාට අනුව වර්තමානයෙ. අරවින්දත් එයාට අනුව වර්තමානයෙ. අන්න ඒකයි මට විශෙශෙන්ම පෙන්වන්න ඕනෙ වුනේ. සාරාවත් අරවිදවත් වැරදි නෑ.දෙන්නාම සාධාරණයි. මේ තත්වය ගැන හොඳ සහ අසුබ කෝණ දෙකම දෝලනය කරවන්නයි මට උවමනා වුනේ. සාරා සාධාරන කාන්තා රත්නයක් කියන්නවත් අරවින්ද මූඩ නරක පිර්මියෙක් කියන්නවත් නෙවි. දෙන්නාම මිනිස් සත්තු. ඒත් රුචි අරුචිකම් සමව නොයන.
හසී
හෙ හෙ. එහෙනම් නගෝ මේ හීන දිහා සමබරව බලන එකම ගොඩක් හොඳ දෙයක් නගෝ... :) මොකද මේ හීන එක්කදෝලනය වෙන ජීවිත තමයි අපි අවට තියෙන්නෙ. හීනෙම ගිලෙන එකත් අනේ මන්දා... හීනේ ගිව් අප් කරන එකත් අනේ මන්දා :)
දෙන්නම පවු
ReplyDeleteලොකු ලොකු හෝටල් නැතුවට පොඩි කඩේකින් කෑම එකක් අරන් කාලා ඔය බංකුවක් උඩට වෙලා බඩ ඉරිඟුවක් එහෙම හපලා ඉන්න තියෙන සැහැල්ලු ජීවිතේ නැතිවෙයිද මන්දා.. මෙවුවා කියවද්දි නිකම් අප්සට් වගේ.... :(
ReplyDeleteලොකු ලොකු හෝටල් නැතුවට පොඩි කඩේකින් කෑම එකක් අරන් කාලා ඔය බංකුවක් උඩට වෙලා බඩ ඉරිඟුවක් එහෙම හපලා ඉන්න තියෙන සැහැල්ලු ජීවිතේ නැතිවෙයිද මන්දා.. මෙවුවා කියවද්දි නිකම් අප්සට් වගේ.... :(
ReplyDeleteතිස්සයියා...
ReplyDeleteඅයියේ, ඔයා මේ ගී කොටස දානකල් මම මේ ගීයෙ තේරුම හිතල තිබ්බෙ නෑනෙ. ස්තූතියි...
අනික....
:) අනේ ඉතින්.. අනේ මන්දා :) හෙ හෙ.
මකුලුවෝ... ස්තූතියි ගොඩාක්...
මධුරංග
:) ශා ශා එහෙනම් යාලුවෙන කෙල්ල වාසනාවන්තයි (හැබැයි ඒ එයා මූදු වෙරලෙ කන්න ආස නම් )
මල් සුවඳක්
ඕන් ඕන් ඉතින්.. හඳ පෙන්නුවෙ...ඕන් ඉතින් ඇඟිල්ලෙ කියුටෙක්ස් හොයනව :)
රවිනුමල්
ගොඩක් ස්තූතියි.. එහෙනම් ඒ කියන්නෙ ඔබ එය 'දුටුවා'.. බොහෝ ස්තූතියි
මකරෝ... පව් නේන්නම් අප්පා... :)
ReplyDeleteකෝච්චි මලේ...
හෙ හෙ. බය වෙන්නෙපා.. ඔයාට එහෙම වෙන්නෙ නෑ.. මම දන්නවනේ. 'බඩ ඉරිඟු' ගැන ඉතින් :)
හීන ලොකෙයි හැබෑ ලෝකෙයි ලංකොරන්න අමාරු නෑ බන් . . අත්දැකීමෙන් කියන්නේ . . .
ReplyDeleteමාත් සරා වගේ හිතන කෙනෙක් ..
අපේ උන්දැත් හිතන්නේ ඒ වගේ උනාට ඒ විදිහට කොරන්න බයේ උන්නේ දකින උන් පික්සු කියලා හිතයි කියලා . .
දකින උන්ට බම්බු ගහගන්න අපි අපිට ඕන විදිහට ඉමු කියලා එයාව සරා කෙනෙක් කොරන්න මට පොඩි කාලයක් ගියා තමා . .
ඒකයි මම කිව්වේ උත්සාහ කලොත් කොරන්න බැරි දෙයක් නෑ කියලා . . .
වෙලාවට මේ කතාව කියෙවුවේ .
ReplyDeleteඑහෙනම් කෙල්ලෝ කැමති මේවගේ දේවල් වලටද ? ඒක දැන ගත්ත එක හොඳයි .
තරු 5 හෝටල වලින් කන්නවත් හැඳි ගෑරුප්පුවක් අල්ලලාවත් නැති මමයි එයයි ..හන්දියේ ප්ලේන්ටි කඩෙන් තමා රොටියක් කාලා මදහසක් පාලා යන්ඩ යන්නේ
හිතේ තියෙන දේවල් පිටත ලෝකයේ සිද්ධවෙන දේවල් එක්ක කලවම් කරල කියවන කෙනාගෙ මනසට ඔබ්බවන විදිහ අපූරුයි....
ReplyDeleteඅහසට පොලොව වගේ නොගැලපෙන සිතුම් පැතුම් එක්ක එකට ජීවත්වෙන ඔය වගේ අය ලෝකෙ කොයිතරම් ඉන්නව ඇද්ද.....
ලස්සනම නිර්මාණයක්
ලස්සනයි. මකර කිව්වා වගේ දෙන්නම පව්. දෙන්න ලෝක දෙකක.
ReplyDeleteම්ම්ම්ම්ම්.... කතාව ලස්සන උනාට , යටින් පොඩි දුකකුත් දැනුන.
ReplyDeleteමම හිතන විදිහට සහී මේ ඔයාම ඔයා ගැන ලියලද කියලත්.. හිකිස්. කොහොමින් කොහොම හරි හරිම ලස්සන කතාවක් මම මුල ඉදල අවසන් වෙනකම්ම කියෙව්වා.
ReplyDeleteඅපි කොච්චර ලොකු උනත් අපේ හිත ඇතුලෙ ජීවත් වෙන පොඩි එකා එක මොහොතක ඉස්මතු වෙනවා.
ReplyDeleteකියෙව්වා... දෙපාරක්ම.
ReplyDeleteතරු හෝටල් වල ගෑරුප්පු හැඳි එක්ක යුද්ද කරනවට වඩා මම සිරාවටම ආසයි හොඳ කරවල හොද්දකුයි පොල් සම්බෝලෙකුයි එක්ක බත් ටිකක් කන්න...
දිල් කියෙව්වද මන්ද මම ලිව්ව " තනිකම පොරක් " පෝස්ට් එක... ඒ සරල මම...
ඒත් මිනිස්සු හැමෝම එහෙම නෑ.. එහම උනත් ලෝකට බයේ ඒක පෙන්නන් නෑ..
මම කැමතියි මේ ලිපියට... සිරාවටම.
ලොකු ලොකු දේවල් වලට වඩා පුංච් දේවල් වල හරි අපූරු මිහිරියාවක් තියෙනවා.. විදගෙන ගොඩක් කල් මතක තියාගන්න පුළුවන් විදිහේ..
ReplyDeleteThere’s no such thing as a perfect marriage, only perfect moments.
ReplyDeleteකියලා කියනවාලුනේ... මේවගේ ගැටලු හදාගන්න අමාරු නැහැ... කතානොකර හිතේ තියාගෙන සාරා වගේ දුක් වින්දොත් සදා දුකේ...
හිත පිරෙන්න කියවපු කතාවක්... උපමා රූපකද මොනවද අන්න ඒවා තියෙනවා නිකන් විස්කි වගේ... :)
දුකා අයියා..
ReplyDeleteඒක නම් ඇත්ත.... ඒත් හදන්න අමාරුම වර්ගෙ අයත් ඇතිද? අනේ මන්දා.. මට නොතේරේ.. හෙ හෙ...
සඳරුවා..
හෙ හෙ.. නැ කොල්ලෝ.. තරුපහම නෙවි. ජීවත් වෙන දෘශ්ටිය එක එක්කෙනාගෙ වෙනස් වුනාම කවුරු හරි විඳවනවාම් ඒවා කාලයත් එක්ක සමථයකට පත් නොවුනොත්...
ඩෙසට්ෆ්‍රොග්
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඇගයුවාට. ඇත්තෙන්ම මට මේ සාරාගෙ පැත්තවත් අරවින්දගෙ පැත්තවත් නොගෙන මැදිහත්ව සාරා දෝලනය වෙන චින්තාවලිය තමයි පෙන්වන්න ඕනෙ වුනේ...
ස්තූතියි
තීර්ථ යාත්‍රිකයා
ඔව්..... ලෝක දෙකක තමයි හැමෝම ලන් වෙද්දි ඉන්නෙ. මේ ලෝක දෙක හැමදාම ලෝක දෙකකමයි තියෙන්නෙත් . මෙතන ප්‍රශ්නෙ ලෝක දෙක යාකරන පාලම බොහෝම හීනි එකක්. සමහර විට නාමික විවාහ සම්බන්ධයක් පමණක්මත් වෙන්න පුලුවන්...
දූපත් වැසියා
හ්ම්ම්ම් :)
සිහිනයක මියැදුනු
ReplyDeleteඅන්න අන්න... නගා , හොය හොය යන්න එපා මේ කතාව කාගෙ කතාවද කියල. ඒ වෙනුවට ඔයාට පුලුවනි නම් කතාවෙ අදහස් කල සාරය උරා ගන්න
කතාවක් කියන්නේ 'මම'ද නොවේ ..'මා නොවන්නේද නොවේ'.. මේ කතාවල අඩු වැඩිවශයෙන් ඔබත් මමත් අනෙකුත් මිනිසුනුත් ජිවත් වෙනවා ....
පිණි නගා
ඔව් නගෝ... ඒක හරි....
පිස්සා
හෙ හෙ. කියල වැඩක් නැ මල්ලි.... ඒ පෝස්ට් එක මම දුටුවෙ නැ මල්ලි. හොයාගෙන බලන්නම්කෝ... :)
ස්තූතියි අගය කලාට
දිනේශ්
ඒක නම් හරියටම ඇත්ත... සහතිකෙන්ම ඇත්ත.... ස්තූතියි
බීටලේ
යූ ආ වෙරි කරෙක්ට්... කතා නොකරන චරිත වලට දුක් විඳින්න වෙනවා නිස්කාරනෙත්... නේද....
ස්තූතියි බීටල්... විස්කි වගෙ උපමා අත්හදාබැලීමුත් ඒ කියන්නෙ නරක නැ නේ?? විස්කිද උපමාද?? හිකිස් :)
"සාරා හිතට විරුදු නමුත් ජීවිතය නමැති පන් ගසෙහි එල්ලී සිටිය යුතු නිසාවෙන් තීරණයකට එලැඹුනාය" සම්පූර්ණ ඇත්ත... හිත කියන දේ කරන්න ගියොත් පන් ගහ අතෑරෙනවා.. එතකොට ගහගෙන යනවා.. ඉබාගාතේ.. ඒකට මූණ දෙන්න ශක්තිය නැත්නම් හිත පැත්තකට දමලා පන් ගහේ එල්ලීගෙනම ඉන්න ඕනි..
ReplyDeleteලස්සන ලියමනක් .. :)
කොමෙන්ටු නොදැම්මත් මමත් හැමදාම මේ පැත්තේ එනවා :)
ඇත්තමයි....ලස්සනයි...මට කථාව කියවද්දි හිතුණා මමත් අරවින්ද වගේදත් කියලා..අනේ මන්දා...{ලස්සන කථාව අක්කේ...}
ReplyDeleteජීවිතේ සරලත්වයේ තියෙන සැහැල්ලු බව අපේ හිතට දැනෙන සැහැල්ලු බව සමාජයේ ගෙවෙන තත්පර කටු අස්සෙ හිරවුණාට පස්සෙ.. අපේ ජීවිත වල ඉස්සර තිබුණ වටිනා කම්.. සැහැල්ලු බව හොයාගන්න ආයෙ දරන්න වෙන්නෙ පුදුම අමාරුවක්...
ReplyDeleteමම නම් කැමතියි සාරා ස්වයංක්‍රීයව ඇරෙන විසල් වීදුරු දොර ඇරගෙන එළියට දිව්වනම්... නැතිනම් ඉතින් "ගලායන ජීවිතය ගලාගෙන ගියාදෙන්" කියන්න තමයි ඉතිරි වෙන්නෙ..
වර්තමාණයේ සුලබව දකින.. දුර්ලබව කතාවෙන,තේරුම් ගන්න උත්සහ ගන්න අගේ ඇති කතාවක් අක්කියෝ... :)
ජය...!!!!
වාසනා., ඩිලාන්, නිති ..... ස්තූතියි....... :)
ReplyDelete:) ජීවිතේ ගෑන එක් එක පෑතිකඩ පාදන්න මම කරන උත්සහය අගය කලාට ඔබ හෑමට ස්තූතියි :)
ලස්සන කතාවක් අක්කේ.. මම අදයි මේ පැත්තට ආවේ.. දිගටම එන්නම්ම්..
ReplyDeleteදිල්, ස්තූතියි! පෝස්ට් එකට. හරිම ලස්සනයි කථාව. මෙහෙම හුරතල් වෙන්න කොච්චර වයසට ගියත් ගැහැනු අය හරිම කැමතියි කියල දන්නෙ පිරිමි කීදෙනාද? දැනට අවුරුදු කීපයකට කලින් චීන කාන්තාවක් (Motivational Trainer) මෙහෙ ආවා අපිට වැඩසටහනක් කරන්න. එතුමිය මට හොඳ අවවාදයක් දුන්නා. හැමදාම තේ කෝප්පය මහත්තයාට හදලා මේසෙ උඩ තියෙන පුරුද්දක් මට තිබුනා. එයා දතකට සෝදගෙන ආවහම මම තේ එක දෙනවා ලඟට. ඈ මට කීවා හැමදාම තේ එක එයාට ආදරෙන් පොවලා හාද්දක් දෙන්න කියලා. ඒක කියපු වෙලාවෙ මම හිතුවේ මට උදේට තියෙන රාජකාරිත් එක්ක මේ වැඩේ හරිම අමාරුවෙයි කියලා. ඒ උනාට මම එදා ඉඳල ඒ දේ කරන්න ගත්තා. කියන්නත් පුදුමයි මට ලැබෙන සැලකිලි හැම දෙයක්ම වැඩි උනා. ආදරයත් වැඩි උනා. අපි අතරේ ආදරේ කරන කාලෙ වගේ බැඳීමක් ආවා. ඒ දෙයින් මම තේරුම් ගත්තා එයාලත් සමහර දේවල් වලට කැමතියි කියලා. ඒ නිසා පුංචි පුංචි දේවල් වලින් අපිට ජිවිතේ හදා ගන්න පුලුවන් නංගී. ජයම වේවා!
ReplyDeleteවර්ණා.. ආදරයෙන් සන්සාරේට පිලිගන්නවා.. ආයෙත් එන්න නගේ... :)
ReplyDeleteචන්දි අක්කා..
ReplyDeleteඔයා නම් හරියටම හරි......
මේ ලිව්ව පණිවිඩේ ඔයාගෙන් මම ඉල්ලනවා පෝස්ට් එකක් හෑටියටම ලියන්නය කියලා.... ලියලා මෙතෙන ලින්කෙත් දාන්න ..... සතුටුයි...