Tuesday, October 04, 2011

[206] ජීවිතේ මල් වෑර්ලස් එකේ කතා කලාලු !

එදා පැහැබර දවසක්. නිතරම මට ඉර නැගෙද්දි ඇහැ ඇරුනම මතක් වෙනවා , හනේ තවම පාන්දර නේද? තව කොච්චර නම් වෙලාවක් තියනවාද 'දවස උදා වෙන්න' කියලා. ඒත් එදා මට සිද්ද උනා පාන්දර අටට ඇහැරෙන්න. ඇයි මාමෙක් ලැහැත්ති උනානේ මගෙන් උදේ පාන්දරම ප්‍රස්න ගොඩක් අහන්න. කවුද ඉතින් අර කොපි පූශා (Copy Cat) , වැප්නිසාන්ත වැඩසටහන් මෙහෙයුම් කරුවා.


ටික දොහකට කලියෙන් මේ ගොල්ලො ඔන්න මගෙන් අහනවා දවසක් ස්කයිප් එකෙ 'කතාබස් වැඩ සටහන ගැන මොකද සිතන්නේ?' කියලා..අහින්සක ලීලාවෙන්. මන් නොදන්න අහින්සක. අහින්සකලා අන්ගුලිමාලලාගේ කාගෙ කාගෙත් ස්කයිප් 'රෙකොඩ්' බටන් එක ගැන දැනුවත් වෙලා හිටිය නිසාත් අවංකවම එක දිගට කතාබස්zz ඇහුවෙ ඇති නිසාත් , අහම්බෙන් හෝ වාසනාවට මම ගත්තු කටටම කිව්වේ 'අනේ මම ඒක තාම අහල නෑනේ' කියලා. ඒ නිසා ඒගොල්ලො රෙකෝඩ් කරගත්තු කෑලි ටික පූර්ව හඬ පටයක් හැටියට බාවිතාවට එන ඒ ප්‍රයෝගයෙන් නම් ගැලවුනා කියමුකෝ.


ඊලඟ වතාවෙ මේගොල්ලො අහන්න තියා ගත්තෙ නැද්ද , දිලා , කතා බස්zz අමුත්තෙක් හැටියට එනවද කියලා?


ඇත්තෙන්ම මේ අදත් මම ඔලුව කස කස කම්පනා කරන කාරණේ තමයි , හැබෑටම මොන වැරදීමකින්ද මේ උදවිය මාව පලමු කාන්තා පරාණය හැටියට ඇදලා ගත්තෙ කියන එක.

මොකුත් වැදගත් කමක්? විශෙෂත්වයක්? දක්සකමක්? ඔය මොකුත්ම නිකම් ගෑවිලවත් නැති මේ මාව ? කොටින්ම උපන්න සැකේ නිසාම වෑප්නිටයි, බීටලය ටයි, දුලාන්ටයි නොකඩවා වද දිදී මේ ප්‍රශ්නෙ මම ඉදිරිපත් කලේ ඉතින් ඇත්තෙන්ම රෙකෝඩ් කරන දවස වෙනකල්ම මම සිතන් උන්නේ මේගොල්ලන් එකතු වෙලා මොකක් හරි කෝචෝක් එකක් කරන්න යනව කියලයි. (ඔන්න දැන් මට බනින්න එපා ..හි හි.)


ඔන්න ලැහැස්ති කරගත් දවසේ වැප්නි මහත්මයා එකේ සිට අනුපිලිවෙලින් අහන්න ගත්තා ප්‍රශ්න. මන් දෙන්න ගත්තා උත්තර. ඒත් දැන් නම් සිතෙනවා දුන්නු සමහර උත්තර නම් හරිම ලඳ බොලඳ ලාමකයි කියලා. හි හි හි. දැන් ඉතින් ඕවාට දුක් වෙලා ඇති පලේ කිම ?? :-) නේද?


ඒ මදිවාට විවිදාකාර පාර්ශව විවිදාකාර මාධ්‍ය වලින් මට පුදුමාකාර අතුරු උපදෙස් රාශියකින් කන් පුරවන්න තියාගත්තෙ නැතෑ , කතුරු , කඩු, කිනිසි, බ්ලේඩ් තල භාවිතාව පිලිබඳ. ඔය කොයිවත් හරියට පාවිච්චි කරන්න බෑ නම් නිස්සද්ද වෙන එකයි නුවණට හුරු. නැතිනම් රෙකෝඩ් බටන් එක ඔබලා කියාගෙන කියාගෙන යන එව්වා පූර්ව හඬ පට වෙන්න පුලුවනිනේ..


ඔන්න පල්ලෙහායින් තියනවා එදා මම කල කතාව. අහල බලන්ට .


kathabuzz dilshara 2011 09 22 by buzzradiolk


ඇත්තෙන්ම මේක පෝස්ට් එකක් සෑටියට ලියන්ට තරම් ලොකු හේතුවකුත් නෙමෙයි ඉතින්. ඒත් බස්zzරේඩියෝ අමුත්තො හැමෝම් වගෙ මාත් හිතුවා එහෙනම් පෝස්ට් එකක් ලියනවා කියලා...... 

හඬ පටය කොහෙ හරි ඉතුරු වේවිනේ අර මා මළ පසු අන්තිම කැමැත්තේ වගේ... මේ දවස් වල අපෙ සයිබ‍ර උදවියගෙ ට්‍රෙන්ඩ් එක 'මරණෙ' ගැන කියවන එකනේ. (මාරයා සහ මගේ මරණය දැන් පිනුම් ගසනවා ඇති, දෙන්නාට හචින් යනවත් ඇති) මගෙ බ්ලොග් එක ලෝඩ් වෙන වාරයක් ගානේ ඉතින් මගෙ අන්තිම කැමත්ත එල්ලෙන නිසා ඔයි දෙන්නට වැඩියෙනුත් එක්ක හචින් යනව ඇති.(අපි මෙහෙම කිව්වට අන්තිම කැමැත්ත ලියන එක , හිතන එක පෞරුෂ සංවර්ධන වැඩමුලු වල කරන අභ්‍යාසයක් ඕන්!)


කොහොමෙන් කොහොමෙන් හරි පටිගත කිරීම නම් ඉවරයක් වුනා. ( පටිගත කිරීම ඉවර කරල දඩිබිඩියෙ තමයි , මතකනෙ හිටගෙන බස් රස්තියාදුවක් කොලඹට ආවෙ. මතක නැතිනම් නොකිව්වයි කියන්නෙපා මෙතනින් ගිහිල්ලා බලන්න හී හී) මාත් ඉතින් පුල පුලා බලා සිටියෙ ප්‍රචාරය වෙන දවස එනතුරු.


කවද්ද ඒ ... ආ සැප්තැම්බර් 22.
එදා තමයි දවස !


විස්වාස කරන්න, ඒ තරම් වැඩිම ගූගල් චෑට් ජනේල කන්දරාවක්, ගූගල් බස්zz පෝස්ට් එකේ වේගෙන් වැටෙන කොමෙන්ටු කන්දරාවක්, මුහුනු පොතේ පොප් පොප් හඬින් උඩ පනින , මම දත්මිටිකමින් ක්ලෝස් කරන චැට් පෙට්ටි මහා කන්දරාවක් සමග එක දිගට ඔට්ටු වූ හෝරා දෙකක් මගෙ ජීවිතේම නැතිම තරම්.


හපෝයි... සංසාරේ...! ඒ මදිවට ඈස් ඈම් ඈස්. කෝල් .. (හිකිස්... ඒපාර නම් නයා වොශින් මැශින් එක උඩින් යන්න ලඟයි වගෙ) කොටින්ම වැපා ප්‍රශ්නයක් අහන කොටස යද්දි , ඒ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න සිද්ද වුනා , එක එකාට වෙන වෙනම ලයිව් චැට්කාස්ට් එකේ...


හැබැයි ඉතින් කියලම වැඩක් නෑ. ඒ තරම් විනෝදයක් මම හිතන්නෙ ලඟ කාලෙක නම් මට ලැබුනෙ නැහැ.


පසු වෙනිදා වෙනකොට බස්කතාබස්zz ටීම් එක දැම්ම පෝස්ට් එකෙ සබෑඳියත් ඔන්න තියෙනවා. මම ඉල්ලුව ගීත ටිකත් සමගම.


මෙන්න මම ඕනෙයි කිව්ව ගීත සහ ලින්ක්ස්.
1. අමරසිරි පීරිස් - මලක් වුනේ ඈයි නුඹ මට
http://beemp3.com/download.php?file=7143528&song=Malak+Une+Ay+Nuba+Mata



2. පරිනීතා - කෙයිසි පහේලි සින්දගානි -
http://www.radioreloaded.com/tracks/?3396


3. නන්දා මාලිනි - යදමින් බැඳ විලංගු ලා -
http://www.mediafire.com/?bweujyzynd3


4. අමරදේව - ආදර හෑඟුම් -
http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=728


5. සුනිල් එදිරිසිංහ - වන්නි වන පෙතේ -
http://beemp3.com/index.php?q=vanni+vana+pethe+sunil+edirisinghe


6. කොරින් අල්මේදා - ගීයකින් කෙසේ -
http://ananmanan.org/sinhala_mp3/Korin_Almeda_Geeyakin_Kese.mp3


7. සන්ගීත් වික්‍රමසිංහ - සුපුන් සිහිනේ -
http://www.mediafire.com/?d1mm1w4x3no


8. කසුන් කල්හාර - රෑ අහසින් වෑටෙනා -
http://www.mediafire.com/?hmym0j2m0bm


9. අමල් පෙරේරා - අයස්කාන්තියේ -
http://www.mediafire.com/?ytdmly1ekmg


10. සුනිල් එදිරිසිංහ - සිනහ වෙනු මැන වේදනා පිසදා -
http://beemp3.com/download.php?file=5079474&song=Sinaha+Venu+Mana


11. නන්දා මාලිනී - අම්මාවරුනේ -
http://beemp3.com/download.php?file=3979344&song=Ammawarune


12. සුනිල් එදිරිසිංහ - පැන මඩ කඩිති වැව් තාවල් -
http://beemp3.com/download.php?file=5005666&song=Pana+Mada+Kadithi


13. ගංගා සහ නිශ්ශංක නාට්‍යයේ - සිනා පිපෙනා මේ වසන්තය -
http://beemp3.com/download.php?file=6817890&song=Sina+Pipena


14. සමිතා සහ මරියසෙල් - මුලු රැයක් පුරා -
http://www.mediafire.com/?pwo0oh85wi4xrym


15. බාතිය සන්තුස් - හිත නාඹර තාලෙට -
http://www.mediafire.com/?ktlyjlyyjym


මම මේ පිස්සු කතාවෙන් ලිව්වට , ඉතින් ඇත්තෙන්ම මේ වැඩේ කරගෙන යන අපෙ යාලුවන්ට වැප්/බීටල්/ දුලාන් ඉතින් බොහෝමත්ම ඉස්තූතියි.... ඉස්තූතිය මේ කතාව අහ අහා සිනා සාගරයක් මැවුව අපෙ යාලුවො හැමෝටමත්.


ඔන්න පල්ලෙහායින් තියනවා වැඩසටහනට කලියෙන් ප්‍රචාරය වුනු පූර්ව හඬපටයෙ සබැඳිය සහ හඬපටය




ඔන්න එහෙනම් මම වයර්ලස් එකේ (වයර්ලස් කිව්වම හරිද මන්දා.. මේක අන්තර්ජාල රේඩියෝවක්නේ.. ) කතා කලේ එහෙම තමයි... හී හී

15 comments:

  1. ගොඩාක් දෙනෙක් ඉල්ලුවා වගේම මමත් පලවෙනි කෙනා විදිහට ඔයා එනවට නම් ගොඩාක් ආසාවෙන් උන්නේ.. මොකද කියලා අක්කා දන්නවානේ. හිකිස්... වැර්ලස් එකේ අක්කගේ කටහඩ ටිකක් අමුතුයි වගේ දැනුනා.. සමහර විට මගේ නෙට් අවුල් ඇති,,,

    ReplyDelete
  2. මට අහන්න බැරි උනා නේ. අපරාදේ.

    ReplyDelete
  3. එදා මටත් අහන්න බැරි උනා.අද අහතැහැකි

    ReplyDelete
  4. මටත් අහන්න බැරි වුනා නෙ...:(

    ReplyDelete
  5. /ඇත්තෙන්ම මේ අදත් මම ඔලුව කස කස කම්පනා කරන කාරණේ තමයි , හැබෑටම මොන වැරදීමකින්ද මේ උදවිය මාව පලමු කාන්තා පරාණය හැටියට ඇදලා ගත්තෙ කියන එක/

    කෝ මේ වැපා ... දැන්වත් හේතු පහදලා දුන්නොත් හොදයි... අහවල් ඒක අවුල් වෙන්න කලින් ....

    ReplyDelete
  6. යෝජනා කරලා නිල බ්ලොග් අඩවියේ කෙමන්ට් කරලා තිබ්බා :DD ඔය දේවා එහෙම කියලා තියෙන්නේ උඩින්ම :DDD

    ReplyDelete
  7. ඔන්න අපිත් රෑ දොළහට නැගිටගෙන ඇහුවලු :)

    ReplyDelete
  8. මට ඉතින් කවදත් අහන්න වෙන්නේ රිපීට් එකනේ.. බස් එකේ දාපු එක ඇහුවා...

    ReplyDelete
  9. ඔවුවා ඉතින් අපි උද්ඝෝෂන එහෙම කරල දිනා ගත්ත ඉල්ලීම්. මෙන්න සාක්ෂි :)

    http://blog.buzzradio.lk/2011/09/buzz_03.html?showComment=1315014313393#c7312912797661733950

    .

    ReplyDelete
  10. අපිත් ඔබ තුමීගේ ශ්‍රීමුඛයෙන් පිට වෙච්ච සියුම් වචන අහගෙන හිටියා . මම නම් එක් වුනේ අන්තිමට .. ඒ වුන්ත් මම පසුව කතාව මුල සිට ඇහැවුවා

    ReplyDelete
  11. කතා බස් සම්පුර්ණයෙන්ම අහන්න ලැබුණ දවස එදාලූ... සතුටුයි අක්කියගෙ කටහඬ අහන්න ලැබුණට.. :)

    ReplyDelete
  12. @හිස් අහසෙ සදරුට. මං ආසම බ්ලොග් එක සදරු මල්ලිගේ. වයස අහගත්තෙත් කතාබස් එකෙන් ඒක අහන්න ලැබුනෙත් මේ ජිවිතේ මල්ගේ කතාබස් අහන්න ගිහින්. කොහොමින් කොහොම හරි මං අහපු ලස්සනම කතාබස් වැඩ සටහන තමයි ඒක..දැන් ඉතිං වෙනම බ්ලොග් එහෙක තවත් කෙනෙක් වර්ණනා කරන එකා මොකද මේ කියල බලයි. මේකයි මං මේ දාල තියෙන කොමන්ට් එක හින්දයි මුලින්ම සදරු මල්ලිට කතා කරෙ. මචං ශ්‍රි මුඛය කියන වචනය මේ වගෙ තැනක යුස් කරන එක ගැන මීට වඩා හිතල බලපන් කියන්නයි ඕනේ වුනේ.

    දැන් දිල් සහෝදරීට...මං ඇත්තටම හිතුව මීට වඩා ඔයා සාධාරණයක් ඉටු කරයි කියලා හිකිස්. ඇත්තටම ...ඒ කොහෙම වුනත් මං වැඩ සටහන නම් අවසාන වෙනකම් ඇහුවා. මේ කතාබස් එක නිසා තමයි අන්තිම කැමැත්ත කියවන්න ලැබුනේ. ඒක හරිම ලස්සන කවි පෙලක්. මං කියවන බ්ලොග් වලින් මං ආසම ඒවා තේරුවොත් දෙවෙනි බ්ලොග් එක මේක. පලවෙනි එක ගැන කියපු නිසා දෙවෙනි එක ගැන කිව්ව නෙමෙයි ඕං .

    ආහ් කියන්න බැරි වුනා බලධාරියා විසින් කප්පාදු කරපු සින්දු ටිකේ ලින්ක් ටික දැම්ම එකට නම් සීයෙන් සීයයි.

    ReplyDelete
  13. සා සා... ටිකක් පරක්කු වෙලා තමයි මම උත්තර බඳින්නේ ඔන්න. මගෙ ටකරන් කටහඬ නමුත් දිලා වෙනුවෙන් මේ වෑඩසටහන ඈහුව ඔයාල හෑමෝටම ගොඩාක් ස්තූතියි.

    විශෙශෙන් සිහිනයක මියෑදුනු සිතක්, ඔයා මගෙ බ්ලොග් එක ගෑන දෑක්වුව අපූරු අගය කිරීම මම ඉහලින්ම ස්තූති කරනවා නංගි/ මල්ලි.

    ඔයා නගෙක්ද මලෙක්ද? කියලම යන්ටකො එහෙනම්.

    මම වෙනුවෙන් ඉල්ලිම් කල අයට මම චිට්ටක් හරි සාධාරණයක් ඉටු කලා කියල මම සිතනවා.

    සංසාරේ හෑමදාම එහෙනම් මනුස්සකම බෙදා ගනිමු හොඳේ....

    ජය !

    ReplyDelete
  14. ඕක නම් මට ලොකුම ප්‍රශ්නයක් ඒ කියන්නේ ඔයා අක්කෙක් ද නංගියෙක්ද කියල තොර ගන්න එක තමයි ප්‍රොබ්ලම් එක මං කියන්නද අපි සම්මුතියකට එමු. ඔයා මට කියන්න සහො කියලා. ඕකේ සහෝදරී. එහෙම කමක් නැත්තා එහෙම කරමු. මට හිතෙන විදිහට මං අය්ය කෙනෙක් ‍ඒත් මං කොහොමද සුවර් කරන්නේ.

    *ඔයා වෙලාවකට මගේ අක්කා කෙනෙක්. ඔයා ලියල ඒවා කියවලා බැලුවම මට හිතෙන්නේ එහෙම
    *වෙලාවකට පොඩි නංගි කෙනෙක් ඔයා ලියලා තියෙන ඒවගේ කියල තියෙන කතා ගැන හිතන කොට
    *වොලාවකට ගුරුවරයෙක් ඔයා ජිවිතේ ගැන කියල දෙන විදිහට.
    (මේක මං මේ ‍සමන්මලී මිස්ගෙන් කොපිකරගත් සිස්ටම් එකක් හොදේ. )

    ReplyDelete
  15. ශිනයක මියෑදුනු සිත වෙත

    හපොයි මීට වඩා නම කෙටි උනා නම් කොච්චර ලේසිද.. ඕක ටයිප් කරන්නම තත්පර තුනයි දදම දෙකයි පහක් වගෙ කාලයක් යනවනෙ :)

    සරි. සහෝ කියමු. ඒක ලේසි. ඔයාට ඕනෙ නම් මට සහී කියන්න. හිකිස්.

    සමන්මලි මිස්ට මම කියන්න කොපි පූසෝ දෑන් රටෙ ලෝකෙ වෑසි වෑසලා කියලා :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->