නිහඬ තාව රජ වෙයි.දෑස් ගණනාවක් මා වටා ගොනු වෙන'යුරු, කවාකාර මත්ස්‍ය දෑසකින් නරඹමින් සිටින්නේ කවුද? එක් දෑසක් අනෙකෙන් වෙනස්ය. එකෙක කාන්තියකි, අනෙකක නිදිමතකි. තවෙකක කුතුහලයකි. තවෙකක මේ මුකුත්ම නැති සෙයකි. මේ දෙනෙත් මග හරිමින් , දෑස් එහෙ මෙහෙ යන්නේ , ඉහළ පහළ යන්නේ කිසිදු ඒකීය රිද්මයක් නොපෙන්වමිනි.
මම හුස්මක් ගනිමි. ඉ..හ..ළ..ට..!
ජීවිතය, ආදරය, අතීතය , අනාගතය යනාදී දහසකුත් එකක් චිත්ත පරම්පරාවන් , විස්මය ජනක වේගයෙන් නැගී බැස යයි. එහි සෙස් වූ භාව භාව, මුහුණේ දාර මත සිත්තම් වෙයි. ඒ හැඩතල, තාල වෙනස් වෙමින් හුස්ම ගන්නා යාන්ත්‍රණයේ තානම සුසර කරයි. යලිත් හුස්මකින් මේ සියලු පරම්පරාවන් නැගී බිඳෙන සිතුවිලි රැහැන් එකට ගෙන කල්පිත දෑතක මැටි පිඩක් මෙන් සුරුවම් වෙයි. ගෝලාකාර පොදියක වෙලී පිටමං වනු නොගී අගුලු ලන ලද සිතුවිලි කිහිප වරක් වෙර දරා නිසල වන විට , විදුලි පංකාවෙන් පණ පොවන කඩදාසි කොළ සුලඟේ නොයනු වස්, ගෝලාකර පොදිය මේසය මත අදෘශමානව තැන්පත් කරමින් මම හුස්ම පහත හෙලමි.
තවත් තත්පර කිහිපයක් ගෙවී යයි. නිහඬ නිශ්චල සහ තාවකාලික වායු ධාරාවන් කැලඹීගෙන එන'යුරු මම සංවේදනය කරමින් කලබල වෙමි.නිහඬ වායුගෝලය මතින්, දොඩමලු වන්නට ශක්‍යතාව ඇති හිස් හා හිත් කැලඹෙන්නට පෙර මම ක්‍රියාත්මක වෙමි.
ඒ මමද?
මා තවදුරටත් පෙම් බස් තෙපලන ආදරවන්තියක නොවේ. පොතක කුරුටු ගාන සිසුවියක නොවේ. රෑ මැදියමේ ඇඳ බදාගෙන කවි ලියන කිවිඳියක නොවේ. කැන්ඩෝස් චොකලට් බෝල කමින් පොත් කියවන කෙල්ලක නොවේ. මහ දවාලේ අයිස්ක්‍රීම් කන රස්තියාදුකාරියක නොවේ. කිරිල්ලියක හෝ ගැහැණියක නොවේ. නිරන්තර ගෘහ අභ්‍යන්තරය කලඹන කැරලිකාර දියණියද නොවේ. අනාගත බිරිඳක හෝ අඩු තරමේ මිනිසෙකුද නොවේ.
මා සංකල්පයක් බවට මොහොතකට අතික්‍රමණය වී සිට්මි. දහසක් නෙත් රැහැන් තුලින් මා අදෘශමානව බැඳ තබන ලද බලාපොරොත්තුවක් වී සිටිමි. ඔව්... මම ඔවුන්ගේ කාල රාමුවෙහි මේ මොහොත නියෝජනය කරන සිහිනය වී සිටිමි. මේ මොහොත පමණක්...(ද?)
බලාපොරොත්තුව ඔවුන්ගේ මිස මගේ නොවේ. මට එක් අවස්ථාවක(එනම් මේ අවස්ථාවේ) පමණක් විෂය වන නිරාමිස හැඟීමක් ජනිත වේ. මන්ද මා බලාපොරොත්තුවක් වී හිඳිමි. මම චලනය වන සංකල්පයක් ඔස්සේ බලාපොරොත්තු ඉශ්ඨ කරනු වස් ශරීරය මාධ්‍යය කොට ගත් අතර මැදියෙකු වී සිටිම්ද?
මම ක්‍රියාත්මක වෙමි. ශරීරයත් , මනසත් මට අවනතව, මා තුල සැරිසරන සංකල්පය බලාපොරොත්තුවේ සිට යථාර්තයක් දක්වා ගමන් කරන්නේය.
අතීතය , විරහව , දුක සුලඟේ කැලතෙමින් යලිත් නිහඬතාවයේ වාසිය ගන්නට සැරසෙයි. සංකල්පය පමණක් සෘජු රේඛාවන් අඳනා ලද මුහුණට , විරූප සහ ස්වභාවික ව්‍යසනයන්ගෙන් ආකූල කරන ලද අඳුරු හැඩතල ආක්‍රමනය කරනු ඉඩ දෙනු නොහේ. ඔවුන් ඊට පලි නැත. එනිසාම 'මම' මහාප්‍රාචීරයේ පතුල වෙත හුස්මකින් යලිත් ගැටගසමි. පෙනහලු වලට ඒ අඳුර ප්‍රාප්ත කරනට තවත් විනාඩි කිහිපයක් ඉතිරිව තිබේ.
උගුර පාදන හඬ මම මනැස තුල තැන්පත් කරමි. මේසය මත වැතිර හිඳින කොළ කඩදාසි මට සිනහසෙන්නට ඉඟි කරයි. ඔවුහු (කොළ) මා හඳුන්නන්නෝය. කලක සිට. මා සෙනෙහසින් අත පත ගෑ, හිස හොවා කඳුලු හෙලු , කාල්පනික සිතුවිලි වලින් ආකූල වූ මගේම බැල්ම තැවරී වෙහෙස පත් කොල ගොන්න මගේ ගෝලාකාර කොල රඳවනයෙහි බරින් මිරිකී මට සිනහසෙන්නට ඉඟි කරයි.
මම සිනහසෙන්නෙමි. සිනහව ඔස්සේම හදවත වෙනුවට සංකල්පය කතාකරන්නට පටන් ගනියි. අදහස් , උදහස්, ප්‍රශ්න , පිලිතුරු හිටිහැටියේ සංකල්පය නම් න්‍යශ්ඨිය වටා භ්‍රමණය වෙමින් ප්‍රේක්ෂක මනසෙහි තැන්පත් වෙයි. මට සැහැල්ලුවක් දැනේ. ආයාසකාරී ආරම්භය නිදැල්ලේ සංකල්පයක ආවේශයෙන් ගලා යයි.
කාලය ගතවේ. මා සෙමෙන් සෙමෙන් යලිත් සංකල්පයක සිට 'මා' බවට පත් වෙමින් හිඳිමි. හෝරා යන්ත්‍රයට වැඩි වැඩියෙන් යොමුවෙන දෑස් කියන්නේ ඒ බවද?
සිහි කැඳවීම්, තරවටු , ගෙදර වැඩ , සටහන් සහ සැලසුම් මා වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ බලාපොරොත්තු බඳුනෙහි එකින් එක සෙමෙන් තැන්පත් වෙයි. යලිත් මා 'මම' වෙමින් සිටිමි. නමුත් මට 'මා' වන්නට තවත් වේලාව තිබේ. තවමත් මා ඔවුන්ගේ සංකල්පය නොවුනහොත් , මම පරිසරයට මගේ කලබලය මුසු කරමින් ඔවුන්ට ඉඩදී සිටිය යුතු වෙමි.
සීනුව නාද වෙයි. ඒ ක්ෂණයෙන් ඔවුන් අවධි වන්නේ මා තවදුරටත් ඔවුන්ගේ සංකල්පය හෝ බලාපොරොත්තුව නොවන බව පසක් කරමිනි. (එහෙත් එය සත්‍යයක්ද අද?) පලායාමේ ආශාව මටද ඔවුන්ටද පොදුය. මම සංකල්පයෙන් පලායන්නට සිහි කැඳවමි. ඔවුන් කරන්නේද එයම නොවේද? ඔවුන්ට දැන් 'ඔවුන්' වන්නට උවමනාය.
තත්පර කිහිපයකට පෙර මාවෙත ඇසිපිය නොහෙළා උන් දෑස් අග්ගිස්සේ දැල්වෙන එකම ප්‍රාර්ථනය තවමත් නොහැරුනු දොර පමණක්ම විය යුතුය. එතැන 'මා' සිටීද?
මම දේශන කොල සුලඟේ පාව යන්නට ඉඩ හරිමින් , ගුලි කල සිතුවිලි පිඩද , මහාප්‍රාචීරයෙහි ගැටගැසී බලා සිටි 'මා' ද මුදා හරිමි. ගුරුවරිය සිය ගුලට වැද දොර වසා ගන්නේද? ඈ පසෙක විඩා නිවන සඳ, සුපුරුදු 'මම' හෙවත් ගැහැනු කවිකාර දියණිය, යලිත් සැනසිල්ලේ උරුවම් බාමින් වසා තබන ලද මනැස් කවුලු (ආ)ලෝකයට විවර කරමින් ජීවිතයේ පහස විඳින්නේද?
ප.ලි. :
මේ සියලු හැඟුම්වලීන් එකිනෙක පැටලූ මා බ්ලොග් පිටුවේ ඉහත්තාවෙන් යෙදිය යුතු මාතෘකාවෙහි අතරමං වීමි. කිසිවෙකුත් කිස්කලෙක නොලියූ රචනාවකට ටයිටලයක් ඉහත්තාවෙන් ගලවා පහත් බිමෙන් සටහන් කොට මම නිදහස් වෙමි.
මම ගුරුවරියක්මි
ඇදුරු තුමියයි ප්රේමයේ ඔබ
ReplyDeleteහෑක්කිස්..... දවසේ සිනහව....
ReplyDeleteමේ මකෝ... ප්‍රේමේ නම් කතා කරන්ඩ එපා... ප්‍රේමේ ඉගෙනගන්ට සිසුන් ආවොත් හෙම චීච ඤපූරුම ඤපූරුයි... හි හි හි
මෙන්න මේ ලින්කුව බලකෝ....
http://sansaare.blogspot.com/2010/11/blog-post.html
හෙහ්...හෙහ්....සංකල්පයක් බවට පත්වුනහම ලේසි නෑ දිල්...... විශේෂයෙන්ම යෞවනයේ එළිපත්තෙ සිටින ගැටවර ගැටවරියන් රාශියකගෙ ජීවිත කඩදොර විවර කරගැනීමේ ඔවුන්ගෙ අනන්ත බලාපොරොත්තු සාක්ශාත් කරවතැයි ඔවුන් අපේක්ෂා කර සිටින සංකල්පයක් උනාම වැඩේ ලේසි නෑ කොහෙත්ම.
ReplyDeleteහරි ඒ ටික කිව්වනෙ.....දැන් ඉතිරි ටික......ඒ වගේම මෙවන් සංකල්පයක් වෙන එක මට හිතෙන්නෙ ජීවිතේ වෙනත් කිසිම අයුරකින් ලබන්ට අසීරු අනුපමේය අත්දැකීමක්....
This may be a contradiction itself but it's absolutely true......I don't want to be in your shoes ever but all the same why do I feel a tad envious?.........
ආහ්....තව පොඩ්ඩෙන් අමතක වෙනව නෙව.....මමත් කාලෙකට ඉස්සර සංකල්පයක් බවට පත් උනා.....එකම එක පුද්ගලයෙකුගෙ.......ඒක අදටත් එහෙමමයි කියල මට විශ්වාසයි............I don't want anything more from life............Dil,
හම්මෝ.... ගුරුවරියන්ට හිතෙන්නේ හරී...ම ගැඹුරු දේවල් නේ. කිව්වට මොකෝ, මම් මේ ලිපිය දෙපාරක්ම කියවලයි තේරුම් ගත්තේ.
ReplyDeleteදිල්මොනාගෙ ලියමන් කවි වගේ..... අගිස්සට එනකල් තේරෙන්නෙ නෑ. තාම මුල් හරියෙ කියලයි හිතෙන්නෙ...
ReplyDeleteදිල්මෝනගෙ ලියමන් කවි වගේ. තාම මුල් හරිය කියලා හිතුවට දන්නෙම නැතුව අවසානෙට ඇවිල්ලා....
ReplyDeleteබලාපොරොත්තු ගොන්නකගෙ බලාපොරොත්තු වලට පණ දෙන්න මම මමත් නොවී මම වීම.. හරියට භාවනාවක් වගේ... වෙලාවකට එතුමියව ඒ භාවනාවෙන් මුදවන, වෙලාවකට තව තවත් ඒ භාවනාවෙම ගිල්ලවන.. කාලයත් එක්ක තම තමන්ව හොයන... ඒ හිත්කැකුළු වලින් පූදින මල් ඵල වලින් සතුට දකින ගුරුතුමියගේ රචනාව..මගෙ හිත් තැනක නැවතිලා..
ReplyDeleteඇත්තමයි අක්කියෝ.. ජීවිතේ මල් නමින් පොතක් ලියන්නෙ කවදද ඔබ.. :)
ඇඳුරුතුමිය.. මොකෑ මේ එකපාරම? මාවත් අතරමංවෙලා වගේ මේ පෝස්ටුව කියැවුවාම..
ReplyDeleteපැටලි පැටලි කියවගෙන ඇවිල්ලා අන්තිමට රවි අයියාගේ කමෙන්ට් එකෙන් අනාථම වෙලා ගියා...
ReplyDelete:D just kidding
මෙව්වා දෙතුන් පාරක් කියවලා තේරුම් ගත්තත් 'නියම ලියවිල්ලක්' කියනවට වඩා දෙයක් කියන්න තරම් දැනුමත් තාම මට නැද්ද මන්දා.....
ReplyDeleteදයාබර නැගෙනියක්
ReplyDeleteපරාජිත පෙම්වතියක්
කලබලකාරී දියණියක්
අපූරු කවිකාරියක්
සොඳුරු හිතැත්තියක්
දොඩමලු මිතුරියක්
මේ හැමටව වඩා උඹේ
හොඳ ගුරුවරියක් චරිතෙට මම හෙන අසයි බන් නගේ . . .
“සීනුව නාද වෙයි. ඒ ක්ෂණයෙන් ඔවුන් අවධි වන්නේ මා තවදුරටත් ඔවුන්ගේ සංකල්පය හෝ බලාපොරොත්තුව නොවන බව............. “
ReplyDelete************************************************
සීනූව නාදවීමත් සමග සංකල්පය නැවතත් නුඹ වීමත් එක්කල ගලපපු අවසානය අපූරුයි! ජය!
අනෙක් කොමෙන්ටු වලට පිලිතුරු එවූ ඔබට හෙට මම පිලිතුරු ලියන්නම්.
ReplyDelete'මම' කියා කෙනෙකු එවූ කොමෙන්ටුවට : (එය පබ්ලිශ් කලේ නෑත)
ඔව්, කියන්න, මෙහි කොමෙන්ටුවක් යොදන්න
රවී අයියේ.
ReplyDeleteඔබ හරි. මේක ලේසි නෑ. ඒත් මේ තරම් තෘප්තියක් තියෙන වෘත්තියක් තවත් නෑ. මේ ලංකාව ඇතුලේ ගුරු වෘත්තියට මිනිස්සු ඇතුල් වෙන්න බය සමාජයෙ තියන ඉතාමත් ලාභ පිලිගැනීම නිසා. මොකක්වත් වෙන එකක් කරගනන් බැරි උන පලියට මේ රස්සාවට එනවා වගෙ හැඟීමක් මිනිස්සුන්ගෙ තියනව.ඒ හැඟීමට විවිධ හේතු තියනවා.
ඒත් හදවතින්ම ගුරු වෘත්තියට ආසාවෙන් මේ වෘත්තියට ඇතුල් වෙන මිනිසුන් බිහිවෙන අනාගතයක් දිහා මම බලාගෙන ඉන්නවා.
බුද්ධි
ReplyDeleteආ කාලෙකින් මේ පැත්තේ...
හෙ හෙ.
ඉඳල හිටල කවි වගෙ ලියමනක් දෙකකුත් ලියන්ඩ හිතුව :)
මධුරංග මල්ලි
ReplyDeleteඑහෙනම් ආයෙ පාරක් කියවන්ඩ :) හී හී
නිති
හරියට හරි නන්ගි. ඔයා මම හිතුව දේම තෙරුම් ගත්තා. :) ස්තූතියි.
ආ.... ඔබේ ඇරයුමටත් ස්තූතියි. ඒ ඇරයුම කල පලමු කෙනා හැටියට මම ඔබව හැමදාම මතක තියා ගන්නම්. මේ ඇත්තමයි :)
රොශාන්
හෙ හෙ. ඇදුරු තුමී මේ ඉන්නේ හොඳින් :) හී හී
බිටෝ
ReplyDeleteආ බොරු නොකියා හිටින්. :) අච්චර අපූරු ඒවා ලියන්ඩ හැකි බීටලයාට බැහැද මේවා තෙරුම් ගන්ඩ :) හි හි (දැන් මේකට මාත් ජස්ට් කිඩින් දාන්ඩද) හිකිස්
පූස්
ස්තූතියි මල්ලියා... හෙ හෙ :) ආයෙ කියවන්ඩ :)
දුකා අයියා...
මම දන්නවා. සොඳුරු සිත් තිබෙන නුඹ වගෙ සොහොයුරන්ට ජය වේවා !!!!!!!
මම නම් සිතන්නෙ දුකා අයියෙ නුඹලා වගෙ සංවේදී මිනිස්සුන් මේ ගුරුදෙවියන්ගේ ලෝකෙට අවශ්‍ය කාලයක් ...
හූනා
සුපිරි! ඔබට වැටහුනා ! ස්තූතියි...... මගෙ කුඩා උත්සාහය සාර්ථකයි
ඔබ සැමට
මම ශ්‍රේෂ්ඨ ගුරු දෙවියෙක් නොවෙයි. ඒත් මේ වෘත්තියට අපමණ ආදරය කරන්නට පටන් ගත් කෙනෙක් කලක සිට. මාත් මේ වෘත්තියට එක් වුනේ 'හොඳ එකක් ලැබෙන කල්' කියන හැඟීමෙන්. ඒත් මීට වඩා මට ලැබිය හැකි හොඳ මොකක්ද????
අද මම පුදුමාකාර තෘප්තිමත්... මගේ කෙටි ජීවිතය තුල මා හෙට මිය ගියත් මට දුක නැහැ.
මගේ කවි කතන්දර පිරුන සංසාරේ අපි වගේම මගේ ආදරය දන්නා සිසු හදවත් අඩු ගානේ කිහිපයක් හෝ මා වෙනුවෙන් මගේ උත්සහය ඉදිරියට ගෙන යාවි.
රොශාන් පුතා පොත් සත්කාරයට දායක වූ දවසේ මට දැනුනේ මා දිනුවා යන හැඟීම. එය ඔහු මගෙන් උගත්තා නොවන්නට පුලුවන් එය ඔහු උපතින් ගෙනා පරිත්‍යාගශිලිත්වය වන්නට පුලුවන්. මගේ ව්‍යායාමය ඉදිරියේ ඔහු ඉදිරිපත් වූ තැනදී මට ආඩම්බරයි. ඒ මම එක් දිනක් හෝ ඔහුගේ ගුරුවරිය වීමේ වාසනාව ලබපු නිසා.
දිගම දිග ඇත්ත කතාවේ දඟකාරයා කවි පොතක් පල කරන බව අසන මා එදාත් ඒ සතුටම වින්දා.
ජය . ඔබ හැමට !
නියමයි.. සුභ පැතුම්...
ReplyDeleteබ්ලොග්ශන්
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි මල්ලි :)