[212] සිත්තර රස්තියාදුව 9 - යටත් විජිතයට එබී බැලුවෙමි
අද නුවර ටවුමට යැවුනෙ අහම්බෙන්. පොත් සත්කාර්යයෙ තවත් අදියරකට පොත් ගන්න ලෑබුනා. ඉතින් පන්දහසක පොත් මල්ලත් කරින් අරන් එද්දි , රස්තියාදුවක් යන්න තරම් වටින දෙයක් මේන්න ඇස් ඉස්සරහා!!!! ආයෙ කිසි කලෙකත් බලන්න වෙන්නෙ නැති දෙයක්. මෙතෙක් එතෙක් කල් කිසිම තැනක ප්‍රදර්ශනය නොවෙච්චි දෙයක්. මෙතෙක් කල් මහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරෙ බුක්තියට සවි වෙච්චි එක්දාස් අටසිය කාලෙ පින්තූරු එකතුවක්!!!!
නොබලා කොහොමද දෙයියනේ... දෙසින් දකින්න ගත්තු දේ මාව වශී කලෙ පොඩ්ඩක් නම් නොවෙයි. මේක එසේ මෙසේ සුන්දරත්වයක් නොවෙන බව පසක් වෙද්දි ෆෝන් කැමරා ඇසයි , මගෙ රස්තියාදුකාර හිතයි ඉතිහාසෙට පෙම්බඳින්න වුනා .. පැය ගානක්ම.
 |
මෙන්න මෙහෙමයි අපිව පිලිගත්තෙ |
 |
මේ නොක්ස් මහත්මයගෙ චිත්‍ර |
 |
නොක්ස් දුටු ලංකාව |
 |
නොක්ස් දුටු ලංකාව |
 |
1660 දී ගාල්ල |
 |
නොක්ස් දුටු රාජසිංහ රජු |
 |
මේක හරි අපූරු චිත්‍රයක් . අනේ සොරි මට මතක නෑ :( |
 |
පුරාතන දලඳා මාලිගා සිතියම |
 |
19 සියවස මැද ඇඳි සිතුවමක් |
 |
සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - වල් ඌරා |
 |
සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - මුදලිතුමා , රා මදින්නා |
 |
සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - ජලය රැගෙන යන්නා |
 |
සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - භූමි දර්ශන |
 |
ඇත් ගාලක් - 1845 |
 |
ඇතුන් ඇල්ලීම- 1825 |
 |
ඒ කාලේ මාලිගාව - 800 ගනන් වල :) |
 |
1818 ඇඳි පින්තූරයක් - කුරුඳු තලන කුල ප්‍රධානියා |
 |
භූමි දර්ශන - 1803 |
 |
කලා නිර්මාණ -1800 ශතකය |
 |
ඇත් දළ පනාව |
 |
තවත් නිර්මාණ |
 |
තවත් නිර්මාණ |
 |
පුරාතන ගැමි දිවිය |
 |
පුරාතන ගැමි දිවිය |
 |
පුරාතන ගැමි දිවිය |
 |
පුරාතන ගැමි දිවිය |
 |
17 සියවසේ මූදු සිතියමක් |
 |
1740 ඇම්ස්ටර්ඩෑම්හි මුද්‍රනයක් |
 |
1822 සිතියමක් |
 |
17සිය ගනන් වල ඇඳපුවා :) |
 |
17සිය ගනන් වල ඇඳපුවා :) |
 |
17සිය ගනන් වල ඇඳපුවා :) |
 |
මේ මොකක්ද??? පුලුවන් නම් කියන්න |
 |
මුහුද යට- 1867 |
 |
ශාක ආදර්ශන 1867 |
 |
කුරුඳු |
 |
පේරාදෙනියෙ ගසක් |
මෙන්න නුවර යුගයෙ අත් පිටපත්.............
 |
වෙස්සන්තර ජාතකය |
 |
වෙස්සන්තර ජාතකය |
 |
සාර්ථ සංග්‍රහය |
 |
තවත් අත් පිටපතක් |
 |
ගාල්ල 1852 |
 |
කොලඹ 1852 |
 |
ගාල්ල 1852 |
 |
රන්වැලි සෑය |
 |
ගල්පොත පොලොන්නරුව |
 |
මතක නැත :( |
 |
හින්දු පූජකයින් |
 |
ගාල්ලේ රන්කරුවන් |
 |
කරණවෑමින් |
 |
පානබොක්කේ පවුල 1880 |
 |
ගාල්ලේ රන්කරුවන් |
 |
කම්මල් කරුවන් |
 |
මෙන්න නුවර ! |
 |
නිවැසි බෝට්ටු |
 |
පලතුරු වෙලඳසැලක් -නුවරට නුදුරු |
|
 |
ස්කන්ධ කුමාර අත්කම් |
 |
ස්කන්ධ කුමාර අත්කම් |
 |
ගමනා ගමනය |
|
 |
එකල්හි ගමනාගමනය |
 |
එකල්හි ගමනාගමනය (මග නැගුමද?) :) |
 |
කෝපි තේරීම |
 |
ආච් චෙම්බර්ලේන්ගේ නිවසේ ආලින්දය |
 |
අපනයනයට කුරුඳු මිටි බැඳීම |
 |
තේ දළු අඹරන යන්ත්‍රය |
 |
තේ බර කිරීම |
 |
තේ නෙලන්නන්ගේ පෙරෙට්ටුව |
 |
සර්වඥ ගුණාලංකාරය - සොලොස්මස්ථාන සඳහන්ව ඇත |
 |
පන්හිඳ |
 |
රිදී පත් |
 |
විදුර පණ්ඩිත ජාතකය |
ඔන්න පොත් ප්‍රදර්ශනේ වගෙම චිත්‍ර පරදර්ශනෙත් ඉවරයි. හෑම චිත්‍රයම ෆොටො ගත්තෙ නෑ. හෑම වර්ගයෙන්ම එක දෙකක් තමා.
මහ රෑ 3 වනතුරුම මේ කැප්ශන් දාමින් මේක ලිව්වෙ අපෙ ඉගෙන ගන්න දුවා දරුවන්ට වගෙම ලොකු පොඩ්ඩන්ටත් , මෙතෙක් නොදුටු අපූරු ඉතිහාස චාරිකාවක් දැකගන්න සලසන්නයි. හින් එහෙනම් අදට ආයුබොවන්.
චිත්‍ර ඔබට ඕනෙද? එක එක බාන්න ඕනෙ නෑ. මෙන්න පල්ලෙහායින් මම හැදුව ස්ලයිඩ් ශෝ එකකුත්. ඒක බාගන්න :)
පසු සටහන 1
මේ උඩහින් ඉන්නෙ පොඩි පුතුත් එක්ක චිත්‍ර බලන්න ආව තරුණ පහේ ඩෑඩී කෙනෙක්.
අනේ අකුරු බැරි පොඩි එකා මෝඩ පැටියෙක් වගේ 'චිත්‍ර බලනවා' ...
අකුරු පුලුවන් තාත්තා 'චිත්‍ර විඳිනවා'!!!!
ඇයි දෙයියනේ පුංචි පැටියට තේරෙන භාශාවෙන් මේවා කියල දෙන්න බැරි ????
'චූටි පුතේ මෙන්න ඒ කාලෙ නුවර වැව. මෙන්න මාලිගාව..' ඇයි දෙයියනෙ අපෙ අලුත් පරපුරෙ අම්මල තාත්තල මේව නිකම්ම මෙහෙම යන්න අරින්නෙ ???
අධ්‍යාපනේ කියන්නෙ පන්ති කාමරෙයි , ටියුශන් එකයි , විබාගෙයි කියල තාමත් හිතන අපි ඉන්නෙ ඒ වැඩවසම් යුගයෙම නම් තමයි !!!!!!
පොඩි පැටියට සීනිබෝලයක් පෙන්නලා බස් එකට දුවන ඔබට බැරිද එක විනාඩි 15ක් වැය කරල මේවාගෙ දෙයක් පෙන්වන්න. ප්‍රායෝගිකවම මේ වගෙ දෙවල් දකින්න ඉගෙන ගන්න හුරු කරන්න? මම හිතනව මේ පෝස්ට් එක දැකල ඉන් පස්සෙ මේ වගෙ තැනකට යන අම්මෙක් තාත්තෙක් නම් පොඩි එකාට මේ කැටලොග් කියවලා එයාට තෙරෙන බාසාවෙන් කියල දේවි කියලා. පික්නික් මොකටද? නොමිලේ බෙදා දෙන මේ දැනුම් සාරය ගන්නෙ නැතුව !!!
ඔන්න එහෙනම් යාලුවනේ ,,, ඔයාලත් මේ චිත්‍ර දෑහින් දැකගන්න ආස නම් ,
ඉතාම වටිනා තොරතුරු අඩංගු ලිපියක්. මමත් කලින් දැක්ක ඔය ප්‍රදර්ශණය නුවර දි පැවැත්වෙන බව, නමුත් බලන්න යන්න උනේ නෑ. දැන් මෙහෙම හරි දැකගත්තනෙ :)
ReplyDeleteගොඩක් රස වින්දා, බොහොම ස්තූතියි පින්තූර එකතුවට
ReplyDeleteදුකයි අප්පා.... ලංකාවෙ හිටියනම් මම අනිවා යනවා... ගාල්ලෙත් තියෙනව නේ... හුඟක් වටිනා අත්දැකීමක්....
ReplyDeleteඅක්කෙ ඔය ෆොටෝ ගන්න දෙන එකෙන් ඒ චිත්‍ර වලට හානියක් වෙන්නෙ නැද්ද ??
ස්තූටියි අක්කේ විස්තර වලට ගාල්ලෙ එක බලන්න යන්ට ට්‍රයි එකක් දෙන්ට ඕනි
ReplyDeleteනියමයි බන් . . ..
ReplyDeleteඔක්කෝටම වඩා වැදුනේ පොඩි උන්ට මේවා ඇයි පෙන්වන්න එක්ක ගිහින් කියලා නොදෙන්නේ කියපු ටික . .
අහ් රන් වැලි සෑය කිව්වේ . . ස්වර්ණමාලී චෛත්‍යටද?
ඒකට රුවන් මැලි සෑය කියන්නේ ස්වර්ණමාලී නිසා වෙන්න ඇති නේද?
රන් සහ රුවන් කියන්නේ රත්තරන් සහ මැනික් නිසා
ස්වර්ණමාලී චෛත්‍ය හඳුන්වන්න හරිම නම රන්වැලි සෑය වෙන්න ඕන . . . (උඹ හරි බන්)
මේ මොකක්ද??? පුලුවන් නම් කියන්න -> සබ්මැරීන්
ReplyDeleteඅර අහපු එකේ එල්ලිලා තියෙන නූල සම්බන්ධ වෙලා තියෙන නැවෙනුත්, පාවෙන මාළුන්ගෙනුත් නිගමනය කල හැක්කේ එය සබ්මැරීනයක ආකෘතියක් බවයි.
ReplyDeleteදැන් ආයෙම බැලුවහම දැක්කේ ඒක නූලක් නෙමෙයි නේද? වාතය ලබාදෙන්න දාපු බටයත් තියෙන්නේ ඒත් එක්කමයි නේද?
ඊජිප්තුව කැලේ :)
ReplyDeleteඅනේ අප්පේ අක්කේ... පෝස්ට් එක නම් මාර වටිනවා... ඒත් හත් දෙයියනේ, බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් එන එවුන් අක්කගේ පරම්පරාවටම කිඹිහුම් යවනවා ඇති.... මේකේ තියෙන ඉමේජ් කන්දරාව...!
ReplyDeleteපෝස්ට් එකනම් මල් ! ඔය ගැන භාරව ඉන්න කාටහරි කියලා ඔය ටික ස්කෑන් කරගෙන හරි වෙන මොනා හරි විජ්ජාවක් දාලා ඔය චිත්‍ර ඩිජිටලයිස් කරගන්න බැරිවෙයිද? එහෙම පුළුවන් නම් මේවා හැබැහින් දැකගන්න බැරි හැමෝටම මීටත් වඩා ප්‍රයෝජනවත් වේවි...
ස්තුතියි වෙච්ච මහන්සියට !!!
නියමයි, ඒවගේම මෙහෙම විස්තර බලන්න සැලැස්සුවාට ස්තුතියි. :)
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට
ReplyDeleteපින්තූර ගොඩයි....නියම පෝස්ට් එක අක්කා..
ReplyDeleteවටින පෝස්ට් එකක් අක්කේ...
ReplyDeleteමරු ෆොටෝ එකතුවක් !!! මාත් ඔය යහා හිටියනම් ඕ ටික ඇස් දෙකෙන්ම බලාගන්න තිබ්බා. කොයික උනත් මේ ෆොටෝ ටික දාපු එක ගොඩක් වටිනවා අක්කා.
ReplyDeleteසෙනසුරාදා යමි!!!
ReplyDeleteමෙන්න ප්‍රදර්ශනයට අදාළ facebook සබැඳිය
https://www.facebook.com/event.php?eid=112423835529983
මෙහි අඩංගු පින්තූර වලින් බොහොමයක් මෙහි තිබෙන බව පැවසෙනවා
ReplyDeletehttp://www.flickr.com/photos/bcartssrilanka/sets/72157627450664685/show/
මාර වටින පෝස්ට් එකක් අක්කේ මම එදා හෙලදිව පොතේ තිබුනු රූප ඇරෙන්න අනික් එවා කවදාවත් දැකලා තිබුනේ නෑ ඔයාට ස්තූතියි මේ රූප අපි එක්ක බෙදා හදාගත්තාට .
ReplyDeleteමම මාර ආසයි අර පරන කාලේ ඇත්ත පොටෝ වලට
වටින ෆොටෝ ටිකක් සහ චිත්‍ර ටිකක්...11/11/2011 ගාල්ලේ යන්න හිතාගෙන ඉන්නව... ගියොත් යන්න ඕනේ බලන්න... බොහෝම ස්තූතියි...
ReplyDeleteඅහම්බෙන් ගිය රස්තියාදුවෙ දී නෙත ගැටුණු සිතුවම් අපිටත් බලලා යටත් විජිතයට මෙහෙමවත් එබී බලන්න මතක සටහන් අරන් ආවට මිස්ට හුඟාක් ස්තූතියි...෴
ReplyDeleteටී බී හේරත්
ReplyDeleteමගෙ ෆොටො ගැනිල්ල නම් හරිම අවුල්. ලයිට් එලියෙන් බේර ගන්න ඊට වඩා එක එක අතට හරවන්න උනා. ඒකට නම් සමාවෙන්න.
මීර්
බොහොමත්ම ස්තූතියි.. :)
පිස්සා
මෙහෙමයි මල්ලි. මේ ඔරිජිනල් නෙවෙයි. ඔරිජිනල් කාටවත්ම දෙන්නෙ නෑලු බ්‍රිතාන්‍ය කෞතුකාගරයෙන්. මේවා අනුරූ
ශානි
ඒක තමා. ගාල්ලෙ එක බලන්න යන්න :) වටිනවා...
දුකා අයියා
හෙ හෙ. ඒක තමා. අපෙ සමහර තරුණ දෙමාපියනුත් ඉතින් ඔහොම වෙනකොට මොන දුකක්ද නේද?
අනේ ඔය රන්මැලි වචනෙ සහ රන්වැලි වචනෙ කේස් එක මන් දන්නෙ නම් නෑ අයියෙ. අපි අහල බලමු අපෙ පුරා විද්‍යා කෙනෙක්ගෙන් :)
බීටලේ
මම දන්නෙත් නෑ ඒක මොකක්ද කියලා . ඒකයි කිව්වෙ කියනන් කියල. ඔච්චරම කියනව නම්... එහෙනම් ඒක සබ්මෑරින් එකක් වෙන්න ඇති... හිකිස් :)
රන්දුනෝ
ඔයාටත් කියන්න වෙන්නෙ බීටලේට කිව්ව ටිකමයි... හිකිස්
මකරෝ.... ඊජිප්තුවෙ කෑලෑ තියේදෑ??? :) ඒ කැලෑ වල ඤෑයියොත් ඉන්නවද??? :)
චතුරන්ග මල්ලි
ReplyDeleteහි හි. අම්මෝ ඒක තමා මේ දවස් වල මට හචින් ගියෙ !!!! :)
හොඳ කෑමරාවක් තියෙන කෙනෙක්ට මම ආරාධනා කරනව ගිහින් මෙවෑයි ෆොටො ගන්න කියලා.
හිරණ්‍ය
ස්තූතියි. ...:)
ඈනෝ
ස්තූතියි :)
නිසුපා..
ස්තූතියි නගේ
දිනේශ් මල්ලි
ස්තූති වේවා
මධුරංග
ගාල්ලෙ එකවත් බලන්න යන්නකො :)
දක්ශින
වෙරි ගුඩ්. සමහර විට මාවත් හම්බවෙයි ඕන් :)
සබැඳි වලට ස්තූතියි
සඳරුවා
හෙ හෙ... ස්තූතියි මල්ලි :)
පැතුම්
අන්න සෝක්... ගගිහින් බලන්න. මේ පින්තුරු ටිකෙන් කාලක් විතරයි.. බොහොමයක් ඒවායෙ ෆොටොස් මගෙ ගාව නෑ...
බුද්ධික
ස්තූතියි
:)
Very good post and I appreciate that!
ReplyDeleteBTW, I am also from kandy
--Samantha--
ඊජිප්තුව ඤායියන්ට දේවත්වයෙන් සළකන රටවල් 2න් එකක්
ReplyDeleteඅනිත් රට සයිප්‍රස්
අපුරුයි
ReplyDeleteනිවාඩු පාඩුව ආපහු එන්න ඕන ඔක්කොම කියවන්න
අපූරු සටහනක් නංගි, හරිම ලස්සනයි. ස්තූතියි! වෙච්ච මහන්සියට. හරිම වටිනවා ඉතිහාසය ගැන දැනගන්න. කලාත්මක ඇසකට ඕනෙ තැනක් ලස්සනයි.
ReplyDelete