ලියා ඒ හුරතල් නම
පියා නෙත් හිඳ මොහොතක්
තියා යන් පොඩි කවියක්
නිදා හුන් මා දෙණ අස...
ලියා කවි මා පෙම් කළ
කුඩා කොල කරදහි වල
මුදා හළ මැන අඳුරට
විදා හළ අත් සුලඟට....
නිදා පිබිදෙන ප්‍රාණය
සුදෝ සුදු වන් පිලි හැඳ
දුමාරයකින් මැදියම
නුඹේ යහනට එනු නැත
කුඩා සුදු තිත් ඉහිරුන
ඉතා කෙටි නිදි ගවුමෙන
අතේ චොකලට්‍ටුව ගෙන
දෙපා තාලෙට සලමින...
රැයේ නිහඬව ලියවෙන
පැයේ සොඳුරුම පද පෙළ
නුඹේ උරහිස මත හිඳ
කුඩා දැරියකි කියවන
උදේ නුඹ ලියු වෙහෙසින්
ඇඳේ පෙරලෙන මොහොතට
බඳේ හෙවු හිස නොසලමි
නුඹේ නිදි ලොව නොබිඳිමි...
ගැඹුරු නින්දෙහි මඳහස
දකින මම යහනෙන් බැස
පෙර රැයේ සිට නුඹ ලියු
කවි හොරෙන් ගෙන කියවමි
උදේ වී ගෙන එන විට
නුඹේ නිදි කවුලුව ලඟ
නිලා කූරක් වී මම
දිවා දාහෙන් දැල්වෙමි...
දඟ ගැසුනු රැළි කෙස ගෙන
ඉඟ අසල කිති කවනෙමි
තියා උඩවැඩියා පෙති
වහා අඳුරට පියඹමි....
~දිල්ශාරා වීරසිංහ~
2011 - 06 - 02
කුඩා සුදු තිත් ඉහිරුන
ReplyDeleteඉතා කෙටි නිදි ගවුමෙන
අතේ චොකලට්‍ටුව ගෙන
දෙපා තාලෙට සලමින..//
මෙන්න මේ කවි පේලියට මම ආසයි. අනේ මන්දා දීලා ටත් කොහොම මේවා මොලයට එනවද කියලා !මොනා උනත් ලස්සන හැඟීමකින් යුත් කවි පෙළක් !
මේ පොස්ට් එකට අදාල නැති උනත් මිට අවුරුද්දයි මාස දෙකකට විතර කලින් මාව මේ බ්ලොග් ලෝකයට ගෙනාව ඔයාට ගොඩාක් පින් අක්කේ.. හැමදාමත් මම ඔයාට එකට ණයගැතියි....
ReplyDeleteසතුටෙන් ඉන්න හැමදාමත්
ලස්සන පැදි පේලි ටික අක්කා..
ReplyDeleteහරිම ලස්සනයි.... ලස්සනට ගලපලා තියෙනවා. පිලිතුරු කවියක් ලියන්නවත් මට කවි ලියන්න තේරෙන්නේ නැහැ.... :(
ReplyDeleteඒක ලස්සනයි....
ReplyDeleteමට තේරෙනේ නැතෝ....
ReplyDeleteහුඟක් ලස්සනයි සහෝදරී.
ReplyDeleteගැලපී ලස්සනට - පැදි පෙළක් එක දිගට
ReplyDeleteතේරැමක් විදින්නට - වෙහෙස විය විටින් විට
කියවා දෙතුන් විට - හෙම්බත් විය අන්තිමට
පැමිනි විට 5 වැන්නට - අරැත් විය සැගවෙන්නට
ගැබුරක් හැගී මට - අසනු හිතුනා මෙලෙසට
හැගුනා නෙව මට - නොගැලපෙන නමට
වැටුනු මේ පැදියට - අරැතක් මා මොළ ගෙඩියට
පහදා අරැත් අප හට -
හැකි නම් දමන්නට - කොමෙන්ටුවක් විලසට,
ඔබ සැගවු අරැතට -
යුතු කමක් යයි හැගේ මට !
ම්ම්ම්ම්ම්.. නෝ රිප්ලයිද මන්දා.. එක්කො හිත නිදහස් නැතුව ඇති..
ReplyDeleteලස්සනයි අක්කේ...................
ප්‍රේමයෙ අපුර්වත්වය මෙ කවි වලින් එලියට එනවා.. හැගිම් වලින් වෙව්ලන දැත් වලින් ලියවෙන හිතෙ හැංගිච්ච බයක් අපුරුවට එලිවෙලා
ReplyDeleteඉස් ඉස්සෙල්ලාම මට සමාවෙන්න ඕනා මට ප්‍රතිචාර ලියූ අයට පිලිතුරු ලියන්න බැරි වුනාට. මම එක පොදු පිලිතුරක් ලියන්නම් මේ ගැන....
ReplyDeleteසාමන්‍යයෙන් කවි ලියන කෙනෙක් තමන් ලියූ කවියට පැහැදිලි කිරීම් කරන එක හරි මදි. කියවන්නාට උපරිම නිදහස දෙන්න ඕනේ කවිය තම තමන් ආස අර්ථදැක්වීම තුලින් දකින්න. ඒත් මෙහි ඇති සමහර දේ ටිකක් පුද්ගලික කාරණ නිසා මම ලියන්නම්.....
මම මියගියොත් මම කිසිදාක එන එකක් නෑ සුදු දුග ගවුමක් ඇඳපු , තරුණියක් හැටියට කොණ්ඩය කඩාගෙන නම්.. ඒ වෙනුවට මම හැමදාමත් ආස කලේ පොඩි අවුරුදු 10 විතර දැරිවයක් වගේ ඇවිත් මගේ ආදරනීයයාගේ උරහිස මත හිඳගෙන කකුල් පද්දමින් චොක්ලට් කමින් ඔහු ලියන දේ බලාගෙන ඉන්න කෙනෙකු වෙන්න...
මේ ලියමනේ ගැඹුරු අර්ථය එතැනින් එලියට එනවා/ මගේ ආදරනීයයාගේ ලිවීම මා මියා යාමෙන් නතර නොවිය යුතු බවත් , මා වෙනුවෙන්ම මා මිය ගිය නිසාවෙන්ම ඔහු තව තවත් ලෝකයට අනගි දැ දායද කල යුතු බවත් මා ප්‍රාර්ථනා කරනවා. ඔහු රෑ එලිවෙනතුරු ලියා නින්දට යන විටදී ඔහුට පවන් සලමින් ඔහුගේ හීන වල සැරිසරමින් ඔහුට සුව නිදි දී , ඔහු ලියූ දෑ කියවා සතුටු වෙමින් ඔහු පිබිදිය යුතු මොහොතේදී මා ඇවිත් ගිය බව සලකුණු කරන්නට උඩවැඩියා මල් පෙත්තක් අසලින් තබා මා යලිත් අවකාශයට පියාඹා යනවා.... මේ උඩවැඩියා මල් ගැන , නිලා කූරු ගැන , මා හට ඊට වැඩි දෙයක් බෙදා ගත හැකිව තිබුනා. ඒත් ඒවා ටිකක් පුද්ගලිකා කාරණා... ඒවා පොදු වස්තූන් කිරීමට තරම් මම තාම නිර්ලෝභී වෙලා නැහැ :)
මේ කවිය අගය කල උදාර මල්ලි, දේවක මල්ලි, නිම්ශා නගා,කොට ජීවිතේ නගා, ප්‍රසන්න,රත්ගමයා මලයා,පිණිබිඳු ,හූනා(ඔබ ඉල්ලූ පැහැදිලි කිරීම මා මෙහි ලිව්වා) , පසන් මලයා සහ රවා මලයා.... ඔබ හැමට ස්තූතියි :) ජීවිතේ විඳීම කොහි ඇත්දැයි මා සොයා ගත් දා පටන් ජීවිතේ සැණකෙලියක් විය !
ගැඹුරු නින්දෙහි මඳහස
ReplyDeleteදකින මම යහනෙන් බැස
පෙර රැයේ සිට නුඹ ලියු
කවි හොරෙන් ගෙන කියවමි
ලස්සන පද පෙලක් කියවීමේ වාසනාව හිමි කලාට ස්තූතියි අක්කේ
මරණයේත් සුන්දරත්වයක් දකින්න පුලුවන් අපූරු පද පෙලක් :)
ReplyDeleteආයෙ කියන්න කියල වෙන වචනයක් ඉතුරැ වෙලා නෑ....
ReplyDeleteමැක්ස ආයෙත් මැක්ස..... ආයෙත් මැක්සම තමා !!!!!
@පැතුම්..
නියම ආකල්පයක්...
සුදු හසි නගා... චන්දික මල්ලිය, හූනා... ගොඩක් ස්තූතියි
ReplyDeleteපැතුම්
කවියෙක් වෙන්න නෙමෙයි මම හැමදාමත් ප්‍රාර්ථනා කලේ... ඒත් මට කවියක් ලියාගන්න පොඩියක් හෝ පුලුවන් න එක ගැන මෙහෙම කමෙන්‍ටුවක් ලැබීම මමත් දෙයාකාරයකින් අගය කරනවා...
එක ... මිනිසෙක්ගේ හදවත සසල කරන සුලු පැදි පෙලක් ලියා ගන්නට මට හැකි වීම ගැන. ඒ ගැනකවියට ආදරය කරන හදවතක් මෙසේ කියා සිටීම මට සතුටක්...
තව තවත් කවි ලියන්නට එයින් ලැබෙන පන්නරය අති මහත්... ස්තූතියි...
දෙක...
මට කියා ගන්නට උවමනා වූ නොතිත් ආදරය නුඹ සසල කල ආදරය නුඹ සසල කල නිසාවෙන්ම මට දැනෙන්න අපරිමිත සතුටක්....
ස්තූතියි !!!!!
හරිම ලස්සනයි අක්කේ :)
ReplyDeleteමා මළ පසු කිව්ව ගමන් මාව මෙතනට ඇදිලා ආවේ...
ReplyDeleteමට දිල්ව කාලෙකින් කියවන්න හම්බඋනේ නැ..ඒක උනේ හිතාමතාමයි...මොකද දිලා ලියන ඒවා මේ කියෙව්වා මේ ගියා වගේ අමාරු හින්දා..දවසක් වෙන් කරගෙන කියවන්න කියලා තවත් මේ වගේම බ්ලොග් චෙකක් එක්ක නොකියවා තියාගෙන ඉන්නේ.ඒත් ඒ නිදහස තාමත් මට හම්බ අනේ නැහැ..කොයි වෙලේ හරි ඔක්කෝම කියවලා කමෙන්ට් කරන්නයි හිතාගෙන ඉන්නේ.ඒත් හෙඩිම මගේ ප්ලෑන් එක වෙනස් කලා..
දන්නවනේ අපි සේකර පිස්සෝ කියලා..අපි කිව්වේ ඔය උඩ කමෙන්ට් කරලා තියෙන අර අනිත් පිස්සාටත් එක්ක තමා..(ඔව් ඔය බුලත් කහට දත් පෙන්නලා හිනාවෙන එකා තමා..:D)
ඉතින් අර වගේ හෙඩිමක් දැක්ක ගමන් නිකංම ඇදිලා ආවා...ආවට නිකංම යන්න දෙන එකියක්යෑ දිලා... ඔය පද ටික දැක්කම අර කිව්ව තේරුම ඒ විදියටම දැනුනා..අළුත් දැක්මක්...මරණය කෙසේ වූවත් එතනින් නොනවතින ජීවිතයත්..එක්කෙනෙක් නතර උනත් දෙදෙනාම වෙනුවෙන් ගෙවිය යුතු ජීවිතයක්...ඒක සුන්දර හැගීමක්
සොහොන් කොතේ ලියවෙන කවියකින් ඔක්කෝම අවසාන කරන්න වෙන්නේ නැහැ..ඒක එතනින් එහාටත් යන්න ඕන කතාවක්..දෙදෙනා වෙනුවෙන් එක් අයකු අතින් ලියවෙන කවියක්...
මලිති නගේ... ගොඩාක් ස්තූතියි....
ReplyDeleteඅනෙ අම්මේ මාරයියේ... සසාරෙට අපි අස්සෙ දෑක්ක කල්ල්ල්ල්ල්!!!!!!!!! සන්තෝසයි මේ පැත්තේ ආවට.....
ඔව් අයියේ.. මරණින් පස්සෙ මගෙ ආදරනීයයා මාව හිතේ තියාගන්නවට මම ආස විදිය මෙතන ලියල තියනව කිව්වොත් නිවැරදියි.....
මගෙ මරණින් මතුවට අපේ ආදරයවත් අපේ මතකයන්වත් ඔහුගේ අනාගතයවත් මිය යායුතු නෑහෑ. අපි ලෝකෙට ආවෙ යම් මෙහෙයක් කරන්න... මගෙ මෙහෙය ඉවර වී නොතිබුනොත් එය ඉදිරියට ගෙන යාමත් ඔහු අතෙයි.ඔහුගේ මෙහෙය ඉවර වෙනතුරු ඔහු ලෝකෙන් නොයායුතුයි.... ඔහු ජීවත් වෙන තාක් ඔහු ලියන දේ කියවමින් , ඔහුගේ මෙහෙය අවසන් වනතුරු මම ඔහු අසලම රැඳී හිඳීවි... ඔහු නොදුටුවාට ඔහුත් මාත් මේසේ හමුවේවි.... ඔහුත් මාත් ඔහු ලොව හැරවිත් මා හමුවෙන දා වෙනතුරු...
නොමියෙන ආදරය ගැන මා ලිව්ව මට සංවේදීම සටහන හැටියට මම මේ කවිය හඳුන්වන්න කැමතියි....
එන්නේ නැතිව නෙවෙයි දිලෝ..එනවා ඇවිත් එබිලා බලලා යනවා..කියවන්නේ නැහැ..මොකද උඹ ලියන හුට්ටාරං එක පාරක් කියවලා මදි හැමදාම දෙපාරක්වත් කියවන්න වෙනවා..(අර තව හිපියා කියන එකා මේ ළගදී ලිව්ව හුට්ටාරමක් මට හතර පාරකටත් වඩා කියවන්න උනා..)
ReplyDeleteඒ හින්දා පස්සේ පස්සේ කියලා හිත හිත ඉදලා පරක්කු වෙනවා...
හිටිංකෝ පොඩ්ඩක් අයියා නිදහස් වෙන වෙලාවක් එනකල් කියෝලා කොටලා මලවලා දාන්න..
ඉක්මනට නිස්කලන්ක කියවීමේ ටයිම් එකක් ලෑබේවා මාරයියේ !!!:-)
ReplyDeleteමතකය වළලන
ReplyDeleteසුසානයක් නැත...
සුසානයක ඔබ
තනි කෙරුවත්...
නිහඬ නිසංසල
සුසානයේ ඔබ
සැතපේ
සමගින් අතීතයත්...
නොරිකෝ ඇවිදින් ගියා අදත්...
සුසානයේ ඔබ දකිනු රිසින්....
මිහිදන් කරනට නොරිසි හෙයින්
මතකය අරගෙන ගියා යළිත්...
උපුටා ගැනීම - http://chejanas.blogspot.com/2010/08/blog-post_05.html
.
ReplyDeleteනුඹ මළ පසුව එන
පළමු පුන් පොහොය දින
සඳ මත අඳිමි මුහුණක්
තඩි නහයක් සමඟින