Wednesday, February 16, 2011

[163] ආදරේ මීටරේ..... :D


මේ ..... බබා..... මට කොච්චර ආදරේද කියන්නකෝ......

ම්ම්ම්... ම්ම්ම්... ම්ම්ම්ම්

කුරුලු වෙනද වගේම සත්සරගෙ නොපරදින උපමාවට අලගු තියන්න හැකි උපමාවක් හොයන්න ගෑනු මොලේ වෙහෙස කලා. 

ම්ම්ම්ම්... ම්ම්ම්.... මේ ලෝකෙට මම බිහි වෙච්චි දවස ඉඳන් කොච්චර වාර ගානක් මම හුස්ම අරගෙන ඇතිද? මගෙ ඇඟේ සෛල කොච්චර ඇතිද? හුස්මගත්ත වාර ගාන වැඩි කරන්න ඇඟේ තියන සෛල ගානෙන්.... අන්න එච්චරක් ආදරෙයි.... 

කුරුලු ජයග්‍රාහී බටිචි හිනාවකින් කිව්වා .. ඇගේ ඇස් දිලිසෙනවා... කුරුලු කිව්ව අලුත් උපමාව කුරුලුටම සතුටක් ගෙනාවා....


සත්සර ඒ උද්දාමයෙන් ඇලලුන හුරුබුහුටි මූණට හෙමින් තට්ටු කලා. අනේ මේ හිනාව . අනේ මේ දිලිසෙන ඇස්... බට්ටිච්චියො දෙන්නක් වගෙ උඩ පනින නටන ඇස් බෝල දෙක දිහා සත්සර ලෝබ කමෙන් බලන් හිටියා... එතන සෙනග වැඩියි හිතෙන දේ කරන්න...


ටික වෙලාවක් යනකොට  සත්සර හිතෙන් ටිකක් කලබල වුනා... වෙනදට කුරුලු මේ වෙනකොට අනිත් ප්‍රශ්නෙ අහල ඉවරයි. ඒත් අද මොකෝ... 
 තාම බලන් ඉන්නවා... 

මේකිට අද තනියමම දිනුම ගන්න ඕනෙ වෙලාද ? හැබැයි මේකි කිව්වෙ පරදින්න ආසයි කියලා. ...

ස්ට්‍රෝ බටය ඔතල තිබ්බ පොලිතින් දිග කූර අරගෙන ඒකෙ කොනෙන් සත්සර ඇගේ නහය කිචි කවන්න උත්සහ කලෙත් මේ නිහඬ බව බිඳින්න ඕනෙ නිසයි...එයාව පරද්දල සතුට(?) බලන්න ඕනෙ නිසයි...


කිචි කැවෙන නාහෙ ගස්ස ගස්ස කුරුලු කටින් පුරුදු ප්‍රශ්නෙ එලියට පැන්නා...


දැන් මම කිව්ව මම ඔයාට කොච්චර ආදරේද කියලා... ඔයා මට කොච්චර ආදරේද ?


සත්සර කුරුලුගේ ආසාවෙන් උඩ පනින නටන ඇස් දිහා මොහොතක් බලාගෙන උන්නා... ඊලඟට බොහෝම බැරෑරුම් ලීලාවෙන් උඩ බැලුවා...


ම්ම්ම්.. මෙහෙමයි... අයිස් ඒජ් (Ice Age) මූවි එකේ අර ලොකූ ලේනව (Skrat) මතකද ? මතකද එයා අර වෝල්නට් ගෙඩියට කොච්චර නම් ආදරේද කියලා ... අන්න ඒ තරමටත් වැඩියෙ මම ඔයාට ආදරෙයි... 




14 comments:

  1. සත්සරගෙන් අහගන්න ඕන මේ වගේ තව උපමාවල් ටිකක්. අපිටත් ඉතින් ඔව්වා උවමනා වෙයිනේ කවදකම හ‍රි..... :D

    ReplyDelete
  2. අපටත් කාව හරි හම්බෙච්ච දවසක ඕව කියන්න බැරියැ :D

    ReplyDelete
  3. ඒක නෙව... මේව පරමාදර්ශී ආදර කතා :)

    ReplyDelete
  4. හික්ස්.......... ආදර්ශමත් කතාවක්!

    ReplyDelete
  5. හික්ස්...
    නියම උපමාවල් ටික..
    ඒත් ආදරේ කියන දේ වෙනත් දේට සමාන කරලා ප්‍රකාශ කරන්න බෑ නේද මිස්?

    ReplyDelete
  6. හ්....ම්. අහස සේ නුඹ අනන්තයි. එහෙම කියපු අය අද කොහෙ ඉන්නවද මොනව කරනවද කියලවත් දන්නෙත් නෑ. ආදරේ හරි පුදුමයි. කෙනෙක් හිනාවෙනකොට දහක් දෙනෙක් අඬවනව.

    ReplyDelete
  7. මට කාරණා දෙකක් මතක් වෙනව
    1. බඳින කමි ...... මිහ් ......... ඔින දෙයක්!
    2. දිනන්න ඔිනම( to out smart) නමි මගක් සොයා ගත හැකිය

    ReplyDelete
  8. නියම උපමාවල් ටික..

    ReplyDelete
  9. චතුවෝ...
    යා යා.. ආදරනීය කතාවක් කිව්වොත් වඩා නිවැරදී....

    රොශාන්
    අපි යන යන තැන දේවල් උපමා කරනවා... බුදු හාමුදුරුවොත් යම් දේ උපමාවෙන්ම කිව්වා. ඒ තේරුම් ගැනීමේපහසුව නිසා. ඉතින් මට හිතෙන්නෙ මේ මට ඇහුන ආදරය පිලිබඳ සුන්දරතම උපමාව....

    සුදු මහත්තයා
    අපි හැමෝම හඬන්නෝ... ඒත් අපි හැමෝටම හිනා වෙන්ට හැකියි... තියන දේ ගැන හිතලා...

    දයාල් බතී...
    දිනන්න ඕනෙම නම්.. අන්න ඒකයි වෑදගත්ම වචනේ... නිකම්ම පඳුරට ගල් ගහනවා වගේ නෙමෙයි.. එක අරමුණෙන්... දිනන්න ඕනෙම නම්... ඔව් මග තියේ.. බැරි දෙයක් නෑ. ඒ උත්සහය සුන්දරයි...

    ළ්200
    ස්තූතියි :)

    ReplyDelete
  10. අනේ සත්සර ගෙ උපමා... හරිම ආදරණීයයි නේ!

    ReplyDelete
  11. ඔව් සන්ජු... සත්සර වගේමයි...

    ReplyDelete
  12. අනෙ අම්මෝ මාර සංකීර්ණයි. හුඟක් වෙලාවට මමත් අසරණ වෙන ප්‍රස්නයක්. :)

    ReplyDelete
  13. ඔන්න තියනවා උත්තර,,, ඉගෙන ගන් :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->