Thursday, February 10, 2011

[160] හීනයේ අරුමයක් !


ගිම්හාන වෙහෙසට හතිලන
මද්දහන් දාහය විසිරෙන
හැමදාම එන යන හිඳින
උදා වූ මේ අරුම
වසන්තයක් නොව
මේ අනන්තයයි...

කඩතොලු ඇඳී මැකී යන
පොලොව සම මත ලියවුන
අහුමුල්ලේ ‍රැඳුන ක‍ටු සටහන
ඒ අවසානයක් නොව
මේ අවසානයයි....

හුණු කූරු අඟුරු කැට ගෙන
කුරු‍ටු ගැ සිතුවම් කොන
කැන්වසයෙහි පිලිසි‍ඳෙන
පාට ගොන්නක් නොව
මේ අනාගතයයි...

මසැස දු‍ටු වෛවර්ණ
වසා කඩතොලු පැහැයෙන
සංසාර ගමනක දුර ආ
තවත් හමුවීමක් නොව
මේ
ජීවිතයයි...
එහි සෙවූ
හීනයයි...

ස්තූතියි.... :) .... දුටිමි.... කියෑවීමි... ස්තූතියි.... ඔබට.... මේ පහල ඉන්න :)


3 comments:

  1. වසන්තය දකින්නට පෙර මං බලන
    ගිම්හානයේ කටුක බව කරපින්නාගෙන
    අනන්තය සොයා පිය මං මනින
    තවත් එක් දිනයක හිරු එළිය වුන

    කඩතොලු වසා ලියවුනු
    මැටි පොළව මත වියළුනු
    නුඹ නමින් කටු ගෑ පද පෙලක්
    ආත්මය හඩවයි නෙත ගැටෙන විට

    හුණු කූරූ අගුරු කැට නැතුවම
    කැන්වසය මත ඈදි සිතුවමක
    දකින්ට නුඹ නමට පිදු ලෝකය
    බලා ඉමි මම දකින්ට එනතුරා පාටත් රැගෙන....

    ReplyDelete
  2. /*
    මසැස දු‍ටු වෛවර්ණ
    වසා කඩතොලු පැහැයෙන
    සංසාර ගමනක දුර ආ
    තවත් හමුවීමක් නොව
    මේ
    ජීවිතයයි...
    එහි සෙවූ
    හීනයයි...
    */

    May your dreams come true...!!!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->