Sunday, February 06, 2011

[159] පයින් ගහපන් මේ ඉණිමගට !


ඔන්න ඉතින්
ගොඩ වුනා මම
හඳේ ගැට්ටට
කිසිදාක
මෙච්චර නම්
නැග්ගෙ නෑ
ඉණිමගක!

හ්ම්ම්.. හා..
දැන් ඉතින්
අරන් යනු ඔය ඉණිමග!
තනි කරපන්
මාව මේ සඳ මත...
ඉඩැර
රස්තියාදුවේ යන්නට...

හති වැටෙන තුරු
හොයන්නට
මගෙ හිතේ ඇඳිච්ච
අර අරුම පුදුම පාට
සිප්පි ක‍ටුව !

ඒ ක‍ටුවේ අගිස්සක
ලියන්නට
මගේ ‍රැඩිකල් ආදරය
නන්නත්තාර වෙච්චි නැති
රස්තියාදුවේ යන
මගේ දිග කවිය !

4 comments:

  1. වැටහෙන් නෑ....
    වැටහෙන් නෑ.... මට මේ අරුමේ...
    මොකද්ද මේ පුදුමේ.........

    ReplyDelete
  2. අයි රිපීට් අනුරාධ

    ReplyDelete
  3. බෑ. බෑ.. මිස්ව අතරමං කොරන්න මට නම් බෑ...
    මම ඇවිත් හැංගිලා බලන් ඉන්නවා කවුද ඉනිමඟ අරන් යන්නෙ කියලා. ඊට පස්සෙ මම වෙනත් ඉනිමඟක් අරන් ඇවිත් තියනවා මිස්ට ආපහු එන්න හැකිවෙන්න..

    ReplyDelete
  4. ආයෙත් කවදාවත් බිමට නොඑන්නට..
    ඒ ලස්සන සද මතම හැමදාම රැදෙන්නට..
    ලියන්නට යන කවියේ අවසානය මේ සිතුවිලි තරම්ම සුන්දර වන්නට..
    ම‍ගේ අවංක සුභ පැතුම්...

    ලස්සනයි.... comment එකක් නොදා යන්න හිත දුන්නෙම නෑ..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->