Thursday, February 03, 2011

[158] අපෙ සුදු චුට්ටි දෝණි :)


අද අලුත් දවසක්. ඔව් අලුත් දවසක්.හැමදාම වාගේම අදත් අලුත් දවසක්. හිතිවිලි වලින් හිත පිරෙනවා. අද පෙබරවාරි පළවෙනිදා. උදේ පාන්දරම මගේ දූ පැටියා සින්දුවක් හැදුවා.

පුංචි වුනත් මම තාමත් -පාට හොඳට දන්නවා
පුංචි වුනත් මම තාමත් -ගණං හොඳට දන්නවා
පුංචි වුනත් මම තාමත් -අකුරු ටිකක් දන්නවා
පුංචි වුනත් මම තාමත් -කවි හදන්න දන්නවා

ඒක තවත් දිගට කියනවා.මගේ මේ පුංචි දූ ඩිංගිට තාම අවුරුදු 3යි වයස.දොඩං ගෙඩි දෙකක් තරමටවත් උස නෑ.ඒත් පුංචි හපනියක්.මේ අම්මට ආඩම්බරයි.ඒත් හිතට ටිකක් බයයි වගේ.. දෝණිගේ දක්ෂකම් මුවහත් කරන්න තරම් මම බුද්ධිමත්ද? ඒ වගකීම මහමෙර වගේ දැනෙන්නේ.

පුතාල දෙන්නෙකුට පස්සේ ආව දෝණි -අපේ බඩපීස්සි. පුතාලත් පුංචි හපන්නු තමයි.එයාල මුවහත් කරන එකත් මගේ වගකීම තමයි. ඒත් පුතාලගෙ අප්පච්චි එයාලට පන්නරය දේවි.ඒ නිසා ඒ බරින් මම නිදහස්.

දෝණි දෑනටමත් අපේ ගෙදර පුංචි අම්මා කෙනෙක් වගෙයි."අප්පච්චිට මහන්සිද? මම වතුර ගෙනත් දෙන්නද?" කියලා අහද්දි මහන්සි වෙලා එන අප්පච්චිගේ ඇහැට උණන්න්නේ සතුටු කඳුළු...


අද උදේ පාන්දරම අයියලා දෙන්නට ඉස්කෝලෙ යන්න නගා සපත්තු මදිනවා ගිරවියක් වගේ කියව කියවා. මගේ ලඟ දැවටි දැවටී මට උදව් වෙනවා. "අම්මට මම පොල් ගාලා දෙන්නද?" පොල් ගාන්න දුන්නොත් පුංචි අත සීරේවි කියලා බයයි.ගාන්න නොදුන්නොත් පුංචි හිත සීරේවි කියලා බයයි.



"මගේ පුංචි සුරංගනාවියේ" මම දෝණි තුරුලු කරන් ඇහුවා. "කොහෙන්ද අපි ලඟට ආවෙ ඔයා?"

"මම ආවෙ දිව්ව ලෝකෙ ඉඳං" මේ තමයි එයාගෙ උත්තරේ.

"අම්මට ආදරෙයිද දූ?" ආයෙමත් මගෙ ප්‍රශ්නෙයක්.

"ඔව් අම්මටයි,අප්පච්චිටයි,ආත්තම්මටයි,ලොකු අයියටයි,පොඩි අයියටයි හැමෝටමයි අනන්තයක් ආදරෙයි"

මටත් ඕනේ ඕකම තමයි දුවේ.හැමදාමත් හැමෝටම ආදරෙන් ඉන්න.එතකොට හැමෝම ඔයාටත් ආදරේ වේවි.එතකොටයි ඔයාට සතුටින් ඉන්න පුලුවන්.

මේ ලෝකේ හැමෝටම මගේ දූට වගේ හැම කෙනෙකුටම අනන්තයක් ආදරේ දෙන්න පුලුවන් නම් මේ ලෝකේ කොයි තරම් අපූරු වේවිද? නේද?

ලිව්වේ :සමන්මලී ගුණවීර

පසු සටහන : මේ සමනල නිසා දවස ගානේ මාත් සුවඳවත් වෙනවා කියා මට හිතෙනවා. ස්තූතියි මගෙ සහෝදරී.... ආදරෙයි නුඹට ගොඩාක්....

4 comments:

  1. චුට්ටි දෝණි ලොකු වෙලා හොද ලමයෙක් වෙන්න....... ජීවිතේ ජය ගන්න...ජය වේවා!!!

    ReplyDelete
  2. අම්මාගේ වචන වලින් ආදරේ උතුරා යනවා.... ඔව් පුංචි දොණි ඉක්මනට ලොකු වෙලා ජිව්තේම ජය ගන්න...අද අම්මා මේ දකින හීන සැබැ කරන්න...

    ReplyDelete
  3. සමන්මලීගෙ කතාවල ආසම ලිපිය ‍මේක. තේ එකක් අරගෙන බ්ලොග් එකක් කියව කියවා උගුරු උගුර රස විදින අතරේ මේ ලිපියත් කියවලා ඉවර වුනා. තේ උගුරක්වත් නොබී. චුටිම චුටි දෝණි දිව්‍ය ලොකෙන්ම එන්න ඇති. ‍හිතාගන්න බැරි තරම් දක්ෂතා තියෙන ළමයි ගොඩක් නැති වුනාට විටින් විට ඉන්නවා ඒ අය ගැන කතා වෙනවා අඩුයි. මාත් දන්න චුටි දෝණීයෙක් ඉන්නවා මේ වගේ අහන හැම එක්කටම උත්තරයක් තියෙනවා එයා ලග හරිම පණ්ඩිත දෝණියෙක්. ඉතිං මට මෙයා ගැන හිතා ගත්තෑකි.


    අනන්තයක් තරම්.............................................අපුරු විග්‍රහයක්....යාළුවාගේ ලිපි මෙතැනින් ඉවර වෙලාද ජිවිතේ මල්..එයාට අළුත් පැණක් අරන් දෙන්න. හිකිස්.

    ReplyDelete
  4. යාලුවට අපි බල කරමු ආයෙත් ලියන්න :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->