Thursday, December 30, 2010

[134] නුඹ 'එපා' යැයි කී විට..



නුඹ 'එපා' යැයි කී විට
හැරී නොබලා යන මට
ඉඟියක් වත් නොකොට
අහිංසක ඇස් කඳුලු පුරමින්...


ආපසු හැරුන මොහොතට
ඔය දුක හිතෙන මුහුණට
කිඹුලෙක් කඳුලු දී ණයට
මට තවත් දුක හිතමින්...


ඉන්නදැයි එපාදැයි හෙට
තරව‍ටු කොට අසන විට
නොදරුවෙක් වැනි ඇඬුම් මූණට
සිය දහස් වර මැරී දැවෙමින්....


හිනහවක් විඳි වරදට
හැඬුම් සියයක් හිලව් කොට
ඉඩ දියන් මට යන්නට
ඉතින් ඇති ඉවසුවා මම දැන් !

Tuesday, December 28, 2010

[133] වීසි කරපු ආදරේ !!


~'~
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කලෙමි
හදේ තුබුන
ආදරයයි කරුණාවයි
කාටවත් නොදී

විරහ වේදනා වින්දා
ඈසුයෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත් 
හදේ දරා සිටි හින්දා

කුරුලු ගීත මට ඈසුනා
ගහේ කොලේ මල් පිපුනා
ලඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දෑනුනා 
~'~




ආදරේ එක් බෑඳීමකටම සීමා නොවී ආදරේ කියන දේ මුලු ලෝකයටම පෙරී එන විසාල කරුණාවක් සෙනෙහසක් නම්, එහි ඈත්තේ නිම් හිම් නොවෙන සතුටක්. ඒත් කොච්චර කිව්වත් හිතුවත් මේ හිතට දැනෙන්නෙම තනිකම. අපි බයයි තනිවෙන්න. මම මගෙ බ්ලොග් එකේ මේ වචන කීපය කියන කී වෙනි වතාවද දන්නෙ නෑ, ඒත් මේ වචන ටික එතරම්ම මගෙ හිතේ තදින් කා වෑදුන නිසා ආයෙ ආයෙමත් ලියවෙනවා. 

තනිකම කියන්නෙ බයක්. අපි බයයි තනිවෙන්න.අපිට යැපෙන්නට කෙනෙක් නැතිවෙන විට අපි බය වෙනවා හවුහරණක් නැත කියා. ඒත් හුදෙකලාව කියන්නෙ සැපයක්. හුදෙකලාව බ්‍රහ්මාස්වාදයක්. හුදෙකලාව කියන්නෙ බයක් නෙමෙයි. ලෝකයම තමන් වටා අරක්ගෙන සිටිද්දී තමන් තමන් සමග ජීවත් වීම හෙවත් කිසිවෙකුගෙන් යැපෙන්නට නොයාම තුල හුදෙකලාවේ සුවය අත් වින්ද හැකියි. මේ කියන්නේ කැත්ලීන් ජයවර්ධන 'තඹරවිල' කියන පොතේ.  

කුරුල්ලන්ට ගී හදන්නට ගහ කොල පාට කරන්නට, නිදහසේ , කිසිත් බලාපොරොත්තු නොවී හිතේ තියන මහා ආදරය දයාව කරුණාව වීසි කරන්නට හැකිනම්, ගහකොල සතාසීපාවාගේ සිට මුලු ලෝකයම තමුන්ට සෙනෙහස පාද්දි, නිවී සැනසුන සිතෙන් හුදෙකලාවේ බ්‍රහ්මාස්වාදය විඳිය හැකි වේවි. 


ගීතය අහමුද ?

ප.ලි: ජීවිතෙ මල්ගෙ ජීවිතේ හොඳටම් බිසී වෙලා. ඒත් අවුරුද්දක් මාව ජීවත් කරවපු මේ මගෙ හදවත ලියන බ්ලොග් පිටුව කෙසේ අමතක කරන්නද ? කලින් කලට හෝ සංසාරේ අපි වෙත ජීවිතේ මල් ගොඩ වෙන එක වෙනවාමයි .... :)

Sunday, December 19, 2010

[132] කලු රෝස මලක් !

කලුයි...
ඒත්
මලක් නම්
තමයි

බොහෝ සේ
ලං වුනොත්...
තැලුනු පෙති
මත..
ලොකු බර
සපත්තු අඩි ..
එකෙකු හෝ
දකියි...

කලුයි නම්
තමයි
සුවඳ නම්
අගෙයි
අලුත් නෑ
දනියි...

ඒත්....
පෙති සිනිඳු
හින්දම
ඒ මලක්
බව
සැබැයි !

Monday, December 13, 2010

[131] "මේ කවියට නමක් දෙන්න"




නෑසෙන ඉසවුවක හිඳ
කවියක් ගොතන හිත
අකුරක් අඩු තෑනෙක
හිස්තෑනෙක පිරුනු බව හොයන...

හිස් තැන් ගොඩක් මැද
එකම එක අකුරක් පෙනෙන විට
එවෙත ලං වෙන හිත
හිස් කමක නොපහන් බව දනිත...
 .
කඳුලු ගැන , දුක සුසුම ගැන
විතරක්ම කවි ලිවු හිත
ඉන් එපිට ඈති අරුම
නොදුටු සේ නොව නොහිමි සේ හිඳ

වෑස්සක් ඈද හෑලෙන
අහස දෙස බලාගෙන
තවමත් කියන මගෙ හිත
නියං දුක ගෑන... අලුත් වෑස්සක් දෑක දෑක ..

එහි ඈත්තේ නොදරුවෙකු නොව
බියෙන් තෑති ගත් හිතක් මිස
කුමකටද බිය?
නුඹ අසනු ඈත...

අඳුරට සුලඟකටත් සසැලෙන්න
සාවකුටත් නොහිමි තැති ගැනුනු හිත
නොකියා කියයි බියට කාරණ
අහිංසකයි මමද, මා එක හිතද, එපමණට

අතීතයෙන් පෙලන ලද හිතට
අනාගතයක පාට තවරන
වර්තමානය මත ඇතිරුව
උදා අවු ‍රැල්ල නුඹ...

අලුයම 4ට විතර...
2010-9-22

Sunday, December 12, 2010

[130] දෙපාරකදි කාලෙකින් ලියපු සඳෑස් දෙකක්

ඉරෙන් ‍රැස් ගෙන නිදන් උන් මල් එකින් එක ඇස් අරින්නට හැර
වසත් අහසෙන් නෙලන් තරුවක් එයින් කලුවර සි‍ඳෙන්නට හැර
ඉදින් පෙර කල විඳින්නට පැතු නිදන් සීනය මිදෙන්නට පෙර
හිඳින්නම් මම් බලන් නුඹෙ මුව හසින් ගිලිහෙනු ගිලන් හද'ඳුර
බිඳුනු සමනල පිහා‍ටුව ගෙන අත්ල වෙත දී ඇඬුම් මුමුනමි
සමන් මල මත පිපෙන කඳුලැලි රසය ඉවසා සිනහ මුදනෙමි
සැබෑවක් කොට දොහොත් මුදුනෙන් ‍ රැගෙන පුදසුන ලතැයි හිතුවෙමි
වරද පසිඳිමි, හෙයින් ඉවසමි, කොහිද සැනසුම , කොහිද සොයනෙමි....
 

Friday, December 10, 2010

[129] නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා


මේ දවස් වල කොලඹ උහුලන්න අමාරු හීතලක් අල්ලලා තිබුනේ හරියට කොලඹ නෙමෙයි වගේ. උදේ පාන්දර ගෑහි ගෑහී සීතලේ ඈඟ පත හෝදගෙන ඉස්කෝලෙ යනවා හරියට මීට අවුරුදු ගානකට කලින් කම්මෑලිකමේ නුවර හීතලේ කට කට ගාමින් ගෑහි ගෑහි අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියා වගේ.... මේ ගීය මගෙ මතකේ පතුලෙම වගේ හැංගිල තිබුන, ගීයක් තිබෙනව බව මතක තිබුනත් එහි අරුමය නොවෑටහී නිරපරාදේ මතකේ පාවි පාවි උන්න, හරිම ලස්සන ගීයක්. පද වැල මතක් කලේ මගෙ යාලුවෙක්. ඈ මන් හිතන්නෙ මෙහි ඈගෙ නම කියනවට කෑමති වේවිද මන්දා... (සඳුදට අහන්න ඕනේ :) ) හෙ හෙ.. ඔන්න අහන්නකෝ...

~'~
පිණිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....//

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...

වේල දෙව්ලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ
ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා.....
~'~


සෑවුලන් හඬලන සීතල හිමිදිරි උදේ හිරිගෑට නොකඩා පොරෝනෙටම ගුලිවෙලා නිදන කොලුවෙක්. යාබද කුස්සියේ හනි හනික පුතුට අම්මා පාසල් ගෙනියන්න බත සරි කරනවා කඩිමුඩියේ. රේල්ලුවෙ වෙලා කණිසම හිතේ රඳවගෙන ලා දම් පාට හිමිදිරිය දවස උදා වෙන අයුරු බලන් ඉන්න තාත්තා තව තව සෑපට ගුලිවෙන පුතු දිහා බලන් මෙහෙම හිතනවා මට මෑවිල පෙනෙනවා.
අකුරට පමා උනොත් , වේවැල් කසායෙන් රිදෙන්නේ පුතුටමයි. පුතු වෙනුවෙන් දුක් ගන්නා අම්මත් හඬාවි පුතු අඳුරට වෑටුනොතින්. දුක දිනා ජීවිතය ජය ගන්නට විරිය කල යුතුමයි. අද කලුවර උනත්, සිල්ප සොඳින් උගන්නා පුතුනේ නුඹේ හෙට එච්චර කලුවර නෑ. ඔය කඩමලු, හීතල , බඩගින්න පිරුනු අතීතය දිහා ආපහු හැරිල බලාගෙන එදාට නුඹ සතුටින් හිනහ වේවි වර්තමානයත් එක්ක.
එදාට පුතු සක්විති කිරුළු පලඳිද්දී වැඩියෙන්ම සතුටු වෙන්නෙත් ඔය දුක් ගන්නා අම්මාමයි.  මානව දයාව , දරුවන්ගේ අනාගතය , බලාපොරොත්තු , හීන සහ දාරක සෙනෙහස නැලවිල්ලේ කැලැත්තෙන අපූරු ගීයක් ... ගීතය සිහිපත් කල මගේ යාලුවාට ස්තූතියි :)
ගීය අහමුද මෙතනින්....
ප.ලි.
හැමදාමත් වගේ මට අදත් අහන්න හිතෙනවා .. 'ඇයි දෙවියනේ මේ වගේ සොඳුරු පද වැල් දැන් නොලියවෙන්නේ ???? '

Wednesday, December 08, 2010

[128] තරහ වෙන්නෙ නෑති ආදරේ !!!

 ~"~
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමී

ගඟේ වතුර නෑ ඉහළට ගලා ගියේ
අසෙණි හඬින් නෑ කඳු බිම් සසල වුනේ
ගඟ කවදාහෝ මුව දොර හමු වෙනවා
ලොව කැලඹුනු දා කඳු බිම් හැකිලෙනවා

අනාත සයුරට වැහිදිය දෝත ඔබයි
අගාධ අඳුරක දුළ රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවණු පවුරක මහ දුරකි
~"~

ආදරය මත්තේ ලෝකයම තැනීම හෝ නැසීම නොකොට, අහිමි වීම නමැති වේදනාව විඳ දරා ගන්නා, අහිමි කම තේරුම් ගන්නා, ඒ සමග ජීවිතයේ අවබෝධය මුවහත් කරගන්නා , එසේත් නැතිනම් නොගැලපීම් වටහා ගනිමින් සුහදව වෙන් වන්නා වූ පෙම්වතුන් අප අවට සිටීදැයි මම කලින් ලිපියේ  ප්‍රශ්න කලා.ඒ ඇසූ පැනයට ලැබුනු බොහෝ පිලිතුරු සොඳුරු ගී අමුණා තිබූ නිසා මට තව සිත් ගත් ගී ගැන ලියන්නට නිමිති ලැබුනා. :)

"ආදරේ අහසයි පොලවයි වගේ. කවම කවදාවත් ලං නොවෙන.. ඈ
ත සිතිජය වගේ හීනෙක විතරක් ලඟට එන.අහස තරම් පළල් ගැඹුරු ඉමක් නැති ඒ හදවතෙන් ඒ ජීවිතයෙන් බිඳිත්තක් කාටත් හොරෙන් රාත්‍රියට මිහි පතිත වෙන තරු එලියක් වගේ ඈ වෙත එනවා.ඉතින් සැනෙහෙන්න ඒ එලියෙන්..

සොබාදහමට එරෙහි වන්නට අපට බැහැ. ගං දිය ඉහලට ගලා නොයන්නා සේ.. අසෙණි හඬට කඳු බිම් සසල නොවන්නා සේ. ඒත් අද ගෙවෙන මේ ජීවිතය පිණි බිඳුවක් සේ හැඩය කාලය පැහැය වෙනස් වෙනවා. ගඟක් මුවදොර හමුව මුහුදට මුසු වන්නා සේ , දෙරණ කැලඹෙන කල්පයකට වතාවක් හෝ කඳු බිම් පවා මිහිදන් වන්නා සේ....සියල්ල එක සැණින් වෙනස්වෙනවා
.. ජීවිතය මේ වගේයි...

පිපාසයෙන් පීඩිත සයුරට වැහි දිය දෝතක් මවන අරුම! අන්ධකාර අගාධයක කැලැත්තෙන ජීවිතයට දැල්වුන රන් පහන් සිළුවක් වගේ.. මා ඔබෙන් ඔබ මගෙන් සැනහෙන තරම් දකිද්දී ඔබත් මාත් අතර දුරක් කොයින්ද? නැහැ.. අපි දුරයි.... ඔබ වටේ බැඳුනු ඔය කහවණු පවුර මා කෙසේ තරණය කරන්නද ? මා දුරයි... ඔබ දුරයි...

මේ මා තුන්කල්හිම ඇලුම කරන ගීයක්.මන්ද යත් , ආලයට එරෙහි නොවෙන , ආලයට ආලය පාන,එමෙන්ම ජීවිතය හඳුනාගත්,අහිමිකම හඳුනාගත්, ආදරයට අවබෝධය මුසු වූ බවට ඉඟි කරන ගීයක් යයි මට හිතෙන නිසා....

ගීය අහමුද ?

Tuesday, December 07, 2010

[127] ආදරේ ඉවරායි = ජීවිතේ ඉවරායි

ආදරේ = ජීවිතේ
ආදරේ ඉවරයි = ජීවිතේ ඉවරයි
ආදරේ අසාර්ථකයි = ජීවිතේ අසාර්ථකයි....
ආදරෙන් පැරදුනා = ජීවිතෙන් පැරදුනා


ආදරෙන් තොර ජීවිතේ = රසයෙන් තොර හොද්දක්
ආදරය = රසය
ආදරෙන් තොර = රසයෙන් තොර
ජීවිතේ = හොද්දක්


හැබෑට????


සමහරු කියනව 'ආදරේ කියන්නෙ මගෙ ජීවිතේ' කියල. ඒ කියන්නෙ පාට්නර් කෙනෙක් නෑතිනම් කන්නෙ බොන්නෙ නෑ ???
ආදරය මට බෑලුමක් වගෙ පිම්බිලා ජීවත් වෙන්න හේතුවක් දෙනවා = ආදරේ නෑති වෙච්ච ගමන් ජීවිතෙ කියන්නෙ නිකම්ම නිකම් පපඩමක් වගෙ වෙනවා.


"ඔබෙන් තොර වූ ලෝකයක් ගෑන නෑ සිතන්නේ මා.." ... ඔය කිව්වෙ... ඉතින් ඔබ තොර වූ දාට වස බොන මිස මෙහෙවු ප්‍රකාශ කලාම වෙන විකල්පයක් තියේද සන්සාරේ !


"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මන් විතරද" - සාපේක්ෂ කාරනා... ඒත් නහින්නෙ මොටද?



"හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොලඳ වෙලා. අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා" - සහතික ඇත්ත. 'ලොව' නම් ලොවි ගහෙත් නෑ. 'ලොව' තමයි ගොඩක් දේවලට මුල. වහ බෝතලේට පාර පෙන්නනෙත් 'ලොව' තමයි.


'ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද ?' - මොකටද අනේ. එහෙවු වෙනසක් කරගෙන ... දිනන්න කියලා දුවලා දුවලා... ඔය අතික්‍රමණ ඔක්කොම කලාම ඉන්නෙ 'මම' නෙමෙයිනේ.


'බිඳුනු පෙමින් ගිනිගත් හදවත් , තනිවේවි එක්ටැම්ගේ' - අනේ පෙමක් කලා නම් , දෙන්නට දෙන්නා ස්තූතිවන්ත වෙලා හිත් නොබිඳ ඈත් මෑත් වෙන්න බෑරි ඈයිද දන්නවද? අර කිව්ව 'ලොව' තමයි මුල. ඈයි 'ලොව' කියනවනෙ එක එක එවුවා... අරව මේවා ...ඈයි 'ලෝක ලැජ්ජාව'???


මේක කියවන ඔයාල මට පොඩි උදව්වක් කොරනවද ? ආදරෙන් පොඩි දඬුවමක් වින්ද ජීවිතේකට සුබවාදී දෙයක් එකතු කරන, එතනින් ජීවිතේ අහවර නෑ , දහිරියෙන් හිත් තෑවුලින් මිදිල නැගිටිය යුතු බව කියන , අතීතය ගෑන පසු නොතෑවී අනාගතය ගෑන විසාල ප්ලෑන් නොහදා වර්තමානය ජය ගත යුතු බව කියන, අරමුණු කියන්නේ කසාදය ආදරේ ප්‍රේමය විතරක් නොවෙන බව කියන, ආද‍රේ කියන්නෙ හුස්ම පවා වැටෙන සාධකයක් වීමට තරම් බොලඳ නොවිය යුතු බව කියන එක සින්දුවක් හොයල දෙන්න මට !


 මෙන්න මෙහෙමනෙ ඉන්ට ඕනේ... හිනා වෙලා..... නෑද්ද??? 

(මේ පොඩි රහසක් කියන්නද? කොටින්ම මම මටම ගහන මඩ පාරක්! මේ කියන ජීවිතේ මලුත් හරි ලොකුවට ලේබලේකුත් දාල තියනවලු 'ආදරේ හෙවත් මගේ හුස්ම' කියල... සන්දුක්කේ... )

Friday, December 03, 2010

[126] නිකනුත් රිදිච්ච හිතක් ....


ගල් ක‍ටුවක් සොයා
ගැඹුරෙහිම
කිමිදෙමින්
නිදන් නැති පතුලක්
කැණ බලමි...

එහි ඇත්තේ
කඳුලු දැයි
අසන්නට හේතුවක්
කුමට දැන්,
නොකිවමනාය
කඳුලු නම් තමාය !

අහේතුකවම
එහි පිරී ගත්
කඳුලු දැක
යලි නොගැඹුරට
කිමිදෙමි

හාත්පස එලිය
පුපුරු ගසන සඳ
සන්තානය තුල..
ඇස් දෙකම
පියාගෙන
ගැඹුරේ අඳුරට
පෙම් බඳිමි....

නිකනුත් රිදිච්ච
මගෙ හිත
විහින්ම
පාරවා ගෙන
අඳුරේ
හැඩයක් අඳිමි..


මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->