Sunday, April 15, 2012

[243] විශ් !


අවුරුදු දවසේ මට මහා පැන දෙකක් තිබිණ.
එකක් මේ හැමෝටම විස් කරන්නේ කෙලෙසද යන්නය... අනික විස් කරන අය එකෙක් නෑර අත නොහැර පෙරලා සේම් ටු යූ කියන්නේ කෙලෙසද යන්නය.

ඒ දෙකම ප්‍රස්නෙයක් වන්නේ ... බොහෝ හේතු නිසාය. ලොකුම ප්‍රස්නය තාක්ශනයය. හේතුව නම් ඊමේල්,, එස් එම් එස්, චෑට්, ෆෙස් බුක්, ගූගල් ප්ලස් , ෆොටො ටැග්ස් , කෝල්ස් , කොමෙන්ට්ස් ටැග්ස්, එකී මෙකී නොකී බහුමාධ්‍ය විසින් මගෙ ඔලුව නන්නත්තාර කිරීමය.

ඊමේලයකට රිප්ලයි ලියද්දී ෆෝන් එකෙ එස් එම් එස් ටූක් ටූක් ගායි. සමහරුන්ට සහ මට මේ සවුන්ඩ් එක පෙන්නන්න බැරිය.  එස් එම් එස් එකට රිප්ලයි ලියද්දි ඒක ඩ්‍රාෆ්ට් වී කෝල් එයි.

ඒ දෙක ඉවර වී කොම්පීතරය බලද්දී එස් එම් එස් එවු කෝල් කල බූතයාම මාව ෆොටො වලට ටැග් කොට ඇති අයුරු පෙනෙන විට දැනෙන ප්‍රීතිය !

 අහා අහා අහා.. 

වලාකුලු අයියා සිහලෙන් හිනාවෙන්න 2010 කියා දුන්නේ එසේය.. වලාකුලු බ්ලොග් එක ඔබට මතකද? ඒකා දැන් ලියන ලිවිල්ලක් නැත. යාලුකම නම් එසේමැයි.

දැන් මේ කෝචෝක් රචනාව මම ලිව්වේ මට මෙහෙම විස් කළ අයට බනින්ට හෙම නොවේ. ඒ වෙනුවට ඒ විස් කල අය මට කොච්චර අගේද කියන්ටය .

මම මහ චාරයක් නැති එකියකි. එහෙම කියන්නේ වෙනකක් නිසා නොවේ. මම විහින් චෑට් නොයවන නිසාය. මා විහින් එස් එම් එස් නොයවන නිසාය. මම විහින් කෝල් පවා නොදෙන නිසාය. එකම එක අවුරුදු ටෑග් එකක්වත් මම කෙරුවේ නැත. මොකද එහෙම කෙරුවොත් අනික් අය තරහ වෙන එක වලක්වන්ට බැරිය.

ගූගල් ප්ලස් සහ ෆෙස් බුක් එක අස්සේ 2000 ඉක්මවන මිතුරු මිතුරියන්ගෙන් එකෙකු හෝ මගාරවන්නට හිත නොදෙයි. හේතුව නම් ඒ හැමෝම මම පුද්ගලිකව අඳුනන නිසා නම් නොවේ....  ඒකට හේතුව මේ කට්ටිය ගොඩ දෙනෙක් මගෙ වටේ ඉන්නේ සන්සාරේ අපි නිසාය. මම ලියන විකාර නිසාය.

මම සෙලිබ්‍රිටි කෙනෙක් නොවේ. එහෙම වෙන්නට වුව මේ ආත්මේදී බැහැය. ඒ නිසා මේවා ඔක්කොම ලියන්නේ මම මහ ලොකු කෙනෙක් නිසා නොවේ. ලොකු කෙනෙකු නොවීත් ලියන එක අකුරක් හෝ මතක සිය දාස් ගානක් මාව මතක් වී විශ් කල එක මහ සතුටක් නිසාය, ටැග් කිරීම ප්‍රීතියක් වන්නේ එසේය ...

සමාජ සම්බන්ධතා මගේ ලෝකය තුල සීමා කිරීමට මගේ පුද්ගලික කාරණා තියේ. එහෙත් සමාජයට පණිවිඩයක් ලියනු උදෙසා , ඒ ලියන දෑ කෙරේ පෙරලා සතුට ලබා ගනු උදෙසා මම පුද්ගලික සීමාව බාධකයක් නොකර ගමි.මගේ ෆෙස් බුක් එක තනිකරම ඔරිමජිනල්ය. කිසිවෙකුට මගෙ පොදු කරුණු මා වසන් කරන්නේ නැත. ඒ වගේම මම ලියන එව්වා ඇනෝ නැත. ඇනෝ වෙවී ලිවිය යුතුයැයි හන්වඩු ගසන කරුණු පවා මම ඇණෝ නොවී ලියමි. එහෙම ලියන්ට බැරි නම් මම නිකම් ඉමි.  මොකද මට මා නොවී වෙන කවුරු වුවත් වැඩක් නැත.

අවුරුද්දට මම කිසිම දෙයක් වෙලාවකට කළේ නැත. වෙන අය අවුරුදු සීසන් එකට ඈඳුම් ගනිද්දී මම ඕෆ් සීසන් එකට ඇඳුම් ගත්තෙමි. මගේ ජීවිතය වෙනස් වන්නේ අවුරුද්දකට සැරයක් නොවේ. නැගිටින හැම උදේකම මගේ දවස වෙනස්ය. මගේ ඇඳුම වෙනස්ය. මගේ සිතුම් පැතුම් වෙනස්ය. කියවන හැම පොතකම මට මතක එක පිටුවක් හෝ තිබේ.මම යනු ජීවිතය මේ විය යුතු යැයි නිර්ණායක නැති නිදහස් ජිවියෙක්මි.

එහෙත් ඒ තරම් ඉසව්වක් ස්පර්ශ කරනු උදෙසා කෙල්ලක වශයෙන් අනුභව කල පරිභව සහ කරදර ඉවරක් නැත. එහෙත් කිසිවෙකුට ලෙහෙසියෙන් දිනිය නොහැකි දෙයක් මම ඒ භීෂණය අවසානයේ දිනා ගෙන සිටිමි. ඒ 'මම' ය.

අවුරුද්ද ලබන වෙලාවේ මම හිටියේ ගෙදරය. එහෙත් ගෙවල් වලට යාගන්නට බැරිවූ , යන්නට ඕනේ උනත් විවිධාකාර සේවාවන් වෙනුවෙන් ගෙදර අම්මලා එක්කලා අවුරුදු කනු බැරිවූ මිනිසුනට නැති අවුරුද්දක් මට මොකටද?  

ගෙවෙන හැම දවසකම අවුරුදු වගේ අයට අවුරුද්දෙහි අගයක් නැත. ගෙවන හැම දවසම ගෙවා ගන්න එක ප්‍රශ්නයක් උන උන්ටත් අවුරුද්දට පතන්නට සහ ලබන්නට දෙයක් නැත. අනික් උන් අවුරුදු කන හැටි බලමින් හූල්ලන්නට සිද්ද වෙන එක මහමග දුගී මගී යාචකාදීන්ටත් , අවුරුද්දක් සමරන්නට හිතෙ සතුටක් නැති කාටත් , අනික් උන්ගේ අවුරුද්ද වෙනුවෙන් තම අවුරුද්ද කැප කල හැමටත් , කිරි ඉතිරෙන රටට හෙණ නොවදින්නට රට රකින බංකර් පිරී ඉන්නා මුර සෙබලුන්ටත් , උදෙ හිට එක ඉරියව්වෙන් හිටගෙන ඉන්නා රජවාසල මුර කරුවන්ටත්  පොදුය . උන්ට නැති අවුරුදු අපි කන්නෙමු...

කිරි ඉතිරෙනා තෙක් ගම්මුන් නුවරුන්ට
කිරි උතුරමින් නැහැවෙන රට රැක ගන්ට
කිරිතේ එකක් වත් නැති රණ සෙබලුන්ට
කිරි ඉතිරියන් ඉටු දෙවියන් බුදු වෙන්ට !

තන් වල කිරි එරෙන් බඩගිනි බිලිඳුන්ට

අන් දුක මුරට ඉන්නා වෙද හෙදියන්ට
අන් සැප රකින අන් තැන තනි වුන උන්ට
රන් වැහි වහින් අවුරුද්දක් නැති උන්ට !

අහසෙන් වැටෙන වැහි දැක්කත් හිනා වෙන
පොලවෙන් එබෙන වන මලටත් සෙනේ දෙන
හුලඟෙන් ඉරෙන් හඳ පලුවෙන් බැඳී ගෙන
නුවණින් පහන් අවුරුද්දක් නැගී එන !

2012 - 4 - 13 - අවුරුදු නැති උන් හැමටම ජීවිතේ මල් එක් මොහොතකට හෝ පිපේවා !

සංසාරේ අපි - Sansaare.blogspot - Dilshara Weerasinghe - ජීවිතේ මල්

14 comments:

  1. අගේ ඇති පදපෙල, ප්‍රාර්ථනය.

    කවි පේලි දොළහ කියෙව්වාම මුලින් කියවපු ඔක්කෝම අමතක වුනාද මංදා.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
  3. පාඨකයිනි, හිතන්නට දේවල් එමටයි නේද? :)
    නොපෙනෙනා දේට වඩා යමක්.....
    චියර්ස්......
    :)

    ReplyDelete
  4. වළාකුලට අන්තිමට ලිවූ කවිය මඳ වේලාවකින් අයින් කළේ ද එය කවියක් නොව වාර්තාවක් යැයි හැගුණු බැවිනි. ලිවූ කවි 04 තුළ ද අඩු පාඩුකම් එමට ය. කෙසේවුව ඔබේ සොඳුරු ආවර්ජනයෙන් නැවත ලිවීමට සිත් විය. ස්තුතියි.

    නුඹේ නව අවුරුදු පැතුම අගෙයි. 242 පෝස්ටුවේ පෝළිමේ දෙවැන්නිය නුඹ ම යැයි නොසිතීමට තරම් හේතුවක් නම් නොපෙනෙයි. කෙසේ වුව... සුබ නව වසරක්...

    ReplyDelete
  5. නියමයි !

    ජයෙන් ජය !

    ReplyDelete
  6. හිතන්න දේවල් ගොඩක් ඉතුරු උන ලිපියක්..

    ReplyDelete
  7. මට මේ සැරේ බුකියට කවුරුත් සුභපතලා ටැග් වැටිලා තිබුනේ නෑ,,මොකද මන්දා.. කොහොම හරි ලැබුවා වූ අවුරුද්ද ජීවිතේ මල්ට මල් වර්ශාවක් එක්ක සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  8. අවුරුද්ද ලබන වෙලාවේ මම හිටියේ ගෙදරය. එහෙත් ගෙවල් වලට යාගන්නට බැරිවූ , යන්නට ඕනේ උනත් විවිධාකාර සේවාවන් වෙනුවෙන් ගෙදර අම්මලා එක්කලා අවුරුදු කනු බැරිවූ මිනිසුනට නැති අවුරුද්දක් මට මොකටද?

    වෙනත් අවුරුදුවලට වඩා මේ බව හදවතින්ම වින්දෙමි.. දුටුවෙමි..! :)

    ලැබුවා වූ අලුත් අවුරුද්ද හිත් සතුටින් පිරුණ තවත් ජීවිතයනට මල් පොකුරක සුවඳ වැඩි වැඩියෙන් විහිදන්නට ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.. අක්කටත්..!!! :)

    ReplyDelete
  9. අමිල
    ස්තූතියි ..... කාලෙකින් ඈ ආවේ... :)

    ගල්මල්
    ස්තූතියි සහෝ...... හේ හේ. කවි පෙලට මාත් පුද්ගලිකව ආදරෙයි...

    කකා
    ස්තූතියි :)

    මාලක
    ඔව් දරුවා. ස්තූතියි මේවා කියවලා දෙයක් ගන්නවට

    වලාකුලු අයියේ...
    ආව් මට හරිම සතු‍ටුයි මගෙ සහෝ ආයිත් ඇවිත්. මේ අවකාශයේ හමුවූ පැරණිතම සොඳුරු ලෙන්ගතු කම් කිහිපය. නුඹත් එයින් එකෙක්.. වලාකුල ආයිත් අහසට ගනු ! )

    සෑම්
    ස්තූතියි සෑම් .. ජය වේවා . ඔබට සුබ අලුත් අවුරුද්දක් ....

    දිනේශ්
    ගොඩාක් ස්තූතියි මල්ලි.....

    ඩිලා
    හේ හේ. ස්තූතියි මල්ලීඊඊ

    නන්දු
    ඔබටත් එසේම වේවා සහෝ... :)

    ReplyDelete
  10. ජීවිතෙ මල් පිපෙන සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    තව ඕනනං විප්ලවීය ආචාරය කියලත් කියන්නං :D:D

    ReplyDelete
  11. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ

    ReplyDelete
  12. වැඩි දෙනෙක් හිතන තැනින් එහාට ගිහින් හරිදේ කරනවා. මේ වටිනාකම් හැමදාම රැකගන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!

    ReplyDelete
  13. ලකී.... :) හා හා. ඔබටත් එසේම වී විප්ලවීය අවුරුද්දක් ලෑබේවා :)

    වර්ණා : එසේම වේවා නගේ....

    පිසා : ස්තූතියි පිසා... අගය කිරීම අවන්ක් බව මම දන්නවා :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->