Monday, April 09, 2012

[241] හිස් තුරු 'හිස්'




ඈත තුරුහිස් හුලඟෙ තාලෙට
කියනවලු පැද්දෙන ගමන්
තාම හුලඟට අඬන සද්දේ
ඇහෙනවලු දැරියක හෙමින්..

උසට හිටියට දුරට පෙනුනට

අහසෙ ගෑවෙන්නටම මෙන්
දැවෙන තරමක් නොදනි පොළොවක්
තුරු මුදුන් ඉර උණුසුමෙන් ...

7 comments:

  1. සම්භාව්‍ය කවි ! (නොතේරේ)

    ReplyDelete
  2. වෙනස්ම අදහසක්..

    ReplyDelete
  3. තුරු හිසග නිල් හරිත පත් රැස
    කළඹවා හැමු සැඩ සුළං,
    විලාපය නොව සවණ වැකුණේ,
    යුවතියක හද ඉකි බිඳුම්,

    නෙතඟ රැඳි උණු කඳුලු බිඳුනොව,
    සිසිරයේ මිදි හිම කැටිත්,
    දියව යන කල එලඹ ඇත දැන්,
    වසත් කල ආයෙත් ඇවිත්,

    ReplyDelete
  4. අවසාන කොටස සැහෙන්න යථාර්ථවාදීයි.. හොඳ නිර්මාණයක්..

    ReplyDelete
  5. කාලෙකට පස්සෙ උඹ ලියූ කවියක් ඕන් ටිකක් තේරුනා... ලස්සනයි ඈ ඇත්තටම. මන් මාර ආස ස්ටයිල් එකක් මේක.

    ReplyDelete
  6. ලියූ ප්‍රතිචාර ටික බිසි වීම නිසා මගෑරුනා. ඒත් ලියූ සොඳුරු පද වෑල් සහ ලෙන්ගතු කෙඔමෙන්ටු වලට හදවතින්ම ස්තූතියි කියා පතන්නම් මම :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->