Sunday, March 04, 2012

[235] සිය දිවි නසා ගැනීම වනාහී...



සිය දිවි නසා ගැනීම මහ කැත වැඩකි. එහෙම හිතීම ඊටත් වඩා කැතය. කොච්චර කැත වුනත් එහෙම හිතෙන්නේ වෙරෝනිකාට නම් නිකම්මය. නිකම්ම නිකම් ජීවිතෙන් වෙහෙස වීම නිසා වෙරෝනිකාට ඒ වගේ උනාට , බෙන් තෝමස්ට නම් එහෙම හිතෙන්නේ නිකම්ම නිකම්ම නොවේ. බෙන්ගේ ජීවිතය එක්තරා තැනකදී වෙනස් වෙයි. කොටින්ම බෙන්ට එතැන්දී ජීවිතය තිත්ත වෙයි. නැත. මම වැරදියි. බෙන්ට එතැන්දී ජීවිතයේ අරුත වැටහෙයි. බෙන්ට තවදුරටත් ජීවත් වීමට හේතුවක් නැති වුවත් , බෙන්ට සිය දිවි නසා ගැනීමට හේතු එකක් නොව 7ක්ම පහළ වෙයි.


එය බෙන්ගේ වාසනාවද? එය බෙන්ගේ අවාසනාවද? එහෙත් බෙන්ට අරමුණු එකක් නොව 7ක් තිබෙයි. ඒ 7ම සපල වන්නට එක් දෙයක් සිදුවිය යුතුවෙයි. එහි මූලික වගකීම පැවරෙන්නේ මාලුවෙකුටය. නිකම්ම නිකම් මාලුවෙකුට නොව ජෙලිෆිශ් කෙනෙකුටය.


ජීවිතය සැලසුම් සහගත ගමනක් නොවේ. මෙලොවට එන තැන්හි පටන් ජීවිතය එක් එක් අයුරෙන් ඇදී යයි. කෙනෙකු තම මරණය එතරම්ම සැලසුම් කිරීම පිස්සුවකැයිද සිතේ. එහෙත් බුදු දහමේද කියවෙන 'සිය පණ නැසීමේ පව' බෙන් කරන්නට යයි. චේතනාව අනුව එය පවක්දැයි නිර්නය කිරීම දේදුන්නේ පාට හත අතරින් ඉරි ගැසීමකි.


එහෙත් ... එහෙත්... බෙන් තෝමස්... ඔහු නිසා ජීවිත 7ක් වෙනස් වෙයි. ඔහු ඒ ජීවිත හත වෙනුවෙන් ජීවිතයෙන් සමුගනී. ඔහු ශාන්තුවරයෙක්ද? ඔහු මරාගෙන මැරෙන්නෙක්ද? ඔහු ජීවිතය අත් හරින්නෙකි. ඔහුට අනුව ජීවිතය අත් හැරීම සැපයකි. ජීවත් වීම වධයකි.




එසේ නම් බෙන් මෝඩයෙක්ද? නිකමෙක්ද? අදාන්තයෙක්ද? මාද නොදනී....


ජීවිතය මැණිකකැයි ඇතමුන්ට සිතෙයි. මේ ලද අවස්ථාව මහානර්ඝ යැයි ඇතමුන්ට සිතෙයි. ජීවිතය නිස්සාර එකකැයි ඇතමුන් කලකිරෙයි. ජීවිතේ කිසි පලක් නැතැයි මැසිවිලි නැගෙයි. මියෙන්නට පෙර නොපමාව හොඳ දේ හැකිතාක් කල යුතු යැයි ඇතම්හු යුහුසුලු වෙති. අනාගතයක් නැතැයි ජීවිතය අත් හැරීම මෝඩකමකැයි කියාත් සිතෙයි. අනාගතය තිබෙන්නේ මේ අත්ල මතමය. තීරණ සහ තෝරා ගැනීම් මත අත්ලෙහි රැඳි දේ ගිලිහේද සුරැකේද යන්න නිර්ණය වෙයි. තෝරාගත් තීරණයෙහි දාන්ත හෝ අදාන්ත බවත් නිර්ණය කිරීම කිරෙන් යොදය වෙන් කිරීම තරම් පහසු නැත.


මරණින් පසු යහපත් ජීවිතයක් වෙනුවෙන්ය ඒ. මියගිය පසුත් හොඳ දේ කළ යුතු යැයි සිතෙන්නේ එහෙමත් කෙනෙකුටය. මියයාමෙන් හොඳක් වෙන්නේ අනුන්ට නම් මිය ගියේ ඇයිදැයි ඇසීමම ප්‍රශ්නයකි.. නො අසා සිටීමම සහනයකි.බෙන් එක්තරා අයුරකින් ජීවිතාවබෝධය ලද්දෙක් වෙයි. ජීවිතය මාහැඟි ත්‍යාගයකි. බෙන් සිතන්නේත් එයම බව මට සිතේ. සිය ජීවිත ත්‍යාගය ඔහු ලිහා බලන අභියෝගය භාර ගනී. එතෙකිනුදු නොනැවතී වැසුම් අරින ලද ජීවිත ත්‍යාගය ඔහු සොඳුරු ජීවිත හතක් වෙනුවෙන් ආදරයෙන් දිගු කරයි. එතෙක් ජීවිතයෙන් හෙම්බත්ව හතිලන ආත්ම හතකට ඔහු විවේකයක් ලබා දෙන්නට තීරණය කරයි.


හරි වැරැද්ද අභිරහසක්! චේතනාව නොරහසක්! බෙන් තෝමස් මිය යනු දුටු මොහොතේ මට සිතුනේ එයයි. ජීවිතේ මහ අභිරහසක්... අභිරහස විසඳෙන්නේත් අභිරහසකින්..





12 comments:

  1. Seven Pounds.................. පැවසිය නොහැකි බලලම තේරුම් ගතයුතු ජීවිතේ උඩින් අත්නොදකින යටින් ලෝකයේ පවතින තවත් එක් බැරෑරුම් සංවේදී පැතිකඩක්.......

    ReplyDelete
  2. මීට අවුරුදු කීපයකට කලින් එක්තරා තරුණයෙක් දෙහිවල සත්තු වත්තේ සිංහයො(සිංහයොද , වලස්සුද කියල මට හරියට මතක නැ) ඉන්න වලකට පැන්නා. සත්තු වත්තේ සේවකයෝ මෙයාව බරපතල තුවාල සහිතව බේරගත්ත. සතුන්ගේ කුසගිනි නිවීම සඳහා තම සිරුර ධන්දුන්න කියල මේ තරුණයා කිව්වා. රට, ජාතිය, ආගම, දෙමව්පියන්, දරුවන් වගේ නොයෙක් දේවල් සහ දෙනා වෙනුවෙන් ජීවිතය පූජා කරන අය ගැන උදාහරණ ඕනි තරම් තියනවා. හැබැයි එක්තරා අවස්ථාවකදී "මිනිස්සු වැඩියෙන්ම ආදරේ තමන්ටමයි" කියල බුධුරජාණන්වහන්සේ එක රජකෙනෙකුට දේශනා කරා කියලත් කියවෙනවා. එතකොට මේ අනෙත් අය වෙනුවෙන් ජීවිතය පූජා කරන අය එහෙම ක‍රන්නේ තමන්නට තියන ආදරේ වැඩිවෙලාද? එහෙම නැත්තන් වෙනත් දෙයක්ද ?
    කොහොම වුනත් මටනම් හිතෙන්නේ හොඳම දෙය අත්හැරීම කියලයි. ජීවිතය නෙවෙයි. ආශාවන්, ඒමත ඇතිවෙන බැඳීම්, වගකීම්. ඒවුනාට කරන්නත් බැරි ඔය අත්හැරිමමනේ.
    අනේ මේ ජීවිතේ මල්ටත් හිතෙන දේවල්. කියවීම වනාහී, සියදිවි නසා ගැනීම වනාහී, ඊළඟට.........

    ReplyDelete
  3. "ජීවිතේ මහ අභිරහසක්... අභිරහස විසඳෙන්නේත් අභිරහසකින්.."

    ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත අක්කේ..

    ReplyDelete
  4. අපි හැමෝම හරි අපිට අනුව

    ReplyDelete
  5. සිය දිවි නසා ගැනීම .... බරපතල මාතෘකාවක්....

    ReplyDelete
  6. හිතේ තියෙන ආවේගයකට සියදිවි හානිකරගන්න උත්සාහ කලත් පස්සෙ තමන්ව බේරලා දෙන්න කියල ආයාචනා කරන අය වැඩියි.

    ReplyDelete
  7. හිතේ තියෙන ආවේග තමා එක වෙලාවකට අපිව පාලනය කරන්නේ !

    ReplyDelete
  8. පිස්සු යක්කු බොල..

    බ්ලොගක් ලියාගෙන ඉන්නැතිව !

    ReplyDelete
  9. සඳ කිඳුරා... ඒක හරි. සමහර දේවල් වලට අඩි රූලක් තියල හරි වැරදි අතරින් ඉරි ගහන්න බැරි වෙනවා....

    පිසා : අත් හැරීම ..ඔව් අන්න පොයින්ට් එක.. අන්න ඒක කල හෑකි නම් අපි දිනුම්. ජීවිතය නෙවෙයි. ජීවිතේ මේ මේ දේ මගේ මටයි කියල තදින් ගන්න එක....

    දිනේශ්
    හෙ හෙ. ඒක නම් තමා..... අභිරහස තමයි ජීවිතේ සුන්දර කරන්නෙත් හෑබෑයි....

    පිස්සා
    අපි හෑමෝම හරි අපිට අනුව.හෑබෑයි ඒත් ඒක එහෙමමම එල්ලිලා ඉන්න සුදුසු වෑලක් නම් නොවෙයි. ලෝකය දිහා තුලනාත්මකවබලන තරමට හොඳයි....

    නිසූ
    ඔව් ඔව්. බරපතලයි. බෙන් කල වෑඩේ හරිද අවෙරදිද කියලා මන් තාම හිතනවා. ඒත් හරි හෝ වෑරදි නෑති සමබර දෑක්මක් චිත්‍රපටයෙ පෙන්වල තියෙන එක ගෑන සතුටුයි.

    කිරිපුතා...
    ඔව්. ඒත් බෙන් එහෙමෙ නොවෙයි. ෆිල්ම් එක බලන්නකො.

    මධුරංග
    ඔව්. ආවේග වලට අපිව පාලනය කරන්න නොදෙන දාට , අපි අපේ හිතේ කොන්ට්‍රෝල් එක ගත්තු දාට අපි ආවේග වල වහලෙක් නොවෙයි. ආවේග අපේ වහලෙක්. අන්න අපි දිනුම් එතකොට...

    සෑම්
    එහෙමද? හෙ හෙ :-)

    ReplyDelete
  10. සඳ කිඳුරා... ඒක හරි. සමහර දේවල් වලට අඩි රූලක් තියල හරි වැරදි අතරින් ඉරි ගහන්න බැරි වෙනවා....

    පිසා : අත් හැරීම ..ඔව් අන්න පොයින්ට් එක.. අන්න ඒක කල හෑකි නම් අපි දිනුම්. ජීවිතය නෙවෙයි. ජීවිතේ මේ මේ දේ මගේ මටයි කියල තදින් ගන්න එක....

    දිනේශ්
    හෙ හෙ. ඒක නම් තමා..... අභිරහස තමයි ජීවිතේ සුන්දර කරන්නෙත් හෑබෑයි....

    පිස්සා
    අපි හෑමෝම හරි අපිට අනුව.හෑබෑයි ඒත් ඒක එහෙමමම එල්ලිලා ඉන්න සුදුසු වෑලක් නම් නොවෙයි. ලෝකය දිහා තුලනාත්මකවබලන තරමට හොඳයි....

    නිසූ
    ඔව් ඔව්. බරපතලයි. බෙන් කල වෑඩේ හරිද අවෙරදිද කියලා මන් තාම හිතනවා. ඒත් හරි හෝ වෑරදි නෑති සමබර දෑක්මක් චිත්‍රපටයෙ පෙන්වල තියෙන එක ගෑන සතුටුයි.

    කිරිපුතා...
    ඔව්. ඒත් බෙන් එහෙමෙ නොවෙයි. ෆිල්ම් එක බලන්නකො.

    මධුරංග
    ඔව්. ආවේග වලට අපිව පාලනය කරන්න නොදෙන දාට , අපි අපේ හිතේ කොන්ට්‍රෝල් එක ගත්තු දාට අපි ආවේග වල වහලෙක් නොවෙයි. ආවේග අපේ වහලෙක්. අන්න අපි දිනුම් එතකොට...

    සෑම්
    එහෙමද? හෙ හෙ :-)

    ReplyDelete
  11. මිනිස්සු වැරදි කරන්නේ නෑ..! මිනිස්සුන්ට වරදිනවා .. වැරදුනාම හරි වැරද්ද පේන්නේ නෑ ක්‍ෂෙනික හැඟීමට වහල් වෙනවා ..

    ReplyDelete
  12. මමත් දෙපාරක් දිවිනසාගන්න තරමට කලකිරිලා තියෙනවා. :D

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->