Friday, November 11, 2011

[215] කූට න්‍යායෙන් 'අයි ලව් යූ' කියවගන්න විදිය මෙන්න !

අතිශය වෙහෙසකර සති කිහිපයක් ගත වෙද්දි ,  පිටු දෙසිය ගණනක් ලියවෙද්දී , ඉඳහිට සැනසුමක් ලබන්නේ අහම්බෙන් අහුවෙන ගීතයක් ඇසීමෙන්...  

මේ ගීතය ඇහුනාම නම් එකපාරම මම කලේ ඉස්සෙල්ලාම මට ටොක්කක් ඇන ගත්තු එක. ඇයි දන්නවද? මෙහෙවු සොඳුරු ගීතයක් මෙච්චර කලක් ෆෝල්ඩර් එකක් අස්සෙ වේලි වේලි තිබුනු එක ගැන.  




ඔන්න බලන්න. ක්‍රියෙටිව් කොල්ලෙක්, එලිච්චියක් වගෙ තමන්ට 'බෑ බෑ බෑ' කිය කිය ගණන් උස්සන ගෑනු ලමිස්සිගෙන් 'හා' කියව ගන්න අපූරුව.... :-) ඕන් අපෙ අයියල මල්ලිලාට ශෝයි ගීතයක් හොඳේ... :) 

හරි කතා ඇති... ගීතයයි.. කතාවයි අහමු ඉස්සෙල්ලා...

සැයු:  නිල්පාටින් තියෙන්නෙ, ගෑනු දෑරිවි කියන ටික...  


~''~

 කොලු පෑටියා අහනවා අහනවා , හඳ ගැනයි, තරු ගැනයි, මලුයි, බඹරුයි , දෙබරුයි.. ඇසුයි , මූනයි අරවයි මේවායි .. ගැන.. ඔව් නොකියා හුම් කියන එක කෙලි අපේ සිරිතනේ... ඉතින් මුලු සොබාදහම ගැනම ඩේටා කලෙක්ට් කරලා, ගැන වටෙන් පැදලා පැදලා... සොඳුරියෙ මට .....__ කිව්ව විතරයි ඤෑහ්! ගෑව කැත විතරක් මේ කෙල්ල !
සඳට අහස ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
මලට බමරු ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
දෙනෙතට වත ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
සොඳුරියෙ මට ආදරේදෝ.. ? (නෑ නෑ නෑ....)
 


ඤෑහ් කිව්වට කොලුවා අදහිරිය වෙන්නෙ නෑ. ඔය වෙලාවටනෙ ලොජිකල් තින්කින් ඕනේ... හී හී.. ඒ පාර ආයිත් වෙන ස්ට්‍රැටජියකින් එනවා.. හරියට වාහනයක් බ්‍රේක් කරලේ ට්‍රී...න් ගාල වංගුව හරවල ආපහු හිටපු තැනට හොර පාරකින් එනව වගේ... 

හුම් ගාන බකුසු උත්තර වලින් ආයෙමත් ගහකොලයි මලුයි, මැනිකුයි අරවයි මේවයි වනලා, අන්තිමේට ආදරෙයිද නාහා , ආදරෙන්ද ඉන්නෙ කියලවත් අහල බලනවා!

මොන ... ආයිත් ඤෑහ් !!!!


 සිය හිස මල් තුරුලිය සුරකින්නේ ආදරෙන් නේදෝ? (හ්ම්..හ්ම්ම්)
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ ආදරෙන් නේදෝ? (හ්ම්..හ්ම්ම්)
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ ආදරෙන් නේදෝ ? (නෑ නෑ නෑ.....)

 පිරිමි දරුවා වැඩේ අතහරින්නෙ නෑ...   ඒ පාර තමුන්ගෙ තත්වෙ බින්දුවටම හෙලාගෙන , අර ශ්‍රෙක් එකේ පූසා (ශ්‍රෙක් පූස දැක නැති අය ඉන්නවද? ඔය ඉන්නෙ රූපෙ) වගෙ මූන හදාගෙන කෙල්ල ගාව දණින් වැටිලා අහනවා අඩු ගානෙ මූදෙ දිය බින්දුවක් තරමට වත් මට ආදරේද කියලා... ඒත් කිසිම හිතක් පපුවක් නැතුව කෙල්ල ආයෙත් ඤෑක් ගානවා...


සයුරෙහි දිය කඳුලක් තරමින්වත් ආදරෙයි නේදෝ? ( නෑ නෑ නෑ...)


 වැඩේ හරියන්නෙ නැහැ..   කොලු පැටියා ආයිත් දෙපයින් හිටගෙන පැත්තකට හැරිලා ඔලුව කස කසා කල්පනා කරනවා... ආහ්..! ඔන්න ඔලුවට ඉහලින් බල්බ් එකක් පත්තු වෙනවා...අපටි හිනාවක් මුවේ ඇඳෙනවා... දෙන්නම්කෝ... පොඩි කාලෙ කරපු සෙල්ලමක්...
 එහෙනම් මා මුමුණන ගී පද පෙරලා යලි කියනවදෝ ? (ම්ම්....)
 


 ඤෑහ් නෙ කිව්වේ... හිටුකෝ.. කියලා පද හරවන්නේ මුකුත්ම නොදන්න තාලෙටයි. සෙල්ලමට හිත කෙලි පැටික්කිටත් මේක , ප්‍රශ්න වලට ඤෑහ් බැහ් කියනවට වඩා විනෝදයිනේ... කෙල්ලත් උඩ පැන පැන පද හරවනවා....  


පඳ සහනයි.... සඳ පහනයි
පද මවනයි.... මඳ පවනයි..
වසර සසන තුරු... සසර වසන තුරු
අම මාදරෙයි.. මම ආදරෙයි...

මම ආදරෙයි (ම්ම්ම්...ම්ම්...ම්ම්)




ඕන් බලන්න්කො වෙච්චි දේ... ඤෑහ් කිව්ව කෙල්ලගෙ කටින්ම ඒ පාර , කොලු පැටිය 'මම ආදරෙයි වෙනුවට අම මාදරෙයි කියද්දි' කෙල්ල පැනලා ඉස්සර වෙලා කියනවා නේ, 'මම ආදරෙයි' කියලා... 




චී... දැන් කාලෙ හැදෙන කෙල්ලො නම් හරී නෝටි....! කොල්ල දිව දික් කරමින් කෙල්ලට එහෙම කිව්වට වික්ටර් රත්නායක මහත්තයා ඒ කෑල්ල සින්දුවෙ කිව්වෙ නැහැල්ලුනේ... බලන්නකෝ :-)  

ඉතින් මුකුත් වුනේ නෑ වගෙ , මම ආදරෙයි කිව්ව කෙල්ලගේ ඉල්ලීම සලකා බලලා , කොල්ලාත් කියනවා 'මම ආදරෙයි' කියලා.... 

 කොහොමද ටිකිරි මොලේ...?  
(මේක ගීයෙ කොටසක් හෙම නෙවෙයි හරිද?) :-) 

~'~

පලි.. : 

තැනින් තැන මගේ විකාර ඔබ්බලා ගීතය නාස්ති කලා කියල කාට හරි හිතුන නම් අනේ දහස් වර සමාව.. 

මෙතනින් බාගෙන අහන්න. අතිශයින්ම සුන්දර ගීතයක්.....මෙන්න සම්පූර්ණ ගීතයම 

සඳට අහස ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
මලට බමරු ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
දෙනෙතට වත ආදරේදෝ ? (හ්ම්..හ්ම්ම්)
සොඳුරියෙ මට ආදරේදෝ.. ? (නෑ නෑ නෑ....)

සිය හිස මල් තුරුලිය සුරකින්නේ ආදරෙන් නේදෝ? (හ්ම්..හ්ම්ම්)
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ ආදරෙන් නේදෝ? (හ්ම්..හ්ම්ම්)
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ ආදරෙන් නේදෝ ? (නෑ නෑ නෑ.....)

සයුරෙහි දිය කඳුලක් තරමින්වත් ආදරෙයි නේදෝ? ( නෑ නෑ නෑ...)
එහෙනම් මා මුමුණන ගී පද පෙරලා යලි කියනවදෝ ? (ම්ම්....)

පඳ සහනයි.... සඳ පහනයි
පද මවනයි.... මඳ පවනයි..
වසර සසන තුරු... සසර වසන තුරු
අම මාදරෙයි.. මම ආදරෙයි...

මම ආදරෙයි (ම්ම්ම්...ම්ම්...ම්ම්)


________
කොහොමද ටිකිරි මොලේ...?  
(මේක ගීයෙ කොටසක් හෙම නෙවෙයි හරිද?) :-) 
_________

37 comments:

  1. jill.... meka weda karai da? :D hehehehhehe nice one ha!!!! lassanata liyala thiyenawa daruwa!!!

    ReplyDelete
  2. shah.. mare maru wedak..
    oyage lipi nam marama lassanai akke..
    harima asa hithenawa.. :)

    ReplyDelete
  3. ආහ්....නියමයි ටිකිරි මොළේ :)අක්කත් පද අනික් පැත්ත හැරෙව්වද... ;)

    ReplyDelete
  4. meka nan supiriiiii.. mata sinhala nethooo.. :-(
    elatama liyala thiyanawa.. supiri.. :-D

    ReplyDelete
  5. අක්කටත් මාැ එවුවා තමා මතක්වෙන්නෙ :D

    ReplyDelete
  6. සින්දුව නම් අනන්තවත් අහලා තිබුනට
    ඔයා මේ විදිහට පෝස්ට් එක දැම්මට පස්සේ මට ආයෙමත් අහන්න හිතුනා
    ඔයා ලස්සනට ලියලා අක්කේ

    ReplyDelete
  7. අක්කටත් හිතට එන දේවල්.. මොනවා උනත් අපිට දැන ගන්නත් එක්ක කියපු එක හොදයි.. මොකද අහන හැම් අවිදිහෙන්ම අහලා බැරි උනාම ඔහොම හරි අහන්න බැරියැ.. :)

    ReplyDelete
  8. හික් හික් මලකෙලියයි පද පෙරලෙයි ;)

    ReplyDelete
  9. ෆට්ටයි ෆට්ටයි.... ඔන්න මමත් ආව මේ පැත්තට :D :D :D

    ReplyDelete
  10. මේ සින්දුවෙ ඔරිජිනල් එක ආරාධනා ෆිල්ම් එකේ ගීයක්..
    ඒ දවස්වල මගේ ආසම නළුවා රාජේශ ඛන්නා නිසා නිදි මරාගෙන බැළුවා මතකයි..වික්ටර් රත්නායකයන්ගේ සින්දුව වගේම ඔරිජිනල් එකත් ලස්සනයි....

    ReplyDelete
  11. මෙම ගීතය එකල කොයිතරම් ජනපි‍්‍රය වීද කිවහොත් එය ගායනා කරන්නේ.... (ඉතිරි ටික මේ ලින්ක් එකට ගිහින් කියවන්න)

    මෙන්න මේ වගේම කපටි වැඩක් කරන්න ට්‍රයි කරන හින්දි කොල්ලෙක් කියන සින්දුවක්...

    ReplyDelete
  12. මේ සින්දුවෙ ඔරිජිනල් එක ආරාධනා ෆිල්ම් එකේ ගීයක්..
    ඒ දවස්වල මගේ ආසම නළුවා රාජේශ ඛන්නා නිසා නිදි මරාගෙන බැළුවා මතකයි..වික්ටර් රත්නායකයන්ගේ සින්දුව වගේම ඔරිජිනල් එකත් ලස්සනයි....

    ReplyDelete
  13. අහසට සඳ ආදරේදෝ...?
    බඹරට මල ආදරේදෝ...?
    වතට දෙනෙත ආදරේදෝ...?

    [ඔක්කොටම ඉස්සෙල්ලා]
    ...................?????

    ReplyDelete
  14. කොහොමද ටිකිරි මොළේ??

    ReplyDelete
  15. වැඩක් නෑ කියලා 10/10 දෙනවා

    ReplyDelete
  16. අක්කාට හිතෙන්නේ අපුරු එවා..ඉන්නකෝ අහන්නම් මමත්..

    ReplyDelete
  17. එතකොට දැන් Ane dear, කියල අවුරුදු දෙකකට පස්සෙ Damn fool, come hear කියන කොට මොනවද කරන්නෙ?

    ReplyDelete
  18. මම මේ සින්දුව කවදාවත් අහලා නෑ .. පෝස්ට් එකේ මුල කියවාගෙන යන විට මම හිතුවේ මේක අලුත් සින්දුවක් කියලා ..ඔයාගේ විස්තරේ බැලුවාම සින්දුව අහන්නම හිතුනා

    ReplyDelete
  19. සංජු අක්කා
    කරල බලන්නකෝ ඉතින් ඔයාත් :) අම්මෝ මගෙ ඔලුව පලාවිද දන්නෙ නෑ වැරදුනොත්... :) බොහොම ස්තූතියි අක්කේ අගය කලාට ලිපිය...

    රෙඩ් රයිඩින් හුඩ්
    ආහ්.... හරිම අපූරු කොමෙන්‍ටුවක්නේ.. සන්‍තෝසයි. එහෙනම් ආයෙත් එන්න හොඳේ... ස්තූතියි

    මලිතියා
    ආ මේ ..මම කාට පද හරවන්නද කෙල්ලේ... :)

    පසෝ...
    සින්ංහල නැතුවට අපිට තේරුනෝ... :) ස්තූති ඈ... :)

    කෝච්චි පුන්චෝ
    මරු නේන්නම්.. අද අද එයිලු :) (මරු)

    අහිංසකී
    ස්තූතියි නගා. මම නම් එම සින්දුව ඇහුවෙ අදමයි අනේ....

    දිනේශ්
    මේ... ඉස්සෙල්ලම මේ ක්‍රේමේ ට්‍රයි කරල බලන්නකො මේ මම කියනවට :) (හෙල්මට් ප්ලීස්)

    හසී
    ඒක නේන්නම් නගා..... පෙද පරලෙයි... :)

    සුපර් මාරියෝ..
    ඉස්තූති ඉස්තූති... සුපර් කිව්වට නිකන් නෙවෙයි නේද?? :)

    රූ...
    ආව්.. තියනව නම් ඉර්ජිනල් එකත් දෙන්නකො ලින්ක් එක... මේක එතකොට හරි වටින සංවාදයක් වෙයි ගීතය ගැන...

    පැතුම් මල්ලි...
    ගොඩාක් ස්තූතියි මල්ලි. මම ඒ ලිපියම කියෙව්වා. ඇත්තන්ම හරිම වටින ලිපියක්...

    තිස්සයියා
    මට පේන්නම බැරි එකක් අප්පා ඕනෙ කෙනෙක් 'හ්ම් හ්ම්' කියන එක. ඒක එක්කො ගණන් ඉස්ස්ල්ලක්, එක්කො නොකැමැත්ත පෙන්නිල්ලක්... ඉතින් මට නම් හිතෙන්නෙ , ඔය පද පෙරලවලා කොල්ල සෙල්ලම් දාලා 'හා'කියව ගත්තට ... අනේ මන්දා ... හිකිස්

    නේද??? :)

    ලියන්නා: මන්චි ටිකිරි මාරීඊඊඊඊඊ :)

    ලොකු ජෝන්...
    හෙ හෙ.. ස්තූතියි

    නිම්ශා
    ආනේ නන්ග්ස්... :) හෙහෙ.. අම්මෝ ඕන් බලාගෙන

    සරත් මාමේ...
    කියල වැඩක් නෑ.. තිස්ස අයියාගෙ කොමෙන්‍ටුව හරි නේද??? ඔව් කියෝගෙන ..අනේ අම්මපා... හි හී... නේද....

    ReplyDelete
  20. හෙහ් හෙහ් මරු ක්‍රමේ ට්‍රයි කොරලා බලන්න ඕනේ ....:D

    ReplyDelete
  21. පට්ටය.. දැං වචනෙන් බැරිනම් කවියෙන් කෙල්ලන් ඇල්ලිය යුතු කාලයයි...

    ReplyDelete
  22. හිහිහී‍... අපි ඉතින් ඤෑස් ගාන්නම ඕනි නේද අක්කී ඔය වගේ ටිකිරි මොළයක් එයාලට ලැබෙන්න.. :D (දැන් ඉතින් මටත් හෙල්මට් හොයන්න වෙයිද දන්නෙ නෑ) ගීතය නම් කලින් අහලා තිබුණත් ආයෙත් පාරක් අහන්න හිතුණා මේ ලිපිය දැකලා.. දැන් ඉතින් සිංදුව අහද්දි අක්කියගෙ වචනත් මතක් වෙනවනෙ.. :D ස්තූතියි අක්කියෝ.. අතීතයෙන් වර්තමාණෙට මේ ගීතය ගැන සඳහන් කලාට.. :)

    ReplyDelete
  23. oyath mata adarei neeeeedoooooooooooooooooooo? me aththatamai ahuwe ok !!!

    ReplyDelete
  24. මේ හා පොඩි සමානත්වයක් තියෙන විට්ටර් රතනායක ගේ සින්දුවක් තමයි.

    මාලිනියේ (ඉන්ද්‍රජාලය)
    මා මනසේ (අන්ධකාරය)
    මා දෑස සොයනා (ඔබ දෑස නැත)
    රුව ඇඳුණා
    මා ලිනියේ (නොරැවටෙන්).. .. ..

    ඒක උඩු සිත හා යටි සිත අතර ගීතයක්.

    ReplyDelete
  25. කෝමද කොල්ලන්ගේ ටිකිරි මොලේ. කෙල්ලෝ ඉතින් ටුක් ගාලා රවට්ටන්න පුලුවන් නේ. හික්ස් :)

    ReplyDelete
  26. මේකෙම හින්දි ගීතයක් තියෙනවා ආරාධනා චිත්‍රපටියේ..
    http://www.hindilyrics.net/lyrics/of-Achha%20Toh%20Yeh%20Bat%20Hai.html


    http://www.youtube.com/watch?v=C0EFYb9XAn0.
    මටනම් හිතෙන්නේ මේකත් තව හින්දි කොපියක්

    ReplyDelete
  27. මේක තමයි මම ඉස්සෙල්ලා කිව්ව ඔරිජිනල් සින්දුව ..

    මේක ප්‍රේමකීර්තියන්ගේ විසින් කල කොපි කිරීමක් යැයි මට නොසිතේ..කවි සිතක නැගුනු සොඳුරු සිතුවිල්ලක් තවත් කවියෙකුට වස්තු වූ බවයි මට දැනෙන්නේ...

    හරියට මේ පෝස්ටුව වගේ..

    ReplyDelete
  28. මේ සිංදුවෙන් නම් වැඩක් ගන්නම වෙනවා දිල්...:DDD

    ReplyDelete
  29. ශෝයි කතාව
    ශෝයි පූසා
    ශෝයි සින්දුව
    ශෝයි දිලි

    ReplyDelete
  30. මමත් මාස කීපයකට කලින් ඔය සින්දුවේ මුල් කොටස මූණු පොතේ දාල තිබුන. ඒත් හොද ප්‍රතිචාර හම්බවුනේ නෑ.
    බලමු අග කොටසවත් දාල වැඩේ හරියයිද කියල. :D

    ReplyDelete
  31. මේක කියෙව්වහමනම් සින්දුව අහන්නම හිතුනා....

    ReplyDelete
  32. නියම ක්‍රෙමේනේ අත්හදා බලන්න හිතයි ;)

    ReplyDelete
  33. ලයන් ඕන් කරල ගුටි කෑවොත් මම නෑ ඕන් :)

    සිහින:
    අර තිස්සයියගෙ කොමෙන්‍ටුව බල ! :)

    නිති
    ඒක නේන්නම්.. ඕන්න මේවා කරනව හෙම නෙවි ඕන්... :)

    ඇනෝ...
    ඇනෝලාට ආදරේ කල කාලෙ ඉවරය ! :) ඒ ගොනා විකුන්නා :)

    කතන්දර
    ඔව් ඔව්. ඒ සින්දුව නම් කියල වැඩක් නෑ. මේ දවස්වල වික්ටර් මාමගෙයි නන්දා නැන්දාගෙයි ගීත වලට නිවනක් නෑ... :)

    මධුරන්ග
    ආ..හිතුව මදි. දැන් කාලෙ හැදෙන කෙල්ලි පොඩ්ඩියො ඕවාට ‍රැවටෙන්නෙ නෑ අනේ :)

    ලහිරු
    ඔව් ... තැන්ක්ස් තෑන්ක්ස්.. අපේ කට්ටියට එක සින්හ්ඩුවට සින්දු ගොන්නක් මේ තියෙන්නෙ දැන් :)

    රූ
    මේක අනුකාරක ගීතයක් උනත් , මට නම් සිංහල ගීතය රසම රසම රසයි. අන්න නිර්මාණ කොපි කරන්න උනත් මොලේ තියෙන මිනිස්සු. මේක කොපියකට වඩා ඒ සංකලපය උකහා ගත් ගීතයක් කියන එක නේද හොඳ :) ඔව් රූ.. ඒ වචන ටික හරි අගෙයි.. ස්තූතියි

    ප්‍රියා...
    ;-) වින්ක් වින්ක්.. මම හිතුවෙ දැන් වෙනකොට වැඩක් අරන් ඉවර බවයි :)

    චානකයෝ..
    ආව් ආව්.. මාත් ශෝයි කියලා/// ආව් ආව්... ක්ලැප්ප් ක්ලැප්ප් ක්ලැප්ප් ! (ඒත් මම දන්නව දැන් මක්‍රාගෙ නාහෙ දික් වෙලාලු ) හිකිස්

    රුචෝ..
    අයියෝ.. අග කොටසෙනේ වැදගත් පද ටික තියෙන්නෙ. මොකක්ද අප්පා.. කලින් කිව්ව නම් කන්සල්ටේශන් එකක් දෙනවා.

    තාරක
    අහන්න අහන්න.... හරිම ලස්සනයි...

    සුදු හංසියෝ
    ආපෝයි.. පිස්සු නම් කරන්න එපා... :)

    ReplyDelete
  34. අන්නේ... සඳරුවෝ... සොරි කොමෙන්ටුව එහෙ මෙහෙ වුනා..
    කෝ සින්දුව ඇහුවද>??? සෝයිද? :)

    ReplyDelete
  35. අක්කා මේ කරන්නේ සමාජ සත්කාරයක්.අක්කා ඉන්න ඕනෙ බ්ලොග් ලිය ලිය වාත වෙවී නෙමේ.පාර්ලිමේන්තුවේ "තරුණ කටයුතු ඇමතිණිය"විදිහට...

    ඔන්න ජනවාරියේ ඇමතිමණ්ඩලේ සංශෝධනය කරනවලු!

    ReplyDelete
  36. මේ ලිපියට සතියකට පමන කලින් ගීතය ගුවන් විදුලියෙන් රස්වින්දෙමි, ගීතය මිහිරිය, ඔබේ ලිපිය සුන්දරය.

    ReplyDelete
  37. රජී : හකිස්.... :) එහෙනම් මන් චන්දෙ ඉල්ලන්නද??

    ටීබී ..ස්තූතියි මලේ... :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->