Tuesday, September 20, 2011

[203] මගේ රස්තියාදු (පොත්) චාරිකා 5

ඔන්න ඉතින් දැන් හැමෝම බලාගෙන ඉන්නේ පොත් ප්‍රදර්ශනෙන් ගෙදර ඔසවාගෙන ආව ලොකු පොදි දිගාරිනකල් නේද? දිගෑරියා... අම්මේ... පුසුඹ බැලුවා... කියවන්නත් ගත්තා... යාලුවො හමු වුනා.. අපූරු දවස් දෙකක් ගෙවුවා... (තුන්වෙනි පා ගමනකුත් තියේ)


ඔන්න මම මල්ල දිග අරිනවා....


හැම වතාවෙම වගෙ, කුඩා කාලෙ මගෙ සිත වසඟ කර ගත්තු අපූරු ලමාපොත් එකතුවට මේ වතාවෙත් කිහිපයක් එකතු කරගන්න මම අමතක කළේ නෑ.


එන්න මේ පාර පැරණි මතකයන් වෙනුවෙන් එකතු කළ පොත් කිහිපය බලන්න..
 
1. ලස්සන වසිලිස්සා - බොහොම පොඩි කාලෙ කියෙව්වා. ඒත් අවුරුදු විසි ගානකින් දුටුවෙ නෑ.. ගෙදරින් අතුරු දහන් වෙලා.. ඔන්න ආයෙමත් මා ගාව දැන්.


2. පින්තූර කතා - කොටින්ම කියනවා නම් ළමා කාලයේ මම පිස්සු වැටුන පොතක්. ඊයෙ ඉතින් ඉස්සෙල්ලම කියෙව්වේ ඒක. මේ පොත අතින් අත ගිහින් අතුරුදන් වෙලා තිබුනේ. සොයන්නාට පොත් කඩේකින් හෝ සම්බ වුනා නේ :)


3. උභය ජීව - මේ පොත නම් කිසි කලෙක මට සාප්පුවක හමු වී නෑ. පුස්තකාලයෙන් තමයි කියෙව්වේ මුලින්ම. එදා සිට ඊයෙ වෙනතුරු හෙව්වා. ආයෙ හොයන්න ඕනෙ නෑ. :)


4. සුදු වැද්දා - සුදු ගෝණා පොත ලඟ තිබුනත් සුදු වැද්දා පොත පුස්තකාලයකින් කියෙව්වා මිසක ලඟ තිබුනෙ නෑ ආයෙ ආයෙ කියවන්න. ඔන්න ඉතින් ඒ පොත හම්බ වුනා. මේක තමා මෙවර මුලින්ම ගත් පොත :)


5. ෂේන් - මේක මගෙ ඕල් ටයිම් ෆේවරිට්. ඒත් කියවල තිබුනෙ එක වතාවයි. ඒත් මතකයෙ හෑමදාම තිබෙන්න තරම් ප්‍රබල කතාවක්. ෂේන් මිය යන මොහොතෙදි මාත් කියවමින් කඳුලු සලා හැඬුවා මතකයි. ඔන්න ලෑබුනා ඒ පොතත්


ඊලඟට ඉතින් මගෙ සුපුරුදු පරිවර්තන පිස්සුව වෙනුවෙන් ඉඩක්...


6. මේ පොත බොහෝ දෙනෙක් අනුවේදනීය කතාවක්ය කියා රෙකමදාරු කලා.. ඉතින් අරගත්තා....
7. මෙන්න අනෙක් පොත්. කියවපු හැම කෙනෙක්ම කිව්වේ මේ පොත නම් හොඳම හොඳයි කියලයි.. ඉතින් නොගෙන කොහොමද අප්පා.....




8. මගේ මත විමසුම් වලදී යාලුවන්ගෙන් උපරිම ලකුණු ලැබුන පොත මේකයි... අපූර්ව පොතකැයි පුන පුනා කියන ලද පොතක් මේ...


9. මෙන්න තවත් අමුතු පහේ පොතක්... මේ පොත වෙනස් කතා අරක් බවයි අහන්න ලැබුනේ.. ඒත් කියවලම බලමුකෝ. පෝස්ට් එකක් ලියවේවිද මන්දා....
10.මේ පොත කිසිවෙක්ගෙ ඡන්ද අනුව ගත් එකක් නොවෙයි... හිතුනා ගත්තා... :) ලස්සන එකක් වෙන්නැති නේ... :)
 11. වාව්.. මෙන්න මගෙ ප්‍රියතම කතුවරයා... පවුලෝ කොයියෝ.... එයාගෙ පොත් එකක් හෝ නොගත්තොත් මගෙ ප්‍රියතම කතුවරයා තරහ වේවි ... ඔන්න ගත්තා...
විදර්ශනා පොත් ගෙදර කියන්නෙ හරි අපූරු තැනක්. මම පොත් ගනන් ආසම තැනක් මේ පහලින් තියන පොත් දෙකේ පිටුපස්සෙ කතාව කියවල මේ දෙකෙන් විතරක් සෑහෙන්න සිද්ද වුනා. පොකට්ටුව එතනින් හින්දාගෙන බෑනෙ..


12.  වෙයි වෙයි... -


13. කඳුලු දෝණි


14. ගිය වතාවලදි ගත්තු දයාබර ඩාලියා, මයාඩා, වෑලි කතරෙ කුමාරි සීරීස් එක , දෙවියන්ගේ අඩවිය වගෙ පොත් වලට ඒ ගනයෙම තව පොතක් එකතු වුනා....




ඔන්න ඊලඟ සෙක්ශන් එක.... මෙන්න... විනෝදයට බර පොත් ... (පරිවර්තන මෙන්ම දේශීය නිශ්පාදන)


15. ජූලි හත.. - කියවල නම් නෑ... කියවන්න ආසාවෙන් උන්නු පොතක්.


16.  එමිල් තවම ලොන්තබෑරියේ... - මේක ඉතින් ආස හිතුන නිසයි ගත්තේ....


 17. මේ විදුසර පත්තරෙ ගිය ලිපි පෙලක්. පෙනුමෙන් බොහෝම රසවත් කියලයි හිතුනේ.... කියවලම කියන්නම්. ගණිතය කියන්නෙ මම ආසම විෂය දෙකින් එකක් නෙව...
18. ඊලඟ පොත නම් ගන්න කියල බල කලේ ඒ කඩ පිලේ උන්නු පොත් අයිතිකාර අන්කල්.  පොතක් වෙනුවෙන් නෙව. ඉතින් ගත්තා...


මෙවර කතාවහට ලක්වූ පොත් දෙකතුනක් ගන්නත් මට හිතුනා... මේ පොත් ගත්තට එක එක අය ධන සෘණ කොමෙන්ටු දුන්නා.. කියවලම කියන්නම්කෝ...


19.මේ පොතේ විසාලත්වය දැක්කම නම් අනිවාර්යයෙන් මාසෙක වැඩක් බවයි පෙනීගියේ... :)


20. බාබ්ලි - ස්ව‍ර්ණ පුස්තකෙන් හැමදේම මනින්න බෑ. ඒත් කියවලම බලමුකො


21. පියාපත් ලද දෝණිය පොතත් ගොඩ දෙනෙක් හොඳ කිව්ව පොතක්. ඉතින් ගන්න හිතුනා....


ඔන්න අන්තිම එක...  ගිය වර ගත්තු 'ආදරය දැනෙන්න ජීවත් වෙන්න' පොතට මම වසඟ වුනා විතරක් නෙමෙයි , ඒ ගැන පෝස්ටුවකුත් ඔයාලට මතක ඇති. ඉතින් තව පොතක් ගන්න හිතුවා... මෙන්න ඒ පොත.. පෝස්ටුවකුත් ලියවෙයිද මන්දා...


22. මේ වෙනස ගැන අපි නොදන්න දේ කියවල බලමුකෝ...






ඉතින් මගෙ ගමන අහවර නෑ. මොකද දින දෙකක් පුරාවට පොත් මිටි ගානක් ( මගෙ සහ යහලුවක් කිහිප දෙනෙක්ගේ ඕඩර් ) කොටලුවෙකු සේ ඇද්දත් , මගෙ පොත් තුනහතරක්ම ගන්න බැරිවුනා. ඒ නිසා යන්නම වෙනවා...


 මෙන්න රික්තය..


 23. බිඳුනු බිලින්දා - කියවා ඇති නමුත්, පෝස්ටුවකුත් ලියා ඇති නමුත් , ලඟ තබා ගන්නට ඕනෙ තරම් අනුවේදනීය පොතක්


24. මල්ලිගෙ විත්ති - මේක හරි අපූරු පොතකෑයි යහලුවන් කීපදෙනෙකු කියූ නිසාම ගන්න හිතුනා...


25. විසේකාරී - ගන්න සරසවි එකට ගියත් අධික තදබදය නිසා අතැර දැම්මා ඉරිදාවේ... ඒත් ගන්න ඕනෙ...




ප්‍රදර්ශනය ඉතින් මට තවම ඉවර නෑ.


පසු සටහන් හයක් ලියන්නට ඕනේ... පෝස්ට් එක දිග වැඩියි. ඒත්


පසුසටහන 1 
මේ පොත් ප්‍රදර්ශනය ඉතුරු කලේ ගිය වසර පිලිබඳ අපූරු මතකයක්. මුල් වරට මම බ්ලොග් මිතුරු මිතුරියන් හමු වුනේ, අදටත් අපූරු සොහොයුරු සොහොයුරියන් ලෙස සිටින මේ යාලුවො ලෑබුනෙ ගිය වර ප්‍රදර්ශනය නිසා... ඉතින් මෙවරත් බොහෝ දෙනා හමු වුනා. හමු නොවුන කීප දෙනෙකුත් සමගම... ස්තූතියි...

පිණි බිඳු නගා ගෙස් කරල, මාව හඳුනගෙන ඇවිත් කතා කලාට ස්තූතියි. නිලංග මල්ලිත් එහෙම මා දුටු බව කිව්ව්වා. ඇවිත් කතා කරන්න එපැයි මලේ :-) 



පසුසටහන 2
බී ඈම් අයි සි එච් එකෙ ප්‍රදර්ශනෙ සුපුරුදු දසුනක්... හරි ආස දෙයක් මේ.. බලන් ඉන්න ආසයි... හැම සැරෙම ගිහින් බලා ඉන්නවා... අපූරුයි මේ වෑයම...
පසු සටහන 3




මේ තව ලස්සන වැඩක්. අනෙ පොඩ්ඩො හරි ආසාවෙන් අඳින හැටි බලන් ඉන්න ආසයි. ඒ අහුමුල්ලටත් ඔලුව දාලා පින්තුරයක් දෙකක් ගත්තා..


පසු සටහන 4
යහලු යෙහෙලියන්ට කියන්න අපි තව පොඩි සත්කාර්යයකට මුල් වුනා. ඒත් ඒක කියන්න මෙතන පොඩි වැඩි. ඊලඟ පෝස්ට් එකට ඒක තියන්නම් එහෙනම්...  මේ කාලෙ බාගේන් සේල් එක (FB ශාලාව) කියන්නෙ ඔය දුප්පත් පාසලකට හෙම පොත් පින්චක් දෙකක් අරගෙන දෙන්න හොඳ තැනක්. පරණ පොත් දෙන්න කියනවා නෙමෙයි. ඒත් අපිට පුලුවන් හැටියට දෙයක් දෙන්න මෙතන හොඳ පොත් තියනවා. විශෙශෙන්ම ලමා පොත්. ඒ ගැන දිග කතාවක් ලියන්නම් ඉදිරියට.
සරලව කිව්වොත් මමත් තව යහලුවන් කිහිප දෙනෙකුත් පොත් පින්චවල් ගොඩක් ගත්තා රු 10ට, 15ට වගෙ කුඩා ගණන් වලට, පොඩි පාසලක පුස්තකාලෙකට දෙන්න.


ඔන්න ඔයාලත් ඒ වගෙ දේකට කැමතිනම් රුපියල් සීයකට වගෙ පොත් ටිකක් අරගෙන තියාගන්න. ලොකු පිනක් ඒක.


පසු සටහන 5
මෙදා පාර බී ඈම් අයි සි එච් එකෙදි අපේ ඇත්තො නටපු නාඩගම් ගැන ලිපියක් ලියන්නැයි ඉල්ලීමක් තියනවා. ඔය මඩ සම්බන්ද හුරුබුහුටි පෝස්ට් ලිව්ව /ලියන ඇත්තො ඉද්දි මම ඔය අනුන්ගෙ එක්ස්පර්ට් ඒරියා වලට අතගහන එක හොඳද මන්දා .. අනේ මන්දා :-)
හැබැයි ඒකත් ඊලඟ පෝස්ට් එකකට එහෙනම් :)
 
පසු සටහන 6
මම මේ නුවර ඉඳන් ඈවිත් බරබාගෙක පොත් උස්සන් ආපහු නුවර යන්නෙ මට පිස්සුද අහන්න නම් එපා... මම මේ කරන්නේ අවුරුද්දක් ඉස්සරහට කියවන්න පොත් ටිකක් ගන්න එකයි.ගිය වරත් ගත් පොත් ටික මේ අවුරුද්ද ඉවර වෙනතුරුම කියෙව්වා. තව දෙක තුනක් ඉතුරුයි. මෑදදි ගත්තුවා. අනෙක් හේතුව මෙහි ඇති මිල අඩුකම. මම හිතන්නෙ වෙනදා රුපියල් දහසකට ගන්න පොත් මෙහිදි රුපියක් පන්සියයකට ගන්න පුලුවන් කම තියෙනවා. අතෙ තියන පොඩි මුදලින් ගොඩක් පොත් ගන්න මෙතනින් පුලුවනි. අනික දුලබ පොත්. ලේසියෙන් සාප්පු වල නැති පොත්. උදාහරණයක් හැටියට රුසියන් කතා.


ඔන්න ලිව්වා.. දිගම දිග හෑල්ලක්. පොත් කියන්නෙ  ඉතින් බත් වගෙනෙ.. දුකා අයියත් එහෙම දවසක් කිව්වා... හෙ හෙ. ඒකත් කියවලම බලන්නකො...


ගත්තු පොත් ගැන අපෙ යාලුවො තව කීප දෙනෙක්ම ලියල පෝස්ට් දාලා තිබ්බා... නිසුපා , දසුන්, හිරණ්‍ය , මාධව මල්ලි නම් පෝස්ට් තුනක්ම (1, 2, 3) තමා මම දුටුවෙ, තව අය ලිව්වද? ලින්ක් එවන්න දාන්නම් :)

41 comments:

  1. "පසු සටහන 5
    මෙදා පාර බී ඈම් අයි සි එච් එකෙදි අපේ ඇත්තො නටපු නාඩගම් ගැන ලිපියක් ලියන්නැයි ඉල්ලීමක් තියනවා. ඔය මඩ සම්බන්ද හුරුබුහුටි පෝස්ට් ලිව්ව /ලියන ඇත්තො ඉද්දි මම ඔය අනුන්ගෙ එක්ස්පර්ට් ඒරියා වලට අතගහන එක හොඳද මන්දා .. අනේ මන්දා :-)
    හැබැයි ඒකත් ඊලඟ පෝස්ට් එකකට එහෙනම් :)"

    අනේ අපිත් ආසයි දැනගන්න එයාලා නටපු නාඩගම්. අපිට ඉතින් ඔව්වෙ යන්න වෙලාවක් නෑනේ. අපිටත් දැනගන්න එක්ක ලියන්නකො.

    ReplyDelete
  2. පොත් විස්තරේ බොහෝම ආසාවෙන් කියෙව්වා... ඈත ඉඳන් දුක් වෙන්න තමයි තියෙන්නේ. මම හිතන්නේ එකම එක පාරක් විතරයි මම ඔය එක්සිබිශන් එකට ගිහින් තියෙන්නේ. ඊරිශියාව කියන්නේ මොකක්ද කියලා ටෙහරුම් ගන්න නම් ඉතින් කවුරු හරි මේ වගේ තම්න් ගත්තු පොත් ගැන කියන්නම ඕනේ.
    හැබැයි ඔයාගේ ලිස්ට් එකේ ගොඩාක් පොත් මාත් කියවලා තියෙනව අකියලා දැක්කම පොඩ්ඩක් ඊරිශියාව ඈත් උනා ඔන්න....

    ReplyDelete
  3. ආදරණීය බවුවා බක් ව , මේස පුටු පෙරලන බාබයිගා යකින්නියව, හෑන්ස්ව එහෙම ආදරයෙන් මතක් කලා කියන්න. අනිත් අයවත් ලඟදීම අඳුනා ගන්න කැමති

    ReplyDelete
  4. මදැයි. ප්‍රදර්ශනේ ඉවර වෙනකම් මට නම් කොළඹ යන්න බැරි වේවි. සෙනසුරාදාත් වැඩ මේ දවස්වල. ඒ නිසා ඉරිදාත් ගෙදර ඉන්නවා කොළඹ නොයා..බලමු, මේ සතිඅන්තෙ හවස්වරුවක නුවර පැත්තෙ ගිහින්වත් පොත් ටිකක් ගන්න. එකදිගට කියවන්න බැරි වුනත් වෙලාව ලැබෙන විදියට කියවලා බලන්න පොත්ටිකක් ගන්න ඕනි.

    ReplyDelete
  5. සැයි අනේ මගෙ ලිපි ටික. යන්න ඉස්සෙල්ල, යන්න ලෑස්ති වෙලා, ගිහිල්ල ඇවිල්ල, 3ක් ලිව්ව.

    පවුලෝ මගෙත් ප්‍රියතමයෙක්, අනිත් කෙනා චින්ගීස්. මම මේ පාර ගත්ත පවුලෝගෙ පොත් 4ක්ද කොහෙද. ඔයා අරගෙන තියෙන එකත් ගත්ත.
    රුසියානු පොත් වලට මමත් ගොඩාක් කැමැතියි.

    ReplyDelete
  6. මෙයා අරගෙන තියෙන පොත් තොගේ... කියවලා ඉවරවෙලා අපිටත් කියන්නකෝ පොත් වල වග තුග...

    ReplyDelete
  7. හනේ ලස්සන වසිලිස්සා, පින්තුර කතා ඒ පොත් දෙක ගත්ත තැන කියන්නකෝ අක්කියෝ.. අපරාදේ එදා මට එන්න බැරි උනා.. :(

    ReplyDelete
  8. අනේ මන්දා මාත් ආසම පොත "අරණකට පෙම් බැද" කියන එක.. එත් මම ඕක තැනින් තැන කියෙව්වේ.. ගොඩක් පරණ පිටපතකින්.. මම හිතන්නේ ඕක ගොඩක් පරණ කතාවක් නේ..:)

    ReplyDelete
  9. අක්කා හොද පොත් ටිකක් අරගෙනනෙ.ඕවා අරන් කොහොමද ගියේ අප්පා..අපි දෙන්නෙක් එක්ක උස්සගෙන ගිහිල්ලත් හරි අමාරු වුනානෙ.

    ලස්සන වසිලිස්සා කියවලා තිබුනට දැන් මතක් නෑ නේ.මේ පාර ගන්න වුනේ නෑ.ඊලග පාර ගන්නවා.

    ඔය පින්තූර කතා පොත පොඩි කාලෙ ඉදන් මං ගාව තාමත් තියෙනවා.ආදර්ශ දෙන්නෙ ඒ බව නොදැනෙන්නයි.

    සුදු වැද්දා පොත මං ගාව තිබුනා.යාලුවෙක් ගත්තා ගත්තමයි දුන්නෙ නෑ නෙ.:(( මං මේ ඒ පරිවර්තකයගෙම පොතක් හොය හොය හිටියෙ ගන්න.එක පාරක් කියෙව්වා මං වෙන කෙනෙක් පරිවර්තනය කරපු එකක්.හෑන්ස්වයි,රනීවයි ඕනෑවට වඩා රොමෑන්ටික් කරලා කියවන්න හිතුනෙ නෑ.

    සවුද්ගෙ කතාව මං ගිනි දියණි කියලා පපිවර්තනය කරලා තිබුන පොතක් කියෙව්වා.ඒකත් හොද කතාවක්

    තිත්ත කෝපිත් ලස්සනයි

    වන පෙත අඩගසයි පොත කියෙවලා මට ඇඩෙන්න ආවා.සතෙක් ගැන හුගක් හැගීම්බර විදිහට ලියලා තියෙනවා.

    ඇලන්ගෙයි බාබරාගෙයි පොතත් නියමයි.

    අනික් ඒවානම් මං කියවලා නෑ.ලගපාත හිටියානම් අක්කාගෙන් ඉල්ලගෙන කියවන්න තිබුනා.

    ReplyDelete
  10. සෑහෙන්න පොත් අරගෙන නේ.
    අපට අක්කව හම්බ උනේ නෑනේ. දකින්න ආසයි.
    එහෙනම් දැන් ඉතින් කාලෙකට බ්ලොග් අවකාශෙන් අතුරුදහන් වෙලා පොත් කියවයි.හික්ස් :)

    ReplyDelete
  11. ඔයාගෙ පොත් ටික දැක්කම පරණ යාළුවො කට්ටියක් නොහිතපු වෙලාවක ගෙදරට ආව වගෙයි ඔන්න මට දැනුනෙ.......සුදු වැද්දා......උභය ජීව.....වසීලිස්ස..ෂේන්..... ඔය ඔක්කොම මගෙ පරණම පරණ යාළුවො.....

    හැබැයි පරිවර්තන ගැනනම් දිල්...මේ කාරණේ නොකියාම බෑ.....අද පොත් සාප්පුවල තියෙන පරිවර්තන කියෙව්වම පොත් කියවිල්ල එපාම වෙනව.....මම ඒ නිසා පරිවර්තන කියවන්නෙම නැති තරම්.....

    අද පරිවර්තකයො බොහොමයක් හිතාගෙන ඉන්නෙ ඉංගිරිසි ටිකක් දන්නව නම් පොතක් පරිවර්තනය කරන එක මහ කජ්ජක්ද කියල.....

    ඒත් මට හරියටම මතක නෑ...මම හිතන්නෙ සිරිල් සී. පෙරේර මහත්මය වෙන්න ඕන එක පාරක් කියල තිබුන පරිවර්තනයක් කරන එක අලුතින්ම පොතක් ලියනවට වඩා අසීරු වැඩක් කියල...ඒ කතාව සහතිකම ඇත්ත.

    මීට කලකට පෙර හිටපු කෘතහස්ත පරිවර්තකයො නිසාම තමයි මම විතරක් නෙවෙයි, අපේ පරම්පරාවෙ බහුතරයක් පොත් කියවීමට අබ්බැහි උනෙත් ඒ එක්කම එතනින් ඊළඟ පියවර වන විශ්ව සාහිත්‍යයට යොමු උනෙත්....

    ඒ. පී. ගුණරත්න, ඩේවිඩ් කරුණාරත්න, හේමපාල මුනිදාස,එස්. එම්. බන්දුසීල,දැදිගම වී රුද්‍රිගු, ඔරුවල බන්දු......ඔය මගෙ ජීවිතය නව මඟකට යොමු කල මහත්වරු,

    ජැක් ලන්ඩන් ගෙ Call of the wild කියන්නෙ පපුවටම වදින පොතක්......ඔයා ආයෙම යනව නම් බලන්න ඕකෙම තව පොතක් තියනව, නම... White fang...... මම හරියටම දන්නෙ නම් නෑ පරිවර්තනයක් තියද කියල......

    ReplyDelete
  12. ඔයාගෙ පොත් විස්තරේට ආස හිතනව. මං කියවපු පොත් ටිකකුත් එතන තියනවා. අර පිංතූර කතා කියන එක ඉස්සර තිබුණේ සත්තු වත්ත කියල වගෙයි මතක.
    අනේ මට කියන්න උභයජීව පොතේ අලුත් ප්‍රකාශකයො කවුද කියලා :)

    ReplyDelete
  13. මම හිතුව මාගල වගේ දිග වෙයි කියල මේ පෝස්ට් එක.ඔතන නෑ මං හිතන්නේ ගත්තු පොත් ඔක්කොම දවස් දෙකම ගිහින්.මුල් දවසෙනම් පසන් අයිය බර බාගේ ඇද්දා.අලේ මඩ වැඩේට අත ගහමු.කටින් මඩ ගහන්න පුලුවන්නම් අතින් ලියන එක මහ වැඩක්යැ.නේද...
    එහෙනම් ඔන්න ඊළඟ එකෙන් එදා ආව සනුහරේගේම ඇත්ත එලි වේවා !

    ReplyDelete
  14. අහ්... ඔන්න ඔක්කොටම එක උත්තරයක් ලියන්නම් හොඳේ.... ඉස්සෙල්ලම අහපු ප්‍රශ්න වලට උත්තර

    හසි නගා, මජි හොයන පොත් දෙක තියෙන්නෙ Progressive Publishers ගාව.

    ඔයාල පොත් ගෑන එක කල වටිනා අදහස් හරියට මේ ලිපිය පොත් විචාරයක්ම කලා වගේ...

    රංගි අක්කා... ආ සතුටුයි ඔයා මේ ගොඩක් කියවල තියෙ නම් .. මට පටන් ගන්න තෑනක් කියන්නකෝ...

    මකරෝ.. හා මම මතක් කරමි....:) බාබායිගා යකින්න මන් හිතන්නෙ මකාවත් මතක් කලා... )

    රොශාන් පුතා... සෑප් මාසෙ ගත්තොත් ඔයාට ලාබයි ....

    මාධව : අහ් ඔන්න දෑම්ම ලින්ක්ස්... :)

    දිනේශ් - හා හා.. අනිවාර්යෙන් ලියන්නම්කෝ...

    අන්ජලි : ඔව්මාත් මේ ආසාවෙන් ඉන්නේ ඒ පොත බලන්න...

    නිසුපා.. - ඔයත් හොඳ පොත් පිස්සියෙක් නේද නගා.. දාන්න පහක් ! :-) අපි හමුවෙමු දවසක :)

    මධුරංග... කොයි ඉතින් ඔයාල අපිව මුන නොගැසි ගියානේ....

    රවි අයියා : ස්තූතියි. දිග විචාරයට...

    මජි : උභයජිව පොත ගත්තෙ ගොඩගෙ එකෙන්..

    සිහින : හා හා... හිටින්කො ලියන්න එහෙනම්...

    ඔන්නකොමෙන්ටු ල්ව්ව ඔක්කොමටම ඉස්තූතියි :)




    පලි.
    පනුවෝ.... එච්චරම ආසද බයිට් වෙන්න ??? හාකො එහෙනම්... ඔන්න අක්කෙ අක්කෙ කියා කියා නාහෙන් අඬන්න එහෙම බෑ ඕන් පස්සෙ :)

    ReplyDelete
  15. ඊ......සියාව පමණි..... කිසිවක් නොසිතුනි. නොදැනුනි. :(

    වැඩියෙන්ම අර පින්තූර කතා පොතට සහ ලස්සන වසිලිස්සා පොතට. :'(

    ReplyDelete
  16. Progressive Publishers හොයන කට්ටිය, මෙන්න ලිපිනය,
    අංක 91, ආචාර්ය ඇන්.එම්.පෙරේරා මාවත (කොටා රෝඩ් කියල සිංහලෙන් කියන්නෙ මේ පාරට )
    කොළඹ 08.
    0715331281/0112695328
    බොරැල්ල හන්දියෙ ඉදලා රාජගිරිය පැත්තට යනකොට Keels Super Market එක පහුවුනු ගමන්ම වගෙ හම්බ වේවි.

    ReplyDelete
  17. ඔය පොත් අතරින් කීපයක්ම මාත් කියවලා තියෙනවා.

    ReplyDelete
  18. http://lakmisher.blogspot.com/2011/09/blog-post_18.html
    ඔන්න මාත් ලිව්වා පෝස්ට් එකක්. ඔයාව අහම්බෙන් හම්බවෙච්ච එකත් සතුටුයි අක්කේ. දන්නවද ඔයා තමා මගෙ බ්ලොග් එකේ මීට අවුරුදු එක හමාරකට විතර කලින් ඉස්සෙල්ලාම කමෙන්ට් කරේ. ඔයාගෙ පොත් සෙට් එකෙන් මාත් පොත් වගයක් අරගෙන. බාබ්ලී, ටෙහෙරානයේ සිරකාරිය, පියාපත් ලද දෝණි. හැබැයි ඉස්සෙල්ලම කියවන්න ගත්තෙ නම් සයුරී..

    ReplyDelete
  19. අක්කා නිසා ම්අටත් පොත් දෙකක් හොයා ගන්ට පුළුවන් උනා අර නාඩගම් ලිපිය ඉක්මනට දාන්න අක්කා ඒකෙ උඩින්ම ඔයාගේ මල්ලිගෙ හපන්ක්ම් ටික ලියන්න අක්කා

    ReplyDelete
  20. විදර්ශනා පොත් ප්‍රකාශකයින්ගේ ස්ටෝස් තියෙන්නේ දිලාගේ ගෙදරද කොහේද... :D

    ReplyDelete
  21. http://sellipiya.blogspot.com/2011/09/blog-post_20.html
    මෙන්න අක්කේ උදිත ලියපු පොත් ගැන පෝස්ට් එක.

    අනිවා මාත් හොදම පොත් පිස්සියෙක්. ඔන්න පහක් දැම්මා.
    රවි අයියා කියපු වයිට් ෆෑන්ග් පොතේ පරිවර්තනයක් තියෙනවා.ඒකත් හරිම ලස්සනයි.

    ReplyDelete
  22. අනේ ජීවිතේ මල්! අර එමිල් තවම ලොන්තබෑරියේ පොත ගත්තේ කොහෙන්ද? මම ඔකේ පලවෙනි කොටස කියවලා තියෙනවා, ජොලිම ජොලි පොතක්. මමත් පටන් ගත්ත දවසෙම ගියා. අයේත් යන්නය් ඉන්නේ, ප්ලීස් ශොප් එකේ නම පොස්ට් කරනවද?

    ReplyDelete
  23. ආහ්හ් දිල් අක්කා.... ප්‍රදර්ශනේදි අපි මුණගැහුනද මන්දා...

    ReplyDelete
  24. පොත් සැට් එක උස්සන් බස් එකේ ආව හැටි ලිව්වනම්.... හික් හික්.... සුදු වැද්දා... සුදු ගෝනා පොත දෙක අවුරුදු ගානකට කලින් කියව්වට ආයෙම කියවන්න ආසයි.. ඒත් හම්බු උනේ නෑ....

    ReplyDelete
  25. ජැක් ලන්ඩන්ගෙ "වන පෙත අඩගසයි" කියන්නෙ මගෙත් කැමතිම පොත...ඒක එයාගෙ පොත් අතර " Masterpiece " එක කියලත් කියනව. කියවනවා නම් ජැක් ලන්ඩන්ගෙම පොත් කොච්චර තියෙනවද.. White fang ,Bâtard(බතා), the sea wolf...
    "නිසුපා" කියන විදියට සතෙක් ගැන නෙවේ ඒ කතාව ලියල තියෙන්නෙ (කියවලම බලන්න).... www.gutenberg.org තියෙනවා අරන් බලන්න. තිත්ත කෝපිත් හරිම රසවත්....

    ReplyDelete
  26. මමත් ගිහින් හිතේ හැටියට පොත් ටිකක් අරන් ආවා. ඔයාලා ගිය දවසේ යන්න හම්බ උනානම් දකින්න තිබුනා. අපරාදේ... පොත් ටිකනම් පංකාදුයි. ලස්සන වසිලිස්සා කියවන්න දොලදුකක් හැදුනා මේක දැකලා.

    ReplyDelete
  27. විදර්ශනා පොත් ගෙදර කියන්නෙ හරි අපූරු තැනක්. 100%ක් එකඟයි...මගේ පොත් එකතුවේ වැඩි කොටසකට වග කියන්නෙ විදර්ශන ප්‍රකාශන...
    වන පෙත අඬගසයි...ඉතාම ලස්සන පොතක්..ඒ පොතට අදාල තවත් පොතක් තියෙනවා...''වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්'' ඒ පොතත් කියවන්න වටිනවා...

    අරණකට පෙම් බැඳ...පුදුමයක් නෑ..වැඩිම මනාපය හිමිවීම පිළිබඳ...බොහොම කාලෙකට පෙර සිටම මේ වගේ වටින පොත් කියවන්න මාව යොමු කළ මගේ තාත්තිට නම් බොහොම පිං කියා නොකියාම බැහැ... :))

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. පොත්... ඉරිසියාවේ සන්තෝෂේ බෑ වගේ... :D අරණකට පෙම් බැඳ, සුදුගෝනා සුදු වැද්දා තිත්ත කෝපි පොත් කියවලා තිබුණත් අනිත් පොත් ගැන දැනගනත් ආසයි... ඊළඟ අවුරුද්දෙ මමත් එනෝ... :)

    ReplyDelete
  30. මේසේ තියලද ඇඳේ තියලද පින්තූර ගත්තේ???

    ReplyDelete
  31. හා පැටික්කියේ..
    යන්නකො ගිහින් ගන්නකො ... හී හී.. ගොඩ දෙනෙක් තාම ආසයි බාල කාලෙට නේද...? තව අය අපි බාල කාලෙට ආස වුනාම ඒවට හිනා වුනාට අපිට මොකෝ නේද නගේ... :)

    රීඩර්...
    ස්තූතියි.... හොඳ ඔත්තුවක්

    උදාර
    ශා ශා..ජය වේවා

    පිණි නගා
    ශා වෙරි ගුඩ්... පොත් පෝස්ට් ටික එකතු කරමු. වර්චුවල් ලයිබෙරියක් දාමු :)

    ශානු
    අනිවාර්යෙන් දාමි... ඉක්මනින්... :)

    සෝලෝ
    හි හි.. ඒ වගෙ....
    :)

    නිසු නගා
    ස්තූතියි නගෝ. ඉක්මනින් ඔය පෝස්ට් ටිකත් එල්ලන්නම්....
    මෙන්න දහයක් ! :)

    සමාධි
    ඒ පොත ගත්තෙ ගොඩගේ එකෙන්. අර මුලින්ම හම්බෙන එෆ් හෝල් එකෙන්ද කොහෙදෝ...

    අවංක පැට්ටා...
    හහ් හහ් හහ්... අනේ මන්දා... හි හි.. කවුද ඔයා ?? හි හි හි :)

    පිස්සා මල්ලි
    හපෝයි කියල වැඩක් නැ ඒක.... මට මේ පොත් වලින් කෝකෙන් පටන් ගන්නද නිනව් නැතුව ඉන්නේ... :)

    ReplyDelete
  32. ආ ගීතික මල්ලී
    ගොඩ කාලෙකින් අප්පා...... ඔව් ඔව් අද ගන්නවා ඒකෙ පලවෙනි පොතත්.. වයි ෆැන්ග් නේද .....

    කින්නරාවි
    :)
    ඒකනේ... හම්බවෙන්න තිබ්බා.. සමහරු නොදැක්කා වගෙ ගියා. මට මූන මතක තිබ්බ අයත්.. හෙ හෙ. බහුතරය නම් කතා කලා. :)

    මකුලුපැංචි
    වයිට් ෆැන්ග් අද ගන්නවා.... :) ස්තූතියි නගා...

    නිති
    හෙ හෙ.. එන්න එන්න. එහෙනම් ඊලඟ අවුරුද්දෙ එකතු වෙලා යන් පොත් ගන්න

    බිඟු
    ඇඳේ ...හී හී.. දැන් අහන්න එපා ඇඳට දාන්නෙ මේස රෙදිද කියලා :)

    ReplyDelete
  33. Aranakata pem bada mokeda ganna thiyanne?
    wijesuriya ekeda?

    ReplyDelete
  34. ජිවිතේ මල් එක්ක ඉදිරියට යන්න ඔන්න අපිත් ආව. හරිම ලස්සන ලිපි ‍ගොඩාරියක් තියෙනවා. මේ සයිට් එකට ආවම වෙන වැඩ නෑ එච්චරටම ලිපි. මොනවා කරන්නද ඉතිං ඒවා ටික ටික හරි කියවගන්න වෙනවා. ගොඩක් හොද සුන්දර අත්දැකීම් රාසියක් ඔයා ලස්සනට ලියනවා. ඒ වගේම ඒ ලිපි වලින් අපේ ජිවිත වලට ගන්න ගොඩක් දේවලුත් තියෙනවා ස්තුතියි අපි වෙනුවෙන් ලියනවට ඉදිරියට ලියන හැම ලිපියක්ම වගේ කියවන්න බලාපොරොත්තු වෙනවා

    චූටි ප්‍රශ්නෙකට තියෙන්නේ. මේ පොත් ටික් ඔක්කෝම කියවලා ඔයා තවත් ලිපි දික් කරයිද කියන එක තමා. :)

    එහෙනම් සුබ බ්ලෙග් අනාගතයක්.

    ReplyDelete
  35. මේක කියන්න බැරි වු‍නානේ.

    'ආදරය දැනෙන්න ජීවත් වෙන්න' පොතට මම වසඟ වුනා විතරක් නෙමෙයි , ඒ ගැන පෝස්ටුවකුත් ඔයාලට මතක ඇති. සේ ‍පෝස්ට් එ‍කේ ලින්ක් එක හොයා ගන්න කරදර නැත්නම් ප්ලීස් මෙතන දාන්න පුළුවන්ද .?

    ReplyDelete
  36. මං නං හිතන්නේ අප උත්සාහ කළ යුත්තේ පරිවර්තන නොව මුල් කෘති කියවීමටයි.

    ReplyDelete
  37. පොත් ටික දැක්කම ආසාවේ බෑ :) ෂෝයි ෂෝයි.. ඔයානම් සතියෙන් සේරම කියවලා ඉවර කරයි වගේ අක්කේ :)

    ReplyDelete
  38. දිල්සරා මට ඔක්කොම කියවන්න වුනේ නෑ. වන පෙත අඬගසයි තියෙනව දැක්ක නිසා පොඩි රෙකමදාරුවක් කරන්නයි ආවෙ.

    පට්ටම පොතක්. ලේසි පාසු කතාවක් නෙමෙයි. පොඩ්ඩක් බලන්න ඔය පොත පිටිපස්සෙම විචාරයක් තියෙනවද කියල. තියෙනවනම් කියවන්න එපා. කතාව දෙතුන් පාරක් කියවලම විචාරයට යන්න.

    මම කියවපු හොඳම පොත් ලැයිස්තුවෙ ඕක තියෙනව.

    හෙට යන්නෙ. සයිමාගෙ පොත් ටිකක් ගොඩ දාගෙන එන්න.

    ReplyDelete
  39. Gordonia ceylanica
    ඔව්.... විජේසූරිය එකෙ තියනවා

    සිහිනයක මියැදුනු සිතක්
    ශා ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා..... ගොඩක් ස්තූතියි.. එහෙනම් මනුස්සකම බෙදාගනිමු...
    අනිවාර්යෙන් ලින්ක් එක දෙන්න. මම දාන්නම්

    කකා..
    ම්ම්ම්ම්... වෙන්න පුලුවනි. ඒත් මට නම් ඉන්ගිරිසියෙන් කියවද්දි ඇඟට දැනෙන්නෙ නෑ. සිඩ්නි ශෙල්ඩන් විතරයි ආසාවෙන් ඉන්ගිරිසියෙන් කියෙව්වෙ :)

    සුදු හන්සි
    හෙ හෙ. දැනට 3ක් ඉවරයි.. රිසච් එකට දෙවි පිහිටයි :)

    පිටස් :)
    ආ.. ඒක තමා ඊලඟට කියවන්න හදන්න. වසිලිස්සට ආසාවේ ඒක ඉස්සෙල්ලම ඉවර කලා. පින්තුරු කතා ඊලඟට. හි හි. ගොලු දැරිය ඊලඟට/. හෙ හෙ කියවලම කියන්නම්කො

    ReplyDelete
  40. Hi,
    could you please tell me the publisher of the book "එමිල් තවම ලොන්තබෑරියේ"

    Thanks
    Nayani.G.

    ReplyDelete
  41. මෙව්වා යේ ප්‍රකාශකයොන්ගේ නම් දැම්මනම් අපිටත් ගෙදර ගෙනිහුන් බලන්ඩ තිබ්බ !

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->