Saturday, September 24, 2011

[204] මගේ (අවුරුද්දෙ අන්තිම පොත්) රස්තියාදුව 6

පොත් එකතු කරනවා විතරක් නෙමෙයි, ඇඳේ ගෙම්බෙක් පොලේ ගැහුව වගෙ දපාගෙන ඒවා කියවන එක තරම් කාලය සහ ධනය නිර්ලෝභීව වැය කරන වෙන විනෝදාංශයක් මට නැතිම තරම්. ඇයි රස්තියාදුව? ඒක හැබැයි අංක දෙක. :-) ඉතින් ගිය අවුරුද්ද ඉඳල සතෙන් සතේ එකතු කරල රැස් කල පොත් ප්‍රතිපාදන වල අන්තිම රුපියල් කීපය අරගෙන බ්‍රහස්පතින්දාවේ හවස ආයිමත් BMICH එකට සේන්දු වුනේ 2011 අන්තිම පොත් රස්තියාදුවෙ යන්න.


මුලින්ම ගුණසේන එකට ගියෙ මල්ලිගෙ විත්ති හොයාගෙන. ප්‍රින්ට් එකෙ නෑලු. අහෝ.ඒත් සෙව්ව මැණිකක් හමුවුනා.. මතකද අපෙ සිංහල පොතක තිබුන සිලිඳුගෙ කතාව? පුංචි කෙල්ල කුඩම්මා විසින් ලාම්පුතෙල් දමා ගිනි තියන කතාව? අන්තිමේට පොඩි කෙල්ල මැරී වැටුන තැනින් අහුලා ගත් පස් මිටකුත් කිරි කැටි දතකුත් තුරුල් කරගෙන වැලපෙන සිලිඳුගෙ කතාව? මේ කෙටිකතාව අඩංගු පොත හෙව්වෙ වරක් දෙකක් නොවෙයි. ඔන්න හමුවුනා... මෙන්න තියනවා..




ෆාස්ට් පබ්ලිශින් හොයා ගෙන ගියෙ බිඳුනු බිල්න්දා පොත ගන්න. (මතකනෙ ජෝඩි බ්‍රවුන්ගෙ අනුවේදනීය ලිපිය?) ඒත් කියවපු පොතක් නිසාත් (විදර්ශනා පොත් හලෙ අක්කට පින්සිද්ද වෙන්න) අතෙ ප්‍රතිපාදන බොහොම සීමිත නිසාත් ඒ පොත අමාරුවෙන් පසෙක තියල අලුත් පොතක් ගන්න හිතුවා. මෙන්න.




නිදහසේ ඈවිදිමින් නොබෑලූ පොත් රාක්ක සාප්පු වලට එබෙමින් තව පොත් කීපයක් එක් කරගන්නත් අමතක කළේ නෑ.








ඉතින් ඔය ඔක්කොම ඉවර වෙලා මම බැලුවා පසුම්බියේ ඉතුරු මුදල. රුපියල් පන්සීයකට අඩුයි. ඉතුරු වෙන මුදල් අස්සෙන් මැවුනෙ වෙන කොහෙද ඉතින්. විදර්ශනා පොත් ගෙදර මිසක්කා. මට කවදත් ප්‍රිය පොත් හලේ අක්කා , හැමදාම ඈ තමා මට උදව් කරන්නේ පොත් හොයන්න. ඈ අප තරම්ම පොත් පිස්සියක් නිසා. ඉතින් ආයෙමත් B ශාලාවට ගියා.


අක්කට මාව දැකල හිනා ගියෙ මම හොල්මනක් වගෙ එතෙන්ට පාත් වෙච්චි තුන්වෙනි වතාව නිසා. ඇත්තෙන්ම එතන හොඳ පරිවර්තන තියන තැනක් නිසයි සල්ලි ඉතුරු වෙද්දි එතනින්ම ආයෙත් පොත් ගන්නෙ.


මට මතක් වුනෙ මුවා මැරූ සලමන් ගැන මරෙ අයියා ලිව්ව වර්ණනාව. ඉතින් කෝල් එකක් දීලා ආයෙත් හොඳ රෙකමදාරුවකුත් අරගෙන ඒක ගන්නයි හිතා ගත්තෙ.


"අක්කේ රුපියල් පන්සීයක් ඉතුරුයි, මුවා මැරූ සලමන් කෝ?"


අක්කගෙන් ඇහුවෙ හොයාගන්න බැරිම තැන.


"නංගි මෙන්න අපෙ ට්‍රාන්ස්ලේශන් එකක් කල කෙනෙක් ඈවිල්ලා. කතා කරනවද එයාට ? "


කවුද මේ .. මාත් එබිකම් කළා..


අප්පච්චියෙ , මේ ඉන්නෙ දෙන්නෙක්ම අඳුනන. කපිල එම් ගමගේ සොහොයුරාත් ඉන්දික ගුණවර්ධන සෝයුරාත්. ප්‍රීති ප්‍රීති. කපිල අයියව නම් ඉතාම පොඩි කාලෙ(මම කිව්වෙ 2002) කඳුරට සේවෙදි හමු උනාට පස්සෙ දුටුවෙ නෑ. ඉන්දික සහෝව නම් මුන ගැහුණ පළමු වතාව. සන්තෝසයි. සන්තෝසයි... ඒ සන්තෝසෙට ඉතින් මුවා මැරුව සලමන්ව පැත්තකින් තියලා හිතෙ කෙටු ටැටුවක් තෑගි ලැබුන එකට නම් ඉස්තූති නොකරම බැහැ.


ඉතින් හරිම සුහද මිනිත්තු කීපෙකින් පස්සෙ මගෙ සුන්දර පොත් සතිය අහවර කරලා පොත් ගොන්නක් තුරුලු කොරන් නුවර එන්න පිටත් වෙන්න කලියෙන් වෙච්චි සිද්දි දෙකක් තියනවා... මේ දිහෑවෙ ඈවිත් යන ගොඩ දෙනෙක් එකක් නම් දන්නවා..


1. බ්‍රහස්පතින්දා රෑ අපෙ බස් රේඩියෝවෙ විකාශය වෙච්චි කතාBuzz වැඩසටහනට සහබාගි වෙච්චි මම කියපු පච ගොඩ ගැන ..


2. සිකුරාද උදේ මට බස් එකෙ මීට් වෙච්චි නාකි සුද්දා අන්කල් ඩේවිඩ් ගැන. ඒ ගැන නම් වෙනම පෝස්ට් එකකුත් ශෙඩියුල් එකෙ දැනටම රෙඩි. හෙට අනිද්දට බලන්නකො, ඩේවිඩ් අන්කල් මාව නමස්කාර කරපු කතාව. හිකිස්.


ඔන්න පොත් රස්තියාදුවෙ අතුරු කතා දැනට 4ක් ඉතුරුයි. ඔය උඩහ දෙක , සහ


3. පොත් සත්කාර්යය. පොඩි පාසලකට එකතු කරන පුස්තකාල පොත් කාර්යය.(විස්තර දැනට බලන්නකො ඔය ලින්ක් එකෙන්)


4. සැප් 18 වෙනිදා පොත් රස්තියාදුවෙ අතුරු මඩ පෝස්ට් එක.


ලියාගන්න ඔලුවෙ කැරකෙන දේවල් ලියන්න වෙලාව තමයි හිඟ .. කමක් නෑ. ඉක්මනින්ම ඒ දෙකත් ලියන්නම්කෝ...


මෙන්න මගෙ කලින් දවසෙ පොත් රස්තියාදුවට යන පාර.....
මෙන්න මගෙ ඔක්කොම මෙතෙක් 6ක් වූ රස්තියාදු ගමන් ගැන...

මේ පෝස්ට් එකයි ඩේවිඩ් අන්කල්ගෙ විප්‍රකාරෙයි මම අතින් ලිව්වෙ සිකුරාද හවස (ඊයෙ) බස් එකෙ එද්දි. ඔන්න පේනව නේද? ලියන්න වෙන මාන්සිය ..හිකිස්... කෑමතිනම් ඩේවිඩ් අන්කල්ගෙ කතාවෙ මුල ටික කියවගන්න එකයි ඇත්තෙ මේකෙන් ... හි හි  


12 comments:

  1. අක්කා අයෙමත් ගිහින් පොත් බලන්න. මම නම් මේ ගත්ත පොත් එකක්වත් කියවලා නෑ.

    ReplyDelete
  2. මිස් නම් පොත් රස්තියාදුවේ යනවා. මට ඊසිරියාවේ බෑ. අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් ජොබ් එක කරලා එකතුකරපු මුදලින් කොළඔ එන්න හිතද්දි මේ සති අන්ත දෙකේම වැඩ කරන්න වුනා. ඉරිදා කොළඔ එන්න බෑ කියලා හිතුනා ඒ නිසා.මොකද සඳුදා කියන්නෙ අපේ කාර්යබහුලම දවස. උදේ 8ට වාඩිවුනාම වතුරඑකක් බොන්න නැගිටින්න වෙන්නෙත් 12.30 පහුවෙලා. ඒ නිසා මම ඉරිදා හවස විවේකයට වෙන්කරලා තියෙන්නෙ.
    මම ඉතින් පොත් ගන්න කියලා කොළඔ එනඑක වෙනුවට දවල් වැඩ ඇරිලා නුවර පොත්කඩේකට ගොඩවුනා. අතේ තිබුන මුදලින් බාගයක් ටාගට් කරලා පොත් ගත්තා තවත් පොත්කඩේකට ගොඩවෙන්න හිතලා. ඒත් බලද්දි 20% ඩිස්කවුන්ට් දීලා මගේ බිලට. ඒ නිසා තවත් මුදලක් ඉතිරි වුනා. නමුත් පොත් ටික ගත්තා වගේ නෙවි. ගෙදර ගේන්නත් ඕන නිසා තවත් පොත් හොයන එක කල්දාලා ගෙදර ආවා. කමෙන්ට් එක පෝස්ට් එකක් වුනාද මන්දා. හික්ස්

    ReplyDelete
  3. අක්කා දෙවෙනි පාරත් ගිහින්... ඉන්දික අයියගේ " හිතේ කෙටු ටැටු " කවි පොත හොදයුලු නේද?? මටනම් ඒක කියවන්න ලැබුනේ නෑ....

    ReplyDelete
  4. මාත් පොත් නම් කියවන්න ආසයි. අද හවස ගිහින් පොතක් ‍කීපයක් ගත්ත. කලිනුත් දවසක ගියා. ඉතිං කොහොම හරි පොත් ගැනවත් කියවන්න අවස්ථාවක් ලැබුන එක ගැන සතුටුයි.

    ReplyDelete
  5. හොරන්ම ඇවිත් ගිහින් නේද සහෝදරී... F ශාලාව පැත්තෙන් ආවාද ? එහෙනම් අපි දකින්නත් ඇති...

    ReplyDelete
  6. ඊරිසියාවෙ බැහැ, ආයේ නං පොත් ප්‍රදර්ශනේ ගැන තියෙන පෝස්ට් කියවන්නෙ නැහැ, නැහැ, මය්

    ReplyDelete
  7. මාත් යන්න හිටියේ... එත් වැඩ ගොඩක් හින්දා යන්න බැරි වුනා. ගිය කෙනෙක් ගැන ඇහුවමත් දුක හිතෙනවා... :(

    ReplyDelete
  8. මමත් ගියා දවස් දෙකක්ම. පොත් කාරයෝ වශියක්වත් කරලද මන්දා අප්පා.යන්නමයි හිතෙන්නේ....

    ReplyDelete
  9. මධුරංග මල්ලි
    ඒකනේ.. ගියා ගියා.. ඒ විතරක නෙමෙයි දැන් පොත් 4ක් කියවලත් ඉවරයි අනේ... දුකේ බෑ... ගණිතයට ආස නම් ගන්තුලානේ ගණිතාන්දරය නම් සුපිරි පොතක්. recreational mathematics ගැන ලංකාවෙ ලියවිච්චි පලමු පොත. නියම සුපිරි පර්යේෂණයක්...

    රොශාන් පුතා.
    හරිම සතු‍ටුයි , ඔයත් මම වගෙම පොත් වලට සල්ලි එකතු කරලා. සතු‍ටුයි. සතු‍ටුයි. ගත්තු පොත් ටික මම දැක්කා. කාන්තාරයෙ කුසුම පොත අපූරුයි. ගැහැනු පිරිමි වෙනස් වන්නේ ඇයි පොත මාත් ගත්තා... ජය!

    දිනේශ්
    ඉන්දිකගෙ පොත හොඳයි/ කෙටි කවි ගොඩක් තියනවා. ලස්සනයි. ජය!

    සිහිනයක මියැදුනු සිතක්
    සතු‍ටුයි. මගෙ පොත ආසාව පිස්සුවක්ද කියල නම් මම දන්නෙ නැ. ඒත් ඉතින් මටත් බත් එපා පොත් නම් තමයි. පොත් කියවිල්ල තදින්ම තිබිලා පොඩ්ඩක් අඩු උනා ලැප්ටොප් එක නිසා. ඒත් දැන් ආයිමත් ලෙඩෙ හැදිලා. :)

    චතුරංග
    ආවනේ. දවස් තුනක්ම ආවා. F එකේ මොන ස්ටෝල් එකද? අකුරද? මම ආවා එහෙ ගොඩ පාරක්.

    ඔබාමාමා
    හෙ හෙ.. ලංකාවට ආවම ඉතින් ගන්නකො පොත් සාප්පුවක්ම... :)

    ස්ටාරි ඒන්ජල්
    අනේ දුක් වෙන්න එපා. ලඟම පොත් හලකට ගොඩ වෙන්න. මේ දවස් වල ඒවයෙත් ඩිස්කවුන්ට් දෙනවා.

    දසුන්
    ආව නේන්නම්... හහ් හහ් හා... දු‍ටුවදත් මන්දා.. නෑ වෙන්ට ඇති. කෙසෙ වෙතත් , පොත් ලිපිය මමත් දැක්කා. අන්න කලින් මගෙ ලිපියෙ ලින්කුවකුත් දැම්මා...

    ReplyDelete
  10. ඇත්තමයි දුක හිතෙනවා අක්කෝ... මේ තරම් ඔයාලා මේ ගැන් කියනකොටත්....... ලබන සැරේ නම් කොහොමවත් මිස් කරන්නේම නැ... පොත් කියවන එක මගෙත් ලොකුම පුරුද්දක්... අක්කෝ ඔයා ගොඩාක් වාසනාවන්තයි

    ReplyDelete
  11. අප්පේ...අක්කා ආයෙත් ගිහින් නේද???

    ReplyDelete
  12. A child called It - Dave pelzer පොත නම් කියලා වැඩක් නෑ. පුදුම දුකක් දැනෙන්නෙ. දවස් ගානක් ගියා මට හිත හරියන්න.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->