දෙවියනේ ඈ පෝලියෝ රෝගියෙක් !!!! ඒ විතරක් නොවෙයි ලෙඩ වාට්‍ටුවක්! දිලිඳු රැඩොල්ෆ් පවුලට නිකනුත් තිබෙන මහා ජීවන බර මදිවාට අහෝ, නොමේරූ දරු උපතක් .. 1940 ජූනි 23 වෙනිදින රැඩොල්ෆ් පවුලට ආ මේ සිඟිත්තිය උපතින්ම අරන් ආවෙ ලෙඩ දුක් එකක් දෙකක් නොවෙයි. දරුවන් විසි දෙදෙනෙකුගේ මහා බරපතල පවුලට එක් වූ විසි වැන්නී ඇයයි.
පුංචි කාලෙ සිටම නොනවතින ලෙඩ ගොන්නකට එකකට පසු එකක් ලෙසින් හසු වූ විල්මාට සාත්තු කරන එක , බේත් හේත් ගන්න එක පවා අහේනියෙන් පෙලුනු රැඩොල්ෆ් පවුලට මහා ප්‍රෙහෙලිකාවක් වුනා. ඒ විතරක් නොවෙයි , කලුපාට හමට වෙර බඳින අමෙරිකාවේ මේ වගෙ අසරණයින්ට රෝහලක් සොයා යාමත් එක්තරා කළුනික සෙවීමක්ම වූවා.
විල්මාගේ සිඟිති දෙපා අඩපණ වූයේ කවුරුත් නොසිතූ වෙලාවක. 'මේ ලමයව හොඳ කරන්න බැහැ' විල්මව පරීක්ෂාකල වෙදැදුරන් කීවෙ එහෙමයි.
'මගෙ කෙල්ලව මම කොහොම හරි හොඳ කරනවා' තිර අධිටනින් සිතූ බිලාන්ඩ් රැඩොල්ෆ් කලු ජාතිකයන් උදෙසා වූ රෝහලක් සොයා ගත්තෙ සැතපුම් හයක් ඈතින්. ඒත් විල්මව අබ්බගාත වෙන්න නොදෙන්නට ශපථ කල මේ දිරිය මව ඈව ඔසවාගෙන මේ රෝහලට දෙවසරක්ම පයින්ම ගෑටුවා , විසි දෙදෙනෙක්ගේ ජීවන බර උහුලමින්ම.
වසර ගණනාවක අප්‍රතිහත දහිරියෙ ප්‍රතිපලයක් වශයෙන් විල්මව දෙපයින් නැගිටුව ගත් ඒ දිරිය මෑණිය නොතිත් තුටු කඳුලු හෙලන්නට ඇති. අබ්බගාත වී අනුන්ගේ අතපල්ලෙන් වැටෙන්නට ගිය දියණියට දෙපා දුන් ඈ ගැන අමෙරිකාවම ආඩම්බර වන්නට ඇති..යම් දිනෙක...
නොන්ඩි කකුලෙන් නමුත් පැසිපන්දු ක්‍රීඩාවට ලොබ බැඳි, එමෙන්ම දස්කම් පෑ විල්මාව දුටු එඩ්වඩ් ටෙම්පල් නම් පුහුණුකරුවා දුටුවේ චීටාවකගේ දෙපාවල සැඟවුනු අපූර්ව ජවය....මලල ක්‍රීඩාවේ සිතුවිලි බීජය සැබවක් කරමින් විල්මා පැසිපන්දුව අත හැර යශ්ටිය අතට ගත්තේ එලෙසින්.පුංචි වයස අවුරුදු 16දී, සපත්තු නැති නිරුවත් දෙපා වලට දිරි ගත් විල්මා , 1956 වසරේදී ලාබාල ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභිනියක වූවා... ඒ මීටර 100x4 වෙනුවෙන් මෙල්බෝන් නුවරදී...
'මම ඊලඟ පාර නියතවම මගෙ රටට රන් පදක්කම් ගේනවා' ඈ පෝලියෝ හැදුනු වගේ වග නැති ජවාධික දෙපා මත සිට ගනිමින් , මාධ්‍යවේදීනට එදා පැවසූ දේ සත්‍ය වේ යයි කිසිවෙකු නොසිතන්නට ඇති.
1960 වසරේදී රෝමය ගිනිගත්තේ ඔලිම්පික් උණුසුමෙන්.
'එකක් නොවෙයි, රන් 3ක් අරගෙනයි මම යන්නේ' විල්මා සිය සිතේ නොමැකෙන අකුරෙන් ලියා ගෙන තරඟ බිමට බැස්සා.
'ජුට්ටා හේන්' ඈ තමා එවකට අපරාජිත වේග ශූරිය....ලොව වේගවත්ම ධාවනශූරිය. ජුට්ටා හේන් සිය යාබද මං තීරුවේ සිටිනු දුටු විල්මා තවත් වෙර ගත්තා... හැමදාමත් එයා දිනන්නෙ නෑ. ඇයි විල්මාට බැරි. පෝලියෝ දෙපා ඇවිද්දවූ විල්මා.... එතරම් සිහින්ව තිබු දෙපා යුග්මයකින් ලෝක ශූරතාවක මං තීරුවක ගැම්ම ගනිමින් සිටින විල්මා...!!!!!
මීටර සියය ... ප්‍රථම වරට ජුට්ටා හේන් පරාජිතයකු කරවමින් විල්මා රන් පදක්කම සිප ගත්තා... ලෝක වාර්තාවකුත් සමගම!
මීටර දෙසියය... දෙවන වරටත් ජුට්ටා හේන්ගේ පරාජය සනිටුහන් කරමින් සිය දෙවන රන් පදක්කමත් විල්මා තුරුලු කරගත්තේ නොතිත් අදිටනින්.. 'තව එකයි' ..... ඈ ඈටම කියා ගන්න ඇති..
සහය දිවීම. 100x4... දෙනෝදාහක් ප්‍රේක්ෂකයන් හුස්ම හිරකරවන යටිගිරි හඬින් හඬ තලද්දී පෙරටුව එන විල්මාගේ සහයිකාවන් කඟවේනුන් සමව විල්මා කරා ලං වූයේ ජයග්‍රාහී පියවරින්. යශ්ටිය විල්මා අත ! ඊලඟ මොහොතේ යශ්ටියත් සමගම විල්මා බිම ඇදගෙන වැටුනේ දෙනෝදාහක් භීතියෙන් ශෝකයෙන් සලිත කරවමින්.
අහිමි වූ කිරුල සිහියේ තබාහුන් ජුට්ටා හේන් යශ්ටියත් සමග ඉගිලුනේ රන් පදක්කම් සිහිනයේ දොරටු විවර කරගනිමින්, මැකී ගිය කීර්තිය යලි ලබා ගැනීමේ අරමුණින්. එහෙත් මෙවර විල්මා ඇදවැටුනේ පෝලියෝ නිසා නොවෙයි. සුලු අත්වැරැද්දකට සිය සිහිනය බොඳ කරනු ඉඩ දිය නොහෙන වග අසුරු සැනින් වටහාගෙන නැගිට ගත් විල්මා විදුලි වේගයෙන් දුවන්නට වූයේ සිය සිහින වාක්‍යය සැබෑ කරවමින්. තියුණු අවසානයක් ! විජයග්‍රාහී තෙවන පදක්කමත් විල්මා ඇතුලු ක්‍රිඩිකාවන් අත !
ඈ ගැහැණියක් නිසාවෙන් සංසාරේ අපි තුල විල්මා වීරවරියක් වූවාද? නැහැ. ගැහැණු කම පසෙක තබන්න. ආබාධිත විල්මා , ලෝකයේ වේගවත්ම ගැහැණිය වූ ඈ 1960දී රෝමයේදී ඔප්පු කලේ ඇගේ අප්‍රතිහත ධෛර්යයයි. නොසිඳෙන විස්වාසයයි.
අමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ 79 වන මාර්ගය විල්මා නමින් නම් වූයේත් , ක්ලාක්ස්විල් හි විල්මාගේ දැවැන්ත ලෝකඩ ප්‍රතිමාවක් අදටත් ඒ ජවය සිහිපත් කරමින් නැගී සිටින්නේත්, 2000 වසරේදී Sports Illustrated සඟරාව ලෝකයේ අංක එකේ ක්‍රීඩා පෞරුෂය වෙනුවෙනෑට බුහුමන් දක්වන්නේත් , 2004 වසරේදී ඈ රුවින් යුත් මුද්දරයක් නිකුත් වන්නේත් , දෛවය කල සරදමට පෙරලා සරදම් කළ ඇගේ විස්මය ජනක ශක්තිමත් දෙපා වලට දක්වන බුහුමන් වශයෙන්.
ඔබේ ඇස් අඳ වන්නට පුලුවන්. එහෙත් ඔබේ හදවත 'ඡායාරූපකරණයෙන්' ඔකඳ වී සිටින්නා වන්නට පුලුවන්. ඔබට සිනහ සෙන ඔවුන් වෙනුවෙන් ඔබ කළ යුතු දෙයක් ඇත. විල්මා ඔප්පු කලේ එයයි.
ඔබට තිබෙන්නේ උරහිසින් ඔබ්බට අහිමි වූ බාහු කොට දෙකක් පමණක් වන්නට පුලුවන්. ඒත් ඔබ දිවා රෑ සිහින දකින්නේ ලෝකයේ දක්ෂතම පියානෝ වාදකයා වන්නටත් පුලුවන්.. ඔව් පුලුවන්.. සිහිනය මායාවක් නොවෙයි... හඹා යන්නට දිරි ඇති ඔබට විල්මා ග්ලෝඩින් රැඩොල්ෆ් සිහිපත් කරගැනීමම ප්‍රමානවත්.
ඇගේ ජීවිත කතාව අපට කියන්නේ එයම නොවෙද ? හැතැප්මක් එහා මානයේ පෙනි පෙනී නොපෙනී යන සිහිනයක් අතැර උදාසීනව ඉවත බලාගන්නා , ඔබත් මමත් , විල්මාගෙන් තවමත් බොහෝ ඈත තැනක !
අතාත්වික සිහින හඹා යන ඔබට වැසුනු දොරටු දහසක් අතරේ එකක් හෝ ඇරුනු දොරටුවක් හමුවන තුරුම තට්‍ටු කොට බලනවා නම් , විල්මා තමයි ඔබ. ඔබ තමයි විල්මා !
පසු සටහන
1. වයස අවු 54 දී විල්මා මෙලොව හැර ගියේ මොළයේ පිලිකාවකින්. ඇගේ පුද්ගලික විස්තර මේ අඩවියෙන් කියවන්න.
2. බුද්ධික දෙශප්‍රිය ගේ 'දුක දිනා ජය ගත් දිරිය මිනිස්සු' පොත විල්මා පිලිබඳ මා දැනුවත් කලා
පාවෙන අයිස් කන්දක , ඇසට නොපෙනෙන 9/10 ක් පමණ වූ විශාල ප්‍රමාණයක් දිය යට තිබෙනවා. මෙතැන අවම වශයෙන් කොටස් දෙකක් වැඩ කරනවා. 1. දිරිය ඇති සිත. 2. හේතුඵල දහම. ඒ කියන්නෙ හේතුඵල දහමෙ නොදන්නා කර්මය ආදී දේවල් . විල්මා නම් වූ මේ දැරියට ඉතා බලවත් සිතක් තිබෙන බව පැහැදිලියි. ඒ ඉතා බලවත් වූ සිත උපයෝගී කරගෙන ලොවම විශ්මයට පත් කල හැටි ඔබේ සටහනේ සඳහන් වෙනවා. මිනිස් සිත තරම් බලවත් දෙයක් ලෝකයේ තවත් නැහැ. ඒක තමයි බුදු රජාණන් වහන්සේ "මනෝ පුබ්බං ගමා ධම්මා..." වශයෙන් දේශනා කලේ. මේ වගේ තව පොතක් තියෙනවා, ඒක පුස්තකාලයකින් අරගෙන කියවන්න. (Anatomy of an Illness by Norman Cousins) ඒකෙත් පෙන්වන්නෙ දැනට පවතින වෛද්‍ය මත ඉක්මවා මරණයට සති ගනණක් පමණක් වෛද්‍ය මතය අනුව ලැබූ රෝගියෙන් සම්පූර්ණ සුවය ලැබූ ආකාරයයි. සුවය ලැබූ රෝගියෙක් ගැනයි. එයාට තිබුනෙ කියල සුව කිරීමට අපහසුයයි සම්මත වුනු connective tissue disorder නම් වූ රෝගයක්. තවත් මම කියවල තියෙනවා, සන්දිප්‍රදාහය ( arthritis) නිසා පීඩා විඳින වයස 92ක් වන කුදු ගැසුනු රෝගියෙක් හැමදාම රෝද පුටුවකින් ගෙනැවිත් පියානෝව අබියස තැබුවම වාදනය වෙන තාලය හිතා ගන්න බැරි තරම් සුමිහිරියි. එයා කොහොම වකුටු වූ ඇඟිලි වලින් ගහනවද කියල හිතා ගන්න වත් බැහැ. ඒක තමයි හිතේ බලය. ඇත්තටම මේවා ලෝකයේ පුදුම නෙවෙයි. මේවා සාමාන්‍ය දේවල්. අපේ හිත ක්‍රියා කරන අන්දම අපි කිසි කෙනෙක් හරියට තේරුම් අරගෙන නැහැ. අපි කරන්නෙ විකල්ප සංකල්ප වලට යටවෙලා ඒවට ඉඩ දීල අපේම අනර්ග හිත පුස් කන්න දීල බලාගෙන ඉන්න එක. අපේ විශ්ව විද්‍යාල තියෙන්නෙ මේ නුවන තියෙන ලමයි දැනුවත් කරල ධෛර්ය කරල හිත මුවහත් තියන්නයි. අවාසනාවකට ඒක වෙන්නෙ නැහැ. (දුව ලව් කතන්දර ලියන නිසා මම සාමාන්‍යයෙන් සටහන් තියන්නෙ නැහැ. මේක ප්‍රයෝජනවත් නිසා ඔන්න මමත් ලිව්වා. තෙරුවන් සරණයි.)
ReplyDeleteනියම ලිපියක්....
ReplyDeleteඅසාමාන්‍ය චරිතයක්. දිරිමත් ගැහැනියක් ගැන හොඳ ලිපියක්. වාහනයක් නැතිව අඩි දහයක් ඇවිදිය නොහැකි සමහර අයටත් පාඩමක්.
ReplyDeleteසරත් මාමාගේ ලිපියත් හරිම වටිනබව අනිවාර්යෙන් කිවයුතුයි.
හිතට දුන්න හයියට ස්තුතියි කියලා තමයි කියන්න ඕනෙ. ජීවිතේ පරාජයන් බදාගෙන ඉන්නෙ නැතුව හැමෝටම ඒ පරාජයටම අභියෝගයක් වෙන්න පුළුවන් වෙනවනම්...
ReplyDeleteනියම කථාවක්................
ReplyDeleteමේ ගැන නම් ඔයා සමහරවිට අහලත් ඇති................මේත් ඒ වගේ කතාවක්
ReplyDeletehttp://dontlosefaith.com/inspirations/inspirational-videos/ballet-dancers-become-national-hit-at-national-dance-competition/
හිතේ හයිය තියෙනව නම් මොනාද කරන්න බැරි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවිවිධ දුර්වලතා ඇතිව උපන් අයට සවභාවදර්මයා විසින් දායාදය කර ඇති චිත්ත දහිරිය ලොකු බලයක්. ඔවුන් ජීවිතය ජය ගන්න හැටි අඩුම තරමේ අංග සම්පූර්ණව උපන් අයට ලොකු අභියෝග කරන්නේ, ඒත් මිනිසුන් ඉන් ඉගෙන ගන්න පාඩම් අල්පයි මං හිතන්නේ. ඒ නිසාම නේද ජයග්‍රහණය තමා වෙත ලඟා වෙනකම්/ලබා දෙනකම් බලා ඉන්න අය තමා වටා ඇති හැම දෙයෙහිම වරද දකිමින්, දෙස් තියමින් කාළය මරන්නේ.
ReplyDeleteමේ ලිපියෙන් ඔබ බෙදන පණිවුඩය, සමාජ මෙහෙයට බොහෝමත්ම ස්තුතියි.
සහෘදයෙකු බෙදා දුන් තවත් ඇස් තෙත් කල දසුනක්
විල්මා රුඩොල්ෆ්.........හෙහ්...හෙහ්.....සොඳුරු අතීතාවර්ජනයක්...... මා ගැන කියනවනම්.......මගේ කුඩා අවදියේ.....අකුරක් කියවීමට හැකියාව ලැබුණු මුල්ම අවදියේ මගේ ලෝකයේ හිටිය වීරයින් සහ වීරවරියන් කිහිප දෙනෙක්.......ඒ දවස්වල ලේක් හවුස් ආයතනයෙන් නිකුත් කරපු නවයුගය සඟරාව ඇත්තටම දැනුම සාගරයක්......ඔය නව යුගයෙ ලෝකය වෙනස් කල මිනිස්සු සහ ගැහැණු කියල විශේෂාංගයක් පලවුනා.....සති පතා........
ReplyDeleteඒ ලිපි පෙලේ පළවුනු බොහෝ දිරිය මිනිසුන් සහ ගැහැණුන් කුඩා මගේ ලෝකයේ වීරයින් වීරවරියන් උනු එක කිසිසේත් පුදුමයට කාරණයක් නෙවෙයි.
බල්සා කඳන් වලින් තැනූ පහුරකින් පැසිෆික් සයුර තරණය කල තෝර් හෙයර්ඩාල්.....ප්‍රථම වරට උතුරු සහ දකුණු ධ්‍රැවයන්ට ලඟාවූ රෝල්ඩ් අමුන්ඩ්සන්...අමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් හිමිකම් වෙනුවෙන් සටන් කල මාටින් ලූතර් කිං................සහ ඒ අතර සිටි ප්‍රධාන පෙලේ කාන්තාවන් දෙදෙනෙක් තමයි.....විල්මා රුඩොල්ෆ් සහ රෝසා පාර්ක්ස්....
රෝසා පාක්ස්...ඇය කළු ජාතික කාන්තාවක්........සුද්දෙකු බසයට ගොඩ වූ විට අනිවාර්යයෙන් කල්ලන් නැගිට අසුන ලබාදියයුතු යයි නීතියෙන්ම සම්මත වී තිබූ අවදියක ඈ එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් වර්ණ භේද විරෝධී ව්‍යාපාරයකට ආරම්භක ගැම්ම ලබා දුන්නා.........
Wilma Rudolf & Rosa Parks........they were my heroines......when growing up........
Thanks Dil.......for setting me off down the memory lane........it was so pleasant........thanks again,
බොහොම වටිනා ලිපියක්... හිතේ ශක්තිය.. උත්සහය... පුළුවන් කියන හැඟීම තුලින් ජය ගන්න හැකෛ බව ඔප්පු කරන කදිම කතාවක්.
ReplyDeleteඒ වගෙම කමෙන්ට්ස් වලිනුත් ගත යුතු දේ බොහොමයි.
ඇත්තට හුගාක් වැදගත් ලිපියක්. පෝලියෝ නිසා ඇවිදින්න බැරි වෙයි කියලා දොස්තරලා හිතපු, ඒත් දිරිය අම්මා කෙනෙක් නිසා නැගිටින්න පුලුවන් වුන, කෙනෙක් අපේ රටෙත් ඉන්නවා අක්කෙ.දන්නවා ඇති නෙ, නීලා වික්‍රමසිංහ ගායිකාව.
ReplyDeleteමං මෙච්චර කල් හිතාගෙන හිටියෙ ඔයා නංගි කියලා නොවෑ.අද තමයි බුකියෙන් දැක්කේ අක්කා කියලා....:)))
ඇසට කඳුළු නැගේ ..................
ReplyDeleteසිතේ නවමු පැතුම් පිපේ ...............
වෙබ් අවකාශයේ කියවූ වැදගත් කමින් අනූන ලිපියක් , ඉදිරියටත් මේ වගේ ලිපි ලියන්න දිරිය හා ශක්තිය ලැබේවා
ගොඩාක් වටින ලිපියක්... ඉරණමට ඉඩ නොදී මේ විදිහට නැගිටින අය ඇත්තටම කාටත් ආදර්ශයක්...
ReplyDeleteඉස්සෙල්ල තිබුන කමෙන්ටුව එක්ක එකග වෙනවා. මේ සාර්තක වුන එක්කෙනක් මේ වගේ අසාර්තක වුන අය ගොඩාක් ඉන්න පුලුවන්. කර්ම පල අනුව තමා හැම දේම තීරණය වෙන්නේ. නැතිනම් කොච්චර උවමනාව තිබුනත් කැපවීම තිබුනත් අසාර්තක වුනු අය ඕනේ තරම් ඉන්නවා. දිරිමත් කම ඉතාමත් හොද දෙයක් ඒත් වාසනාව සාර්තකත්වයට ඕනේම දෙයක්. වාසනාව තීරණය වෙන්නේ කරමය මතයි
ReplyDeleteඅම්මා කෙනෙක්ගේ ආදරයක් තියෙනවනම් මේ ලෝකේ අපට මොනාද නොකරන්න බැරි ? නියම ආදර්ශමත් කතාවක්.
ReplyDeleteනිලියකගේ ඕපදූපයක් නලුවෙකුගේ ආදර කතාවක් කියවනවට වඩ මේ කතාවක් කියවන්න ලැබෙන එක නියමයි. මේවයින් ගන්න තියෙන ආදර්ශත් බොහොමයි.
ඒ වගේ දිරිමත් වෙන්න හිත කොයිතරම් ශක්තිමත්ද....අපි ඒ අහලින්වත් තියන්න බැහැ. :/ පුලුවන් තරම් උත්සහ කරන්න ඕනේ. :)
ReplyDeleteමට මතක් උනේ Forrest gump ෆිල්ම් එක.
ReplyDeleteඅපූරු කෙනෙක් ගැන අපූරු ලිපියක් අක්කේ.....
ඔව් ඔව්... ඇත්ත. හිත ඇත්නම් පත කුඩාද කීව්වලු
ReplyDeleteමිස්ගෙ බ්ලොග්එකේ නමට ළඟින් යන නමක් යොදලා බ්ලොග් එකක් පටන් අරන්.. මමත් මුලින්ම හිතුවෙ මිස් background එක වෙනස් කරලා කියලා. බැලින්නම් වෙන කෙනෙක් අලුත් බ්ලොග් එකක් පටන් අරන් නෙව..
ReplyDeleteනියම කතාවක් අක්කේ මට මතකයි අපි කැඩෙට් කරන දවස් වල මේ කතාව අපේ සර් අපිට එකපාරක් කීවා . අපි ඉතින් වැඩිය කනකට ගත්තේ නෑ දැනුයි මම කතාව හරියටම දැනගත්තේ
ReplyDeleteස්තූතියි මේ කතාව දාලා ඇය ගැන අපිට කියල දුන්නට. මේක කියෙව්වට පස්සෙ යූ ටියුබ් එකට ගිහින් එයාගෙ වීඩියෝ කීපයකුත් බැලුවා.
ReplyDeleteඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටිය විශ්මිත පාදඟ පන්දුයවන්නෙක් වුන බී. එස්. චන්ද්‍රසේකර් (චන්ද්‍රා)පොඩි කාලේ පෝලියෝ රෝගයට ගොදුරුවෙච්ච කෙනෙක්. එයාගෙ ඒ පෝලියෝ අත නිසා අනිත් අයට වඩා හොඳට බෝලෙ දඟකවන්ඩ පුලුවන්වුනා කියල මං අහල තියනවා.
තව මේක කියවද්දි මට Forrest Gump චිත්‍රපටියත් මතක්වුනා. ඒකේ පෝලියෝ හැදිලා හිටිය පුංචි Forrest කොල්ලො සෙට් එකක් ගහන්ඩ පන්නද්දි මුලින්ම නොන්ඩි ගගහ දුවනවා. පස්සෙ එයාගෙ යාලුවා, ජෙනී, "run Forrest run !" කියල කෑගහද්දි කකුලට දාල තියන යකඩ කෑලි කඩාගෙන දුවන ඒ සීන් එක මට කවදාවත් අමතකවෙන්නෙ නෑ.
http://www.youtube.com/watch?v=5R_HIcE_TIE
මා ඔබ සැම විල්මාව කියවන තුරු බලා සිටියා.. විල්මාගේ ජීවිතය මා සලිත කළ නිසාම. ආශාවෙන් බලා සිටියා. ඈ මගේ වීරවරියක් බවට පත් වූනිසාම...
ReplyDeleteලෝකයේ සිදුවෙන් අදහසකුත් එකක් පුදුම සහගත දේවල් අතරින් එක් අතකින් ජීවිතය සීමා වන බොහෝ මිනිසුන් අප්‍රතිහත දහිරියෙන් නැගී සිටීම සරත් මාමා කිව්වා වගේම අබිරහසක් වන්නට පුලුවනි. ඇත්ත. සිත කියන දේට කොතරම් බලගතු දැයි සිතා ගන්නටවත් නොහැකි තරම්. මේ ලෝක ධාතුව ඇතුලත අපට වෙනස් හෝ නිවැරදි කරගත හැකි එකම ධාතුව , අපේ පාලනයට නතු එකම වස්තුව හෝ සංකල්පය සිත නොවේද ? සිතුවිලි පරම්පරා නොවේද? ඒ සිටුවිලි පරම්පරාවන් නිසි අවබෝධය තුලින් ගෙනයා හැකි දුර සිතන්නටත් බැරි තරම්. ඒ අනුකූලව පරිසරල අනුකූලතා දක්වාවි. සිරුර හැඩ ගැහේවි. ඒත් සිත පාලනයෙන් බැහැර වෙන එකම නොවෙද මේ පුහුදුන් අප ජයගන්නට උත්සහ කරන්නේ. විල්මා කලේත් ඒ සිත ගත පිලිබඳ දුබලතාවෙන් ගිලන් නොකරගෙන අරමුණ කරා ගමන් කළ එකම නොවෙද? වාසනා මහිමය නම් විල්මා වෙත ලැබුන ඒ සිතීමේ ශක්තිය නොවෙද?
ඇත්තෙන්ම විල්මා ගැන ලියා ලිපිය පෝස්ට් කරන තුරුම වත් මා මේ ලිව්වේ දිරිය ගැහැනියක් ගැනය කියා වර්ග කිරීමක් මට දැනී තිබුනේ නෑ. අවන්කවම. තවත් එක දිරිය මිනිසෙක් කියන හැඟීමෙනුයි මා ලිව්වේ. ඒත් මේ ලිපිය කරා ඇදී ආ පිරිස ගැන සිතද්දී කියවීමේදි 'මිනිසෙක්' කියන ඇසින් බැලුවා නම් ඔබ මා අන්තික නොවූ බවත් මා කාන්තා විමුක්තිදායිකාවක නොවන බවත් පසක් කරාවි.
මේ මෙය ලිව්වේ මා ගැහැනියක් නිසා නොවෙයි.විල්මා ගැහැනියක් නිසා නොවෙයි. අපි හැමෝම මිනිස් කුලකයේ එක් එක් පුරුක් පමණයි.
ප්‍රසන්න මල්ලි..ගොඩක් ස්තූතියි....
පොකු
ගොඩක් වටිනවා ඇවිත් කියවා ගියාට. සරත් මාමාගේ ලිපියත් ඊට වඩා වටිනවා නේද ? ඇත්තෙන්ම
මන්තරකාරී
හිතේ හයියක් ගන්න, මගෙ බ්ලොග් එකෙ තිබෙන එඩිසන් ගැන, හොන්ඩා ගැන , වොරන් බෆට් ගැන ලිපි කියවන්න කියා ආරාධනා කරනවා... ඒවා තිබෙනවා අපූරු මිනිසුන් ගැන කියන ලේබලය යටතේ...
පිණි
ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට
රජිත්, ඔබ එවූ විඩියෝව මට ගොඩක් වැදගත් වූවා.. මගේ කතා ලිවීම් සහ පාඩම් වලට. මා ඒ ගැන වෙනම ලියවිල්ලක් ලියන්නට සිතා ඉන්නවා...
ගල්මල් ඔබ කීදේ නම් ඇත්තම ඇත්ත. අනුන්ගේ දොස් දකින, කුනු හොයන සාමාන්්‍ය මිනිසුනට වඩා මේ විශෙශ දක්ශතා තිබෙන අය අරමුණ කරා දහිරියෙන් යන්නෙත් ඒ නිසාම වෙන්න ඇති නේද ? ඔවුන් බලන්නේ තමන් දෙස. තමන්ගේ අඩුපාඩු ජයගන්න අයුරු. අනුන්ගේ ඇද කුද නොවෙයි. ගල්මල් ඔබ එකතු කල දේට මගේ ආචාරය !
මම මේ ලිපිය ලියා රවි අයියාට පෙන්වූ විටදී ඔබ සතුටු වූවා නේද ඔබේ වීරවරියක් ගැන මා නොදැනුවත්වම ලියා ඇත කියා..රවි සහෝ, ඊලඟට ලියන වීරවරිය බොහෝ දුරට රෝසා පාක්ස්.. ඔබේ තවත් වීර වරියක් ගැන :) සොයා දුන්නාට ස්තූතියි...
පිස්සා ... ඔයා පිස්සා වුනාට ජීවිතේ කියන්නෙ පිස්සුවක් නොවෙන බව දන්නා අපූරු සහෝ කෙනෙක් කියා මා දන්නවා.. ඉතින් සතුටුයි....හැමදාම ඇවිත් කියවන කෙනෙක් ඔබ.
නිසුපා නගේ.... ගොඩක් ස්තූතියි. හැකිනම් ෆොරස්ට් ගම්ප් නම් ලෝක පූජිත සිනමාපටය සොයාගෙන බලන්න.
ඇනෝ.. ඔබ ඇනෝ නමින් ලියා ගිය දිරි ගන්වන සුලු වදන් මට හරිම හයියක්.. ස්තූතියි.....
බීසීයුරේකා
වාසනාව සොයා යාම කල යුතුමයි නේද... නිකම්ම උන්නොත් වාසනාව ඇවිත් යනතුරුම අපි දන්නෙ නැ. කර්ම ශක්තිය කියන්නේ නිකම් සිටියොත් ඔහේ ඉබේ පැදෙන එකක් නොවෙන බවයි මගෙ හැඟීම...
මධුරංග
ජීවිතයේ ඉදිරි දියුණුවට සුබවාදී දේ සොයා යන ඔබට මගේ ආචාරය! හැම දෙයක්ම සාර්ථක වේවි මල්ලි..බය වෙන්න එපා. ඔය සුබවාදී ආකල්පය ඔයාව හොඳ තැනකට ගෙනියාවි...
මලිති
නැ ..අපෙ ඇතුලෙත් ඔය හයිය තිබෙනවා.. අපි ඒක පාදා ගනිමු.. උදාසීන වෙන්න එපා..
අනුරාධ මල්ලි
ඔව් මල්ලි. මම ඊලඟට ලියන්න ඉන්නෙත් ෆොරස්ට් ගම්ප් ගැන .....ස්තූතියි මල්ලියා
බිඟු
කාලෙකින් !!!! කොහොමද යාලුවේ ??? ඔව් ඔව්... ඒකනෙ...
රොශාන්
ඔව් මල්ලි. මාත් ඒක දැක්කා. හෙ හෙ.. පව්..කරගෙන ගියාවෙ. වෙනස දන්නෝ දනිති නෙව...
සඳරුවා..
ස්තූතියි මල්ලි මේ පාරත් කියවා යමක් එකතු කරන් ගියාට...
චමිල අයියා...
අනිවාර්යෙන්ම ෆොරස්ට් ගම්ප් කියන්නේ මේ ලෝකයේ , මිනිසෙකුගේ හදවත සසල කල හැකි, ජීවිතයක් වෙනස් කරන්නට තරම් ප්‍රබල ලෝක පූජනීය නිර්මාණයක්. ඔබේ දිගු කොමෙන්‍ටුව මට රුකුලක් ගෙනාවා මේ අපූරු චිත්‍රපටය ගැන ඊලඟ පෝස්ට් එකක් ලියන්නට... ඇත්ත... අර යකඩ කැලි කැඩීගෙන කැඩීගෙන යන පෝලියෝ කකුල් දෙකින් ෆොරස්ට් දුවන දර්ශනය ...ඇත්තෙන්ම ...කියල වැඩක් නෑ... අයියේ.. ස්තූතියි...
පලි
ජීවිතය වෙනස් කල හැකි පොතක් ... ඇල්කෙමිස්ට් (සන්තියාගෝ නම් සැරිසරන්නා) කොමෙන්‍ටු ලියූ ඔබ හැමට ඇරයුම් කියවන්නට...
ලියූ, කියවූ ඔබ සැමට
සංසාරේ අපි යනු වල්පල් නැති, කරෝල ආඝ්‍රාණය නැති, මිනිසුන්ගේ මනුස්සකම ආදරය බැඳියාව ගැන ආදරයෙන් කතා කරන , එක් අඳුරු මුල්ලක් දෙස නොව බොහෝ පලල් ලෝකය දෙස මහත් වූ දයාවෙන් බලන ඉසවුවක් බව හඳුනා ගත් ඔබ හැමට මගේ ප්‍රණාමය !
කියැවිමි. ඔයා මේ වගේ දේවල් සොයලා බලලා පළ කලේ නැත්නම් අනේ ඇත්තමයි මං නං දැනන් උන්නේ නැහැ මෙවැනි කෙනෙක් ලොව හිටියාද කියලාත්. 21 දෙනෙක්ගෙන් යුතු පවුලක බාලයා රැගෙන ගිහින් සනීප කරවපු ඒ අම්මාත් දිරිය කාන්තාවක්ම තමයි නේද? අපට එක දරුවාගේ වැඩකටයුතු කරගන්න සමහර වෙලාවකට අපහසු කොට, මෙහෙම අම්මා කෙනෙක් කොහොම ශක්තියක් තියෙන කෙනෙක් වෙන්ට ඕනෑද නේද?
ReplyDeleteඅතපය හතර තියන්,ඇස් කන් කටහඬ තිබුණට හදවතක ශක්තියක් පිහිටුවාගන්නට බැරි අපි මොනතරම් අවාසනාවන්තද.. ඇත්තටම වටින ලිපියක් අක්කියෝ... විශාරද නන්දා මාලිනියන්ගෙ "මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි දෙපා අහිමි ඔබ දකින තුරා.." මේ ගීතය මතක් වුණා...
ReplyDelete:-) මට සතුටුයි...
ReplyDeleteජීවිත කිහිපයකට හෝ මේ කතාවෙන් සසල වන සුලු ආදර්ශයක් එක් වූවාට.
මේ වගේම ජීවිතය ජයගත් රෝසා පාක්ස්, සිය අප්‍රතිහත දහිරිය පෙන්වූ ඩෙරෙක් රෙඩ්මන්ඩ්, ඈතුලු බොහෝ කතා වලින් ඉදිරියේදී හමුවෙමු...
යලිත් ස්තූතියි