Saturday, July 23, 2011

[187] පූර්ව ජන්ම -Unfinished Business ගැන - ප්‍රිහාන්, මම , සහ සුනේත්‍රා...



සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ 'පූර්ව ජන්ම අපූර්වය' පොත දිලිසි දිලිසි පොත් රාක්කෙ හරි බරි ගැහිලා,  තැඹිලි පාට පොත් දාරෙ ඇස් වලට දර්ශනය කරද්දි , Uනලය දිගේ ප්‍රිහාන්ට ඕනෙ උනා අහම්බෙන් දුටුව කෙල්ලක් ගැන මේ විදියට නාහෙන් අඬන්න.... 

අහසයි පොළවයි වගේ නෙමෙයි , හඳයි තරුයි අහසයි වගේ ඒ සින්දුවයි , අර පොතයි , මේ ජීවිතේමල්ගෙ මතකයි එකට සමපාත වුනේ , ආයෙමත් බ්ලොග් පෝස්ටුවක් හෙවත් ආත්ම රචනයක් හෙවත් හෙවත් මා සිත් ගත් ගීයක් ගැන ලියන්නයි...  

පොත් රාක්කේ නිසි සැනසිල්ලෙ හිටිය 'පූර්ව ජන්ම අපූර්වය'ට නිදහසේ ඉන්න නොදීපු නිසා එයා අතට සේන්දු වුනා.... හිත මොකක්දෝ හොයන්නට වුනා... ආයෙ ඉතින්..වෙන මොනවටද.... 

"ඇතැම් විට ආත්මීය සහකරුවන් හමුවී, එකට ජීවත් වී, යම් කාර්යයන් ඉටු කොට සමු ගනියි. ඈත් වෙයි. ඔවුන්ට මුලු ජීවිතයම එක්ව ගෙවන්නට අවශ්‍ය නොවේ. එවැනි අවස්ථා ශෝකාන්ත නොවේ. යමක් ඉගෙනීමේ ප්‍රස්ථාය"

73 වෙනි පිටුවේ මේ ඡේදය අහම්බෙන් පෙරලුනා.... 

"ඇතැම් විට යම් කෙනෙකුට විශාල කැමැත්තක් ඇති වුවද , අප ඊට හේතු දන්නේ නැත.එහෙත් ඒ දෛවෝපගත හමු වීම් වලින් පසුවද අපේ ස්වාධීන මනසේ තීරණ ක්‍රියාත්මක වේ... ආත්මීය මුහුකුරා යාමෙන් තොර පාර්ශවයේ කෝපය , සැක ,සංකා, බිය, වංක භාවය ආදී නොයෙකුත් දුර්වලතා වලින් හර්දය බිඳෙයි"

 73 වෙනි පිටුවට නිවනක් ඇත්තෙම නැතුව මගේ ඇස් එහෙ මෙහෙ දුවන්නට වුනේ තවත් දේවල් සොයමින්...

ඒත් ප්‍රිහාන් මට ඉස්සරවුනා.... රිපීට් දැමූ ගීතය නොනවත්වාම  'ගීතය' සහ 'මතක' කෙරේ මාව ආසක්ත කරනු ලැබුවා


වැව් තලේ, පෑදි දිය මත ඇඳී, ඉරි වාගෙ, 
වියැකෙන්නෙ නෑ මේ සිත  මගේ

කොල්ලා ෆුල් සීරියස් ය.... හිත ලේසියෙන් වියැකෙන්නට ඉඩ හරින්ටද ඔහුට මනාපයක් නැතුවාය.... ඔහු එය සපථ කරන්නේය.... සිත එතරම්ම මේ අහම්බෙන් දුටු රුව අල්ලා බැඳ ගන්නේ ඇයි කියා ඔහුටත් නොතේරෙන අරුම...

මැදියමේ තනිකමට දුක් දිදී , 
හඳ පානෙ  වැලපෙන්න බෑ මට තව ඉතින්

ඔහුට ඒ සන්ධිස්ථානය වැදගත් කියා සිතේ... සුනේත්‍රා ලියුවා සේ ඔහුට කොහේ හෝ බාගෙට ඉවර වූ ගනුදෙනුවක් ආයෙමත් ඇස ගැසී ඇති හැඩය...
ජීවිතේ දුක තමයි  
නුඹ මා සතු වෙන් නැති නම්... 
ආදරේ දුක තමයි
දැන ගනු මැන හිත ඇති නම්.......

කෙල්ල ටිකක් ඊට වඩා දාර්ශනිකය... බ්‍රයිට්ය... (කපටිදත් මන්දාය)  ඈ ඊට වඩා යථාර්තවාදී වචන ටිකක් ඇද බාන්නීය... හැඟීමද බුද්ධියද කෙසේ හෝ එකට වැඩ කරන්නේ හැඳිමිටේය.. (මලගෙවල් වලද මේකම දැක තියෙනවාදත් මන්දාය)

අන් දෙසක් බලා යනවද දුටුවෙ නෑ වගේ, 
ඇස් කොනින් හෝ බැලුවමත් ඈතී...
නොදරුවෙක් වගේ පසුපසින් එමි, 
ඈස් මගේ උනත් ආයෙ ගන්න බෑ නුඹම ලුහු බඳී... 

ලාටුවකට බැඳුනු කොලුකාර ඇස් අර මූනු තහඩුවේ මොකක්දෝ දෙයක් සොයාගෙන හරඹ කරන්නෙහිය... ඉවතට ගනු නොහී තම ඇස් හා සටන් කරන්නෙහිය... ඒ ඈ දෙවඟනක් නිසාද? ඈ මනමෝහනීය රූපසුන්දරියක් නොවේ.. ඒත් අදෘශමාන හුයකින් සිය දෑස් ඒ ගැහැනු බවේ හෘ පුරුදු බව සමග අරගල කරන්නෙහිය...

වැටෙහෙන්නෑ මටම මගේ ලැදි කම නුඹට ඈති  
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හෑටී.....

අන්තිමේ කොල්ලා තේරුම් ගනී... මට මේක කියන්ඩ වෙන එකක් නෑ... නවතින්න බැහැ... යන්න වෙනවා... ඒ ඇස් දිහා බල බල.... ජීවිතේ හැටි තමයි... 

මෝදු වී හිඳී  තනියට තරු ඈසක් හිඳී, 
සුසුමකින් සැලී අඳුර ඉකි බිඳී... 
පිට කෙනෙක් වගේ පිටව යන්නෙමී, 
හිස් අතින් නොවේ ඈස් පුරා කැවෙන දේ අරන් යමී.... 

මේ ගීයේ ජීවිතේමල්ගේ සිත තදින්ම ඩැහැ ගත් පේලි හතර මේය....  "සුසුමකින් සැලී... අඳුර ඉකි බිඳී..." කොල්ලා මේක වෙන්නෙ නැති දෙයකැයි දන්නා හැඩය. අඳුර ඔහුට තාම ලඟ ඒ නිසා වෙන්ඩ ඇත... සුසුම ඒ කලකිරීම මුදා හරියි... කල්පනා ලෝකය , සුසුම තුල අඳුර තිගැස්සෙයි...

ඔහු විය යුතු දේ සහ හිත ඉල්ලන දේ තුල අතරමං නොවේ... "පිට කෙනෙක් වගේ පිටව යන්නට" හිත හදා ගන්නේ ඒ නිසාය... එහෙනම් කොල්ලත් බ්‍රයිට්ය !  :-) 

වැටෙහෙන්නෑ මටම මගේ ලෑදි කම නුඹට ඇතී
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හැටී.....

මුහුදේ රළ සේ කොල්ලා ආශාවන්, හැඟීම් , සැබෑව සමග පෙරලි කරමින් සමු ගෙන යන්නෙහිය...

ඒ ඇත්තම කියනවා නම් ජීවිතේ හැටිය... ඇත්ත නම්.. ඒකය..... 

යලිත් සුනේත්‍රාගේ 'පූර්ව ජන්ම අපූර්වය 73 පිටුව කරලියට ගන්නෙමි....  (අද ඒ පොතට නිවනක් නැත) 
" ඇතැම් විට ආත්මීය සහකරුවන්/ සහකාරියන් හමුවේ.. ඔහු/ඇය එය හඳුනාගෙන අනෙකාට ප්‍රිය විය හැකිය.. එහෙත් ඒ ඇත්තා හෝ ඇත්තිය නොරිස්සීමකින් ඉන්නටද ඉඩ ඇත කියා බ්‍රයන් වේස් සඳහන් කර ඇත.. මට (සුනේත්‍රාට) හැඟෙන්නේ ඒ සාංසාරික කෝපාවේග ඉතිරිව තිබීම ලෙසය "
 
මම කොළ පාට අතු ඉති දිහා බලමින් කල්පනා කරමි....  කවදත් වගේ කපටි කමට, මගේ මතක මේ පෝස්ටුවේ හංගලා තියලා යමි... අතු ඉති එකිනෙක ලංවී , ඇතැම් විට පැටලී, තවත් විට ගැටී , ඊලඟ මොහොතේ ආයෙමත් උන් තැන නිසලව හිඳී... 
 
ඒත් 'පූර්ව ජන්ම අපූර්වය' අතු ඉති වලට කෙසේ බලපෑවත් , ඇතැම් විට එලෙසම ඒ අතු ඉතිම යලිත් වර පැටලී හිඳිනු දක්නට ලැබෙයි... ඒ එදා මෙන්මද , මෙදා වෙන'යුරකින්ද කියා සිතා ගත නොහේ... 
 සුලඟක් නැති , නිශ්චල දිවා කාලය එලැඹ හිඳී.. රාත්‍රියද වෙනසක් නැත. අතු ඉති දෙපස නොහැරී, මුහුණු නොබලා , නිශ්චලතාවය කෙබඳු දැයි හදාරන්නා සේ වැනි...  
ඒත් ඇතැම් රාත්‍රීන් හි ,නිකමට වාගේ අඳුරට එබෙන විට , ඇතැම් අතු ඉති මත පමණක් කුඩා පිණි බිඳු දැක්ක හැකිය... ඒ "පිණි බිඳු" යැයි  මම මටම කියා ගනිමින් ඉවත බලා ගනිමි...

ප.ලි
පොත : පූර්ව ජන්ම අපූර්වය - සුනේත්‍රා රාජකරුණානායක
ගීතය : ප්‍රිහාන් ගයන 'වැව් තලේ'
මම: කවදත් විකාර ලියන - මමම තමයි :-)  

ප.ප.ලි
දුකා අයියා මේ පොත ගෑනම හරි අපූරු පෝස්ට් එකක් ලියලා තිබ්බා... කෑමති නම් ඒකත් බලන්න මෙතනින්

19 comments:

  1. වටිනා කතාවක්.
    ගීතයේ පද රචකයාගේ නමත් සටහන් කළොත් මේ ලිපිය සම්පූර්ණ වෙනවා.
    පද රචනය හොදයි. ඔබ එය විග්‍රහ කර ඇති ආකාරය ඊටත් හොදයි.
    ගීතයේ අනිත් දේවල් නං සාමාන්‍යයි.
    නමුත් මෙතන සමස්ත ගීතය ගැන කතා නොකර ඒකේ පද රචනය ගැන විතරක්ම කතාකතාකරපු එක නිසා ගීතයේ තියෙන අසාර්තකත්වය අමතකවෙලා ගිහින් ආයෙත් ගීතය අහන්න හිතුනා.
    අන්න එතනදි ලේඛිකාවක් විදියට ඔබ සාර්තකයි.

    ජය වේවා...

    ReplyDelete
  2. අපූර්වය!

    සින්දුව ඇහුවෙ පලවෙනි පාරට උනාට පොතනං කියවලා තිබිච්ච නිසා ලිවිල්ලෙ අමුතු කික් එකක් මට දැනුන. මෙහෙම එකක් තියෙනව අක්කෙ! බ්‍රයිට් මට්ටමට වඩා ෂාප් මට්ටම ඔය වගේ අවස්ථා වලදි උදව් කරනව!

    ReplyDelete
  3. මටත් අපුර්වත්වයක් මේ සින්දුව තුලින් දැනුනා මම නම් මේ පොත නම් කියවලා නැ නමුත් සින්දුවේ පද පෙලින් ඔබ පවසනා අරුත්බර වචන වල අර්තය නම් මාගේ සිතට සම්පව දැනුනා

    ReplyDelete
  4. සින්දුව නම් අනෙක වාර ගණනක් අසා තියෙන නමුත් එයින් කියවෙන අර්ථය තේරුම් ගියේ අද තමයි. මගේ ජීවිතෙත් හරියට මේ සින්දුවේ කියවෙන සිද්දිය වගේමයි නේද කියලා මට හැඟෙනවා.

    මේක මතක කර දීම පිළිබඳව අක්කට මම ගොඩාක් ස්තුතීවන්ත වෙනවා

    ReplyDelete
  5. හැමදේම සමව බලන්න ඔය පොත මට උදවු උනා මට ඒ කාලේ..,[කියෝපු දවස් වල] ඔලුව හදා ගන්න.., සින්දුව කලින් අහලා තිබ්බේ.., මෙහෙම සන්ධි ගලපලා තිබ්බේ නෑ.., මේ මනස්කාර හරි තියුණුයි..! ඒ නිසා මේ ගැලපුම සිරා..!
    ජය!!!

    ReplyDelete
  6. තැන්ක්ස් රනා.... පද රචකායාගෙ නම හෙව්වා... කැලුම් ශ්‍රිමාල්...
    ගීතය අසාර්ථකය කියා මට හිතුනේ නෑ.. ඒත් හරි සරල ගීයක්.. ඒ උනාට රනා මම ගොඩ කලකි ඇහුවේ ජනප්‍රිය ගී ‍රැල්ලෙ තියන ගීයක මෙහෙමටවත් දුරක් අරගෙන යන්ඩ පුලුවන් පද ටිකක් තියනවා.. මේ සින්දුවෙත් සමහර තැන් වල නිස්කාරනේ වචන ඔබලා -අපරාදෙ හිතෙනවා....
    ස්තූතියි රනෝ

    රචියෝ....
    තැන්ක්ස් මල්ලි..... ඔව් මල්ලි ඔය බ්‍රයිට් කියන එක ජෙනරල් වචනයක් හැටියට එබ්බුවෙ... හ්ම්ම්... ශාප් එහෙම නැතිනම් බුද්දිමත් කිව්ව නම් වඩා හොඳ වෙන්ඩැති....
    ස්තූති

    වේලාව ලඟයි
    ස්තූති.. මේ පද පෙල මගෙ නම් සිත් ගත්තා...

    සඳුන්
    හ්ම්ම්ම්... ඔව්... මේක අපූරු ගීයක් මල්ලි
    ස්තූතියි

    ලිශ්
    ඔව් ලිශ්.... මම ගොඩක් දේවල් දරාගන්න පුරුදු වුනා ඔය පොත කියවලා.. මෙහෙම වෙන්නෙ ඇයි කියලා ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න මම හුරු වුනා....
    මට සතු‍ටුයි මේ සටහනට උබලා කැමති වුනු එක ගැන....
    ස්තූති ලිශ්.....

    ReplyDelete
  7. අනේ මිස් මටනම් මේ පූර්ව ජන්මය කියන දේ වෙලාවකට තේරුම් ගන්නම බෑ.වෙලාවකට හිතෙනවා ඒක ඇත්ත කියලා.. ඒ නිසා වෙන්ටැති කොච්චර උත්සාහ කලත් ජීවිතේ නැවතුනු තැනින් ඉස්සරහට යාමක්වත් හැරවීමක් සිදුවෙලා වෙනත් පාරකවත් නොයන්නෙ.. පොත හොයාන කියවන්න ඕන. ඒත් ආයෙත් පුරුදු කලබලකාරී අවිවේකී බව පහුගිය සතියෙන් ඇරබුනා. දැන් ඉදිරි සති 14 දී සමහරවිට මිස් ගේ උදව් ඕන වේවි.. උදව් කරනවා නේද මිස්..

    ReplyDelete
  8. පූර්ව ජන්මය වෙලාවකට හිතෙනව නිකම් ෆෑන්ටසි කතාවක් කියලා. ඒත් හිතේ සාමය පවත්වා ගන්න පූර්ව ජන්මය පිලිබඳ සිතා ඉවසන එක ලොකු රුකුලක් වෙනවා...

    ඔව් රොශාන්. අනිවාර්‍යයෙන්ම උදව් කරනවා.... :-)

    ReplyDelete
  9. "ඇතැම් විට යම් කෙනෙකුට විශාල කැමැත්තක් ඇති වුවද , අප ඊට හේතු දන්නේ නැත.එහෙත් ඒ දෛවෝපගත හමු වීම් වලින් පසුවද අපේ ස්වාධීන මනසේ තීරණ ක්‍රියාත්මක වේ... ආත්මීය මුහුකුරා යාමෙන් තොර පාර්ශවයේ කෝපය , සැක ,සංකා, බිය, වංක භාවය ආදී නොයෙකුත් දුර්වලතා වලින් හර්දය බිඳෙයි"

    ReplyDelete
  10. මම පෙර ආත්මය විශ්වාස කරනවා...මගේ එකම ප්‍රාර්ථනාව පෙර ආත්මෙදි හමුවෙලා ලංවෙලා ඉඳල ආයෙත් මේ ආත්මෙදිත් හමු උන අයව ආයෙ නම් කිසිම ආත්මෙකදි අහම්බෙන්වත් හමුවෙන්න එපා..! කියල...

    ReplyDelete
  11. මට මේ පොත කියවන්න බැරි වුනානෙ. අරං කියවන්න හිතුනෙ මේ ලියවිල්ල දැක්කමයි. අර උපුටා දක්වල තියන දේවලුත් පොලඹවන සුළුයිනෙ.
    පූර්වජන්මෙ කතුවරියගෙයි සංසාරේ කතුවරියගෙයි අදහස් ගලප ගලප කරපු ලියවිල්ලනම් අපූරුයි.
    මටත් ඔළුව හදාගන්නෝනි

    ReplyDelete
  12. අතීතං නානුසෝඡ්ංති
    නප්පඡප්පන්ති නාගතං
    වත්තමානේන යාපෙන්ති
    තේන වන්නෝ පසීදති

    අතීතය සිහිනයක් පමණයි,
    නොලැබූ අනාගතය මිරැගුවක් පමණයි
    වත්මනෙහි දිවි ගෙවන්න
    එයින් ලැබෙන සංහිදියාවෙන් ඔබව සුවපත් කරණු ඈත.

    ReplyDelete
  13. @Anonymous.....oba hari...100%.

    ReplyDelete
  14. ප්‍රතිචාර ලියා මේ ලියමන වඩාත් සාරවත් කල ඔබ හෑමට ස්තූතියි....

    ReplyDelete
  15. සිංදුවෙන් මෙතුවක් කල් හැඟුනාට වඩා හිතන්නට ‍යමක් හිතන්නට පෙළඹුවා අක්කා. පොත නම් කියවලා නැ. එදා දුකා අයියගේ පෝස්ට් එක කියවපු දවසෙත් කියවන්න ආසා හිතුනා. අද එය තවත් වැඩි උනා.

    ReplyDelete
  16. සින්දුව අහලා තිබුනට මේ පොත නම් කවදාකවත් කියවලා තිබුනේ නෑ .. පඩි අරගෙන දැන් සතියක් විතර වෙනවා .. අතේ ඉතිරි රු 500 යි .. ඒ ගානෙන් මේ පොත ගන්න හැකිනම් ගන්නවා .. නැත්නම් ..ඕන නෑ

    සින්දුව අහලා තිබුනට මේ කියැවෙන දේ ගැන යන්තමටවත් ඔලුවට යමක් ආවේ නෑ .. ස්තූතියි අක්කා! .. ලස්සන විචාරයක් ලීවට ..

    ReplyDelete
  17. මේක මගෙ හිතට එකපාර ආව අදහසක්... සඳරුවෝ... රු 300ක්යාවි ඕනෙනම්... ඔය පොත ගන්ඩකෝ... :)
    හා පෑටික්කියේ... ඔය සින්දුව ගොඩක් බර එකක් නෙමෙයි. සමහරවිට ප්‍රිහාන්ටවත්, කෑලුම් අයියටවත් පූර්ව ජන්ම අපූර්වය මතක් නොවෙන්න ඈති... ඒත් අපේ ජීවිත වලට කෑවිල තියන සාන්සාරික හමුවීම් හෙවත් 'සන්සාරේ අපි' ගෑනම තමයි ඕන් මේ ලියවිල තියෙන්නේ... හෙ හෙ හෙ... :) ස්තූතියි.... වචන ලියලා මගෙ හිත දිරිමත් කලාට :) ඔක්කොමලාම :)

    ReplyDelete
  18. පොත ගත්තා අක්කන්ඩි ඒක රු 290 යි

    ReplyDelete
  19. සන්තෝසයි සඳරු මලෙයා.... දෑන් ඉතින් ඔය අලුතෙන් එන්න ඉන්න මොනර පිටේ නෑගල රුන් ගාල යන්න කලියෙන් , ටික දොහක් බස් ගාටනකොට , කියවන්නකො ඔය පොත.
    වාර්තාමය ගතිය අමතක කරලා කතාව කියවන්න :)
    වටින දෙයක් ලෑබෙනවමයි :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->