.
.
ඈතිනුත් ඈතට
නුඹ
පිටුපා යන තුරු.....
නුඹ
පිටුපා යන තුරු.....
.
.
තිතක් වී
නොපෙනීම
යන තුරු.....
තිතක් වී
නොපෙනීම
යන තුරු.....
.
.
වේගවත් රිද්මයෙන්
එසවෙන පා හඬ
නෑසී යන තුරු...
.
.
මා හිඳින්නම්
බලාගෙන
වෙනතක දුරු.......
.
මා හිඳින්නම්
බලාගෙන
වෙනතක දුරු.......
.
.
අහස පොලව ලං කළ
අහස පොලව ලං කළ
අප ගැන
ලොවටම අමතක වෙන තුරු...
.
.
හිස් බැල්මෙන්ම ඉඳින්නම්...
හිස් බැල්මෙන්ම ඉඳින්නම්...
.
අනන්තයක් තරම් දුර
අනන්තයක් තරම් දුර
ක්ෂිතිජයට
නුඹ පිටුපා යන තුරු.....
නුඹ පිටුපා යන තුරු.....
.
.
.
.
.
.
.
.
.
.
(පින්තූරයේ පූර්ණ අයිතිය පැතුම් වීරසිංහ සොයුරා සතුය.... පැතුම් මල්ලි , ඔබට ස්තූතියි මේ පින්තූරය නොමසුරුව ලබා දුන්නාට)
ලස්සනයි...! මේ පින්තූරය මුල් වෙලා ලියවුනාද? ලිවීම මුල් වෙලා පිනතූරය එක්වුනාද? මොනා වුනත් මේ පින්තූරෙත් එක්වුනාමයි ලස්සන වැඩි වෙලා තියෙන්නෙ. ඒ මට හිතුන හැටි.. ඔබට ජය..!
ReplyDeleteපවු
ReplyDeleteපැතුම් අයියා පොඩි කාලේ ගත්ත පිච්චොරයක්ද මේ?
ReplyDeleteෂා චෝයි.... හරි හරි දැනුත් චෝයි....
පද පෙල ලස්සනයි....
ආදරය හෙවත් මගේ හුස්ම..
ReplyDeleteහුස්ම ගන්නේ නැතුව ජීවත් වෙන්න බලාපොරොත්තු තියන්නේ කොහොමද ? ඒ හින්ද හුස්ම නැත්තටම නැති වෙන්න කලින් මොනවා හරි කරන්න අක්කේ. පස්සේ පසුතැවිලි වෙනවට වඩා ඒක හොඳ වෙයි කියල මම හිතනවා
හූනා: මල්ලි මේ පින්තූරෙ දෑකලයි කවි සිතිවිල්ල පහළ වුනේ.... පෑතුම් මල්ලි හොඳ ඡායාරූප සිල්පියෙක්නේ.. ( බලන්නකො එයාගෙ වෑඩ කිඩ මෙතනින් http://www.flickr.com/photos/pethum/) ස්තූතියි ප්‍රතිචාරෙට මල්ලි....
ReplyDeleteචානක මල්ලි : මම පව් තමයි :-(
හසියෝ..: මේ පෑතුම් වීරසිංහ.. මට හිතවත් මල්ලි කෙනෙක් (නම් පටලා ගෙන හැඩයි නුඹ ) :-) ස්තූතියි අගය කලාට
සඳුන් මල්ලි : හුස්ම ගන්න අමාරු වෙනකොට ගොඩක් අසීරුයි... ඒත් ජීවත් වෙනවා....
ඇතින් ඇතට යන තුරු..
ReplyDeleteනුඹේ පා හඬ නැසෙන තුරු..
වෙන්විමම මෙයැයි මා නොසිතන තුරු..
නුඹවම සොයමි ජිවිතය ඇති තුරු..
අක්කාගේ පද ටිකයි..පැතුම් අයියාගේ පින්තුරේ නම් ටොප්...
කොච්චරක් නම් කියලා බලාගෙන ඉන්න වෙයිද...!
ReplyDeleteනුඹත් නැති සඳ - සඳක් කෝ මට
ReplyDeleteමං ඒ කාලේ ගැට ගහපු පද වැලක එක පද පේළියක් සිහි වුනා නංගෝ...
අනේ උඹ නං........ මොනවා නං ලියනවාද මන්දා........
ඔය ගිය ඈත්තෝ ආපහු එයි...
ReplyDeleteදුක් වෙන්න එපා !!!
නිම්ශා නගා, ප්‍රසන්න මල්ලි , රන්දිකා අක්කේ , කිරි... ඔයාල හෑමෝටම ස්තූති...
ReplyDeleteමම ඉවසිල්ලෙන් ජීවිතේ ඉස්සරහට යනවා..... හෑම්දාම මන්දාරම් අඳුර තියෙන්නෙ නෑ.... ඒත් අඳුරු හිතට අඳුරු දේවල්මයි එන්නේ... බලමු... ඊයෙ එලිය.. අද අඳුර... හෙට ????