ඔහුට එක පාරටම විදුලිය දැල්වුනේ ගතවුනු දවස සිහිපත් වෙමින්... හිතට දැනෙන්නේ මොනවාද කියාවත් නොතේරෙන මොකක්දෝ හැඟීමක් උගුර ලඟ හිර වෙලා වගේ... බෙදා ගන්නෙ නැතුව තනියම තියාගන්න බැරි තරමට බරයි... ඒ තරම් හැඟීම් වලින් පිරිච්චි දවසක්... ආ... කෝ මේකට වග කියන්න ඕනෙ කෙනා... රෝස පාට තිත් තිත් නිදන ගවුමේ සිනිඳු වාටි කොහෙදැයි අතපත ගාමින් හැරෙන ඔහුගෙ හිත නොසන්සුන් වෙන්න ගත වුනේ එක මොහොතයි...
කොයි මේකි... කොහෙ ගිහින්ද...? හිත කුතුහලයෙන් බර වෙමින් නිදිබර සිතුවිලි තෝන්තුවාවෙන් වගේ නලියමින් හිස බමන්නට වුනා... කෝ මේ කෙල්ල..?
හුලඟින් එලියට ඇතුලට පොර බදන කවුලු තිර අතරින් එහාටත් මෙහාටත් දුවන කකුල් දෙකක් දකිද්දි ඔහුගෙ හිත කොහොම නමුත් සැහැල්ලු වුනා.. ඒත් මේ අවේලාවේ.... ???
**********
තණ බිස්ස මතින් වේගයෙන් එක කොනක සිට අනෙක් කොන වෙත දුව යන දිගු දෙපා ලදැරියක මෙන් උඩ පනිමින් ගීතවත් වන්නේ උද්දාමයකිනි.... කුමන හෝ ප්‍රමෝදයකිනි.... කිරිල්ලිය උදෑසනම අවදි වී සිය උදාන ගීය ගයන්නීවත්ද? ඒ සෙයකි.... දිගු දෑත් එහා මෙහා වනමින්, සමනල පියාපතක් අනුකරණය කරන දඟකාර දැත් ඉහළ පහළ යද්දී කිරිල්ලී ගීයක් මුමුණන්නීය.... සමහර විට ඒ ගීය ඇසෙන්නේ හ්ම්ම් හඬින් එය මුමුණන ඈටම පමණක්මත් වෙන්නට පුලුවන....
මේ මුලු අහස මා සතුයි
මේ මහ පොළව මට නතුයි...
ඔබ මා අසල හිඳී නම්...
ඔබ මා අසල හිඳී නම්....
මේ මහ පොළව මට නතුයි...
ඔබ මා අසල හිඳී නම්...
ඔබ මා අසල හිඳී නම්....
රෝස පැහැති නිදන ගවුමේ ලා පැහැය එක් ඇසිල්ලකින් සැනකෙලියක නාටිකාංගනාවකගේ වෛවර්ණ දිගු ගවුමක් සේ ලෙලෙන්නට විය.... සුලඟ පරයන වේගයෙන් එක තැන කැරකෙන අහිංසකාවිය දෙස තෙත් වූ දෙනෙතින් බලා හිඳින ඔහු විමතියෙන් දැස් පියා ගනිමින් දොර පලුවට වාරු වෙයි...
'අනේ කෙල්ලේ... ඇත්තමද ඔය නටන හිත? මම උඹට ඔය තරම් ලෝකයක් වුනාද? උඹ ඔය තරම් මම නිසා උද්දාමයෙන්ද?'
ආදරයේ උත්කෘෂ්ඨ ප්‍රාර්ථනා තමුන් ඇගේ සැපිරීදැයි විටෙක දෙගිඩියාවෙන් නින්දට ගිය සිත එක් වරම සැණකෙලියක් වූ ලෙසින් ඔහුට හැඟෙන්නට විය....
ගහ කොළද නිලද ඇල දොල...
බිඟු කැලද විහඟ සමනල
මේ සියලු දෙය මගෙයි...
ඔබ මා අසල හිඳී නම්
ඔබ මා අසල හිඳී නම්...
ඈ රඟ දෙන්නීය... ගැහැනියක් ලෙස නොව ... කුඩා ලදැරියක්ව.... එක් වරම ... ඇගේ ලෝකයට ඒ ලදැරියද... තරුණියද ... ගැහැණියද...එක වරම පායා පැමිණි සෙයකි.. කොටින්ම කිවහොත් ඈ සෙවූ ඇයව සොයා ගත් සෙයකි..... ඈ ප්‍රීතියෙන් සිනහ වෙමින් ගහකොළ ඇල දොල නොමැති පුංචි ගෙවුයනෙහි තණ බිස්ස හා ආල වදන් තෙපලන්නීය... පුංචි තාප්පයෙන් වට වූ ගෘහ උද්‍යානයට ඇගේ නිම් නැති සතුට මුදා හරින්නීය....බිඟු කැලද විහඟ සමනල
මේ සියලු දෙය මගෙයි...
ඔබ මා අසල හිඳී නම්
ඔබ මා අසල හිඳී නම්...
ප්‍රමෝදයෙන් දිදුලන ඒ දෑස් වට ගනන් කැරෙකෙන්නී ඈ සමගය... තරු දෑස් අනෙක් කිසි දෙයක් නොතකන සෙයකි... ඈ මිමිණුම පසෙක ලා ප්‍රමෝදයෙන් ගයන්නීය... නලුවා පසෙක හිඳ මේ සියල්ල හොරෙන් නරඹන සඳ.. ඒ කිසිත් නොදැන.. නිළිය.. ඈ නැලවෙන්නීය... එක තැනක නොරඳන දෑත් දෙපා මත, දඟකාර ඇස් මත මීට දිනකට පෙර පාද පරිචාරිකාවකගේ නිසල ගැහැනු කම් තැවරුනේ කෙලෙසකදැයි අදහාගනු අපහසුවෙන් යලිත් ඔහු හිස තෝන්තුවාවක් හට ගන්නට විය... ඈ නම් මේ සොබාදහමේ අපූර්වතම නිර්මාණය විය යුතුය....ඇත්ත.. ඈට අහසද පොළවද ගහකොලද .. සයුරද ...ලොව බිහි වී ඇති හැම දෙයක්මද.. එක සේ පෙම් බඳිනු ඇත... සැක නැත... ඈ නම් උමාවම විය යුතුය.... මෙතරම් ආදරයක් පිරෙන්නට ඒ කුඩා ලදැරි හිත සරි වේද?? ඈ මිනිස් දුවක්ද? විටෙක හඬා වැටෙන , විටෙක සිනා නගන... මෙසේ උදාන ගී ගයමින් උදෑසන පිබිදෙන ජීවය මත ආදර සිතුවමක පාට තවරන.. ඈ.... කුඩා සුරංගනාවියක්ද?
සඳ සිනා සිසී
පායා එන්නේ
තරු නිවී නිවී
යලි දිදුලන්නේ
මල් පිපී සැලෙන්නේ
ඉන් සුවඳ හමන්නේ..
ඔබ මවෙත පැමිණි වගතුග රහසේ
දැනෙගෙනද කියා නොදනිමි සුහදේ...
පායා එන්නේ
තරු නිවී නිවී
යලි දිදුලන්නේ
මල් පිපී සැලෙන්නේ
ඉන් සුවඳ හමන්නේ..
ඔබ මවෙත පැමිණි වගතුග රහසේ
දැනෙගෙනද කියා නොදනිමි සුහදේ...
සිනා සිසී උදේ පින්නෙහි නටමින් ගී ගයන ඇගෙන් අසීරුවෙන් නෙත් මොහොතකට ඉවතට ගන්නා ඔහුට සැබවින්ම ලෝකය ඈ සමග රඟන අයුරක් හැඟෙන්නට විය....
තවමත් වියැකී නොගිය සඳ , පායා උන් ඇසිල්ලෙහි දුටු දෑ මෙනෙහි කරමින් සෙනෙහෙබර ඔච්චම් පාන්නා සේ දකින ඔහු සිත ලැජ්ජාවෙනුත් යලිත් ආදරයෙනුත් පිරී යයි.... තරු අහස මත නිවී ඇත... එහෙත් කුඩා තණ බිස්ස මත තරු දෙකක් වන් ඇස් දෙකක් දිලෙමින් අවදි වී තරු නැති අඩුව මොනවට සපුරන්නෙහිය.... රහස් කියා දෙයක් දැන් කොහිද.. ඒ ආදරය දුටු සොබා දහමත් සමග, ඈ හිරු නැගෙන්නටත් පෙරම දොඩමලුව.. ඇගේ හිතේ පිපිරෙන්නට තරම් පිරීගත් ආදර හිත ඈ දැනටමත් කියා ඇති සෙයකි....ඉදින් ඒ මා ගැන නොවෙද..? ඔහු සිත කියා ගත නොහැකි ලැජ්ජාවකින් පිරෙයි..යලි ආදරය ඉස්මතු වෙයි.. ආඩම්බරය ඉතිරෙයි....
දොල රිදී සිනා
නැග බැස යන්නේ
රළ හඬා වැටී
වෙරළට එන්නේ
මඳ පවන හමන්නේ
තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ
මා අසල රැඳුනු පසුවයි සුහදේ
නැග බැස යන්නේ
රළ හඬා වැටී
වෙරළට එන්නේ
මඳ පවන හමන්නේ
තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ
මා අසල රැඳුනු පසුවයි සුහදේ
ඈ මේ සොඳුරු සුරතලය සුරැකිව තබා ගත්තේ මා වෙනුවෙන්ද? මේ සොඳුරු උදෑසන වෙනුවෙන්ද? කුඩා පොත් ගුල්ලිය... පණ්ඩිත වදන් තෙපලන ලොකු කෙරුම් කාරිය... ඈ මේ සියල්ල සඟවා තබා ගත්තේ මා වෙනුවෙන්ද?
ඔහුට කඳුලු සැඟවිය නොහැකිය... ආදරය නිසාවෙන් ඉකි ගසන හිත වාවා ගනු නොහැකි තරම් ඇගේ සන්‍තෝෂය ඔහුව හැඬුම්බර කර ඇති සැටි... දුව ගොස් ඈ බදා වැලඳ ගන්නට ඔහුට සිතක් පහල වේ...ඒත් ඇගේ ප්‍රමෝදය බිඳින්නට, ඈ ගහකොල හා දොඩමලුව සිටින මේ අපූරු 'ඇගේ නිමේශයට' බාධා කරන්නට ඔහුගේ සිත නොනැමෙයි....
ඈ උමතුවෙන්වත්ද?? විටෙක අතු පතරැති කුඩා ගහ කොල සිඹින්නීය... ගස් කඳන් මත වැතිර සිනහසෙන්නීය.... සුලඟ සමග හරි හරියට දෙපා දඟ කරමින් කරකැවෙන්නීය.... ගී ගයන්නීය... ඇත නටන සමනලුන් දෙස ආශාවෙන් බලා හිඳින්නීය... දිදුලන ඇස් අහසට දෙමින් හිරු එබෙනයුරු දැක සිනහ සෙන්නීය... යලිත් පෙර දින මතකයන් සිහි වීමෙන්දෝ විලි බරව ආදර ඇස් පියා ගන්නීය.. ලැජ්ජාවෙන් සිනහ සඟවන්නීය...
ඒ ඇය.... ඔහු සෙවූ ඇය.. ඈට හමු වූ 'ඈ' ය.... ඇය සදා සෙවූ 'ඇය'... ඇය වෙතින් යලිදු නික්මෙනු නොදිය හැකි තරම් සොඳුරු ඇය.... ඔහුගේ නෙතින් කඳුලු කඩා හැලේ... ඒ ඈ කෙරේ මෙතෙක් නො ඉපදුනු වන් සෙනෙහයෙනි.... කුඩා දැරියකගේ කිරි සිනහ ඈ මුවෙහි ඔහු දකින්නෙහිය..ඒ නූපන් දැරිය දකින්නට එක් මොහොතක් හෝ කල් යනු ඉවසුම් නොදෙන තරම්, ඔහු නෙත් අද්දර, ඈ අද ඒ නූපන් කුඩා බිලිඳිය වී හිඳින්නීය....
~``~
මේ මුලු අහස මා සතුයි
මේ මහ පොළව මට නතුයි...
ඔබ මා අසල හිඳී නම්...
ඔබ මා අසල හිඳී නම්....
මේ මහ පොළව මට නතුයි...
ඔබ මා අසල හිඳී නම්...
ඔබ මා අසල හිඳී නම්....
ගහ කොළද නිලද ඇල දොල...
බිඟු කැලද විහඟ සමනල
මේ සියලු දෙය මගෙයි...
ඔබ මා අසල හිඳී නම්
ඔබ මා අසල හිඳී නම්...
බිඟු කැලද විහඟ සමනල
මේ සියලු දෙය මගෙයි...
ඔබ මා අසල හිඳී නම්
ඔබ මා අසල හිඳී නම්...
සඳ සිනා සිසී
පායා එන්නේ
තරු නිවී නිවී
යලි දිදුලන්නේ
මල් පිපී සැලෙන්නේ
ඉන් සුවඳ හමන්නේ..
ඔබ මවෙත පැමිණි වගතුග රහසේ
දැනෙගෙනද කියා නොදනිමි සුහදේ...
පායා එන්නේ
තරු නිවී නිවී
යලි දිදුලන්නේ
මල් පිපී සැලෙන්නේ
ඉන් සුවඳ හමන්නේ..
ඔබ මවෙත පැමිණි වගතුග රහසේ
දැනෙගෙනද කියා නොදනිමි සුහදේ...
දොල රිදී සිනා
නැග බැස යන්නේ
රළ හඬා වැටී
වෙරළට එන්නේ
මඳ පවන හමන්නේ
තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ
මා අසල රැඳුනු පසුවයි සුහදේ
නැග බැස යන්නේ
රළ හඬා වැටී
වෙරළට එන්නේ
මඳ පවන හමන්නේ
තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ
මා අසල රැඳුනු පසුවයි සුහදේ
~``~
මම ඔහු දුටිමි...
ඔහු 'ඈ' දකිමින් , තවමත් ඒ දොර උලුවස්සට හේත්තු වී දෙනෙත් මත පිරුනු , බොඳ වී ගිය ආදර කඳුලු ඉදිරියෙන් නටන දෑරිය නරඹන්නෙහිය...
ඈ ඒ හරිත ලෝකයේ මව් දෙවඟනව - උදාරම් රෑජිණිය ව - ගයන්නීය.....
ගීතය අහන්න මෙතනින්.... ඒ අහමින් මා ලියූ දේ විඳින්න ආදරයෙන් ඈරයුම් කරමි....
ගොඩාක් ලස්සනට මහන්සිවෙලා ඔයාගේ හිතේ ඇඳුනු දේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලියලා තියෙනවා..
ReplyDeleteඉදිරියටත් මේ වගේ ලස්සන දේවල් දිගටම ලියන්න මම ඔයාට සුභ පතනවා
මේකනම් මාරයි.., දෙවෙනි වර්ස් එක වෙනකොට පොඩී දැනීමක් ලැබුණත් මේවගේ අන්තිමටම සෙස්ස දෙන එකනම් මාරම මාරයි..!! මේක මරු දිල්ශාරා..!!
ReplyDeleteමම මේක ගොඩක් ආස කරන සින්දුවක්. මේ සින්දුව අහනකොට මට චිත්තරූප මැවිලා තියෙනවා. ඒත් මේ පදවැල් වලට මම දැකපු ලස්සනම නිර්වචනය මේකයි...
ReplyDeleteමේ පෝස්ට් එක ඇතුලේ ඔයා ජීවත් වෙනවා දිලී. ඔයාගේ ජීවිතේ තියෙන හීන, ඔයාගේ ආදරණීය කවිහිත මට මේ වචන ඇතුළින් ඔයා වගේම එලියට පැනලා දඟ කරනවා, නටනවා පේනවා. මේ තමයි ඔයා ඇතුලේ ඉන්න ඇත්ත දිලී... :)
තවත් දෙයක්, ක්‍රියේටිව් රයිටින්ග් කියලා කියන්නේ කියවන්නාව ආකර්ෂණය කරගන්න වගේම පොහොසත් කන්ටෙන්න්ට් එකක් ගොඩනඟන්න පුළුවන් දේකට.. ඒකත් ඔයා බොහොම සාර්ථකව මෙතනින් කරලා තියෙනවා. සතුටුයි. මම හිතන්නේ ඔයා අතින් ලියැවුනු සුන්දරම නිර්මාණයක් මේ...
මේක උදේට කියවන්න ඕන. දැන් නිදිමතයි!! :(
ReplyDeleteමෙලෝ දෙයක් තේරුන් නැති උනාට වැදගත් දෙයක් වාගෙ...
ReplyDeleteමගේ ප්‍රියතම ගීතයක්.. මේව මතකයේ රැදෙන්නෙ නැති හේතුව ගැන බොරු බයිල නැතුව ලිපියක් ලියන්නයි හිතාන ඉන්නේ.. සිංදුව අහල දැකල රස විඳින දෙයක්නේ.. ඒ වගේම රසයක් මේක කියවල ලැබුව..
ReplyDeleteපින්...
hari..hari..mata nam okkoma therunaa..!!
ReplyDeleteaaaa..amathaka unaa kiyanna...raata raata thanakola uda awidinna epaa..!! udheta hembirissawa hadevi...hii..hii..hiii...!
ReplyDeleteචූටි මොලේට දරාගන්න බෑ
ReplyDeleteඇත්තටම ලස්සනයි. වෙන මුකුත් කියන්නෙ නෑ.
ReplyDeleteසින්දුව අමතර කරල මේ සටහන ඇතුලෙ සෑහෙන්න එහෙ මෙහෙ ගියා. සමහර මොහොතක පොඩි ළමයෙක් වෙනකල්ම. නියමයි!
ReplyDeleteනිරෝෂගෙ කටහඬම තියෙන ගායිකාවො සෙට් එකක්ම බැහැල ඉන්න නිසා දැන් මට ඒ කටහඬ ඇහෙන්න බෑ. ඒත් සුජාතට පස්සෙ තාමත් මට නිරෝෂා තමයි :D
කොමෙන්ටු ලියූ හෑමෝටම ....
ReplyDeleteමේක කියවලා වින්දේ මම වගේම ඒ ෆෑන්ටසිය යථාර්තයක් බව දන්න , සංවේදී හිතෑති ඔබ බව මා දන්නවා...
දන්නෝ දනිති මේ ෆෑන්ටසියේ වග තුග.... :-)
මට මේ ගීය ඈහෙද්දි ඊයෙ , මේ චිත්ත රූපය මගෙ ඈස් ඉස්සරහ නටනවා දෑනෙන එක නවත්තන්න බෑරි වුනා...
නිරාවරණ උඩු කයින් උදේ පාන්දර කාමරයෙන් උද්යානයට ඇරෙන දොරටුවට හේත්තු වී කොලුවෙක් සිය කෙල්ල, ඊයේ සිය ප්‍රියම්භිකාව බවට පත් වූ ඈය, දෙස බලා සිටින රූපය... කෙල්ල පිස්සියක් වගේ , කොට නිදන ගවුමක් ඈඳගෙන සතුටේ බෑරුව නටනවා... හිනා වෙනවා... කවුරුත් තමන් දිහා බලන් ඉන්න බව නොදෑන... මට ඒ මනෝ රූපයෙන් මිදෙන්න බෑරි තරම් ලෝභයක් දෑනුනා...
ඉතින් මට ඒක ලියා ගන්නකල් සෑනසිල්ලක් නෑති වුනා.... :-)
ස්තූතියි ඔබේ ප්‍රතිචාර වලට.....
ගීතය මම අක්කාගෙන්ම යි අහගත්තේ..මොනා කියන්නද අක්කේ ..මේක නම් ඇත්තෙන්ම අනර්ඝයි...සිංදුව අහද්දි දැනෙනවාටත් වඩා අක්කගේ සිතුවිලි වලින් මැවෙන මේ චිත්‍රය හිතට හුඟක් දැනෙන විදියට අක්කා ලියලා තියෙනවා...මේ සින්දුවේ විෂුවල් එකක් නැත්නම් මේක තමා එකට හොදම දේ...සුපිරියි අක්කේ...හදවතින්ම රසවින්දා..
ReplyDeleteහරිම ලස්සනයි අක්කෙ.හරියටම විශුවල් එකක් බැලුව වගේ.මන් ආසම ගායිකාවක් නිරෝශා.එයාගෙ කටහඩයි මේ පද පේලියි සංගීතයට එකතුවෙලා ඇහෙද්දි දැනෙන හැගීම වචනවලින් විස්තර කරන්න බැරි පුදුමාකාර එකක්.
ReplyDeleteකමෙන්ට් එකක් දාන්න තේරෙන්නෙ නෑ. වෙලාවක් අල්ලගෙන කතා කරමු මේ ගැන.
ReplyDeleteගීතය ඇතුලින් විචාරක අපේක්ෂාවක් දිග හැරිලද මන්ද. නිකම්ම නිකන් ගීනයේ ලස්සන කියනව වෙනුවට ලස්සන ලෝකයක කියවන්නා බර කරල ඉන්දන්න පුළුවන් වෙල තියෙනව. ලස්සනයි. නියමයි...! දිගටම ලියන්න... ඔබට ජය!
ReplyDeleteනිම්ශා නන්ගියා... ගොඩාක් ස්තූතියි.... මම හිතන්නෙ මම මේක බාගෙට ලියාගෙන යද්දි ඒක මුලින්ම කියවපු කෙනා ඔයා.. ඔයා ඒකට දුන්නු යහපත් ප්‍රතිචාරය නිසා මම තවත් ජවයෙන් ඉතුරු ටික ලියාගෙන ගියා... ස්තූතියි... මම හිතන්නෙ මගෙ හිතේ ඒ තරම් තදින් මේ චිත්ත රූපය වැඩෙමින් , ඒක ලියා ගන්න බැරුව තව තව ශක්තිමත් වෙමින් පැය ගානක් ගත වෙලා යද්දි මේක ලස්සනට ආවා මන් හිතන්නේ.. ඇත්ත මේ හීනෙ ඉන්නෙ මම....
ReplyDeleteසජි
ස්තූතියි.... හරිම අගෙයි.. මට හිතුන විදියටම ඔයාටත් හිතිලා.. ඒක ශුවර්..හුරේ....
අනුරාධ මල්ලියා...
හරි අපි සෙට් වෙලා මේක කතා කරමු
හූනා
මම ආසයි සින්දු වලට මේ වගෙ හිතේ තියන රූප අඳින්න... ගොඩාක් ස්තූතියි.. මේ සුන්දර චිත්‍රෙ ලස්සනයි කියලා අස්සනක් දාලා ගියාට :-) මට ආයෙ ආයෙමත් මේ වගෙ ලියන්න හිතෙනවා එතකොට :-)