ජීවිතේ බොහෝ දුර පහු කරන් ආයෙමත් කඩ ඉමකට ඇවිත්... සංසාරේ අපි ගැනම මේ ලියන බ්ලොග් සටහනේ ජීවිතේ මල්ගෙ ආත්මීය සලකුණු මැකෙමින් , අවවාද උපදේශ හිස ඔසවා හිටිය කාලෙකට පස්සෙ , ආයෙම වතාවකට මම 'ආත්ම ප්‍රකාශනයක' මුල් වචන කිහිපය ගලපනවා ...
කලින් කලට කොලඹ නුවර ජීවිතේ පැදපු මාවත වහල දාලා ආයෙමත් ගස් කොලන් අස්සෙ නැංගුරම ලන්න කාලෙ ඇවිත්. හය අවුරුද්දක් තිස්සෙ කොලොම්පුරේ එකතු කෙරුව අත්දැකීම් එක්ක තනි වෙවී , හවහට තේ එකක් බොන ගමන්, කොස් නැටි අවරට හැරෙන හැටි නිසංසලේ බලං හිටිය කාලෙ ආයෙමත් එන්න යනව... උදේට හිමිදිරි පින්නයි මීදුමයි අස්සෙන් ගස් වල අතු ඉති මත ලේන්නු කඩා ගෙන බිඳගෙන අල්ලන සෙල්ලන් කරනව බල බල සෙටියෙ කකුල් උඩට අරන් උදේ තේ එක බිබී නිදා වැටෙන කාලෙ ආයෙ එන්න යනවා...
එන්න යනව නෙමෙයි... ඔන්න ආවා.... දැන් මම ගෙදර.... බලන බලන අස්සෙ ගහකොල වල සිදුරු අතරින් අමාරුවෙන් අහස පේන කෑලෑ රජදහනට ආයෙමත් ආයුබෝවන්.. ඔන්න මම ආවා.... ... ගෙන්දගම් පොලොවට, ගාලුපාරට , කඩ පේලි වලට , රස්තියාදු ගමන් වලට සමු දීලා ආ එකට පොඩි පහේ හිතේ අමාරුවකුත් නෑතුවා නොවෙයි... ඒත් දෑන් ඈති... කඩ කෑම කකා රෑයක් දවාලක් නෑතුව හරි හම්බ කර කර කුලී ගෙවල් වලට කෑම කඩ වලට පෝසත් වෙන්න පාර කියුවා අවුරුදු 6ක්.. ඒ මෑදෑයි....
පහුගිය සතියෙ දවසක මොරටුව බස් එකේ , බ්ලොක් එකට අහු වෙලා පෑය දෙකහමාරක් තිස්සෙ රත්මලානට එද්දි ලෝකෙ නෑති දේවල් මට කල්පනා වෙන්නට වුනා... ලබන සතියට පස්සෙ ... රස්සාවක්?? මම නිකම්ම නිකම් කෙල්ලෙක්.... අවුරුදු 6ක් ගෙවුව ස්වාධීන ජීවිතේ ?? බොහෝ දේ හිතෙන්නට වුනා.
නැහැ... කවුද කියන්නෙ.... ???
කනස්සල්ලෙන් හිත බර වෙලා හිතන්න දෙයකුත් හිතෙන්නෙ නෑතිව හිටිය වෙලාවෙදි ඈහිච්චි මේ රසබර පද වැලෙන් මගෙ මුහුනට ආයෙමත් ආලෝකයක් වැටුනා...
ගලන්න ගලන්න ගලන්න ගලන්න
ගංගාවක් වී
උල්පත පසු කර...
වැවක්
වෙලා නතර වෙන්න
නෙලුම් මලක් යට .....
විල් දිය මත
ගල් කැටයක්
වැටුනු වෙලාවට...
රැල් සිය දහසක් නැගේවි
රිදිලා
හදවත...
දූවිල්ලෙන් වැසුනු දාට
මුලු මිටියාවත...
සිහිකරන්න
කඳු පාමුළ
මව්කිරි උල්පත...
බිම්මල් යට පිපුනු
පැතුම්
පෑගී යන විට..
කඳු මුදුනට නැග බලන්න
ජීවිතයේ
උස...
ඔව්.... මේ උල්පතින් පටන් ගන්න.... ඔය උල්පතින් ගලන් ජීවය හැමදාමත් ගලාවි. ඒත් එතැන නතර නොවී ඉදිරියටම ඇදෙන්න.. ගංගාවක් වී... උල්පත පසු කොට... ඉදිරියටම... හෝ හඬ නැගේවි... ගල් පර අස්සෙන් මග සොයා ගෙන ඉදිරියට එන්නට වේවි.... ගමන අසීරුයි.... ඒත් හැමදාම නොවෙයි.... හැමදාමත් දුවන්න එපා යාලුවේ,, නතර වෙන්න වැවක් වෙලා...පුංචි ගල් කැටයකින් බිඳේවි ඔය නිසංසල වැව් හදවත.... ඒත් සිහි කරන්න.. නුඹ ඉන්නේ නෙලුම් මලක් යට ...
හාත්පස දුහුවිල්ලෙන් වැසී ගොස් , ලෝකයම අපැහදිලි වී මග නොපෙනෙන විට.... ඒ කඳු පාමුල මව් කිරි උල්පත පිලිබඳ මතකයත් ඔබට සවිය ගෙනේවි....
බිම්මල් යට පිපෙන පැතුම් , වියැකී යන විටදී.... ජීවිතය අත් නොහරින්න... නැග බලන්න කඳු මුදුනට..... වීර්යය නොබිඳින්න... බලන්න මේ ජීවිතයේ උස !!!!!
සුසුම් හෙලන්නෙපා.... සොවින් තැවෙන්නෙපා....ජීවිතේ ගමන ඈදී යන්න දෙන්න... ගලන්න දෙන්න..... ජීවිතේ උසයි.. හරිම උසයි.....
Yesterday was History...
Tomorrow is a Mystery...
But Today is a Gift...
That's why it's called the 'Present' !!!
ගීතය අහන්න.... මෙතන ඔබන්න...
ජීවිතේ උස කියන්න කවුරුවත් කියලා දෙන්න ඕනේ නෑ මම හිතන විදියට නම් උඹට මොකද මගේ පොතේ හැටියට උඹ මේවනකොටත් කන්ද මුදුනට යන්න පටන් අරන් ඇති නිසා.., වෙර වීරිය බිඳගන්නේ නැතිව කරුණා කරන්නයි තියෙන්නේ..,
ReplyDeleteජය පතමි!!
පසුව ලියමි: වීදුරුවේ තියෙන වතුර බාගේ දැක්කම බාගයක් හිස් කියන්නේ නැතිව බාගයක් පිරිලා කියන එක මොනතරම් ගතිද?
හ්ම්ම්ම්ම් අක්කා මේ කියන දේවල් මගේ හිතෙත් මේ දවස් වල හොල්මන් කරනවා ආපහු ගෙදර යන්න වූල් බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා දවල් වෙනකල් නිදාගන්න හැන්දෑවට බැල්කනියට වෙලා ඉර බහින හැටි බලන අම්මා අප්පචිචි එක්ක එකතු වෙන්න..ආපහු අර පාට පාට ස්වීටර් ටික ඇඳන් පුංචි ඉස්කෝලෙක උගන්නන්න.. ඒ හිනෙට පන දෙන්න මේ පොස්ට් එක කියවලා හිතට ලොකු ගැම්මක් ආවා.. කඩ කෑම බොඩ්ම් කාමර හැම දේම එපා වෙලා ඔයා අවුරුදු 6ක් හිටියා කිව්වම පුදුමයි.. මට අවුරුද්දෙත් ඇති වෙලා...
ReplyDeleteඔයා නුවරට එද්දි ඔන්න හංසි හිතුවා අක්කා කරපු දේම කරන්න.. නුවර දාලා ආපහු නුවරඑළයේ යන්න..
බය වෙන්න එපා අක්කේ.. ගෙදර කියන්නේ තව්තිසාව... ඒත් පොඩි වෙනසත්.. පෝසත් වෙන්න තියෙන මාර්ග අඩු උනත් ගෙදර ඉඳන් කරන පුංචි දේත් හරියටම හරියනවා දැනටත් මෙහේ ගොඩ දෙනෙක් ඔයාගේ දැනුමෙන් දෙයක් ගන්න වාසනාවන්තයි.. ඔයා කොළඹ හිටියනම් නුවර ළමයින් එක්ක ඔය දැනුම බොදා ගන්න බැරිවෙනවා... ඔයාගෙම තැනක් මෙහේ පටන් ගමු.. පණ දිලා වැඩ කරන කෙනෙක් හොයනවනම් ඔයා ලඟ පොඩිම හරි පඩියකට වැඩ කරන්න මම එනවා... ඔනි දේකට උදව් වෙන්නම්.. සුද්දි නුවරට ලඟ ඉන්නේ... මට සතුටුයි අක්කා ආවට
තේරෙන්නේ නෑ මොකද්ද මේ කියන්න යන්නේ කියල ........
ReplyDeleteලඟදි දිල් අක්කා පෙලවහක් වත් කරගන්න යනවද ?
දිල්මෝනගෙ වාසනාව
ReplyDeleteමන් නම් නිතර කරන දෙයක් ඕක, ලොකු අවුලක් නැහැ ආයි පටන් ගන්න පුලුවන් අලුත් ගැම්මක් එක්ක :-D
ReplyDeleteපැලේ හොඳින් බලාගන්න...
ReplyDeleteඔය පරිසරයත් උදව් වේවි නේද නගේ...?
අතුපතර විහිදුනු ගහක් වුණු දවසට...
යන එන අයට විඩාවට ගිමන් නිවන්න...
මිස් නුවර ආවද? දැන්නෙ දැනගතතෙ. රැකියාවක් හොයාගන්න පුලුවනි. උත්සාහ කරමු.. ඕනතරම් international schools තියෙනවා දැන් නුවර.
ReplyDeleteහ්ම්ම්.. ගෙදර ඉන්නකොට තියෙන නිදහස තේරෙන්නේ වැඩට ගියාම තමා...අක්කා ගෙදර යනකොට මමනම් ජෝබකට යන්න ලැස්ති වෙනවා... හැමදෙයක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..... :)
ReplyDelete"උදේට හිමිදිරි පින්නයි මීදුමයි අස්සෙන් ගස් වල අතු ඉති මත ලේන්නු කඩා ගෙන බිඳගෙන අල්ලන සෙල්ලන් කරනව බල බල සෙටියෙ කකුල් උඩට අරන් උදේ තේ එක බිබී නිදා වැටෙන කාලෙ ආයෙ එන්න යනවා..."
ReplyDeleteමේක කොහොම ද කරන්නේ............. :D
ප.ලි - කොළොම්බෝ ජීවිතේ කොහොම ද කියලා දැං දැං මටත් මීටැර් වේගෙන එන්නේ... :D
ලිශ්
ReplyDeleteඋඹ දන්නවා මම කියන දේ ගැන... මම ඒක දන්නවා.... දිවුවා ඇති වගේ ලිශ්.... මහන්සියි දැන්.... ඒ නිසා කන්ද නගින වේගෙ අඩාල කරන්න හිතුව ලිශ්.... වීදුරුව පිරිලා... ඒත් ඉහිරෙන්න නොදී රැකෙන්න ඕනෙ නිසා , හෙමීට ගමන යන්න හිතුවා... මම හිතන්නෙ ඒල හරි තීරනයක්....
සුදු හංසි නගා...
නගා ඔයා හරියටම හරි..... ගෙදර කියන්නෙ දිව්‍ය ලෝකෙ.... අනිවා... මගෙම දෙයක් පටන් ගත්තු දාක මහන්සියෙන් වැඩ කරන හන්සි නගාට අනිවා මගෙ ගාව රස්සාවක් තියනවා.. තාම මම බොහොම පොඩි එකියෙක් නිසා ඒකට කල් යාවි. ඒත් මේ වචනෙ මම හැමදාම මතක තියා ගන්නවා... නගා කිව්ව මේ වාක්‍යය නම් හරියට හිතට වැදුනා...
"පෝසත් වෙන්න තියෙන මාර්ග අඩු උනත් ගෙදර ඉඳන් කරන පුංචි දේත් හරියටම හරියනවා " මේක නම් හරියටම හරි නගේ... ඇත්තම ඇත්ත.. නගා ඔයාටත් මගෙ සුබ පැතුම් , හොඳම දේ හොඳම විදියටම ඉශ්ට වේවා නගාට :-)
රොකී මල්ලි
ReplyDeleteඅපෝ නැ කොල්ලෝ.... ඒවා කොයි අනාගතේද ?? :-) මම මේ රස්සාවට ආයිබෝන් කියලා ගම් පලාතට ආව නෙව පදින්චියට :-)
මකර මල්ලි...
අනිවා අනිවා.. මන් වාසනාවන්තයි... ඉරිසියයි නේද ? :-)
මරෙ අයියා
ReplyDeleteඔව්... මුලදි හිතට බය හිතුනා.. අවදානමක්නේ.. ඒත් අර කලින් ඒවයෙ එල්ලිලා උන්න නම් ඉතින් සදහටම රස්සා කර කර නොසැනසීමෙන් ඉඳීවි.. දැන් දැනෙන නිදහස කියල වැඩක් නැ... උපරිමයි.... කාලය ඉතුරු ටික විසඳාවි...
තිස්ස අයියා
අනිවාර්යෙන්ම ... අයියේ... පරිසරය මේ පැලේ හේබා නොදී ආයෙමත් රැකගනීවි.... පැලෙ අලොකු වෙද්දිම, ගහක් වෙන්නට පලමුවම පොඩි කූබින්ට හරි හෙවන දේවි.... ඒ ගමන නැවතුනෙ නෑ අයියේ....
රොශාන්...
ඔව් ආවනේ.... දැන් නුවර. රස්සාවට ආයිබෝන් කිව්වා... සමහර දේවල් වලට මගෙ හවුල නැතිව තනිව ගෙනියන්න දැන් හැකි නිසා , මට ආයිබෝන් කිව්වා ඒවා...
මට රස්සා නැති වෙන ප්‍රශ්නෙයක් නැ රොශාන්... ඉන්ටනැශනල් ඉස්කෝල හොයන්නෙ නෑ මම... මම ආසයි ලියන්න....
හසී නගා
සුබ පැතුම් නගෝ... හැමදේම ඔයාටත් ඉතා යහපත්ව සිද්ද වේවා....
සෝලෝ
ReplyDeleteආ ඒ මෙහෙමනේ...
අපෙ ගෙයි එක බිත්තියක් තනිකර වීදුරු.. උදේට එතනින් එලිය පේනවා.. එතන පුටුවට වෙලා මම තේ බිබී නිදි කිරනවා....
අල්ලා ගන්නා තරමට වේදනාව වැඩි වීමත්..අත හරිනා තරමට එය අඩු වීමත් සදාකාලික සත්‍යයයි...
ReplyDeleteහුස්මක් ගන්න ලැබුනාට සතුටු වෙයං නංගියේ... ආයේ දුවන්න තියෙනවානේ..ඒත් හැමදාම දුවන අතරේ නැවතීමේ ඇති සුන්දරකමත් නිතර සිහියේ තියා ගන්න අන්න එතකොට "ජීවිතේ මල්"
හෙඩ් ලයිට් ඔෆ් කරන්න. ෆ්‍රොග් ලයිට් දාගෙන යන්න.
ReplyDeletehttp://maiyyagelokaya.blogspot.com/2010/12/blog-post.html
අළුත් ජීවිතේට සුභ පැතුම්! ඔයා වෙනුවෙන් පුංචි සතුටක් හිතේ උපන්නා. තව මාසෙකින් දෙකකින් මාත් ඔය බෝට්ටුවට නගිනවා. ඒත් හිතේ දෙගිඩියාව. මං ගන්නේ හරි තීරණයද කියන දෙගිඩියාව..මට දැන් තියෙන්නේ කවුරු හරි “ඔයා රස්සාවට යන්න ඕනා නෑ, ගෙදර ඉන්න“ කියන පමාව විතරයි..
ReplyDeleteමේ සටහන කියෙව්වාහම ඔයා විඳින සැනසීම මට නිකන් දැනෙනවා දැනෙනවා වගේ. මටත් ඉක්මනින්ම ඒ සැනසීම විඳින්න ඇත්නම්!
මටත් ඔය තීරණේ ගන්න කීප පාරක්ම හිතිලා තියෙනවා. හැමදේම දමලා ගහලා ඇවිත් ආයෙත් මගෙ පුංචි කාමරේ ඉඳන් ජීවිතේ පටන් ගන්න තියෙනවා නම් කියලා හිතෙනවා. බෝඩිං කාමර වලට ගෙව ගෙව මෙලෝ රහක් නැති කෑම කඩ පෝසත් කර කර මොන එහෙකට මේ ජීවිතේ අරගෙන යනවද කියලා හිතුනත් ආපහු අවධානමක් අරගෙන ජීවිතේ මුල ඉඳන් පටන් ගන්න බයයි. මගේ බෝඩිං ජීවිතේටත් අවුරුදු හතකට වැඩියි.
ReplyDeleteමාරයා අයියා..
ReplyDeleteඔයා හරියටම හරි... මම ඒ නිදහස් සැනසිල්ලේ රසය විඳින්න පටන් ගත්තා ඔන්න අද ඉඳන්.... ඇත්තයි... සැරින් සැරේ හිතට එනවා , අඩේ රස්සාව ?? කියලා. ඒත් ඊට පස්සෙ ඉක්මනටම හිතට එනවා කරන්න ඉතුරු වෙලා තියන දාහකුත් දේවල්... ලන්කාව වටේ අහිකුණ්ටිකයෙක් වගෙ ඇවිදින්න මම දකින හීන....ගිය එක්සිබිශන් එකෙන් මිලට අරන් තාම හෙමීට කියවපු පොත් 3 ක් ඇති , 25ක්වූ අතින් වත් නැල්ලූ පොත් ටික කියවන්න... පොත් ලියන්න හිතේ පොදි ගහන් ඉන්න බලාපොරොත්තු.... වස්තු බීජ.... බලන්න තියාගෙන ඉන්න 47ක් වූ අසීරුවෙන් පරෙස්සමෙන් තෝරාගෙන ආ ෆිල්ම් ලොට් එක.... ආ ඒ ඔක්කොටම කලින් මාස්ටර්ස් එකෙ තීසිස් එක... අවුරුදු ගනනාවක් අත්හැරුනු යාලු මිත්‍රකම්.... අලුත් කෑම හද හද බලන්න.... කීයක්ද... ? :-)
ජීවිතේ සුන්දරයි අයියා... හැමදාමත් මල්... ගල් මුල් වැහි වහිද්දිත් 'අනේ කවුද ඕවට සැලෙන්නෙ බන්' කිය කිය මම හිනා වුනා... ඉතින් එහෙම බැලුවම මේ ඉතින් තවුතිසාවම තමයි.... :-)
මයියා..
ඔව් ..... අඩාල වූ වේගය මට ලොකු ගැම්මක් දෙනවා ජීවිතේ දිහා අලුතෙන් බලන්න..... දැන් මම නිදහස් ගොවියෙක්.. :-)
ෆා නගා...
ඔව් නංගී... මේ සැනසීම නම් කියල වැඩක් නෑ.... මේ සැනසීම ජීවිතේ සැහෙන නිවීමකට ලක් කරනවා.... ඒ නිවීම මට උවමනා වෙලා තිබුනා.. මම දිවුවා... මට වඩා අනුන්ගේ උවමනාවට... ඒත් මගෙ වාසනාවට මගෙ අම්මයි තාත්තයි, මම නවතින්න ඕනා කියන පරක්කුව විතරයි, එක පයින් කිව්වා... 'අන්න හරි... ඔය දිවිල්ල නවත්තපන්...දුවන අයට දුවන්න කියපන්.... උඹ අයින් වෙයන්... අපි තාම ඉන්නවා කන්න අඳින්න දෙන්න... ' කියලා... නගා ගෙදර නවතින්න ඔයාගෙ හීනය එලෙසින්ම ඉශ්ට වේවා.. හැබැයි නිකම් ඉන්න එපා.. තමුන්ගෙම පොඩි දෙයක් කරන්න... හෙමීට.... දුවන්නෙ නැතුව....තමුන් හෙමීට තමුන්ගෙ දෙයක් කරන්න... ජය වේවා ඔයාටත් නගේ...
මට දිරි දෙන්න කොමෙන්‍ටු ලිව්ව හැමෝටම...
මගේ ඉස්කෝලෙ , හොඳින් නෙමෙයි නරකින් , හිත් අමනාප කරලා , අවුරුදු 10-12 වැඩ කල ටීචර්ලව පස්ස දොරෙන් ගෙදර යවපු ඉස්කෝලෙයක්... හේතුව ඒ ටීචර්ලගෙම අමන හැසිරීම... ඒවයෙ විපාක අපිත් විඳිනවා ... ඒත් මට හරිම සතුටුයි... එහෙවු තැනෙන් මම සමු අරන් ආවෙ හැමෝගෙම හොඳ හිත දිනාගෙන.... ඉහලම තැනට පවා ඉතා හොඳ හමුවීමකින් ස්තූති කරලා... අන්න ඒකයි ජීවිතේ මල්ගෙ ලොකුම ජයග්‍රහණය...අදටත් මට මගේ ගෙදර වගේ ආයෙමත් එතෙන්ට යන්න පුලුවන් මගෙ යාලුවන්ව බලල එන්න.... ඒ නිසා ජීවිතේ මල් පැරදුනේ නෑ.... ස්තූතියි යාලුවනේ....
පිණි බිඳු
ReplyDeleteහිතට හිතෙන හරිම දේ කරන්න යාලුවේ... ඒක තමයි හොඳම දේ ඔයා වෙනුවෙන්.... මට මේ තීරණේ ගන්න ලොකු හේතු ගොඩක් තිබුනා... හෑමදේම මම හිතෙන් කිරල මෑනල බෑලුවා... ලියල බෑලුවා.. ලෑබෙන දේ සහ අහිමි වෙන දේ... තේරෙන උදවියගෙන් අහල බෑලුවා... මේක එකපාර ගත්තු තීරණයක් නොවෙයි... මාස 6ක් තිස්සෙ කල්පනා කරලා හෙමීට ගත්තු දෑඩි තීරණයක්.... සෑලසුමකට ගිය තීරනයක්... ඉස්කෝලෙට පවා මාස 3ක් නෝටිස් දීලා ගෙදර ආවේ.. හෑමෝම පුදුම වෙනවා මම රස්සාවක් අලුතෙන් හොයන්නෙවත් නෑතුව ඈයි මෙහෙම තීරනේකට ආවෙ කියලා... ඒත් ජීවත් වෙනව කියන්නෙ රස්සා කරනවට නෙමෙයි. තමුන් පහුවෙලා හරි තමුන්ට හොඳම වෘත්තිය සොයා යන්න ඕනේ.... ඒකට අවුරුදු 90 වුනත් කමක් නෑ මග වෙනස් කරන්න පරක්කු නෑ...
WE GOT PLENTY OF TIME TO LIVE.. LIVE TODAY WITH SATISFACTION.. IF NOT.. FIND THE WAY THAT SATISFIES YOUR SOUL... WE ARE NEVER LATE FOR ANYTHING... LIFE CAN WAIT !!!!!
max post & max cmnts
ReplyDeletePrasanna86k
මම අහන්නේ ඒක නෙවෙයි ජිල් අක්කේ... සෙටියේ කකුල් උඩට ගන්නේ කොහොමද කියලා.. ඔයා උදේ පාන්දර පුටු සෙටිය අනිත් පැත්ත ගහනව ද.. :D
ReplyDeleteඅම්මප සෝරෝ..මේ කෙලී උදේට උදේට නටන නාඩගම මොකක්දෑ..:D
ReplyDeleteඇඳත් අනෙක් පැත්ත ගහලද නිදියන්නෙ දන්නෙ නෑ.
ReplyDeleteඅපිටනම් ඉතින් කවදාවත් රස්සාවක් නොකර නිදහසේ ඉන්න ලැබෙන එකක් නෑ මරණයෙන් මෙහා.
ඉතින් අලුත් සතුටට සුබ පැතුම්
බාබායිගා යකින්නගෙ නෑදෑයෙක්දෑ මන්දා... ඔහොම සෙටි, ඇඳවල් අනෙක් පැත්ත හරවා ඉන්නේ....!!!
ReplyDeleteහපොයි තිස්ස අයියේ එහෙමවත්දෑ..?
ReplyDeleteප්‍රසන්න
ReplyDeleteස්තූතියි..... හිත ආයෙමත් පණ ගහලා ආවා.. මේ පෝස්ට් එකයි කොමෙන්ට්ස් ටිකයි නිසා....
සෝලෝ.. අයෝ නැ අනේ... සෙටිය හොඳ අතට.. මගෙ කකුල් සෙටිය උඩ... ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්. :-)
මාරයියේ.... ඔය සෝලෝට පිස්සු :-)
අවුට්සයිඩර්.. මාත් මේ පෙරුම් පුරලයි අවස්තාව පාද ගත්තේ :-)
තිස්ස අයියා... මක් කිව්වා... කවුද ඒ???? :-)
මෙන්න තිස්ස අයියේ මෙයා බාබායිගා යකින්න දන්නෙ නැහැළු..?
ReplyDeleteඇයි හත් දෙයියනේ අර ලස්සන වසිලිස්සා පොතේ ඉන්නේ..උන්දැගෙ වැඩෙත් ඔය අනන් මනන් පෙරළ පෙරළ ඉන්න එක තමා..:D
කතාව කියවලා හොඳ කමෙන්ට් එකක් දාන්න හිතං පහලට කරනකොට පහළ කෙමෙන්ට්ස් ටික දැක්කාම ලියන්න ගිය එක අමතක වුනා :D
ReplyDeleteඅපේ ජීවිතේම මහ දිග රස්තියාදුවක් කියලා මම ඕන තරම් කියලා තියෙනවනේ දිලී. හය අවුරුද්දක් ගතකරපු ජීවිතේ අතැරලා ආවා කියලා හිතනවට වඩා හොඳයි හය අවුරුද්දක අමතක නොවෙන අත්දැකීම් ජීවිතේට එකතු කරගෙන පැරණි ජීවිතයක් අළුත් විදියට පටන්ගත්තා කියලා හිතන එක. මම කියන දේ වැරදි නැහැ නේ...
ReplyDeleteමේ පැදිපෙළට ඔයා එකතු කරලා තියෙන විග්‍රහයට මම බොහොම කැමතියි. ජීවිතේ කියන්නේ ඕනවටත් වඩා වටින දෙයක්. ජීවිතේට අපිව ඇද බැඳ තියෙන ශක්තිමත්ම හුය වෙන්නේ ජීවිතය කියන රංගයේ අපේ භූමිකාව තේරුම් ගැනීමයි මම හිතන්නේ... හැඟීම්බර පෝස්ට් එකක්...
මාරයා අයියා..... හලේ... මන් එහෙවු පෙරලිල්ලක් කරන්නෙ නෑ නෙව... :-)
ReplyDeleteපූස් මල්ලි : ඒක නෙවෙන්නම්... :-)
පෑතුම්:
ඔව් .ජීව්තේ මහ දිගම දිග රස්තියාදුවක්... නෑ මම අසුබවාදී නෑ... මට ජීවිතේ අලුත්තෙන් පේනවා, දකිනවා..... ජීවිතේ මහ පුදුමයි.....