රෑ 12.15යි වෙලාව...
වෙලාව රෑ 12යි.... වෙනදට ඇහෙන ලොරි සද්දෙ, ගාලු පාරෙ බස් සද්දෙ, එහෙන් මෙහෙන් ගල්කිස්ස වෙරල තීරෙන් එන මල් වෙඩි සද්දෙ... ඒ මොකුත්ම නැහැ. ඒ වෙනුවට , හොඳට කණ දීල උන්නොත් , හෝ ගාල එන ගඟේ සද්දෙයි , රෑසි සද්දෙයි මිසක්කා... වෙන මොකුත්ම නැහැ. හිත මොකක්දෝ වේගෙන ගිහින් පාලුවෙන් බර වෙනවා.... ආයෙමත් සීතල වාතයෙන් පිරෙනවා....
ගෙදරම නිදි... ඒ කියන්නෙ මගෙ ලෝකෙම නිදි.... කැස්සක් ආවත් කහින්නත් බයයි... අල්ලපු ගෙදෙට්ටත් ඇහේවි ඒ සද්දෙ....
හුලන් සද්දෙ වෑඩි වුනා... වීදුරු දොරේ සිදුරු අස්සෙන් ගෙට රිංගන්න හදන හුලඟ බය හිතෙන රූං සද්දෙකුත් එක්ක පොර බදනවා... ඒ ඇරෙන්න වෙන මොකුත්ම නැහැ....
හිස්කමද ? හුදෙකලාවද ? තනියද ?
ඒ සිතුවිල්ලෙ මම අතරමං වෙලා..... ගොඩක් දේවල් එක පාර හිතෙන එක නෑවතිලා... ඒ වෙනුවට එක පාර එක දෙයක් විතරක්...... කොච්චර හොඳඳ? මට ඕනෙ වුනෙත් මේක...
ජීවිතේ නැවතිලා.. දුවන එක නැවතිලා... ඒකයි මට ඕනෙ වුනේ... මම දිවුවා දිවුවා... මහන්සියි... දැන් පේන්න ඕනෙ දේ පේනවා....
තනියක් කොහිද ? හුදෙකලාවේ බ්‍රහ්මාස්වාදය විඳිනු මිසක.. ලෝකයම මා වට කොට ගෙන සිටින විටක පවා , ආදරනීයයන්ගෙන් හදවත පිරීතිරී ඇති විටෙක පවා, හුදෙකලාව මට නිදහස සහ නිස්කලංක මනසට හුස්ම දෙනු ඇත.....
පෙර දාක මම ලිව්වා මෙහෙම... මතකද ??? (ඔන්න බලන්න ලිපිය)
මට ඕනෑ නවතින්න
කැබැලි වුන හිත් බඳුන
විසිරි ගිය කැබැලිති
එකින් එක ඇහිඳින්න....
ඇහිඳ ගත් හිත් කැබැලි
ගලපන්න මුල මැද
ටිකෙන් ටික
එකිනෙකට අලවන්න...
සුලඟකට සැලෙන්නැති
අසණියට බිඳෙන්නැති
කුටුම්බය සිරස මත
කිරුලක්ව පලඳන්න....
මට ඕනෑ නවතින්න
දිවිල්ලට සමුදෙන්න
ජීවිතය දැක ගන්න...
ජීවිතය විඳ ගන්න....
ඔන්න අද මම නැවතිලා... මේක ලිව්වෙ මම 2010 මාර්තුවේ... අද වෙනතුරු මම ඕනෙ ඕනෙ කිය කිය ඈඬුවට, කලේම දුවන එක... පා රිදුනා.... වෙහෙසින් නතර වෙලා ටික කලක් උන්නා... ඒත් ආයෙමත් කවුදෝ මාව තල්ලු කලා.. මම ඔහේ වැටි වැටි දිවුවා.... අද .... මම නැවතිලා... මම දිනුම්....
රට වටේ ඇවිදින්න යන්න.... එකතු කරගත්තු පොත් ගොඩ කියවන්න.... හිතේ තියන් වස්තු බීජ වලින් කතා ලියන්න..... කවි ලියන්න..... හවහට ගඟ බලන්න යන්න..... ෆිල්ම් බලන්න... හෙට ගැන හිත හිතා වද වෙච්චි කාලෙට සමු දීලා අද ගැන හිතන්න ගන්න....
අද මම මෙහෙම ලියනවා....
ඇත්තයි...
හීන බැලුවා මම
නවතින්න.....
හීනෙකට වඩා දිගු
ජීවිතේ එක් තැනක හිඳ
කාලයත් සමග
හෙමි හෙමින් ඇවිදින්න....
ජීවිතේ දිගයි...
මා ගිමන් නිවා එන තුරු
ජීවිතේ ඉඳීවි
තොටුපලෙහි උඩුබැලිව
තරු ගණින්නට හදපු හිත එක්ක
හඳ බලාගෙන...
අපි ගොඩක් වෙලාවට ආසයි ජීවිතේ දිනන්න.ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ දිනන එක නෙමේ වැටෙන එක. ඒ නිසා වැටි වැටි හරි දිනනකම් දුවමු !!!
ReplyDeleteඔට්ටුද ????
නවතින්න එපා... හෙමින් හෙමින් හරි ඇවිදපන්... නැත්නම් එක තැන මුල් අදිනවා....
ReplyDeleteහරි සෝක්...
ReplyDeleteදුවල දුවල එපා වෙලා පොඩ්ඩක් නැවතුනාම හිතට හරි නිදහස් නේද? ඒත් නැවතිලාම ඉන්න එපා. මහන්සි ඇරල ආයෙත් ගමන පටන් ගන්න. හැබැයි කලින් වගේ දුවන්න නෙමෙයි. හෙමින් ගමන යන්න, හති වැටෙන්නෙ නැති ගානට. මොකද එක තැනක නැවතිලා ඉන්නව කියන්නෙත් ජීවිතේ නෙමෙයි.
ReplyDeleteමීට අවුරුදු එක හමාරකට විතර කලින් මට මුන ගැහුන ඔයා තාමත් ජිවිතේ ගැන කියන පාඩම් මගේ ජිවිතේට ලොකු ශක්තියක් වෙලා... ඔයා නවතින්න නම් එපා අක්කෝ... ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්
ReplyDeleteජය
ඕක නැවතීමක් නෙවෙයි. වෙනත් ඇරඹුමක්.
ReplyDeleteඅර කිව්ව හුදකලාවට පාළුවට ආසාවක් ඇති උනා
ReplyDeleteSome things go away to give way for many more new things. Last's give way for so many first's. End of the day, ups and downs of the things faced makes the life.
ReplyDeleteජීවිත ගමනේ විටින් විට ළඟාවන නවාතැන්පලවල් වල නැවතී වෙහෙස නිවාගෙන නැවත ගමන අරඔමු මිස්..
ReplyDeleteමාත් ගෙදර ආවෙ ඔයා වගේම ඔහොමම හිතල...දැන් මාස දෙකක්...පොත් කියෙව්වා..ෆිල්ම්ස් බැලුව..ගඟේ නාන්න ගියා...දැන් නම් හිතෙනව ආයෙමත් ''දුවන්න ඕනෙ'' කියල......ඇත්ත තමා අනුරාධ අයිය කියන්නෙ මෙහෙම උන්නොත් නම් ''මුල් අදිනව''.......හික්ස්...!!
ReplyDeleteඅපේ හිතේ හැටි නේද අක්කේ? දෙයක් දැක්කම හරි ඕන වුනාම හරි ඒක ගන්නකම් පස්සෙන් දුවනවා. මහන්සි වෙනවා. හැබැයි ලබා ගත්තට පස්සෙ හිතෙනව මේ මොක්කද කියලා. හැමදේටම නොවුනත් ගොඩක් දේවල් වල ඇත්ත කතාව මේක නේද?
ReplyDeleteසතුටුයි....
ReplyDeleteදුවල දුවල හති වැටිල හිටියත් නවතින්න කොහෙත්ම බැරුව ඉන්න මාත් එක්ක බැලුවම ඔයා වාසනාවන්තයි...
සිතුවිලි වලට, හිර කරන් හිටපු ආසාවල් වලට ඔහේ පියබන්න දෙන්න...
මධුරංග මල්ලි ..මට නම් දැන් දුවන්න බැහැ. එක ලේ තියන මිනිස්සුනුත් මාව වැටි වැටි දුවන්න පොලඹලා කලේ මගෙ මහන්සිය උරා ගත්ත එක විතරයි.. දැන් ඇති මල්ලි.... ඒ නිසා මම නැවතුනා....
ReplyDeleteඅනුරාධ මල්ලි : ඇවිදින්න කලින් මේ දිවිල්ල නතර වෙන්න ඕනෙ පුතා... මම දන්නවා උඹ කැමති නෑ මම නුවර නවතින්න ආ තීරනේට... ඒත් කාලෙට ඉඩ දීලා බලමු... හොඳම දේ වෙයි... හිතට හිතෙද්දි හරි යන්නෙ නෑ කියලා, මම මෝඩ තීරණ ගත්තා... දැ හිතට හිතෙද්දි මේක හරිම හොඳම දේ කියලා ඒ සිද්ද වෙන දේ මම වලක්වන්නෙ නෑ....
ඉන්දි : සෝක් තමයි :-)
කසුන්... ඕ ගමන හෙමින් පටන් ගන්නවා... ඒත් දැනට නවතින්න හිතුවා මල්ලි....
දේවා :: ලෝකෙ , ජීවිතේ හරි අමුතුයි නේද... ??? සමහරුන්ව අහම්බෙන් මුන ගැහෙනවා... තරහ උනත් තරහ වෙන්නෙ නෑ... පුදුමයි නේද.... ස්තූතියි මල්ලි
අවුට්සයිඩර් : වෙන්න පුලුවන්.. මාත් හිතන්නෙ එහෙමයි.....
පිස්සා : අනිආර්යෙන්.... හිත කුරුලු පිහාට්ටක් වගෙ වෙලා.... පුදුමයි....
හසන්ත : yes i had such a happening life..poeple took best out of me, cleared the path and threw me as garbage .... blood relations.... but am not sad anymore.... because i have me... the powerful me.... with so many strengths.... am not a looser to hold others hand and finally cut it when i can manage my self..im more than that... so am a head straight individual all time ...thanks :-)
රොශාන්
ඔව්.. අනිවාර්යෙන්..ලෝකය හරිම ලොකු තැනක්... මම වැටෙන්නෙ නෑ පුතා... :-)
නෙතාරා....
මුල් ඇද්දත් මට නම් දැන් කමක් නැ නගා... ඒ තරම් මාන්සියි.. මිනිස්සු මගෙ රීරි මාන්ස උරා බීපු වේගෙට....
චන්දික....
ඔව් මල්ලි.... ඒත් සමහර වෙලාවට මිනිස්සු දුවන්නෙ තමුන්ට ඕනෙ නිසා නෙමෙයි.. අනුන් වෙනුවෙන්.... ඒත් හති වැටිලා අපි දුර්වල වෙද්දි අපිව පොල් කුඩු වගෙ විසි කරනවා.. ඒත් විසි වීමෙන් මට ලැබුන සැනසීම නම් අප්‍රමානයි...
ඒන්ජල්
අනිවාර්යෙන්... මම දැන් නිදහස් ගොවියෙක් :-)
හිතට ඉඩ දෙන එකත් එක අතකට සැනසිමක් නේද අක්කේ..ඔයා වගේම මමත් නැවතිලා..නැවතුනාටත් වඩා යන්න ඔනේ කියලා හිතපු කෙලින් පාරේන් මම හැරුනා..දැන් මේ ගමනේ වංගු තියෙනවා..පාර පටුයි..එත් හිත සැහැල්ලුයි..හිතේ සැනසිම තියන් මට මේ වංගු පාරේ පටු බාධක තියෙන පාරේ යන්න පුලුවන් වෙවි බයක් නැතුවම..
ReplyDeleteනවතින්න... ඇත්තටම එහෙම පුළුවන් නම්..... මාත් ආසයි නවතින්න.... ඒත් නොදැනීම ගමන් කරනව. නොනවතින මහා දිග ගමනක්, ඒත් නැවතුනා කියල හිතට මොහොතකට හරි හිතෙනකොට දැනෙනෙ සැහැල්ලුවට අලගු තියන්න කිසිම දෙයක් නෑ.
ReplyDeleteනිම්ශා නගා.... ඔව් පුදුම සෑනසීමක් නගේ..... බය වෙන්න එපා... හරි මග යන අපිට වරදින්නෙ නෑ....
ReplyDeleteනවම් මාවත..... ඔව්.... ගමන් කලාට දුවන්නෙ නෑතුව ඉන්න හෑකි නම් , නෑවතුනා වගෙ නෙවෙයිද??