Tuesday, October 19, 2010

[117] ලැජ්ජාවේ බැරි , මගේ සිංහල කොම්පීතරය සහ අන්තර්ජාලය..!


ලංකාව ඈතුලෙ ඉන්ගිරිසියට තියන බිය නිසා මේ කොම්පියුටරේ තවම අමුතු යකෙක් වෙලා. ඒ බිය මේ වගේ සිංහල සපෝට් කරන මාධ්‍යය නිසා හෙමි හෙමින් අඩු වෙනවා. සින්ගිරිසි, සින්හල බ්ලොග්, සින්හල වෙබ් සයිට්, සින්හල බස්, සින්හල චෑට් මේ වගේ ප්‍රවණතාවන් තව තව අපි ඉස්සරහට ගන්න ඕනේ.... මේක ඉන්ගිරිසියට බියේ කොම්පියුටරයට ටටා කියපු යුගයෙන් මිදුනු වේගව්ත් සංස්කෘතියක්. හරිම සතුටු හිතෙන දෙයක්..


මේ වගේ අපේ භාශාවෙන් දේවල් ඉස්සරහට එනකොට (ඉස්සර අපේදේකට තිබ්බෙ විජේසේකර කීබෝඩ් එකයි ෆොන්ට් ටිකයි විතරනෙ) ඔය ඉන්ගිරිසි භාෂාවෙ තියන ඒකාධිකාරය නෑත්තටම නෑති වෙලා යනව. ජපානෙ වගෙ. සිංහලෙන් හෑම දේම සන්නිවේදනය කරන්න අපි හුරු වෙයි ඉක්මනට.


කොටින්ම උදාහරණයක් කියන්නම්. රාජකාරි හෝ නොවෙන මොකක් හෝ ලිපියක් ඉන්ගිරිසියෙන් ඔලුවෙ වෙහෙසලා කෘතිමව ටයිප් කරනවට වඩා දන්න හොඳ සිංහලෙන් ලියන්න අපිට පහසුකම්වල අඩුවක් තිබ්බා. ෆොන්ට් නෑ. කීස් දන්නෙ නෑ. ඒව මතක නෑ.ඉතින් අපි තියන බැරි ඉන්ගිරිසිය එක්ක හරඹ කලා.ඒත් දැන් ? උවමනා තරම් ඔප්ෂන්ස්!! 

වෑඩි උදාහරණ ඕනෙ නෑ. මම සිංහල වලින් මුකුත්ම නොලියා අවුරුදු 10 උන්නා. හේතුව පල කරන්න තියන මාධ්‍යය එක්ක ටච් එකේ ඉන්න එක කරදරයි (උදා: පත්තර) ලියන දේ මිනිස්සු අතරට යන්න කල් යනවා. ටයිප් සෙට් කරනන් වෙලා යනවා. ෆොන්ට් නෑ. තියන ඒව ඉක්මනට ඉගෙන ගන්න බෑ. පල කරන්න තැන් නෑ. පල කලත් කියවන අය නෑ. ඔය වගේ හේතු. ඒත් 2010 ජනවාරියෙ අහම්බෙන් සිංහල බ්ලොග් ඇස ගැටුනම මට පස්වනක් ප්‍රීතියක් දැනුනෙ. මෙන්න හොඳම වෙලාව ! ආයෙත් ලියන එක මුවහත් කරන්න ! අවස්ථාව ආවා. පල කලා. කියවන සහෘදයින් පිරිසක් බ්ලොග් වටා ඉන්නවා.


දැන් දැනුම බෙදන්න ක්‍රම තියනවා. මූනු පොතේ, ඊමේල් , ගූගල් බස්, ට්විටරය ,ඒ හැම එකකටම අපි කොන්ද කෙලින් තියන් සිංහල අකුරු වලින් අපේ දේවල් හුවමාරු කරන්න පටන් අරන්! කිසි කෙනෙක් කිසිවකට ලැජ්ජ වෙන්නෙ නෑ මේ අකුරු ඉන්ගිරිසි තරම් හතරැස් නෑ කියල.


අන්ත පොෂ් යයි කියා ගත්ත ඉන්ටනැසනල් ඉස්කෝලෙ සිංහල බැරි බව මූනිච්චාවට සෝබනේට පෙන්නන, කට්ටිය ඉස්සරහ මම බය නැතුව සින්ගිරිසියෙන් මූනු පොතට , බස් එකට සිංහලෙන් ලියනව. ඔය කියන පොෂ් නෝනල මහත්තුරු ඔක්කොම හොරෙන් කියවන , එලිපිට 'අනේ අපෙ මැශින් එකේ සිංහල ෆොන්ට්ස් නෑ අනේ' කියල තොඳොල් වෙන අයව ගණන් නොගෙන මම සිංහලෙන් ලියනව. කොම්පියුටරේ සිංහල අකුරු මොනිටරේ පේද්දි මම හැන්ගෙන්නෙ නෑ. මට ඒක ආඩම්බරයක්. මම කොම්පියුටරය කියන්නෙ ඉන්ග්ලිශ් වලින් විතරක් වැඩ කරන්න මවපු එකක් කියල කියා ගන්න උදවියට සින්හලෙන් මේකෙ වැඩ කරන හැටි කියල දෙනව මම .


මම... පුලුවන් හැමවෙලාවෙම තාක්ෂණේ සිංහලෙන්ම යොදා ගෙන, අවශ්‍ය හෙවත් අත්‍යාවශ්‍ය මොහොතකට විතරක් ඉන්ගිරිසිය පාවිච්චි කරන , ඉන්ගිරිසිය අවශ්‍ය අවස්ථාවට කිසි සේත්ම සිංහල කවලම් නොකරන, ඒත් යාලු මිතුරන් ඉස්සරහ දෙකම කවලමේ හෝ එකකින් අමු අමුවේම උනත් නිදහසේ කතා කරන , අන්තිම අමුම අමු සිංහල කම පිටින් පෙනෙන්නට නොබේරෙන , ඒක හිතේ තියාගෙන එයින් උපරිම පල නෙලන, බටහිරම කරණය වෙච්ච ඉස්කෝලෙක රට්ටුන්ට ඕනෙ හැටියට නොව මට ඕනෙ හැටියට තාක්ෂණය පාවිච්චි කරන සංකර කෙල්ලෙක් වෙච්ච එක ගැන මම අද ආඩම්බර වෙනව.


සිංහලෙන් වැඩ කරමු, පට්ට පොශ් කොම්පියුටරයක් පාවිච්චි කරමින්, රට තොටට ගැලපෙන්නට ජීවත් වෙමින්, අපිට සිංහලෙන් වැඩ කරන්නට ලැජ්ජාවක් නැති බව පෙන්නමු! ඒකෙන් අපිට වඩා මේ තාස්සන යකාට බය වෙලා තවම ලිඳ ඇතුලෙ ඉන්න එකෙක් දෙන්නෙක්වත් එලියට ඇවිත් රට තොට බලාවි.! ආහ්.. කවුද එන්නෙ ?


42 comments:

  1. තිස්ස දොඩන්ගොඩ අයියා ඈතුලු සහෘදයන් පිරිසක් ගූගල් බසයක ගෙන ගිය සන්වාදයකින් මේ සිතුවිලිබීජය හට ගැනුනි. ස්තූතියි

    ReplyDelete
  2. නියමයි. අපිත් ඉතින් දැන් වැඩිපුරම සිංහලෙන් තමා වැඩ :)

    ReplyDelete
  3. තැන නොතැන නොබලා හැම මගුලකටම බොරැ ඉංග්රීරසි, කවලම් සිංග්ලිෂ් ,නොදා තැනේ හැටියට ඇනේ ගහන්නේ නැතිව හිතේ හට ගන්නා ඕනාම සිතිවිල්ලක් වචනවලට හරවන්න අපේම කියලා භාෂාවක් තියෙද්දි අපි තව මොකටද කාගෙවත් භාෂෘවක් පස්සේ එල්ලිලා හති වට්ටා ගන්නේ නැද්ද? දැනට අවුරුදු කීහිපයකට ඉස්සෙල්ලා නම් ඉංග්රි සී දන්නෑ කීවහම ලජිජාවක් වගේ දෙයක් තිබුනත් වර්ථමාන යුනිකෝඩ් තාක්ෂණය හා සිංහල බ්ලෝග් වෙබ් අරවා මේවා සේරම නිසා ඉංග්රි සි පරයමින් ඇග තුල හැන්ගෙමින් තිබූ සිංහල නැවත මතුවෙන්න අරන්. දැන් හැමෝම වැඩ කරන්නේ සිංහලෙන්. දැන් පවතින ලැජ්ජා සහගත වන්නේ සිංහල ටයිපින් බැහැ ය කියන එක. පරිඝනකයක් ක්රි.යාත්මක කරවන්නෙකු සිංහල දන්නෑ කීවහොත් ඔහු හෝ ඇය ඇදුමක් නොදැද පරිඝනකයේ වැඩ කරන්නා වූ වැනි හැගීමක්, ලජ්ජාවක් සීතේ ඇති කර ගත යුතු යැයි මට සිතේ.

    ReplyDelete
  4. එල.. ලෝකයේ තියෙන් දැනුම කඩ්ඩේන් කියවලා ඔලුවට අරගේන..ඒක ලOකාවට හරියන ව්දිහට හරි හස්සලා..සිOහ්ලෙන් එලියට දාන්න ඕනා..( සමහර ලොක්කො නම් තමන් හොයා ගත්තා වගේ ලියනවා..ඒකට නම් මයියා කැමති නැ)

    ReplyDelete
  5. මම එනෝ............!!! නගාට ජය....!!

    ReplyDelete
  6. ඉංගිරිසියෙන් සිංහල උගන්නන සිංහල මවුබස වෙච්ච රටක මේ වගේ දෙයක් අහන්නත් සතුටුයි.

    ReplyDelete
  7. "කොම්පියුටරේ සිංහල අකුරු මොනිටරේ පේද්දි මම හැන්ගෙන්නෙ නෑ."

    තාමත් හැංගෙන අයනම් ඕනි තරම්.. "අනේ කොටු කොටුනේ" කිය කියා.......

    මූණුපොතේදී එහෙම කවුරු ඔය කොටු ගැන කීවත් ළමයත් සිංහලම තමා.................. නියමායි අක්කා. නියම ලිපියක්.

    ReplyDelete
  8. අපිත් එහෙමයි ජයඔබට ..

    ReplyDelete
  9. මමත් දැං හෙළුවෙන් මයි වැඩ... ;)

    එළ එළ ගූඩ් පෝස්ට්...!!

    ReplyDelete
  10. එල එල ජීවිතෙ මල් ඔහොම හිතන අය තව ඉන්නවනම්

    මාත් එනො..............
    අහ් මට සින්හලෙන් ලිවීමට කියා දුන් මාරයාට පින්

    ReplyDelete
  11. අපිත් එහෙම තමයි .........................

    ReplyDelete
  12. හප්පේ....ඇති යාන්තම්.....මට නම් ඔයා ලිව්ව හොඳම පෝස්ට් එක මේක.........අනුන්ගෙ භාෂා වලින් කතා කරලයි වැඩ කරලයි මට නම් එපා වෙලා දැන්......

    ReplyDelete
  13. ආදර කතාවට:- හ්ම්ම්..හ්ම්ම්....කාක්කෝ පාන් කති.....!!!!!!

    ReplyDelete
  14. අනේ ඉතින් බිල් ගොයියා සිංහල දෙන්න ගොඩාක් කාලෙකට කලින් නෙව අපි සිංහලෙන් ටයිප් කොරන්නෙ.... FOSS වලට ජය වේවා.. ඒ වගේම සිංහලකරණයට වෙහෙසෙන/වුනු භාවිතා කරන සැමටම ජය වේවා...

    ReplyDelete
  15. සුද්දන්නට නොතේරේන්න, එහෙම නැත්තන් සුද්දන්නට කොටු කොටු පෙනෙන්න සිංහලෙන් ලියන්න මම හරී කැමති.

    ReplyDelete
  16. @ nethara - කාක්ක කෝච්චියෙන්ද ගියේ?

    ReplyDelete
  17. සහතික ඇත්ත. ඔන්න ඉතින් දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් දැනගන්නයි කියන්නෙ. දැන් විජේසේකර කී බෝඩ් එකට පුරුදු වෙන්න අමතර වෙහෙසක් ගන්න ඕනෙ නෑ. දන්න සිංහල සිංග්ලිශ් වලින්ම ටයිප් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තියනවා. ඒකෙ නම Realtime Singlish. ඒකෙ version හුඟක් තියනවා. මට හම්බුන ලේසිම හොඳම version එක BETA 3 එක. පුලුවන්නම් හොයාගන්න. අන්තර්ජාලෙ ඒක තිබුනත් තියන හුඟක් ලින්ක් වැඩ කරන්නෙ නෑ. හොයන්න අමාරුයි. අනුන්ගෙ දෙයක් නිසා මට ඒක පල කරන්නත් බෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් පුද්ගලිකව ඉල්ලන්න. මම මේල් කරන්නම්. chamiyagegajamatic@gmail.com මේ මගෙ ඊ මේල් ලිපිනය.

    ReplyDelete
  18. නියම ලිපියක්.. සුභ පැතුම්!!!

    සිංහල ටයිප් කරන්න අමාරු අයට තමීරගෙන් උපකාරයක්.. http://singreesi.vndv.com/

    මේ අය ට්විටර් පැත්තෙත් එන්න...

    ReplyDelete
  19. ඕනෑම කෙනෙක් හිතන්නේ තම මවු භාෂාවෙන් කියල මම කොහෙදි හරි කියෙව්වා, ඒත් ඒක ලංකාවෙ සමහර අයට බලපානවද කියන එක ප්‍රශ්නයක්. බාධක මැද වුනත් සිංහලෙන් ලියන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන, ඒ හිතට එන දේ ඒ විදියටම ලියන්න පුළුවන් නිසා. රසවත් වගේම වැදගත් ලිපියක්.

    ReplyDelete
  20. නියම ලිපියක් කෙලින්ම ඇත්ත කතා කරල තියනවා. අපිත් දැන් කාලෙක ඉඳං සිංහලට බැහැල තමයි ඉන්නේ. හෙළ බසට ජයවේවා...
    /කුම්භකර්ණයා

    ReplyDelete
  21. නියමයි.. අපිත් ඉන්නව..

    ReplyDelete
  22. ආදර කතාව :
    ඔව් අපිත් දැන් බොහොමයක්ම් වැඩ සින්හලෙන් මල්ලි

    ගීත් මල්ලි:
    ඔව් ඒක හරි. ඒ ප්‍රවණතාව ගොඩක් හොඳයි. සින්හලෙන් කම්පියුටරේ වැඩ කරනන් දන්නවද කියන එක මෙහෙම යනකොට සුදුසුකමකුත් වේවි රස්සා වලටත්... එතනින් මේ භාශා ප්‍රශ්නයට හොඳ විකල්ප විසඳුමක් තියේවි.

    මයියා:
    ඔබ මතු කල කාරනාව ගොඩක් වටිනව.මේ ලෝක දැනුම් සම්භාරය සින්හලෙන් නැවත් එලියට දැමීමේ කාර්‍යභාරයට අපි අතගසන්නට කාලය්ය ඇවිත් තියෙනව.

    තිස්ස අයියා:
    ඔබ මතු කල සංවාදයෙනුයි මෙය මෙතෙක් දුර ගියේ. ගොඩක් ස්තූතියි.

    සිත්තරා:
    අනිවාර්‍යයෙන්ම. අපිට පුලුවන් මේ වෙනස ඇති කරන්න

    ලමයා:
    මේ කො‍ටු කො‍ටු කියන දේට චානක මල්ලි හොඳ උත්තරයක් ලියල තියනව. දැන් අපිට පුලුවනි සුද්දන්ට කොඋ කො‍ටු පෙනන්න :)

    සෝරෝ..
    ස්තූතියි :)

    නිශ්:
    අපි එහෙම හිතන අයව එකතු කරමු... එතන ලොකෙ දෙයක් කල හැකි ශක්තියක් ඒවි

    ළ්200
    අනිවාර්‍යයෙන්ම

    වැෆ් :
    අපිත් එහෙමයි :)

    නෙතාරා:
    අනුන්ගෙ භාශාවනුත් ඉගෙන ගනන් එක හොඳයි. ඒත් පුලුවන් හැමතැනදිම අපේ භාශාවට තැන දෙන එක ඊටත් වඩා හොඳයි නේද නන්ගි?

    කකා:
    ++++++++++ :)

    රොශාන්:
    අනිවාරයයෙන්ම මල්ලි. මේ සංස්කෘතිය අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. ලෝකෙට පෙන්වල දෙන්න ඕනේ.

    චානක මල්ලි:
    මේක හරි හොඳ අදහසක්.

    චමියා:
    ඔත්තුවට ගොඩාක් ස්තූතියි

    නවීන්:
    ස්තූතියි

    මිලන්ද
    ස්තූතියි අදහස් වලට

    කුම්භකර්න
    ස්තූතියි යාලුවේ

    කනි මල්ලියා
    ස්තූතියි

    ReplyDelete
  23. සියලුදෙනාටම :
    ඔබ හෑමදෙනාගේම මේ වටින අදහස් දිරිගෑන්වීම් නිසා ලිවිම කී පාරක් නතර කරන්නට ගියද එය කල නොහෑක.. ලිවීම තුල මා රඳවා ගෙන සිටින ඔබට පින්!

    ReplyDelete
  24. ඔන්න දැනුයි මේ පැත්තේ ආවේ. කොහේද මේ බස් එකක් නිසා කිසි වැඩක් කරන්න බෑනේ. ඒමදිවට සිංහලෙන්. ඉතිං අතාරින්නම බෑ.
    සිංහල භාෂාව තාක්‍ෂණය හා මේතරම් ඉක්මනින් පැතිරෙයි කියල නම් මමත් හිතුවේ නෑ. ඒකාලේ එක් එක ෆොන්ට්. එකකින් ටයිප් කරපු එකක් තව එකකින් පෙන්නන්නේ අමුතු විධියට. මේ යුනිකෝඩ් සම්මතය එක්ක තමා මේතරම් ඉක්මනින් සිංහල ව්‍යාප්ත උනේ. මේසඳහා සිංහල බ්ලොග්, පත්තර, චැට්, බස් තව කොච්චර දේ හේතු වෙන්න ඇතිද?
    මේවා ඉදිරියට ගෙනියන්න වෙන්නෙත් අපටම තමයි. ඒසඳහා මේ ගත් උත්සාහය හිතුවාට වඩා සාර්ථක බවක් මට පෙනෙනවා. තව දෙයක් මම කියන්න කැමතියි. අපේ ගොඩක් අය තාම ටයිප් කරන්නේ සිංග්‍රීසි වලින්. ඒකත් වෙනස් වෙලා විජේසේකර කීබෝඩ් එක පුරුදු වෙනවානම් මීටත් වඩා හොඳ බව මගේ අදහසයි.
    කෙසේ වෙතත් ඔබට ජය මේවා පෙන්වා දුන්නාට සොයුරිය....

    ReplyDelete
  25. එල කිරි එල කිරි. ඔහොම යං ඔහොම යං.

    ReplyDelete
  26. ප්‍රියන්ත අයියේ...
    ස්තූතියි වටිනා අදහස් වලට...
    ඔව් මේ යුනිකෝඩ් සම්මතය නිසා මේ හෑම ප්‍රවනතාවයක්ම වේගයෙන් සින්හලයින් අතරට ගියා. ඒකහරියටම හරි.
    අද මාත් එක්ක සින්ගිරිසියෙන් චෑට් කරන යාලුවන් එක්ක මම සින්ග්ලිශ් ඈඩ් ඔන් එකෙන් හොඳ සින්හලෙන් උත්තර යවනවා. ඒකෙන් මගෙන්ම තව කීදෙනෙක් මේ ගෑන දෑනගත්තද? අපිට පුලුවනි මේ ට්‍රෙන්ඩ් එක ගෙනියන්න අනිත් අය අතරට...
    ජයම වේවා!

    ඈනි
    ස්තූතියි

    ReplyDelete
  27. බෝම හොඳා....බෝම හොඳා.........

    ReplyDelete
  28. අපිට ආඩම්බර වෙන්න පුඵවන් තත්වයක් ඇත්තටම මේක..
    ඒත් මේ රටේ උදවිය ආඩම්බර වෙන්නෙ වැඩකට නැති බොරු ප්‍රලාප වලටයි.
    මේ සිංහල කෙරුවාවටනම් මාර බැඳීමක් තියෙනව අපේ හිත් වලත්....

    ReplyDelete
  29. දිල්ෂාරා, මොකද නංගියේ මේ වෙන්නේ? ඔයා කරටි කඩාගෙන පොලිටිකල් වේගන එනවනේ. ලිපිය, ලිපියෙ අදහස් තරු හතයි. මෙන්න අත් දෙකම උස්සලා මගේ එකඟතාවය.

    ReplyDelete
  30. බොහෝම අපූරුයි නංගී.....
    අපේ කමට තැනත් හිමිකර දෙන්න වෙහෙස මහන්සි වුණු සියල්ලන්ටම හදවතින්ම ස්තූතිය පිරි නමනවා.....

    ReplyDelete
  31. බොහෝම අපූරුයි නංගී.....
    අපේ කමට තැනත් හිමිකර දෙන්න වෙහෙස මහන්සි වුණු සියල්ලන්ටම හදවතින්ම ස්තූතිය පිරි නමනවා.....

    ReplyDelete
  32. බොහෝම අපූරුයි නංගී.....
    අපේ කමට තැනත් හිමිකර දෙන්න වෙහෙස මහන්සි වුණු සියල්ලන්ටම හදවතින්ම ස්තූතිය පිරි නමනවා.....

    ReplyDelete
  33. බොහෝම අපූරුයි නංගී.....
    අපේ කමට තැනත් හිමිකර දෙන්න වෙහෙස මහන්සි වුණු සියල්ලන්ටම හදවතින්ම ස්තූතිය පිරි නමනවා.....

    ReplyDelete
  34. සමාවෙන්න ඉතින් මේ පිලිතුරු පරක්කු උනාට.
    @විකී
    ස්තූතියි

    @අවුට්සයිඩර්
    අනිවාර්‍යයෙන්ම.. අපේ දේ සින්හලෙන් ලියහ්ද්ඩි තරම් හැඟීමක් එන්නෙ නැ සින්ග්ලිශ් වලින් කොටද්දි

    @ශ්‍යාමන් අයියා
    ස්තූතියි.... අනෙ මන්දා මොනා වෙනවද කියලා. හැබැයි පොලිටිකල් නම් නෙමෙයි. :)

    @රුක්ශිලා අක්කා
    ස්තූතියි. ඒ වගේම් මේ තැන හිමි කරදෙන්න සිය ශ්‍රමය වැය කල/කරන හැමටත් ස්තූතියි

    ReplyDelete
  35. දිල්ශාරා නංගී ,ආඩම්බරයි ඔබේ සිතුවිලි ගැන.
    මමත් අවුරුදු ගාණකට පස්සෙ සිංහල අකුරු ලියනවා...
    ලෝක ගෝලය උඩ හරියේ ඉඳගෙන.
    රස විඳිනවා ඔයාලගේ නිර්මාණ.
    ලෝකයේ විවිධ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්
    අන්තර්ජාලය ඔස්සේ මව් භාෂාවෙන් ලියවුනු නිර්මාණ කියවලා
    ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා ක්ෂණිකව.
    ලෝක ගෝලය කුඩා වී ඇති බවක් දැනෙනවා.
    මව් භාෂාවේ අගය වැඩිවී ඇති බවක් දැනෙනවා.
    ඒ ගැන සිහින් සතුටක් සිත පුරා දුවනවා.
    ඔබට ජයවේවා!!
    මං නාමලී අක්කා

    ReplyDelete
  36. ගොඩාක් ස්තූතියි නාමලී අක්කේ... මම දන්නවා ඔයා මගෙ බ්ලොග් එකට නිතර ඈවිත් යන කෙනෙක්......

    ReplyDelete
  37. නිකම්ම සින්හල වෙලත් මදි...නිවැරදි සිංහල වෙන්නත් ඕනෙ...!! මම හැම විටම නිවැරදි සිංහල භෂාවක් වෙනුවෙන් ඕනෙම කෙනෙකුට කොන්දේසි විරහිතව උදවු කරනවා..වැරදිනම් ඒක මූනටම කියනවා..!!

    ReplyDelete
  38. ඉන්ද්‍රනාථ සර්... ගොඩාක් ස්තූතියි... අනිවාර්යයෙන් අපි සිංහලයො වෙලා නිවැරදි සිංහල නොලියනවා නම් ඒක අපි අපි ගැන ලැජ්ජා වෙන්න ඕනෙ කාරණාවක් !

    ReplyDelete
  39. මමත් දැන් සෑහෙන කාලෙක ඉඳන් සිංහලෙන්ම තමා.. ඉංගිරිසියට වඩා ඉක්මනට මට සිංහලෙන් ටයිප් කරන්න පුලුවන් වීම ගැන මං හරිම ආඩම්බරයි.... :D
    ඒ වගේම මේ වෙනකොට සෑහෙන පිරිසක් කොම්පීතරේ සිංහලෙන් වැඩකරන්න ඇබ්බැහි කරවලත් තියෙන බව කියන්නෙ සැබෑම සතුටකින්... :))))

    ReplyDelete
  40. හුස්ම හයියෙන් ඉහල පහල යනවා...
    එක හුස්මට කියවගෙන ගිය එඩිතර අදහස් ටික හින්ද නේද?
    වාසනාවන් ...මගේ මව්බ්මට මෙවන් දූ පුතුන්...
    ජයවේවා!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->