Monday, October 11, 2010

[114] පොත් සලකුණ සහ මම !


මතක පොත් ගුල කොනෙක
තබා ගිය පොත් පිටුව අහිමිව
නන්නත්තාර වී ගිය
පොත් සලකුණක්ද මම..?

අතීත මතක පොතක
පිටු එකින් එක ඉරී යන
අකාලයක මිහි බට
මං වැරදුන තරුවක්ද මම ?

වනස්පති රුකෙක

ඈමිණෙන අතරතුර ලතාවක්ව
පැමිණි සුළ
ඟටත් බහදුන්
වංචාකාර වරා මලද මම ?

එකින් එක නිර්වචන
මකාලයි මතක පි‍ටු වල හිස් කම
වචන මිස නිර්මල
සිතුවිල්ලකට පොත් ලකුණු නැත...

7 comments:

  1. මතක පොත් ගුල අතර
    අතමං වී සොයා ගත නොහැකිව
    පිටුපෙරලමින් සොයන
    නැතිව ගිය පොත් සලකුණද නුඹ...

    අතීත මතක පොත තුල
    පෙරලන්නට පිටු නොමැතිවම
    මුල් පිටුව මත තවම ඇති
    ලස්සනම රන් තරුව නුඹ.....

    වනස්පති රුකක් ලග හිද
    පැටලෙමින් තුරු ලාතාවක් වී
    ආගන්තුක සුලගකට රැවටුන
    අකීකරු වරා මල නුඹ.........

    පෙනෙන්නට නුඹ තවම නැතුවත්
    නිර්වචනයක් සොයා ගැනුමට
    පෙරලන්නට මතක පොත් තුල
    පොත් සලකුණද තවම මට........

    ReplyDelete
  2. එල එල......ඕක තමා ඉතින් හැමදාම කියන්නෙ...එල

    ReplyDelete
  3. එක් අහසකින් පොලවට...
    පොලවෙන් යලිදු අහසට
    තව අහසකින් මේ ලෙස
    මිහිබට නොපහන් තරුවක් මම

    එහි එළිය ගැන
    එකින් එක ගැබ් වෙන නිර්වචන
    දාහකුත් එකක් අතරින
    එකක් අහුලනු නොහැකිව ලත වෙන

    පහන් වැටකැයි කියු
    රන් තරුවක් මුල් පිටට පිට දුන්
    එහෙත් ඇතුල් පිටු මත
    ඉසිදාසියක හිස බා නිදන


    පසන් මල්ලී... ස්තූතියි පිලිතුරු කවියට...

    ReplyDelete
  4. පිස්සා සහ රත්ගමයා

    ගොඩාක් ස්තූතියි... මාව අමතක නොකලාට.. කලකිනුයි මේ ලියන්නේ....

    රත්ගමයෝ... අහ් සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොගේට

    ReplyDelete
  5. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  6. kauda spammer kenek ewilla. pls remove this spam post

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->