ගැබ්බර බැලලියක
විලිරුදා මතුවෙන විට
මුල්ලකට වැද සැඟව
නිහඬවම දරා , මුදා කුස බර....
කිසිත් වූ නොවූ ගානට
හිස් බැල්මෙන් එලි බහින විට
හැඬුම් විලි ලෑ ලකුණකුදු නැත
ඇගේ හිස් කුස මිස...!
නෑඬූ විලස කිසිත් නුවු ලෙස
දෙතොල් පා හස නගන මගෙ හිත
නොකියා කියන දුක සඟවන
ගැබ්බර බැළලියටත් හපන් මගෙ හිත !
ඒකත් එහෙමද..?
ReplyDeleteඅකුරු ටිකක් විතර ලොකු කළානං නාකද..මෙ අපිවගේ වයසක උන්දැලටත් කියවන්න එක්ක...
නියමයි..එල...බ්ලොග් අස්සෙ ආදරේ ගැනම කියවලා එපා වෙලා..මේ තියෙන්නෙ වෙනසක්..නියමයි මල්......
ReplyDeleteගැබ්බර බැළලියක
ReplyDeleteවිලිරුදාවෙන් පෙලෙන විට
සැගඋනද මුල්ලකට වැද
ලොවම දනිතියි ඇය මවක බව.....
කිසිවෙකුත් නොවූ ලෙසකට
හිස් බැල්ම නෙතින් මතුකලද
හැඩුම් විලි ලකුණු නැතුවද
පැටවුන් ඒවි ඇගේ පසුපසම.....
හැඩු සිත නුඹට රහසෙම
මතු උවද සිනහව පින්තාරු කළ
නොකිව්වද දුක ලොවට හඩගාන
ලොවම නොදනිද නුඹ හඩන වග.
කියන්න වචන නෑ !
ReplyDeleteනියමයි දිල්ෂාරා නියමයි !
නියමයි හිතේ හැම අහුමුල්ලකටම ගලාගෙන යන සිතුවිල්ලක්..
ReplyDeleteඅපි හැමෝම... අඬන්න බැරි කමට හිනා වෙන මිනිස්සු.
ReplyDeleteහිත කෑ ගහලා අඬපන් කියද්දි අපි මූනෙන් හිනා වෙනවා. හිනා වුනාම දුක නැති වෙන නිසා නෙවෙයි. ඇඬුවා කියලා දුක අඩු නොවෙන නිසා.
මාරයෝ... ඔන්න අකුරුනම් ලොකු කලා...:)
ReplyDeleteරත්ගමයා... ගොඩාක් ස්තූතියි.. මෙහෙ ඉතින් ඈවිත් යන්න.. :)
ReplyDeleteපසන් මල්ලී.... බෑ බෑ.. ඔයාගෙ කවි කියවද්දි මට ඉරිසියයි..... :)
ReplyDeleteඈනී.... අවුට්සයිඩර්...
ReplyDeleteස්තූතියි.... ගොඩාක්
ජීවිතය
ReplyDeleteඅඬන්න බෑරිකමට හිනා වෙන්නෙ දුක දෑනෙන ඒ දුක හිතින් පිලිනොගන්න කොට.... දුක දකිනකොට දකින දුකේ අරුත තේරෙනකොට දුක දකිද්දි දුක විඳිද්දි අඬන්නවත් හිනා වෙන්න වත් අපිට සිදු වෙන්නෙ නෑ...උපේක්ශාවෙන් දේවල් දකිමින් එලෑඹි සිහියෙන් අපිට ගොඩක් දේ දෑකිය හෑකියි.... එතන නිවීම සෑනසීම තිබෙනවා.
ස්තූතියි...
ReplyDeleteඒත් මොකද මෙ "අකුරුනං" කියලා කිව්වෙ..?
ඤාව් ඤාව් ඤාව්
ReplyDeleteඥාව්වන් කොතනද මකරා එතැන ඇත...
ReplyDeleteහරිම ලස්සනයි...කාන්තා හිත් දුක හන්ගන අරුමය බොහොම ලස්සනට ගෙත්තම් කරලා....
ReplyDeleteහරිම ලස්සනයි...කාන්තා හිත් දුක හන්ගන අරුමය බොහොම ලස්සනට ගෙත්තම් කරලා....
ReplyDelete