Friday, March 26, 2010

තවත් නවාතැනක්.... ( 1st version )

        මේ  කවියේ ඉතිහාස කතාව මම ඉස්සෙල්ලාම කියන්න කැමතියි. මම පෙරෙදා පන්තියක ලමයි වැඩක් කරද්දී ඉඳගෙන ඉන්නකොට , මගේ ජීවිතේ හිස් කාලය ගැන ලියන්න හිතුනු සිතුවිල්ල රෙකෝඩ් බුක් එකේ සටහන් කලා. ඒත් ඒ කොලය ගේන්න බැරි උන නිසා ඊයෙ රෑ ආයෙමත් හිතලා වෙන විදිහකට ටයිප් කලා... ඉතින් ඔයාලා කලින් පෝස්ට් එකේ දැක්කේ ඒ දෙවෙනි කවියයි....

       අද ගිහින් රෙකෝඩ් බුක් එක බැලුවම මට හිතුනා පලවෙනි version එක ඊට වඩා හොඳද කියලත්.. ඒ නිසාමත් , සොඳුරු කතන්දරකරුවෙකුත් මේ පලවෙනි version එකට කැමති උන නිසාත් මට මේ 1st version එකත් දාන්න හිතුනා.. මම මේ version එකට නම දෙන්නම්, එක් නවාතැනක් ( version 1) කියලා :-)

      මට ඔයාලත් කියන්න වඩා කැමති මොන එකටද කියලා..


තවත් නවාතැනක්...
නිසංසල සුලඟ විඩා නිවන,
හැඟුම්බර අහස ඉසුඹුලන...

තවත් නවාතැනක්...
කඳුලින් තෙමී නැහැවෙන,
සිනහව මැකී බොඳ වෙන....

තවත් නවාතැනක්...
එහෙත් එය,
හරිම හිස්තැනක් !





2 comments:

  1. මම මේ version එකට නම දෙන්නම්, එක් නවාතැනක් ( version 1) කියලා :-)
    මේක කොම්පියුටර් භාෂාවෙන් එක් නවාතැනක් (ver.0) කියලා දාන්න තිබුණනෙ මිස්..
    මටනම් කලින් තිබුණු post එක හොඳයි මිස් මේ post එකට වඩා..

    ReplyDelete
  2. කිසිත් නොකියා පලායමි කියාගන්නට වචන නොමැතී වූ කල....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->