Tuesday, March 23, 2010

ගැහැනිය හෙවත් තැතිගත් ලෙහෙණිය?


ගැහැණියක් උපදින්නේ මොන දේ උපතින්ම අරන්ද? මට හිතෙන්නේ පලමු කොටම සියුමැලිකම... අපි
කතාවටත් කියන ගැහැණු ගතිය.... බොලඳ කම.. සුන්දරත්වය....

ඒ විතරක් නෙමෙයි... අනාරක්ෂිත භාවය... ඒක දෝතින්ම දරාගෙනයි ගැහැනියක් උපදින්නේ...

බිලිඳියක් උපන් මොහොතෙන්ම අම්මා කෙනෙක් ඈ ගැන නොයෙක් සිහින මවනව.. ඈව සරසන්න, මලක් වගේ නොතැලෙන්න හදන්න අම්ම දරන්නේ පුදුම මහන්සියක්... එතන් පටන් ඇස් දෙක වගේ ඈව පරිස්සම් කරන්නේ අනාගත කුල කතක් කරන්න... ( මම මේ කියන්නේ ලංකාවේ බහුතරයක් හිතන විදියක්) .. කතන්දරයක් අහන්නේ නැති  උදාරම් යෞවනියක් කරන්න....

වැඩිව්ය පත් වන්නත් පෙර සිටන්ම අම්ම ඈට උපදෙස් දෙනව... 'පුතේ හැමොත් එක්කම වැඩිපුර කතාවට

යන්න එපා..අනිත් අය දෙන දේ කන්න එපා... තනියම එන්න එපා... පාරේ පරිස්සමින් යන්න...

' මෙකී නොකී දේ.... නැද්ද?

කෙල්ලෙක් වැඩිවිය පත් වන්නේ, මෙතෙක් කල් තිබූ අනතුරු අඟවීම් තහංචි බවට පත් වෙමින්.. ඇයි මේ? ගැහැනියගෙ ශාරීරික ව්‍යුහයෙන්ම ඇයට දී තියන සියුමැලිකම නිර්මාණය කොට තියන අනාරක්ෂිත බව පසක් කරන්න....

වැඩිවිය පත් යුවතියක් කාමරයක හිර කරල තියනව පිරිමින්ගේ ඇස් වලින් ඈත් කරල ටික දවසක්... මේවා
නිකම්ම නිකම් පුහු හිස් දේවල්ද? මට නම් එහෙම කියන්න අමාරුයි.. මොකද , එහෙම තනිවෙන තරුණිය ස්වයං විශ්ලේෂණයක යෙදෙනව තමුන් මුහුණ දුන් වෙනස ගැන..( මං දන්නේ නැහැ..මේ තරුණියක් හැටියට එදා මට පවා හිතුන දේ) .. එහි බැරෑරුම් කම ගැන... වගකීම ගැන... පරිස්සම් විය යුතු බව....  පිරිමින් සියලු දෙනා අතේ දුරින් ආශ්‍රය කල යුතු බව.... මේවා හර සුන් පුහු චාරිත්‍ර හැටියට ගන්න බැහැ ඒ නිසා....මේවා මානසික සංක්‍රාන්තියක හට ගන්නා වියවුල් බව නිවා ගෙන සංසුන් වෙන්න දෙන මානසික ප්‍රතිකර්ම ....

තමා ලඟ ‍රැකිය යුතු දෙයක් ඇති බව... අනාරක්ෂිත සමාජයක දෙමාපියන්ගේ ‍රැකවරණය නැතිව පවතින්න
අමාරු බව... ඈ මුල් වරට පසක් කරනව... වැඩිවිය පත් වුන තරුණිය එලි පහලියට වඩමවන්නේ උත්සවාකාරයෙන්.. සමහරු වාද කරනව ශාරීරික ක්‍රියාවලියක පටන් ගැන්ම උදම් ඇනිය යුතු උත්සවයක් නෙමෙයි කියල.. එත් බොහෝ දෙනාට අමතකම වෙන දෙයක් තමා, මේ සමග මානසිකව සහ, හෝමෝන  සම්බන්ධ අමුතුම ක්‍රියාවලියකුත් නොදැනීම ශරීරය තුල හට ගන්නා බව.. එහි වෙනස වටහා දෙන්නට මෙවන්  පරිසරයක් ඉවහල් වෙනවා යැයි මට හිතෙනව...



විවාහයකට පත් වෙන තුරුත් තරුණියක් සොයන්නේ මේ අනාරක්ෂිත සමාජය තුල සුරක්ෂිත ආදරයක්... සෙනෙහසක්.. ‍රැකවරණයක්... තැති ගත් ලෙහෙණියක් මෙන් කොයි මොහොතෙත් බයෙන් සැකයෙන් තැතිගෙන වට පිට බලමින් පැය 24ම තරුණියක් ගෙවන්නේ මේ අනාරක්ෂිත හැඟීම හිතට වද දෙන නිසා වෙන්න ඇති...  මිනිසුන් විස්වාස නොකරමින්, අවංක ආදරය වෙනුවෙන් හඬමින්, ‍රැවටිල්ලට , වංචාවට එරෙහි වෙමින් ගැහනියක් මේ ගෙනියන  සමස්ත අරගලයම මේ අනාරක්ෂිත හැඟීම් විසින් මෙහෙයවනු ලබන යටි හිතේ ක්‍රියා වලීන් කියලයි මට හිතෙන්නේ.

කොතරම් නූතන ඇස් වලින් ලෝකය දකින්න හිතුවත්, මෙවන් හරවත් දේ දිහා වප‍රැහින් බැලිය නොහැකි තරම් ඒ සාම්ප්‍රදායිකත්වයේ (ඇතැම්) අවස්ථා වලට මම ආදරය කරනවා.

මේ දිග කතාවම ලියන්න හේතු උනේ, තවත් එක් සොඳුරු කතා කරුවෙකුත් එක්ක කයිය ගහද්දි මතු වෙච්ච සිතිවිල්ලක්....

ගැහැනියක් ආදරයක් යනුවෙන් හැබැවටම හොයන්නේ මොකක්ද??? සෙනෙහසද? ලෙංගතුකමද? බොලඳ ආලයද? රාගයද? සමාජ තත්ත්වයද? සල්ලිද? දේපොලද? මේ හැමදේම වෙන්න පුලුවන්.. මේ හැමදේම නොවෙන්නත් පුලුවන්... ශතවර්ශ ගනණාවක් ශිෂ්ටත්වය ඉදිරියට තල්ලු කරන් ආ සාම්ප්‍රදාය, ආවේණික චාරිත්‍ර යනාදී මේ හැමදේම ඉඟි කරන යම් දෙයක් තිබෙනව....

කිනම් ගැහැණියක් මුත් , ඉහත කී හැම දෙයක්ම හෝ කිහිපයක්, පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වන්නේ හැබවින්ම ගැහැනියකගේ 'අනාරක්ෂිත' හැඟීම සමනය කර ගන්න නෙමෙයිද? කොතරම් උගත් වුවත් , කොතරම් බලවත් වුවත් , ගැහැනියකගේ සියුමැලිකම නොහොත් සියුමැලි ගැහැණියකගේ සිහිනය - මේ අනාරක්ෂිත හැඟුම අවම කර ගැනීම නෙමෙයිද?

අති ස්වාධීන , යකඩ වැනි ගැහැණුන් නොසොයන්නේත් මේ '‍රැකවරණය- සුරක්ෂිත බව' නෙමෙයිද? එතැන ගැහැනියක් සිටීදැයි මට සැකයි..

21 comments:

  1. ඒත් මිස් සියුමැලිකම වගේ ම යකඩ වගේ හයිය හිතක් නැත්නම් ගැහැණියකට තමන්ගේ ජීවිතය රඳාපවත්වාගන්න අමාරුයි.. යටහත් පහත් බව වැඩි උනාම සමහර පිරිමි බලන්නෙ ගැහැණිය පාගාගෙන ඉන්නයි.. ඒ නිසා අනවශ්‍ය වෙලාවට සියුමැලි වෙන එක ගැහැණියට අවාසිදායකයි..

    ReplyDelete
  2. සුන්දර ගැහැණිය ගැන සුන්දර කතාවක්.... මේ තියෙන බොහොමයක් දේට සමනලීත් එකඟයි. චාරිත්‍ර ඕනාවට වඩා අන්ධානුකරණයෙන් වැළද ගැනීමට වඩා ඒවායේ යටින් සැඟවී තිබෙන අරුත වටහාගෙන ඒවා අනුගමනය කිරීමයි ‍‍වඩා වැදගත්.
    අනික ගැහැණියගේ සිත හරි පුදුම සිතක්... ගැහැණිය සියුමැලි උනාට සිත ශක්තිමත් වෙන්න ඕනා... ඒත් අවශ්‍ය අවස්තාවේදි ඒ යකඩ හිතම සියුමැලි සිතක් වෙනවා...

    ReplyDelete
  3. ජිවිතෙ මල්.. මම හිතන විදියට මිනිස්සුන්ගෙ ලොකයෙ යම් දෙයක් තියනවා මිනිස්සුන්ගෙ හදවත ඇතුලෙ... එ දෙ ගැහැනියගෙන් පිටතට එද්දි අපි එක දකින්නෙ ලස්සන කියලා... හැබැයි එ දෙ පිරිමි කෙනෙක්ගෙන් එලියට එද්දි දකින්නෙ ශක්තිය කියලා...නමුත් සමාජය වෙනස් වෙද්දි එහි ඉන්න සත්තුත් වෙනස් වෙනවා.. නැත්නම් රඳා පැවැත්මක් නැහැනෙ...ඔයා හරිම පුළුල්ව මෙ දෙ දකිනවා.. හරිම ලස්සන වැදගත් දෙවල් එලියට දාලා තියනවා... හරිම ලස්සනයි....

    ReplyDelete
  4. මම හිතන්නෙ ඒ සියුමැලි ගැහැනිය ඇතුලෙ ඉන්න හිත හයිය, දරා ගැනීමේ ශක්තියෙන් අනූන ගැහැනිය ගැහැනිය ගොඩක්ම සුන්දරයි කියලයි!

    ReplyDelete
  5. අති ස්වාධීන , යකඩ වැනි ගැහැණුන් නොසොයන්නේත් මේ '‍රැකවරණය- සුරක්ෂිත බව' නෙමෙයිද? kiyanna deyak tiyenawa.

    ReplyDelete
  6. 'පුතේ හැමොත් එක්කම වැඩිපුර කතාවට

    යන්න එපා..අනිත් අය දෙන දේ කන්න එපා... තනියම එන්න එපා... පාරේ පරිස්සමින් යන්න.

    මට අම්මා සිහි වෙනවා මේ වදන්පෙළ දකිද්දි.

    අනිත් අය දේ කන්න එපා කියලා අම්මා නිතරම කිව්ව දෙයක් තමයි

    ReplyDelete
  7. I like your attitudes in relating to our cultural inheritance.
    Anyway, I understood that even a women,by her self can not express what they expect from 'love'.....not by words..i guess...

    ReplyDelete
  8. ඔව් රොෂාන්.... ඔයා හරි ....

    සියුමැලි ගැහැණියකට පුලුවන් මලක් වගැ ලෝකයට ලස්සන දෙන්න... ඒත් මලක පැවැත්ම වගේම සියුමැලි ගැහැණියගෙ පැවැත්මත් හරිම තාවකාලිකයි.... මොකද ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ ඔරොත්තු දෙන මිනිසුන් මිසක් පරිසරයට අනුගත නොවෙන සියුමැලි ප්‍රාණීන් පවත්වා ගන්න නෙමෙයි....

    ඒ නිසා යටහත් පහත් ගැහැණිය කියන්නේ ඉතාම අසරණ, දුකින් ඉන්න චරිතයකට... යකඩ වගේ දැඩි නොවුනාට , හයිය හිතක් නැතුව ගැහැණියකට පවතින්න, සාර්ථක වෙන්න අමාරුයි...

    ReplyDelete
  9. පුංචිසමනලී

    ඔව්.. මේ හැම චාරිත්‍රයකම පවතින අරුත අපි ඉදිරියටත් නොනැසී ගෙන යා යුතුයි.. අන්ධයන් මෙන් ඒවා වැලඳ ගන්නවා නොව, නියම හරවත් දෘෂ්ටියකින් ඒ දෙය යොදා ගත යුතුයි නේද?

    සමස්තයක් වශයෙන් මට හැ‍ඟෙන දේ නම්, ගැහැණිය පිරිමියාට වඩා හිත හයිය බවයි... ඔව්.... යකඩ නොවෙයි ශක්තිමත් දැවයෙන් කල පවුරක් වගේ.....

    ReplyDelete
  10. රවා ..ඔව්...
    සමාජයට අනුගතව ගැහැණු මිනිස්සුන්ගෙ චර්යාව, රුචි අරුචිකම් හුඟාක් වෙනස් වෙනවා.... ඒක ඇත්ත....

    ජීවිතේ අපි ඉන්න ටික කාලේ අපිට හැ‍ඟෙන දේ මේ වගේ ලියලා තියන්න හිතුනා රවා... එක් අයෙක්වත් ඉන් යමක් ගත්තොත් මට ඒ ඇති.... :-)

    ඔයාගේ අදහස් වටිනවා...

    ReplyDelete
  11. ඔව් ගයනි....

    හිත හයිය නොවුනානම් මෙලහටත් මේ ලෝකේ ගැහැණුන්ගෙන් හරි අඩක් දිවි නහගෙන....
    ගැහැණියකව අසරණ වෙන අවස්ථා එකක් දෙකක් නෙමෙයි.. අනන්ත සිද්ද වෙනවා... එක දවසට සිය දෙසීයක්....

    ඒ ශක්තිය නැති, බුද්ධිය හීන ගැහැණිය අනුන්ගේ අතකොලුවක්...

    ReplyDelete
  12. තිලාන්

    මොකෝ අනේ මන්දා???????

    ReplyDelete
  13. බිඟුවෝ

    මොකක්ද කියන්න බලන්න.....

    ReplyDelete
  14. ඔව් RanDil

    අපේ අම්මලා හරි... එයාල එහෙම නීති දැම්මේ ආදරේ , යෞවනේ අඳුනන්නේ නැති නිසා නෙමෙයි... මෙ අනාරක්ෂාව නිසා තියන බයට....

    ReplyDelete
  15. yasela

    thanks for your comment.. yes , a woman cant express love in words.. but at the end of the day - she defines love by the protection, security and stability she gains from a mans shelter. this may be the truth which is very bitter

    ReplyDelete
  16. ඔයාගේ කතාවේ ලොකූ ගත යුත්තක් තියෙනවා. අපි හන මිටි අදහස්, කෝපි කාලෙ අදහස්, ගොඩේ අදහස් කියලා බැහැර කරන්න හදන ගොඩක් දේ වල පිටට නොපෙනෙන පැත්තක් තියෙනවා. ඒවයෙ වටිනාකමක් අපිට නොතේරුනාට ඒවා නිකම්ම නිකන් ඇති උන අදහස් සම්ප්‍රදායන් නෙවෙයි. විද්‍යානුකූලව පුලුල් ලෙස හිතල බලද්දි ලොකු වටිනාමක් තියෙන සම්ප්‍රදායන් අපිට හම්බ වෙනවා. මට හිතෙන්නෙ මේකට ලොකුම හෙතුව මෙවැනි සම්ප්‍රදායන් වලට් බොරු ගුප්ත බවක් ආරූඩ කර තිබීමයි. කෙනෙක් මෙවැනි ආකල්ප එක හෙලාම බැහැර කරන්න මූලිකම හේතුව ඒකයි. සමහර විට එදා සමාජය අනුව එසේ නොකර ඉන්න බැරි වෙන්න ඇති. මොකද ගුප්ත බවක් අරූඩ කිරීමෙන් යම් කිසි අදහසක් වැඩි වශයෙන් ව්‍යප්ත කල හැකි පරිසරයක් එදා තිබ්බේ. අද ලෝකය ඊට වඩ හාත්පසින්ම වෙනස් වෙලා. හැම දෙයක් ගැනම බලන්නෙ විද්‍යානුකූලවනේ. එකයි පැරණි සම්ප්‍රදායන් පිලිගන්න බොහෝ දෙනෙක් මැලිකමක් දක්වන්නේ. ගුප්ත බව අයින් කරලා බැලුවොතින් අපි වැදගැම්මක් නැති හනමිටි අදහස් කියලා බැහැර කරන බොහෝ දේවල විද්‍යාත්මක පැත්ත දකින්න පුලුවන් වේවි.

    (අක්කෙ මොකද මගේ වැඩේ. වැඩේ බාරගන්නවද.)

    ReplyDelete
  17. අනුරාධ මල්ලි

    ඔව් මල්ලි, අපට කිසිම දෙයක් විසි කරන්න බැහැ මේ පරණ දෙවල් වලින්... අපි කොච්චර නූතන උනත් මේ ගැන විපරම් ඇසින් දකින්න ඔනා. නේද?

    ඇත්ත සම්ප්‍රදායන් ගේ වටිනාකම නසනු ලබන්නේත් සම්ප්‍රදායන් රකින මිනිසුන්මයි.. එහි ගුප්ත බව නිසාම බුද්ධිමතුන් එයින් ඈත් වෙනව...

    විද්‍යානුකූලව දැකිය නොහැකි අපට විෂය නොවෙන බොහෝ දේ තියනවා... ඒවා හැම එකක්ම බොරුය කියන්න අපට බැහැ...

    ඔයාගේ වැඩේ ගැන..

    මල්ලි මම දැම්ම අලුත් කවිය ( එක් නවාතැනක්) ... ඒක ගන්න.. ඒත් මගේ බ්ලොග් ලිපිනය reference දාන්න.. මොකද මගේ නම දා ගන්න ආසාවටවත් පබ්ලිසිටි එකටවත් නම් නෙමෙයි... ඒත් කොහෙන් ගත්තද කියන එක දාන එක වටිනව misuses අඩු කරන්න

    ReplyDelete
  18. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete
  19. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->