Sunday, March 28, 2010

මට ඕනෑ නවතින්න....





මට ඕනෑ නවතින්න
කැබැලි වුන හිත් බඳුන
විසිරි ගිය කැබැලිති
එකින් එක ඇහිඳින්න....

ඇහිඳ ගත් හිත් කැබැලි
ගලපන්න මුල මැද
ටිකෙන් ටික
එකිනෙකට අලවන්න...

සුලඟකට සැලෙන්නැති
අසණියට බි‍ඳෙන්නැති
කු‍ටුම්බය සිරස මත
කිරුලක්ව පලඳන්න....

මට ඕනෑ නවතින්න
දිවිල්ලට සමුදෙන්න
ජීවිතය දැක ගන්න...
ජීවිතය විඳ ගන්න....

15 comments:

  1. ඒක ඇත්ත මිස්...

    ReplyDelete
  2. අවසරයි නවතින්න

    /බිඟුවා...!

    ReplyDelete
  3. ඒක ඇත්ත මිස්... ඒත් ඒක බලාපොරොත්තු වෙන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි නේද? සමහරවිට නොහිතූ ප්‍රතිපලත් ලබා දේවි...

    ReplyDelete
  4. නැවතිල්ල ගැන හිතුවත් හිතුණත්
    නැවතිල්ල නැවතිල්ලක්ද
    දිවිල්ල දිවිල්ලක්ද
    නොදුවා ඉඳිල්ල නැවතිල්ලක්ද

    දුවන කෝච්චියක ආසනේක වාඩිවෙලා ඉන්න එකෙක්
    නැවතිලාය හිතා ඉන්න එකෙක්
    දුවන්න හිතට දුවන්න ඉබාගාතෙ දුවන්න
    ඔයාගෙ වචන බලකලා.

    ReplyDelete
  5. සමාවෙන්ඩෝනෑ.... පසුවදන ටිකක් පමා වුනා... ඊයේ උදේ lecture එක හරිම boring. මට එක වචනයක්වත් තේරුනේ නැහැ නෙව.... ‍financial systems ...! කවදා කාපු කේක්ද? ඉතින් නිදිමතේ සැලි සැලී ඉද්දි ආවා නොවැ හිතිවිල්ලක්,,, මැඩ්ම්ට පේන්නේ නැති වෙන්න පොත පිටිපස්සේ කුරු‍ටු ගෑවා..
    මෙන්න ඉතිං ...

    අම්මපා මට සිතිවිලි එන්නේම අන්තිම කලබලකාරී වෙලාවල නොවැ... ඒත් ඉතින් දෙයක් හිතුනම ලියා ගන්නකං මරන්නා වගේ... :-)

    ReplyDelete
  6. @ රොෂාන්
    අපිට ජීවිතේ ගොඩාක් දේ පසක් වෙන්නේ දිවිල්ලෙන් මිදුනහමයි... ඒත් දිවිල්ල ප්‍රවාහයක් වගේ... ගැලවිල්ල ලේසි නැහැ.... මොකද දිවිල්ල අපේ කොටසක් වෙලා.. අපි දිවිල්ලේ කොටසක් වෙලා....

    අපි පිස්සෝ වගේ දුවනවා.. ආසාවල් පිටිපස්සේ... අරමුණු පිටිපස්සේ... මේ පණ්ඩිතකම් ලියන මමත් එහෙමම තමා.. ඒත් නැවතීම කියන්නේ මේ හඹා යාම අත් හැරීමට...

    ReplyDelete
  7. @බිඟුවා

    නවතින්න දිවිල්ලෙන් අපි පමා වැඩියි.... අපි එහි කොටසක් දැන්.... නැවතීමාට් හිතීමත් අපිව අසහනයට පත් කරන්න හේතුවක්.. මට වෙලා තියෙන්නේ එයයි...

    ReplyDelete
  8. @anonymous

    අපෝ මේකේ 'නැවතිල්ල' , ' දිවිල්ල', 'ඉඳිල්ල' මෙවුව කියවලා මට දැන් "කැරකිල්ල" වගේ....

    :-D

    ReplyDelete
  9. නැවතීමාට් හිතීමත් අපිව අසහනයට පත් කරන්න හේතුවක්..

    ඒක මිස්ට විතරක් නෙවෙයි අදකාලෙ මමත් ඇතුලුව ගොඩක් අයට පොදු දෙයක් මිස්. (යමක් කරන තුරුත් අසහනය .. ඒ දේ කරලා ඉවර වුනාමත් අසහනය..)

    ReplyDelete
  10. නවතින එක කෙසේ වෙතත් දිවිල්ලට සමුදීල වේගය අඩාල කරගෙන ඇවිදගෙන යන්න වත් ඉඩක් ලැබෙතොත් හොඳයි නේද? මග ඇරෙන දේවල් ටිකක් හරි අඩු කරගන්න තිබ්බා.
    ලස්සනයි නිර්මාණය.

    ReplyDelete
  11. Duwana gaman ....jeeewithaya widinna berida...mama ahnne jeewithaya widinna ....duwana eka nawathanna oneda kiyala.....

    ReplyDelete
  12. @ රොශාන්

    ඒක නම් ඇත්ත... ඒ අශනය ඇතිවෙන්නේ අපි මනස සංසුන් කරගන්න හුරු වෙලා නැති නිසා....
    ඒත් හිතේ සාමයත් නොසංසුන්කමත් මවන්නේ අපි අපිම මිසක් පරිසරය නෙමෙයි

    ReplyDelete
  13. Me loke me jeewithe api katawath aith apahu herenna be. Nawathinna be. Wena ekak thiya newathila poddak hithanna wath welawak ne.
    Ada kale apita ape kiyala race ekak newei duwanna wela thiyenne. Anunge race ape karagena duwannai wela thiyenne. Lokaya "globalize" wela. Api e lokaya ethule punchi koobi tikak witharai. Duwana loke wath e loke ekka edila yana apiwawath nawaththa ganna apita behe.

    ReplyDelete
  14. හරි නැවතුනා කියමුකො. ඊට පස්සෙ........

    ReplyDelete
  15. http://sansaare.blogspot.com/2011/10/207.html?showComment=1317968156776#c4323662754108961539

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->