Sunday, March 04, 2018
[343] BCS මතක සහ මම
මම BCS කරන්නේ 2003 අවුරුද්දේ සිටය . මම BCS කලේ ඇයි යන්න ඇතැම් විට කවුරුත් දන්නා නොදන්නා රහස් කිහිපයක සංකලනයක් යයි කිව හැකිය. කෙසේ වුවද මම BCS කලෙමි.ඒ හා බැඳුනු අතුරු කතා නම් ගොඩක් තිබේ. මේ වන විට මා , අතීතය සමග සාමයෙන් ජිවත් නොවුවා නම් , ඒ තරම් අප්‍රසන්න යුගයක් සහ රැවටීමට ලක්වූ යුගයක් තවත් නොවූ බව මා කියන්නට ඉඩ තිබිණ. එහෙත් මේ කතාව ඒ යුගය ගැන නොවේ. කවුරුත් දන්නා BCS මා කල හැටි ගැන කිසිවෙක් නොදන්නා කතාවය.
2003 වසර වෙද්දී , මට BCS කරන්නට ඕනෑ වෙන්නේද කැම්පස් එක එපා වෙන්නේද එකටමය. කැම්පස් ගියා විනා කැම්පස් එකේ ක්‍රියාකාරී ශිෂ්‍යාවක වන්නට මට කොහෙත්ම උවමනාවක් නොතිබිණ. ඊට මුලික හේතුව , එහි මට ආසාවෙන් උගනින්නට , මා කවදත් පැතූ සිංහල හෝ ඉංගිරිසි හෝ තර්ක ශාස්ත්‍රය හෝ දේශපාලන විද්‍යාව නොතිබීමය. මන්ද මා තේරෙන්නේ විද්‍යා පීටයට බැවිනි. අරුමයක් නැත , ‘ගණිත අංශයෙන් ඒ ලෙවල් කළා නම් විඳවපන් දිලෝ ‘ කියනු හැර කුමක් කියන්නද ? මේ කිසිවක් ඔබේ විධාන හෝ තීරණ නොවේ . සියල්ල තීරණය වන්නේ , මගේ මානව අයිතීන් වෙනුවෙන් සටන් වදින්නට මට තිබු කම්මැලිකම සහ දෙමාපිය ආධිපත්‍යය මතය.
කෙසේ හෝ මම 2003 සරසවි පිවිසෙමි. පේරාදෙණි සරසවිය අනිකුන්ට සහ අනිකියන්ට තාරුණ්‍යය විදින්නට තෝතැන්නක් වෙද්දී , මට එය academic සිරගෙයක් වෙයි. දේශනයක් ඉවර වෙන පරක්කුවෙන් ගෙදර දිව එන මට , මෙහෙම ගියොත් නම් මට වෙන්නේ කුමක්දැයි ඇස් ඉදිරියේ මැවී පෙනෙන්නට ගත්තේය. එහෙයින්ම මට ආයිමත් අම්මාගේ පිහිට පතන්නට සිදුවෙයි. ආස සිංහලය කරගන්නට බැරි වුවා නම් , දෙවෙනියට ආසා පරිගණකය දෙසට හැරෙන්නට මම තීරණය කරමි. ඒ තීරණය කෙරෙහි මගේ ප්‍රථම ප්‍රේමයද බලපෑවේය. හමුවන්නට ඉඩක් හසරක් නැති , දෙතැනක වේලෙමින් තිබු ප්‍රේමය සති අන්තයේ මල් පල ගන්වන්නට , BCS සති අන්ත පන්තිය මග පාදා දුන්නේය. එයිනික්බිති ජීවිතය කොතරම් වෙනස් විද යත් වෙලාවකට BCS සමග පවා තරහක් ඇති වන තරමේ මානසික පිඩනයක් ඉතිරි කල ප්‍රථම ප්‍රේමය ගැන අපි කතා නොකරන තරමට හොඳය.
ඉතින් අපි ආයිත් BCS වෙත හැරෙමු. මේ ලිපිය ලියන්නේ BCS වල ගුණාගුණ කියන්නටද නොවේ. BCS නිසා මට වූ හොඳ නොහොඳ මඩේ දමන්නටද නොවේ. අද මා යම් තැනක සිටීද ඒ BCS නිසාවෙනි. එසේ නොවන්නට මේ මොහොතේ මට මේ ලිපිය ලියන උපාංගයද නොතිබෙන්නට ඉඩ තිබිණ . එදා BCS කල කාලයේ හොටු කෙල්ලෙකු වූ මා හා අද සිටින මැදිවියේ ගැහැණිය කොතරම් වෙනස්ද ? මම සිතමින් සිටිමි.
මගේ පවුල් පසුබිම හොඳින්ම දන්නා ඇත්තන් , අප කොතරම් යමක් කමක් තිබු උදවියද යන්න මෙන්ම එම කියූ “ යමක් කමක් “ ඇසිල්ලකින් අහිමි වුයේ කෙසේද යන්නද හොඳ හැටි දන්නවා ඇත. ඉදින් එහෙවු වාතාවරණයක් යටතේ මා අම්මාගෙන් BCS කරන්නට අවසර ඉල්ලන්නේ බයෙන් බයෙන්ය. මන්ද , කියන තරම් කරන එක ලෙහෙසි වුවද , ගෙවන එක නම් ලෙහෙසි නැති බව ( වෙසෙසින්ම තනි පඩියකින් නිවස නඩත්තු කල ඇයට ) මා දැන සිටි බැවිනි.
එහෙත් ඇය එය අභියෝගයක් ලෙස භාර ගනිද්දී මගෙන් අසන්නේ එකම එක දෙයකි.
“ඔය කොලිෆිකේෂන් එක කරන එකෙන් ප්‍රයෝජනයක් තියනවා කියල ඔයා හොයල බලලනම් තීරණේ කලේ පුතේ ,ඔයා කරන්න එක. සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා , මම එක බලාගන්නම් .. “
කියන තරම් කරන එක ලෙහෙසි නැති බව මා නො දැන සිටියා නොවේ. එහෙත් ඒ BCS නම් නොවේ. මගේ හයිය හිතට , BCS හොඳටම කර ගත යුතු අධිශ්ටානය මතු වන්නේය.
අධිශ්ටානය ඇගේද මගේද බලවත් වෙද්දී සරසවි සිසුවියක වී සිටි මාද ඇයට සවියක් වන්නට අමතර ආදායම් මාර්ගයක් හොයන්නේ එලෙසිනි. රුපියල් හාරසියය බැගින් වූ පුංචි ටියුෂන් පන්ති දෙකකටත් , රුපියක් එක් දහස් තුන්සියයක් වූ ශිෂ්‍යධාරයටද මගේ මාසික ගමන් බිමන් කෑම වියදම් පියවන්නට හැකි වන්නේ එලෙසිනි. එලෙස ගෙවී යන මගේ සතිය ගැන ඔබට සිතා ගත හැකිද ? සතියේ දින පහ සරසවි යන මම , සති අන්තය BCS පන්ති යමි. එහෙන් මෙහෙන් සදා ගන්නා ඉඩ හසරක මගේ පුංචි ටියුෂන් පන්තියද කරමි. අතමිට සරු වූ දිනක පමණක් රුපියක් 42ක් වූ ෆ්‍රයිඩ් රයිස් එක දෙකට බෙදාගෙන කැ අපේ හොස්ටල් අතීතය මගේ රුමිට නම් මතක බව දනිමි.
මම BCS කල කාලයේ මටම කියා කොම්පියුටරයක්ද තිබුනේ නැත. පෙළ පොත්ද නැත. recommended text books ගන්නට ආසා වූ නමුත් එයට අවකාශ කොයින්ද ? නමුදු පේරාදෙණි පුස්තකාලය මගේ පිහිටට ආ බව කියා යුතුය. එහි නොතිබූ පොත් ගැන පිහිටට ආවේ තාත්තාගේ ක්‍රෙඩිට් කාඩ් එකය. Roger s pressman ගේ software engineering පොත අරන් දෙන්නට තාත්තා වූ මහන්සියට මට කල හැකිවූ එකම පින් පැමිණවීම , උදේ දවල් රෑ නොබලා ඒ මුළු පොතම වන පොත් කිරීම පමණකි. මා එහි ලියු සටහන්ද සමග , මගේ එම පොත් පිටපත අදද නුවර ඊසොෆ්ට් පුස්තකාලයේ ඔබට දැකිය හැකිය.
BCS කල අය , එහි විභාග ගාස්තු ගැන දන්නවා ඇත. පාඨමාලා ගාස්තු ගෙවීමෙන් අනතුරුව විභාග ගාස්තු ගෙවන්නට ඇති ඉලක්කම් ඇසෙද්දී අම්මාටද මටද තරු පෙනුනේය. තවදුරටත් BCS කරම්දෝ නොකරම්දෝ කියා මා සැලෙද්දී , සැලුනේ ඇය නොවේ. ඇගේ අත කණ කර ඉතිරිව තිබු රන් අභරණ වලට එතැන් පටන් නිවනක් නොතිබුනේය. මගේ විභාග ගාස්තු ගෙවන අවදියට , ටවුමේ උකස් බැංකුවට සම්ප්‍රාප්ත වන එම අභරණ , මාස කිහිපයක අම්මාගේ ඉතිරි කිරීමේ ඇවෑමෙන් යලි නිවසට වැඩම වන අතර , තව මාසයකින් දෙකකින් යලිත් උකස් කාසි වලට හුවමාරු වී බැංකුගත වූ හැටි මට අදද මතකය . විභාග ගාස්තු කලට වෙලාවට ගෙවාගත නොහැකි වෙතයි බියෙන් වෙලුනු මා BCS අවසන් අදියරට එද්දී ඉහල නැගුනු පාඨමාලා ගස්තුවද විභාග ගාස්තුවද දැක හුස්ම හිර නොවුනා පමණය. මම තීරණයක් ගතිමි. එක අමාරු විෂයකට පමණක් පන්ති ගත වන මා , තනිව ඉගෙන ගන්නට තීරණය කරන්නේ මගේ සරසවියෙද අවසන් වසරේහිය.
Pressman ගේ පොත නම් හරිය කියමු . දැන් කොහෙන්ද ඉතුරු විෂයන්ට පාඩම් කරන්න පොත් ??? මගේ පිනට , දෙවියෙක් මගේ පිහිටට ආවේය. ඒ විකුම් සර් ය.
“දිල්ෂාරා ඔයා පන්ති යන්න ඕනේ නැහැ. මම මගෙයි ඉන්දිවරිගෙයි පොත් ටික දෙන්නම්. අමාරුම කොටස් ටික විවේක වෙලාවක කියල දෙන්නම්.. විබාගේ ඉවර වෙලා පොත් ටික දෙන්න.”
වෙලාවට අපේ කාලයේ මෙහෙවූ දෙවිවරුන් දේවතාවුන් සිටියෝය. විකුම් සර්ගේ සහ ඉන්දීවරී අක්කාගේ පොත් පත් ට්ටිකට සහ කරුණාවට පින් සිද්ද වන්නට මම අද මෙතන ය. ඔවූනට නැවත නැවතත් පින් !
සරසවි අවසන් සෙමෙස්ටරය ඉතා තීරණාත්මක වෙයි.වසර හතරක ප්‍රථම ප්‍රේමය නිර්දය ලෙස වංචාකාරී මතක ඉතිරි කරමින් මා හැර යන්නේ මා මේ සියලු අතෝරයන්ගෙන් පිඩා විඳින සමයේය. එයින් මට සරසවි ගමන එපා වෙයි. දේශන වලට සහභාගී නොවී ප්‍රයෝගික පන්ති වලට පමණක් සහභාගී වෙන්නට මම සිතට ගනිමි. එහෙන් BCS පන්ති අහිමිව තනිව උගනිමින්ම , සරසවි විෂයන්ටද, ජිවිතයටද තනිව මුහුණ දෙනු වස් මම නුවර අතහැර කොළඹට පලා යමි. ඒ, හා පුරා කියා රැකියාවක් කරන්නටය.. IDM එකට මුහුණ දිය නොහැකිය. ප්‍රේමය අහවරය. මතක එහෙමමය. යමින් සිටි එකම පන්තියද මම අතහැර දමමි. මම කොළඹ යමි. මම ගුරුවරියක්ව සිටිමි. උගන්වමි. නුවර එමි. සරසවියට අකමැත්තෙන් යමි. කලයුතුම අනිවාර්ය ප්‍රයෝගික පන්තියට යමි. ගෙදර එමි. 2006 මාර්තු 31 දා පළමු වතාවට මම රුපියක් දහ තුන් දහසක වැටුපක් ලබමි. එයින් අම්මාට අරන් දුන් සාරිය අම්මා අදද අඳින්නිය.
විශ්ව විද්‍යාල විභාග කාලසටහනත් සමග මම යලිත් කඩා වැටෙමි. BCS විභාගයත් , සරසවි විභාගයත් එකම දින වල යෙදී තිබෙයි. ලක්ෂයකට ආසන්න විභාග ගාස්තු , අම්මාගේ උගස් තැබූ රන් අබරණ , මාස ගණනක මහන්සිය ඉදිරියේ මා කෙලෙස ඇද වැටෙම්ද ? කෙලෙස විභාගය අත හරින්නද ? හිතේ හයිය හැමටම වඩා බලවත් වෙයි.
මම අපේ ෆැකල්ටි ඩීන් වෙත යමි. අඩමි , වැලපෙමි. සරසවි එනවාට අමතරව බාහිර උපාධි කිරීම කිසිදු සරසවි ඇදුරෙකු සතුටින් බාර ගන්නා සත්‍යයක් නොවේ. එහෙත් යලිත් වතාවක් දෙවියෙකු මගේ පිහිටට එන්නේය. ඒ අපේ ගණිත අංශ ප්‍රධානි මහාචාර්ය ෂෙල්ටන් පෙරේරා ගුරු දෙවියන්ය. ඔහුගේ කරුණාවන්ත බවට පින් සිදු වන්නට , විභාග දින ලිහිල් කර දුන්දා ඔහු මගෙන් එක පිලිණක් කොට ගති.
“Dilshara, this is the first and last time we change a faculty time table because of a private degree. make sure you dont promote this qualification inside the faculty”
ඊලගට ප්‍රශ්නය ? අලුත ගිය රස්සාවෙන් නිවාඩු ගන්නේ කොහොමද ? පාලනාධිකාරය කල් තියා දැනුවත් කොට තැබූ බැවින් , මට විභාග දින පමණක් , පඩි රහිත නිවාඩු අනුමත වෙයි. (අතරමැදි දින මා සේවයට ආ යුතු බව ඔවුන් සපත කරති ) . හිතේ හයිය සියල්ලට වඩා බලවත් වෙයි. ජීවිතය මීටද වඩා අභියෝග මගේ අනාගතයෙහි පෙළ ගස්සා තිබෙන බව මා එදා 2006 හි දැන සිටියා නම් ???
2006 අප්‍රියෙල් 20 දින සිට මැයි 20 තෙක් මා ගෙවුවේ කෙසේදැයි මතක් වෙද්දී අදද ගත හිරිගඩු පිපෙයි. යලිදු දෙවියෙක් මට පිහිටට එයි. ඒ අප පවුලට හිතවත් රණසිංහ අන්කල්ය. මගේ මේ අපබ්‍රංස කාල සටහන අසා විමතියට පත් වන ඔහු මගේ BCS විභාගය පැවැත්වූ මධ්‍යස්ථානය වෙත මා රැගෙන එන යන රාජකාරිය , නිවසේ තිබු රථය අහිමිව ලත වන තාත්තාගෙන් භාර ගත්තේය. එකල මගේ කාල සටහන ඔබ දන්නවා නම්… උදේ පාන්දර කොලබ යමි. පන්ති වල උගන්වමි. ඇතැම් විට සවසම ආපසු එමි. මගේ රුමිය, අනුෂා මට අවැසි නෝට්ස් චයාපිටපත් කර තබන්නිය. මම කෙලින්ම එන්නේ සරසවි නේවාසිකාගරයටය. නිදන්නට ඉඩක් මගේ කාලසටහනේ නැත. රෑ එලි වන තුරු පසුදා විභාගයට සුදානම් වෙමි. පසුදා විභාගය ලියමි. ගෙදර යමි. BCS පසුදා විභාගයට ලැහැස්ති වෙමි. පැයක් දෙකක් නිදමි. අහරෙමි. යලි පාඩම් කරමි.නින්දක් නැත. පසුදා BCS විභාගයක් ලියමි. නැවත හොස්ටල් එමි. එක්කෝ සරසවි විභාගයක් ලියමි. එක්කෝ කොලබ යමි. මෙලෙස විභාග ප්‍රශ්න පත්‍ර 16ක් මම දින 25කත ආසන්න කාල රාමුවක නිම කරමි.
මා අද මෙසේ ලියන්නට හේතුවක් තිබේ. මා ඉගෙන ගන්නා සමයෙහි අපේ අම්මා කනකර උගස් කොට මට ඉගැන්වූ බවක් අද වන තුරු, මා යනු කවුදැයි මගේ මුහුණු පොත් බිත්තියෙන් විනිශ්චය කරන ඔබ දන්නේ නැත. මගේ සරසවි මිතුරු මිතුරියන්ට (ඇත්තටම මට එහෙම අය හිටියේ හතර පස් දෙනෙකි, අනිකුන්ට ) මා අත්භූත චරිතයක් පමණි .සරසවි නේවාසිකාගාරයේ රුපියක් 21 බත් එක කා , එහෙම නැතිනම් maggy එකක් දෙකට බෙදාගෙන කා ඉගෙන ගත් , ඉස්කෝල ළමයින්ට ටියුෂන් දී එදා වියදම් හොයා ගත් අතීතය ඔබ දන්නේ නැත. දවස් විසි පහක් ඇතුලත විභාග 16ක් කරමින් කොළඹ රස්සාවක් කල අතීතය මට කොතරම් අභියෝගයක් වීදැයි ඔබ දන්නේ නැත. රොබෝ ප්‍රෝග්‍රෑම් නොවූ මනුස්ස හදවත් වලට පින් සිද්ද වන්නට , ඔබට , වාහනයක ගමන් බිමන් යන , හොඳට අඳින පළඳින ගැහැණු පරානයක් පමණක් පෙනෙනු ඇත. මා අද කිසිදු ලැජ්ජාවකින් තොරව පවසන , එමෙන්ම ආඩම්බර වන මගේ අතීතයට ඔබ විස්සෝප නොවුනාට මට කමක් නැත.
වර්තමානයේ හෙවත් අපේ දරුවන්ගේ කාලයේ ගුරුවරුනි, එදා මගේ නැති බැරි කම් වලට උරණව පන්නා නොදමා , පත්තරේද නොදමා , මගේ කඳුළු කතාවට හේතු අහන්නට දෙවිවරු මා අසල සිටි නිසා අද මම මෙතන සිටිමි. ගුරුවරයකු නොවී ගුරු දෙවියකු වන්නැයි මම ඔබට ඇරයුම් කරමි. ප්‍රශ්නයම කර පින්නා ගෙන නොසිට , හේතු කාරක සොයන්නැයි මම සිහිපත් කරමි. ප්‍රශ්නයෙහි පිළියම තාවකාලිකය. නමුදු මුල කාරකය අප කිසිසේත්ම නොවිමසන කඳුළු කතාවක් විය හැකිය. කඳුලක් දෙකක් පැන්නාට, ඒ සංවේදීකම නිසා , මා දුබලයෙකයි ඔබ කියන හැම විටකම මට කට කොනකින් සිනහ යයි. පොඩ්ඩක් සැර වුනාට මා අමනුස්සයෙකු යයි ඔබ සිතන විට මට තවද සිනහ යයි. හිතේ හයිය දුබලයෙකුට හෝ අමනුස්සයෙකුට නොපිහිටයි.
මා ආදර දරුවනි , අගහිඟ කම් නිසා , ඉගෙන ගන්නට වෙලාවක් ඉතිරි නැති නිසා සුදුසුකම් ටික සම්පුර්ණ කර ගත නොහැකි වී යයි මට ඇහෙන්නට නම් නොකියන්න. ඔබට ඔන්ලයින් පොතක් බාගන්නට හෝ ගුරුවරයා එවන නෝට්ස් ටික බා ගන්නට වෙලාවක් නොතිබිනි යයි කටක් ඇර කිව හැකිද ? ඔබ එසේ නිදහසට කරුණු කියද්දී , මට කට කොනකින් සිනහ යනු ඇත. ඔබට පාඩම් කරන්නට කාල වේලා නොතිබිණි යයි නුවර කොළඹ අදටද සතියට දෙවරක් ඔබ වෙනුවෙන් යන එන මට නොකියන්න. මේ මොහොතේද කෝච්චියේ යන ගමන්ම මේ පොස්ට් එක ලියන මට ඉගෙන ගන්නට වෙලා නැතැයි නොකියන්න. ඔය සියලු නිදහසට කරුණු වලට පිළිතුරු මගේ ඉහත ලිපියය ..
ඔබේ කඳුළු මම අවතක්සේරු කළා නොවේ. ඔත්පල අම්මාට උයා කවා පොවා ඉගෙන ගන්නට අන්තිම මොහොතේ දුව එන ඔබ මම නොදැක්කා නොවේ. ගෙදර වහල අලුත් වැඩියා කල නිසා පොත් අස්ථානගත කර ගත ඔබ මම නොදුටුවා නොවේ. මල්ලී ගේම් ගසා ඩේටා ඉවර කරද්දී එසයින්මන්ට් එක කරගත නොහැකි වූ ඔබ නොදුටුවා නොවේ .පන්තියේ නිදා වැටෙන ඔබ අසනීප වූ අත්තම්මා රෝහලේ නවත්වා රෑ එලි වනතුරු තනි රැක උදේ පන්ති ආ වග නොදැනුනා නොවේ. සැර කරන්නේ නපුරු කමට හෝ තරහට නොවේ. ගුරුවරුන්ගේ ලෝකය එහෙමය.
හැම හිනහවකම පිටුපස කඳුළු කතාවක් තිබෙයි. හැම මග හැරුමක්ම සොරකමක් හෝ කපටි කමක් නොවේ. හැම අහම්බයක්ම සැලසුමක් නොවේ. විනිශ්චයන්ට බැස ගන්නට හෝ විනිශ්චයන් පල කරන්නට කලින් පලයට හේතුව විමසන්නේ නම් ලෝකය කොතරම් යහපත් වනු ඇතිද ? මේ දිගු ලිවුම , හඳ පෙන්නුම් කල කල නිකමට හෝ වටේ තරු හෝ පෙන්නු ඇඟිල්ල දෙස විමසා නොබලන තරම් පටු කල්පනාවන්ගෙන් පිරුණු මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙනි.
මගේ BCS මතක කියවන ඔබ , මගේ ජිවිතයේ තිබු අභියෝග වලින් ඔය දැක්කේ සියයට දශම එකක් පමණි. ඉතිරියද සිතුනොත් අනාගතයේ දවසක ලියන්නම්… අදට නවතින්නම් ….
.
පොඩි මැණිකේ දුම්රියේදිය – 2018 – 03 – 01 - 5.55 pm
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
දිගයි, ඒත් එක දිගටම කියෙව්වා. හොඳයි.
ReplyDelete- ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක් -
පක්ෂියා කවුද කියල හිතමින්... කොහොම උනත් , ගොඩක් ස්තුතියි.. බ්ලොග් ලිව්වා නම් , දැනුත් ලියමු නෙ ? :)
Deleteමගේ ජීවිතේ වෙනස් උන තැනක් මේ කතාව...
Deleteකොටින්ම කියනවනම් ඉගන ගන්න ආසාවක් ආයෙ ආපු කතාවක් මේක..
කියන්න වචන නෑ...💪
මේ අත්දැකීම දැම්මට පිං...
+++
ReplyDelete+++++ ස්තුති
Deleteහැබෑම ධෛර්යවන්ත කතාවක්. මට මැවිලා පෙනුනා ඒ දේවල් කියවද්දී. නූතන පරපුරට කියවන්නම වටින කතාවක්. අරක නෑ, මේක නෑ, වෙලාව නෑ කියලා බොරුවට හූල්ලන අපේ කාලේ උදවියට කොහොමද නැති දේවල් ලං කරගන්න උත්සාහ කරන්නේ කියලා කියා දෙන බොහොම විශිෂ්ඨ අත්දැකීම් සමුදායක් ඉතාමත් ලස්සනට අකුරු කරලා තියෙන එකට බොහොම පිං. එක හුස්මට කියෙව්වා මං. කාලෙකින් තමයි මම අපේ කෙනෙක්ගේ මේ විදිහේ ධෛර්යවන්ත කතාවක් කියෙව්වේ. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔයා කාපු කට්ටෙන් 10%ක්වත් කාලා නැතුව ඇති. ආඩම්බරයි අක්කේ. ඉස්සරහටත් හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඉත සිතින් පතනවා. ජයෙන් ජයම වේවා!
ReplyDeleteප.ලි - ගුරුවරයෙක් නොවී ගුරු දෙවියෙක් වෙන්න කියන එක හිතට වැදුන කියමනක්.
මේ ලිව්ව එකක්වත් බොරු නෙමෙයි. මගේ ජිවිතේට සම්බන්ද ඇය වට වෙලා ඉන්න ෆේස් බුක් එකේම මේ සම්පුර්ණ ලිපිය දැම්මේ ඒ නිසා. ඒ ගොඩ දෙනෙක්ගෙන් , කිහිප දෙනෙක් ඇතුළු මගේ පවුලේ ඇය මේ කතාව සහසුද්දෙන් දන්නවා. ඔබට ගොඩක් ස්තුතියි. මට වඩාත් දුක් විදපු ඇය ඉන්නවා ලෝකේ. එයාලත් මෙහෙම ලියාවි කියලා හිතනවා.
Deleteමං ජීවිතයේ කියවපු ලස්සනම කතාවක්... ජීවිතයේ අපි කැමති දේවල් කරන්න ඕනා කියන දේ මේ කතාව කියෙව්වම මට හුඟක් දැනෙනවා. ඔබේ අධිෂ්ඨාන ශක්තිය ඉතාම අනර්ඝයි. ඔබට ජය අක්කේ...
ReplyDeleteඔබට ගොඩක් ස්තුතියි නංගි / මල්ලි. ජීවිතය වෙනස් කරගෙන හොඳ අතට තව එක පියවරක් හරි තියන්න මේ කතාව පන්නරයක් වුනා නම් , අන්න මගේ උත්සාහය සාර්ථකයි.
DeleteYou always motivate me Miss. Respect you a lot!
ReplyDeletethanks alot dear kid ! bless you !
DeleteVery inspiring. Happy to be a part of it at some point..... Keep up the good work!
ReplyDeleteDear akka, without you and vikum sir , I am nobody today ! I mean it. you not only lent me your books , your kind heart and understanding nature made me survive at difficult times .. bless you and your family always ....
Deleteමෙතැන BCS කියන්නේ British Computer Society නේද?
ReplyDeleteමා දැන සිටියේ BCS හෝ ACS හෝ වැනි සුදුසුකම් අයෙකු ලබා ගන්නේ ඒ ඒ රටවලට සංක්‍රමණය කරන්නට කියායි.
අඩේ රසික ඒකත් දැනගෙන ඉඳලනේ.
Deleteඔව් . BCS කියන්නේ එක තමයි. හැබැයි දැන් එක සංක්‍රමණය වෙන්න අවශ්‍ය සුදුසුකමක් නෙමෙයි. ලෝකය පිළිගත් වෘත්තිමය සුදුසුකමක්. එය සම්පුර්ණ කල විට එය ගරු උපාධියකට සමාන තත්වයක් ලබනවා NVQ , SLQF , QCF , OFQUAL වැනි frameworks වල
Deleteවෙනදා දකින්නට නොලැබුණු අක්ෂර දෝෂ කිහිපයක් දකින්නට ලැබුණා. ඒවා නිවැරදි කළ හැකිනම් අගෙයි.
ReplyDeleteඔබතුමාගේ වැනි ඔවදන් මට මහත් වටිනවා. මා නිතර කරන අක්ෂර දොස් කිහිපයක් මට පෙන්වා දෙන්න. මා දන්නවා එවැනි දේ මා අතින් වෙන බව. මට එය හදා ගන්න මහත් රුකුලක් වේවි. පින් !
DeleteBCS විතරක් කලා කියලා job නෑ කියන්නෙ අැත්තද?
ReplyDeleteබොරු. හරියට කරගෙන හොඳ ලකුණු ගත්තොත් , හොඳ ප්‍රොජෙක්ට් එකක් කලොත් , ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ.
Deletemahana wenna thibe...... katath karadarayak na ne....... thama paraku na godak aya oya kama asawa hinda ne mahana novi inne aii salli passe thanhawe kela pera pera pannane..... danuma kiyena de polu parak waduna witharai iwarai.... sahathika kiyana de Tsunami yak awa witharai iwarai.... anunta hari marge penana kalin thaman kama asawa atha arala niwaradhi mawathe yana one kiyala hamuduru namak banakata kiwa..... anika balana kunuwana molaya kunuwana boku badawall asuchi me aga panuwo gahane duraaa ta gadha gahanawa marunama... egypt mummy ekak wage ape aga.. ape hithath ehemai loku mayawak mawagatha...... cancer hadicha leddu balana....... agen bagayak panuwo gahala, nodiru ahara asuchi badey purawagena pothen asuchi godak wahagena thanhawa pinawanawa iwarayak na.....kisi therumak na kasade daru mallo badala kohewath yanawa miniha kohewath harima dukkithai me badeem kiyana de... thanhaya jayathi shoko..... kisi deyak apita aithi na ma ma kiyaneth mawagath mayawak....... kana kassbawa viyasuduren ahasa balanawa wage me loke api ipadine mohothak wath ath arina epa pilikula wadanna.... me balana me thiyene oyage aga kaya.... https://www.youtube.com/watch?v=OFJrow7yaec From ahara assata balu wamane wage daganawa asuchi pitawenawa kana kana de asuchi wenawa... me kaya kunuwenawa kisi sarayak na g withe nikan hiss tin ekak wage.... hotu sema sarawa asuchi iiiya kochara pilikull da..... iganagena manayak athi karaganawa mama ann ayata wada usass kiala... duka thamai pahalata watunama... budun desuwe mahanani me loke mohodhakwath radena epa kiyala -Weer Weer sadu sadu sadu Internet eke goda piliku bawana video thiyanawa :-)))
ReplyDeletedath dira aga wakutu unada
ass nopeni sawan bidunu da
mona kawatayakda me lowa
iwarayak na thanhawa,,,,,,
- Weer Weer
අදාළ නැති ලිපියකට ලියලා තිබ්බත් මේ කොමෙන්ටුව එක කලේ අගමානුකුල මාතෘකා කියවන අයට වැදගත් නිසා. ස්තුති !
DeletePlease don't follow upper anonymous comment instructions it will make you crazy. They are negative thoughts. There's a common standard method for do that. Thank you :) about weer weer comment
ReplyDeleteමමත් bcs කරා.. එ්ත් pass වෙන්න බැරි උනා.. එ් ඉතින් මගේ නොසැලකිල්ල නිසා තමයි.
ReplyDeleteඑ් වියදම් කරපු සල්ලි, කාලය ඔක්කෝම අපතේ.. අදටත් දුක් වෙනවා එ් ගැන. තාමත් එ් වැටුන වලෙන් ගොඩ එන්න බැරි උනා..
මිස් ගෙන් ඉගෙන ගෙන තිබ්බාට අද තමයි මිස් ඉන්න තැනට එන්න කොච්චර කට්ටක් කාලා තියෙනවද දැන ගත්තේ.. මිස්ගේ කතාව කියෙව්වාට පස්සේ මං ගැන තවත් ලැජ්ජා හිතුනා. එ් වගේ ප්‍රශ්න නොතිබිලත් ඉගෙන ගන්න බැරි වීම ගැන. ඇත්තටම මිස්ව කාටත් ආදර්ශයක්. මිස්ව මුණ ගැසීමත් සතුටක්...
හොඳටම දන්නා කෙනෙක්ද මන්දා.... :)
Delete