ජීවිතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙතැයි නොබෝ දිනෙක මම ලියුවා මතකය. මේන්න කියූ ලෙසින්ම ජීවිතයේ තුන් වෙනි වතාවටත් මම කලම්බෝ ජීවිතයට ආගමනය වී සිටිමි. මගේ තීරණ වල හැටි එහෙමය . එහි කිසිම කමසෙයියාවක් නැතැයි කෙනෙකුට මතු පිටින් බලද්දී හිතෙයි. ඒත් ඒ මතුපිටින්ය . ඇතුලතින් කිඳා බැලුවොත් තැනින් තැන බොහෝ විද්වත් වැඩිහිටි සංවාද , තවත් විටෙක කුරුටු ගෑ ස්වොට් (SWOT) ඇනලිසිස් පවා තිබෙනවා දැකිය හැක්කේ එහෙමත් කෙනෙකුටය !
ඔයින් මෙයින් ඒ කෙසේ වෙතත් , ආයෙමත් ඇනෙක්සි ජීවිතයකට අවතීර්ණ වූයෙමි. ඒත් මේ වතාවේ , නිස්කලංක, ගහකොලින් සුසැදි , නිහඬ වටපිටාවක , අහස සිඹින තුන් වෙනි තට්ටුවකට සිහිල් තැනක නැංගුරම් ලන්නට වාසනාවන්ත වීමි. මගේ මුල්ම කොලඹ බෝඩිම වූ රජගිරියේ සුනීතා ඇන්ටිගේ නවාතැනෙහි ,ඇගේ පින්බර ආදරනීය අම්මා කෙනෙකුගේ වැනි දයාබරත්වයත් අන්කල්ගේ තාත්තා ගතියත් මධ්‍යයේ වුවද , පාරට නුදුරු දුහුවිලි වලින් වැසී යන නිවසෙහි උණුසුමෙහි තිබූ පීඩාවත් සිතට එයි. උණුසුම දරාගත නොහැකිව රෑ එකට පවා නාන එක ඉවසන් හිටි ඇන්ටිලාට මගේ ප්‍රණාමය!
මෙවර මගේ ඇනෙක්සි ජීවිතය කුඩා කාමරයකට සීමා නොවී හින්චිත්තන් ගේ පොඩිත්තක් දක්වා වර්ධනය කර ගතිමි. කුඩා නිවසකට අවැසි පොඩි පොඩි ගෘහ හා විදුලි භාණ්ඩ ටික මා සපුරා ගන්නේ නුවර ගතකළ තුන් අවුරුදු රැකියාවෙන් කළ ඉතිරියට පින් සිදු වන්නටය !
නැවේ රැකියාවෙනුත් සමුගෙන සිය වයස්ගත බිරින්දෑගේ බයිපාස් සැත්කමෙන් දුර්වල වූ හදවත සුවපත් කරමින් ඈ හා දවසම ගෙදෙට්ට වී ගත කරන වයස්ගත යුවලක් මට අනෙක් පස නිවසෙහි වෙසෙති. ජීවිතයේ සැඳෑ සමයෙහි ඔවුන්ගේ සතුට , ස්කයිප් හරහා මුණුබුරන් දැකීමය . ජීවිතය ගැන පහන් හැගුම් යලිත් මතුව එන්නට, අනාතුර ( අඩු ගානේ ටිකක් හෝ අනාතුර) මිනිසුන් වට කරගෙන සිටීම යහපතකි.
බසයෙන් බැස ඇවිද එන කුඩා දුර ප්‍රමාණයෙහි ෆුඩ් සිටිය ඉදිරිපස හිඳ සිටින තරුණ මවත් , ඈ ඇකයෙහි , 'අම්මාට හරි හම්බ කරගන්නට නිමිති සපයන' රූබර පොඩිත්තාත් පසු කර යමින් මට දැන් සුසුම් හෙලිය හැකිය. ඉඳ හිට ඇගෙන් හඳුන් කූරු පැකැට්ටුවක් ගන්නේ බුදු පහන් දල්වන්නට නොව , සාරි වල වාටි පුච්චන්නටය.
පසු ගිය සති අන්තය ජීවිත කාලයේ නිවාඩු තිබූ දුලබ සති අන්ත වලින් එකක් වූයේය ! ඒකට පින් සිදු වන්නට , ගෙදරින් ගෙනා හාරසියයක් පමණ කතා පොත් කොටස අස් කරමින් මම තෘප්තිමත් වරුවක් ගෙවූයේ කලකට පසුවය .
ජීවිතය මෙසේය. ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වී ඇත්තේ කෙබඳු කලක්දැයි නොදනිමි. කඳු මුදුනට නැග ජීවිතයේ උස බැලීමි. (ඔබට මතකද?) එය බොහෝ උස් කඳු අතරෙහි චූල කඳු මුදුනක් බව සැබවි. උත්සහය විසින් මා තෘප්තිමත් ව්‍යවසායිකාවක කොට ඇත්තේය. ජීවිතය දෙස අමනාපයෙන් නොව පහන් සිතින් බලා සිටිමි. නොමැකෙන මුහුණු ඇතිනම් එකකි. එය බිත්තියෙහි අලවා තැබිය යුතු නැත්තේය . එය නිබඳ හද මුද්‍රාවක රවුමට නෙලා තිබේ.
මම ජීවිතය දෙස බලා සිටිමි. ජීවිතයේ උස බලන්නට කඳු නැග බැලූ අවසන , දිග පළලත් බලනු රිසිව ගංගාව දිගේ ගල්පර වල හැපී , නැගිටිමින් , පිහිනා යන්නට උගනිමින් සිටිමි. තනිව පිහිනීම සැබවින්ම මා අරඹන්නට දශක තුනකුත් ඉක්ම යනතුරුම සිටි බව පසක් කොට සිටිමි. මෙතෙක් මව් ඇකයෙක කිරි දරුවෙක් මෙන් ජීවිතය යදිමින් හඬා වැටුනු බව පමණක් පසුතැවිල්ලෙන් සිහිපත් කරමි.
එම්බා ජීවිතය , මෝය කටෙහි බලා හිඳින්න , මා පිහිනන්නට උගෙන , පිහිනාගෙන කවදා හෝ සයුර දකින්නට , මේ දුර ගෙවා ගෙන එන්නෙමි.
මේ දවස් වල වැස්ස නිසා සීතල. රස්නේ කාලේ ආවම බලන්නකෝ වැඩේ හැටි! :-D
ReplyDeleteහපෝයි ...කිව්වත් වගේ.. එනවා එනවා රස්නෙ කාලෙ. මේ දැණුත් තැම්බෙනව ! :(
Deleteනුවර දාල කොළඹට යන්න නම් හිතක් නෑ....
ReplyDeleteඒත් සමහර වෙලාවට මේ කොලඹ ජීවිතේ හරි සැහැල්ලුවක් තියනව...
DeleteUdin penena deyata hathpasinma wenas yata hitha... "hithuwa madi mama pasukara yanna"
ReplyDeleteObata mathaka nethi unata adawage mathakai mata..
me kavuda ??? :D
Delete/* කඳු මුදුනට නැග ජීවිතයේ උස බැලීමි. (ඔබට මතකද?) */
ReplyDeleteමට මතකයි මී හරකෙක් අනින්න ආපු කතාවක් නම්!
අලුත් ජීවිතේ ට මගෙන් සුභ පැතුම්.
ආ මේ තියෙන්නේ ඒ කතාව . මේක මීහරක් එක නෙවි වෙන එකක්
Deletehttp://sansaare.blogspot.com/2011/07/blog-post.html
ජීවිතය අලුතින් පටන් ගන්නවා කියන එක අභියෝගයක් ,මොන තැනකින් පටන් ගත්තත්, එත් කල නොහැක්කක් නොමැත
ReplyDeleteහ්ම්ම්ම්....
Deleteඔබ දන්නවා මා කියන දේ.
එහි අලුතින් පටන් ගැන්මක් නැත. තනි අතින් අත්පුඩි ගසනු නොහැකියෙන් , තනි අතින් ජීවිත බර දරාගෙන ඉදිරියට හෙමි හෙමින් ගාටමි.
දෑත නැමැති සංකල්පයට අයුබොවන් !
කොළඹට නැවත දන්වන තුරු හදිසි නිතිය.. :D
ReplyDeleteඵල ඵල අපිට කෝචෝක් නොකර :)
Deleteඑව්ව එහෙම තමයි බං...ජීවිතේ කිසිම දෙයක් ගැන ඉස්තිරව කියන්ට බෑ. ආයම කොළඹට එන්ට වෙයි කියල කවදාවත් හිතුවද?... නෑනෙ...හෙහ්,හෙහ්, ඒත් ආයම එන්ට උනා...Never say never again...කියල ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකකුත් තියෙන්නෙ...
ReplyDeleteබ්ලොග් එකේ අලුත් මුහුණුවර නම් නියමයි. අර කලින් තිබ්බ එහෙ මෙහෙ දුවන අකුරු වැල්..මල් මාල එහෙම නැතිඋනාම තියෙනව අමුතු Matured Look එකක්. එහෙනම් My best wishes for your new life in Colombo!!!
ඒක නම් ඇත්ත රවි අයියෙ. ජීවිතේ මාර මෙවුවා එකක් . ජීවිතේ ආයි ආයිත් එකම දේ වෙනව ! ඒවාට මූණ දෙන එක මහ කරච්චලයක් වෙලාවකට !
Deleteස්තූතියි .. සංසාරේ අපි දැණ් ලස්සනයි නෙවද ? චාම් නේහ් ???
මේ බ්ලොග් එකට අදයි මම ආවේ. මේ ලියන විදිහට මම කැමතියි. වෙනස්.
ReplyDeleteහඳුන් කූරු...සාරි වාටි// මට හිනාත් ගියා.
හෙ හෙ. ස්තූතියි.... ආයිත් එන්න ...
Deleteහිනා වීමෙන් තර වේ... :)
වැරදිලා හරි මහපාරක දකින්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් අපිට. ආසයි මම නං ගෙදරම දර්ශන තලයක් දකින්න. දැක්ක පළවෙනි පින්තූරෙන්ම මගේ හිත නම් ගියා.. පිළිවෙලයි. මට කොළඹින් ඔහොම තැනක් ගන්න වෙන්නෙ නෑ. මම කොළඹ ඉන්න නිසා. මොකද කියන්නෙ මම යන්නම් නුවර :D කෝම වුණත් අලුත් ජීවිතේට ගොඩක් සුබ පැතුම්!! ඔයාගෙ ජීවිතේ ගලන හැටි හරිම අමුතුයි. ඒත් ඒ අමුත්ත ලස්සනයි... ඒ තමයි ජීවිතේ හැටි. ඇත්තටම සතුටින් ඉන්න... ජය වේවා!!! ගෙදර බලන්න ආසයි :D
ReplyDeleteස්තූතියි නගා. වෙලාවක මෙහෙ එන්න :)
Delete// මෙතෙක් මව් ඇකයෙක කිරි දරුවෙක් මෙන් ජීවිතය යදිමින් හඬා වැටුනු බව පමණක් පසුතැවිල්ලෙන් සිහිපත් කරමි. //
ReplyDeleteඔබ සිතූ පැතූ දේ කවදා හෝ ඉටුවනු ඇත. ඔබට හොඳක්ම වේවා මගේ මිතුරිය.
ස්තූතියි යහපත් පැතුමට !
Delete