Thursday, December 13, 2012

[276] අස්තිර




දෙනෙතක මෙලෙක දැක පමණක එක සැණෙක
පැතුමක බියක දුක සැක දෙහදක සු‍රැක....
සිහිනෙක මිසෙක, සසරක මතකෙක නොදැක
වදනක හසක සහනෙක දැකියැක ? නොහැක

2012-12-13

10 comments:

  1. කවිය නම් පැහැදිලිව තේරුනේ නැහැ. 'ක' අකුරෙන් මතුකරලා තියන අනුප්‍රාස රසය නම් දැනුනා. පැහැදිලි කිරීමක්?

    ReplyDelete
  2. බොහොම අලංකාර පද පෙලක්...අමුතු වෙනසක් තියෙනවා නිකම් සංදේශ සාහිතය්යේ එන කවිවල ගැලපුම් වගේ...

    මෙලෙක දැක සැණෙක
    දෙහදක සු‍රැක
    මතකෙක නොදැක
    සහනෙක දැකියැක

    ලස්සනයි...

    ReplyDelete
  3. තිසර

    කවියක තේරුම ලියන එක එච්චර හොඳ වෑඩක් නෙවි. ඒත් ඉල්ලීමක්නෙ...

    දෙනෙතක මෙලෙක දෑක පමණක එක සැණෙක

    එක පාර ඈස් දෙකක් හමු වුනාම එහි ඈති ආකර්ශනය දුටුව පමණින්

    පැතුමක බියක දුක සැක දෙහදක සු‍රැක....

    අලුත් ප්‍රාර්තනාවල් ගොඩ ගසාගෙන , එයින් පසු දුකෙන් තෑවෙමින් හදවත් දෙකම රිදවමින් ජීවත් වෙමින් ....

    සිහිනෙක මිසෙක, සසරක මතකෙක නොදැක

    එලි නොවෙන ප්‍රාර්තනාවක් පමණක් හදේ තබාගෙන , එහෙත් කිසිදා සිදු නොවෙන දෙයකට අර අඳින... බන්ධනයක ....

    වදනක හසක සහනෙක දැකියැක ? නොහැක

    කතා කරන වදනක් පාසා ම් හිනහවක් පාසා සැනසීම වෙනුවට අසහනය ලඟා වෙයි...

    කොටින්ම කිව්වොත්.... ප්‍රේමයෙන් නොබැඳී ,,, ආකර්හ්ස්නයට වහල් වී .... ආදරය කරන එක .. මහා වේදනාවකි...

    මට හිතෙන හැටි :)

    ReplyDelete
  4. ස්තූතියි රතී... මගෙ පරන පද පෙලුත් කියවන්න ආරාධනා කරමි :)

    මේ මම ලිව් කවි වලින් මම ආදරය කරා කවියක්...

    http://www.sansaare.blogspot.com/2012/05/248.html

    ReplyDelete
  5. කවියක තේරුමක පැටලුමක !!

    යාන්තන් තේරුම ලියලා.

    ReplyDelete
  6. ලස්සන අදහසක් ව්‍යංගයෙන් කියවෙනවා නේද? හරිම ලස්සනයි. ප්‍රේමය සදාකාලික වේදනාවක් තමයි නංගි. ඒක වෙන්නෙ උපාදානය නිසාමයි. අපිට දුක ගෙනෙන්නෙ මේ බැඳීමම තමයි.

    ReplyDelete
  7. http://piyumvila.blogspot.com/2012/12/7.htmlවෙලාවක ඇවිත් යන්නකො.

    ReplyDelete
  8. //කවියක තේරුම ලියන එක එච්චර හොඳ වෑඩක් නෙවි. //

    අනිවාර්යයෙන් පිලිගන්නවා. හැබැයි මම හිතනවා කවියක තේරුමක් කිසි ආකාරයකින් හිතාගත නොහැකි වූ විට, අත්හැර දමනවාට වඩා අහලා දැන ගන්න එක හොඳ දෙයක්. අනික කවි ලියන්නට කියවන්නට ගොඩක් කැමති මම වගේ කෙනෙකුට යම් තරමකින් අත්වැලක්.

    බ්ලොගයක පිටෙක කවියක අරුතක නොදැක
    අහනෙක මිසක වෙනතක යාහැක? නොහැක

    ඉතින් බොහොම ස්තූතියි තේරුම ලියා තැබුවාට :)

    ReplyDelete
  9. නෙතක හමුව පෙමකට ඇරඹුම වේනම්,
    පෙමක පිරි සෙනෙහෙ මතු අත්වැල වේනම්,
    හදක සපිරි පැතුමක සිහිලක වේනම්,
    කුමක බියවම්ද පෙම්සිල නොසිඳේනම්,

    Well I know…. that’s exactly the dilemma…isn't it now Dil? :) :)

    ReplyDelete
  10. ගොඩාක් ස්තූතියි මේ පද හතරට මෙතරම් සොඳුරු ප්‍රතිචාර ලියූ ඔබටලාට :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->