[280] නොහික්මුණු කමට
සිතුවිලි ඔන්චිල්ලාවක
පැද්දෙනවා නොහික්මුණු හිත..
ඇවිත් ආයිත් පොළොවට ...
බලා යනවා ඉඳහිට දුක සැප ..
නිතර බිමට නාවට ..
කිසිත් අමනාප නම් නැත...
සන් කරන තෙක් වෑහි බීරුම ,
නැග ඉඳින් වළාවක් පිට ..
අහස කළු වී එන කොට,
සමුදී බැස වලා යහනින ......
කල්තියා ආවොත් පොළොවට ,
එදා හුන් බිල සොයනු හැකි වෙත...
ඉඳහිට වැහි පොදටත් තෙමෙන
දිරාගිය විල්ලුද ඇතිරිලි රැඳුන .....
කාලය මහලු කළ උස් තුරු දෙකක ...
අතොරින් අනාතුර සුව ඇත තවම .....
.
.
.
2012 - 12 -26 ..
මහලු උස් තුරු දෙකට සෙනෙහසින් ....
මට හිතුණේ අල්තිනායිට අඬගහන පොප්ලර් ගස් දෙක කියන කතාවක් වගේ... හරිම ලස්සනයි... :)
ReplyDeleteඋස් තුරුමුදුනකට ගියාමඈත පේනවා නේද?
ReplyDeleteස්නයිපර් කාරයෝත උස් ගස්වලට නැගලා ඉන්නවාලු දවස් ගනන් නොකා නොබී...
නිලඹර පියාඹන,
ReplyDeleteකිරිලිය ප්‍රේම ගී ගයමින,
අහස මේ කුළු සපිරුන,
ගුගුරමින් වැසි එන සඳ,
තුංග තුරු යුවල මහළුය,
එහෙත් විසල් වූ අතුපතර,
සෙවණ සුව ගෙන දෙත,
කිරිලිය අතු පතර සැඟව ගත,
මහළු තුරු ඈ වැළඳ ගත.
Don’t be afraid to fly away to your hearts content, if you always have someone to fall back to…..
මට මතක් උනේ මහලු වයසෙ ඉන්නා දෙමාපියන් වගේ. ඒ අයගෙ ජීවිතත් මේ වගේ.
ReplyDeleteමට මතක් උනේ මහලු වයසෙ ඉන්නා දෙමාපියන් වගේ. ඒ අයගෙ ජීවිතත් මේ වගේ.
ReplyDeleteජීවිතෙත් මේ වගේද හිතුනා...
ReplyDeleteඅගෙයි නිමැවුම. හිතන්න පැති ගොඩක්ම තියනවා මේ නිර්මාණයේ
ReplyDeleteලස්සනයි අරුත්බරයි කවිය..සමහර විට අපේ ජීවිතේ යථාර්තයත් මේ ලෙස ද කියා සිතනවා.
ReplyDelete"කාලය මහලු කළ උස් තුරු දෙකක ...
ReplyDeleteඅතොරින් අනාතුර සුව ඇත තවම ....."
ලස්සන පද අතර ....
සැගව ඇත අරුත ...
හදවතට ලං වන්ට ...
හැකි වුනා කවි පෙළට ...
Bohoma lassana nirmanayak..
ReplyDeleteSithanna boho dhe idiripathkara tibenawa..
Jayama Wewa !!!
දෙමව්පියෝ සිහිපත් වෙලා වගේ....
ReplyDelete