Monday, December 31, 2012

[281] තෘප්තිමත් වූ 2013ක් උදෙසා. ...


 පසුගිය ජනවාරි 1 දා මා කියූ සේම , මම ජීවිත තෑග්ග ඔබා නොබලා ලිහා බෑලුවෙමි. එහි බොහෝ හුරුබුහුටි තෑගි බෝග එකිනෙක හැංගී ඇති බව මම පසක් කළෙමි. මෙතෙක් හිත නොනැමුණු නව අදහස් උණා ආවේ අලුත් පාරකට මග ලකුණු පෙන්වමිනි. 

පෙර සේම , හෝ ඊටත් වඩා මම ප්‍රමිතියෙන් තොර කෙල්ලක වීමි. ජීවිතය මුහුකුරා යද්දී මට පෙනෙන පාට වෙනස් වූයේය. මට දෑනෙන ගඳ සුවඳ වෙනස් වූයේය. ඒ සමගම මා දකින මගද , මට මග පෙන්වීමේ අවස්ථාවද එලි පෙහෙලි වූයේය. එහි ප්‍රතිපලය වූයේ ලිහා බෑලූ පොදියෙහි තිබූ හරබර සොඳුරු අත්දැකීම්ය.  

සිරිපාදේ කඳු මුඳුනෙහි යටිපතුල විජයග්‍රාහී තුන් වෙනි වරටද පින් සිතින් ස්පර්ශ කළෙමි. ඒ සොඳුරු මිනිසුන් ඇසුරෙහි මීවිතක් ඉහිරෙන පරිද්දෙන් නිරායාසයෙන් නිදෑල්ලේ සන්තෝසයෙන් ජීවිතය ගලා ගියේය. 

අවුරුද්දේ මුල් භාගය ගෙවී ගියේ ප්‍රමිතියකින් තොර මා හදවත තුල බොහෝ සැණකෙලි මවා විචිත්‍ර සිතුවමක් වියා දමමිනි. 

වැඩ වැඩ වැඩ අස්සේ මට දවස් තුන්ස්ය හැටපහක් වේගයෙන් ගලා යන'යුරු  දැනුනි. එහෙත් ලැබෙන හැම අවසරයකම මගේ විවේකය වූයේ කන්දක් බඩගාමින් හෝ ජීවිතය විඳීමය.  මම කිසිසේත් ජීවිතයෙන් බැහැර වී නිස්කලංකේ සිටීමට නොසිතූ හෙයින්ම ජීවිතය සමනල පියාපතක් මෙන් වෛවර්ණ වූයේය. එහි අත්දැකීම් පිරීතිරී තුබුනේය. 

එහෙත් සමනලයකුට වුව දලඹු කෝෂයක පොඩි පහේ පරිවාස ගුහාවක දඬුවම් විඳීමට සිදුවේ.  අග භාගයෙහි මටද එයම වූයේය.

ඉතා කෙටි කලකට ජීවිතයක් නොවූ ජීවිතයක් මට තිබිණි. එහි තිබූ ව්‍යාජය නිරන්තර මගේ සිත රිදවී... ස්ව කැමැත්තෙන් කූඩු වන්නට රිසි නොවූ මුදු, එක් ව්‍යාජ හස්තයක් විසින් මා නොදැනීම , විඳීම් ඉන්ද්‍රජාලිකයයි බැහැර කරන කූඩු පොඩිත්තකට ඇතුලු කොට තිබුනේය. කිසිදු ප්‍රමිතියකින් තොර වූ නිදහස් පිහාටුවක් වූ මා හිස් ගෙඩිය මතට එක වරම සාන්ද්‍ර ජල බින්දුවක් වැටී බරවී ගියාක් වැනි වීය... එහි බරෙන් මම මුවින් නොබැණ ඇඹරුනෙමි. මුහුණ ඇඹුල් කළෙමි. ඒත් මගේ කූඩුවේ දොර ඇරී තුබුනා මිස කූඩුවත් සමග ජීවිතය මා ඉගිල ගිය ඉසවු කරා ස්ව කැමැත්තෙන් ඉගිළ නොගියේය. ඉගිලීමට මෙන්ම තව ජීවිතයක් ඉගිලීමේ පෙරහුරුවට ලක් කිරීමේ වෙහෙසින් අවසන මම පරාජය හෙවත් මගේ නිදහසේ රස බලන්නට තීරණය කළෙමි. 

ජීවත් වීම සිරගෙයක් නොවේ. ජීවිතය කියන්නේ කරුමයක් වන්නේ කරුම විපාක ගෙවීමෙහි හිත දක්වන කැමැත්ත තුලය. 

ගෙවුනු වසර 2012 , සිත පිරුනේය. සිත හිස්වූ තැන සිත නිදහස සොයා යලිත් සන්සුන් වූයේය. පැතූ අරමුණු ලඟා වූයේය. බොහෝ තිත්ත සිදුවීම් තිබූ මුත් ඒ වෙනුවෙන් හැඬිය නොහැක්කේ , ඒ කිසිවක් මගේ පාලනයෙන් තොර වූ හෙයිනි.  

මම තෘප්තියෙන් හැරී බලමි.  අහිමි වූවා යයි හඬන්නට කිසිවක් ඉතිරි නොකොට තුන්සිය හැටපස් දිනෙක ආවර්ජනයෙහි , සිත කය වෙහෙසී නිරන්තරයෙන් වැඩ කළ සතුට උඩ පනියි. එක තත්පරයක් හෝ , නිවාඩුවක් හෝ ගණන් මිනුම් බැලීමෙන් තොරව චිත්ත තෘප්තිය උදෙසා අත්හදාබැලීම් වලින් පිරුනු වසරක් ගත කළෙමි. එයින් මා වසරකින් වියපත් වීමි.

ගෙවෙන්නට උදා වෙන 2013 යනු එතරම්ම ජීවිතයේ ප්‍රමිතියෙන් තොර ආස්වාදය තුල ගිලී සැනහෙන , කාර්යක්ෂම වසරක් වේවා !!!!! එක් මිනිත්තුවකුදු අපතේ නොයන , ජීවිතාභිලාශය පණ ගසන වසරක් වේවා !!!!!

Today isn't e New Beginning ! It is the continuation of what I began ! :-) 


14 comments:

  1. "සංසාරේ අපිටත්..." කිරි පැණි උතුරන 2013ක් ලැබේවා!!!

    ReplyDelete
  2. ජීවිතයට සීමා බාධක පනවාගතහොත් විඳීම සහ විඳවීම යන දෙවදනෙහි වෙනස අක්ෂර දෙකක් පමණක්ම නොවෙන බව ඔබටම පසක් වනු ඇති.එසේම ජීවිතය අනම්‍යශීලී , දෘඩතර ඉලක්කයන්ගෙන් ද තොර වූ තරමට විඳීම ද පහසු වනු ඇත.

    ඉලක්කයන්ගෙන්තොර ජීවිතයක් යනු කිසිසේත්ම මෙලොව උපන් කරුමය ගෙවනු පිණිස ඔහේ වැනෙන ජීවිතයක් නම් නොවේමය. මඳ සුලඟේ සැහැල්ලුවෙන් ඉපිල යන කුරුළු පිහාටුවක් මතකයට නඟා ගන්න.ඒ පාවීමේ අරමුණක් ඇත.එසේම ඒ සිය අරමුණ කරා ළඟාවනුයේ ජීවිතයද විඳිමිනි.

    ජීවිතයේ ප්‍රමුකස්ථානය දියයුතු කරුණු තෝරා බේරා ගැනීම ඉතා ප්‍රවේශමෙන් කල යුතුය. එසේම තෝරා බේරා අවසන් කොට ගත් පසු ඒ අනුපිළිවෙල එසේම අනුගමනය කිරීමටද සිත තබා ගත යුතුය.

    There are so many things out there to do,…. my dear Dil……millions and millions of things to learn,…... to teach what you know to those who look up to you….Life is all that….and much more..:) :)

    Happy new year 2013, Madam !!!!!

    ReplyDelete
  3. ජීවිතය කියන්නේ මරණයේ මාවතයි....
    නිදහසයි කියන්නේ මාවතේ ගීතයයි....

    Wish you all the best for your continued journey for freedom, at this special milestone.

    ReplyDelete
  4. සුබ අළුත් අවුරුද්දක් වේවා...................!

    මේ අවුරුද්ද අවසානයේදී මාළු ටැංකිය මදි වේවා............! :)

    ReplyDelete
  5. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  6. ඔබට සුබම සුබ වසරක් වේවා ගුරුතුමිය . ඔබට කවඩාවත් වරදින්නේ නෙ. ඔබ මගේ ජීවිතේ සැබේ ගුරුතුමියක්.

    ReplyDelete
  7. සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  8. සුභ නව වසරක් වේවා දිල්..

    ReplyDelete
  9. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
  10. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  11. 2013 සුන්දර වේවායි පතමි... ජයෙන් ජය වේවා! හදිසියෙන් ඇවිත් යන්නෙමි.

    ReplyDelete
  12. ජීවිතේ මල්. කියන්න තියෙන දේ ලස්සනට අකුරු කරලා තියෙනවා.

    ඔබට පැතුම් ඉ‍ටුවන, සිහින සැබෑවෙන නව වසරක් වේවා!

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  13. සුබ නව වසරක් වේවා!!!
    බ්ලොග් එක ලස්සනයි යාලු
    http://hithru.blogspot.com/

    ReplyDelete
  14. නිතර මෙහි විත් ආදරය මිත්‍රත්වය සහ උසස් රසය පතුරවා යන ඔබ තුමන්ලා හැමටම ගොඩාක් පින් ! :)
    සුබ 2013 වේවා!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->