"වැස්සකට ගෙදරට ගොඩ වෙනවා වගේ සැරෙන් සැරේ ජීවිතේට ගොඩ වෙන අයට ගොඩක් ආදරේ කරන්න එපා පුතේ.. පායපුවම එයාල යනවා "
(සර්පයාගේ දියනිය - උපේස්ක්ෂා නුවනශ්‍රීනි)...
එක් කුඩා වැකියක් තුල දිගු වසර ගණනාවක වේදනාකාරී හැඟුම් පිටාර ගලන්නට තතනන්නාක් සේ මට හැඟුනි... ජීවිතය යනු වැහි කුණාටු ඔස්සේ පදවාගෙන යන නෞකාවක්නම් එහි බොහෝ අඩි සටහන් , විටෙක හෘද මුද්‍රාවක් ලෙසින්ද ,විටෙක වැල්ලේ මැකී ගිය සටහන් ලෙසින්ද , විටෙක මනෝ බිතෙහි පමණක් සටහන් වූ මතක ලෙසින්ද සටහන් වූයේය.
හෘද නෞකාව බොහෝ නිසංසලේ යාත්‍රා කරන අනේක වාරයන්හි , වැහි කෝඩයන්ගෙන් රිදුම් ලත් සන්තානයන්ට සහන් එලියක් සහ සෙවනක් වීම සැබැවින්ම සමාජ සත්කාරයකි. එහෙත් සත්කාර්යයක් පමණක්ව මිස පූර්ණ කාලීන ජීවන වෘත්තියක් වශයෙන් බැඳුනහොත් , එක්තරා අවස්ථාවකදී අවදානම බොහෝ ඉහළ යයි .
වැහි කෝඩය වැටෙන තාක් සහන් එලියට බොහෝ පැසසුම් හිමි වෙයි. එහෙත් හිරු එලියෙන් උදම් වන අහස දකින සන්තානයට තව දුරටත් සමාජ සත්කාරයෙහි චමත්කාරය අරුමයක් නොවේ.. සිතින් බැඳීමේ විපාකය , සමාජ සත්කාරයෙන් උදම්ව මොහොතක් තිබූ හදවත යලි ගිඩ ගත නොහී ගිලා බැසීමමය.
ජීවිතය ආදර බැඳීමෙහි අතරමං වන කල්හි සිත බැඳුමෙහිම මංමුලා වී යයි. අවට ලෝකය , අවට දුක් සුසුම් අතෝරයන් , නොපෙනී යයි. රටේ ලෝකයෙහි සිදුවන දෙයෙහි හොඳ නොහොඳද අවධානයද බිඳී යයි. බිඳෙන එක මොහොතක් පාසා හදවතම සාපයක් බවට පත් වෙයි. අවිවේකය , අසහනය , කම්පිත බව මෙන්ම නිසි පිලිතුරක් නොමැතිවම ජීවිතය කෙරෙහි කලකිරීම , අසංවිධිත සමාජ සත්කාරයක් බැඳුමක් දක්වා දුර ගොස් විඳවීමක ලකුණුය.
රන් රස සේ එකට බැඳෙන දෙහදක , ආදරය යනු එබඳු මූඪ තාවකාලික ගනුදෙනුවක් නොවේ... දෙහද එකිනෙකා හැර නොයන්නේ... , දයානුකම්පාවේ සහ සමාජ සත්කාරයෙක අතුරු පල වශයෙන් නොවේ... යම් හෙයකින් ආදරයේ හැටි එහෙම නම් , එයට බොහෝ ආයුෂ නැත. එය දෙහදටම වේදනාවක් පමණක් ඉතිරි කොට හැර යයි.
සුජීව ප්‍රසන්න ආරච්චි ගැන අමුතු ඇල්මක් හෝ අපුලක් නැතත් , එක්තරා ඔහුගේ පොතක තිබූ මේ වැකිය මගේ සිත ඉහත වැකිය තරමටම කලකට පෙර බැඳ ගති..
'එකට පියාඹන්නෙ එක ජාතියෙ කුරුල්ලො'
ඇත්තේ වචන පහක් වුවත් , එහි කියවෙන අරුත නම් ඊයම් බරු මෙන් මගෙ හෘදය අභ්‍යන්තරයට ගිලා බසියි. සැබවින්ම සුජීව මහත්මයාට බනින්නට නොසිතෙන්නේ මේ වැකිය නිසාමය. විය නොහැකි තරම් බොලඳ ආදර ප්‍රවෘත්තීන් අතරේ පරමාදශී ආදර ප්‍රමේයයන් හම ගැසුවත්, ඔහුගේ පොත් අස්සේ මෙබඳු සරල හද බෑඳගන්නා වැකි බහුලව තිබේ....
එකට පියාබන්නට නොව වරුසාවට සෙවනකට පමණක් ගොඩවූ හදවතක් කෙරෙහි දැඩිව බැඳී මතක ගොඩ ගැසීම තුල ජීවිතයට පාඩමක් මෙන්ම අනාගතයට අඳුරු අතීතයක්ද දායාද වනු ඇත.
එක් රිද්මයෙන් නිසි නින්දේ පියා සලන සියොතුන් , එක් මහ සුලඟකින් විටෙක වෙන් කරනු ලැබුවද , අනුනාද වන එකම සියොත් සර ඔස්සේ යලිත් මොහොතකින් එම රෑනම එකට ඇදෙනු දිස් වෙයි. එකට පියාබන එක ජාතියේ කුරුල්ලන්ගේ හැටි එහෙමය. වෙනස් ජාතියෙහි කුරුල්ලන් එකට පියඹන්නේ එහෙමත් කලාතුරකිනැයි මට සිතෙයි. එලෙස පියෑඹුවත්, එක්කෝ එය වැස්ස නිමා වන තුරුම පමණකි. එක්කෝ නිහඬ අහස පරයා වැස්ස අඬා වැටෙන තුරුම පමණකි. එතැන් පටන් ඇත්තේ උන් උන්ටම අනන්‍ය වූ ගමනකි.
"වැස්සකට ගෙදරට ගොඩ වෙනවා වගේ සැරෙන් සැරේ ජීවිතේට ගොඩ වෙන අයට ගොඩක් ආදරේ කරන්න එපා පුතේ.. පායපුවම එයාල යනවා "
ReplyDeleteසම්පූර්ණ ඇත්ත මල් .. එයාල යන්නෙත් නිකන් නෙමේ .. වැස්සට ගොඩ උනු ටිකට මුලු ජීවිතකාලයක් පුරාවට නොකල තරම් කල ආදරෙත් පොඩිපට්ට්ම් කරලා දාලා.. ඒත් කවදාව්ත් ඒ ගොඩ වැදුනු කෙනාට වරදක් කියන්න බෑ.. එයා ගොඩ වැදුන විතරයි .. ආදරෙන් බැඳුනු එකයි වරද ...
"වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්, හැඩූ දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම් "
හිතට දැනුනු ලියවිල්ලක් ...
සුජීව ප්‍රසන්න අරච්චිගේ එක ජාතියේ කුරුල්ලන් ගැන කතාව, ප්‍රසිද්ධ ඉංග්‍රිසී කියමනක සුලු වෙනස් කමක් සහිත පරිවර්ථනයක් ' Birds of a feather flock together' is the English idiom
ReplyDeleteඇත්ත කතාව,
ReplyDeleteජීවිතේට එකතුවෙන හුගක් දෙනෙක් පන්සල් වගේ, ටික කාලයක් යද්දී බොදවෙලා, ලා පාට වෙලා නොපෙනී යනවා. හැබැයි පරමනන්ට් පෑනකින් ජිවිතේ ට එකතු වෙන ලියවෙනවා හරි අඩුයි.
අදමයි මේ පැත්තේ ආවේ, අද සිට දිගටම පන්නමි
Some people come into our lives, leave footprints on our hearts, and we are never the same.
ReplyDelete"වැස්සකට ගෙදරට ගොඩ වෙනවා වගේ සැරෙන් සැරේ ජීවිතේට ගොඩ වෙන අයට ගොඩක් ආදරේ කරන්න එපා පුතේ.. පායපුවම එයාල යනවා "
ReplyDeleteowa issara danan hitiyanam..Hmmmmmm
මයියෝ පරිවර්ථනය නෙවෙයි නියම වචනය පරිවර්තනය.
ReplyDeleteජීවිතේ හැම දෙයක්ම අත්දැකීමක් කරගන්න කියල මම යෝජනා කරනවා. මතකය උඩ පල්ල දදා ඒක මත්තෙ නැහෙනවට වඩා අත්දැකීමක් කරගත්තම ඒකෙ වටිනාකම වැඩියි... අනික දැන් අවුරුදු 10ක ඉඳම් පරමාදර්ශී ආදර කතා වස්තු බොහෝමත් අඩුවෙන් බිහි වෙන්නේ. ඊලඟ අවුරුදු 10 දිහා බලං ඉන්න, මගේ ඉවට අනුවනං හොඳ මිනිස්සු වැඩි වේවි...
ReplyDeleteතවත් එකක්,,, සුජීව ප්‍රසන්න ආරච්චි ගැන මගේ නම් කිසිම හොඳ ආකල්පයක් නෑ, ඔය වගේ අලුතෙන් හිතන්න පුරුදු නොකරන පොත් නිසා තමයි වැස්සට ගොඩ වදින මිනිස්සු බෝ වෙන්නේ,,,
"වැස්සකට ගෙදරට ගොඩ වෙනවා වගේ සැරෙන් සැරේ ජීවිතේට ගොඩ වෙන අයට ගොඩක් ආදරේ කරන්න එපා පුතේ.. පායපුවම එයාල යනවා "
ReplyDeleteඔය කතාවත් මුලින්ම තිබුණේ සුජීවගේ පොතක.ඔය කියන පොතේ නෙවෙයි.මන්දා ඔහොම අනුන්‍ගෙ දේවල් තමන්ගෙ වගේ ලියන මිනිස්සුන්ව මට පෙන්නන්න බැහැ.
/ වරුසාවකට සෙවණට පමණක් ගොඩවූවන්.... /
ReplyDeleteපළමුව එතැන සිට මගේ වියමන අරඹන්නට මට අවසර මා දයාබර සොයුරිය.......මෙතැන වැදගත්ම වදන් ත්‍රිත්වය වනුයේ වරුසාවකට සෙවණට පමණක් යන්නය.එතැන්හි නිතැනින්ම පැන නඟින අනුයාත පැණය වනුයේ ඔවුන් ගොඩවූයේ වරුසාවට සෙවණට පමණක්ම යන ආධ්‍යාශය සහිතව බව පූර්වයෙහි නිගමනය කිරීමෙහිලා අප සමත් වන්නේ කෙලෙසකද යන්නයි. තර්කානුකූල එකම පිළිතුර නම් එසේ නිගමනය කිරීමට සමතෙක් මෙලොව නොමැති බවය. අප කිසිවෙකු තුන්කල් දක්නා ඥානයෙන් සම්ප්‍රයුක්තව උපන්නාහු නොවන්නෙමු.
එබැවින් අපහට කල හැක්කේ සියළු දෑ සර්ව ප්‍රකාර සර්ථකව විසඳේය...මාගේ ප්‍රාර්ථනා සියල්ල එලෙසම කිසිදු අඩු ලුහුඬුවකින් තොරවැ ඉටුවන්නමෝයයිද ඉත සිතින් පැතුම පමණක්මය, ඒ සිදුවේද නැද්ද යනු අප දෛවය හෝ /හා පෙර අත් බවෙහි පාර්ථනාවන් අනුව සිදුවන්නකි. ඒ පැහැදිළිවම අපගෙ පාලනයෙන් ඔබ්බෙහි පවතින්නකි.
එබැවින් ජිවිතයේ එක් සන්ධිස්ථානයක දී අනාගතය වෙනුවෙන් මාගේ උපරිම ප්‍රයත්නය දැරීමි, ඉන් ඔබ්බට සිදුවන්න මගේ පාලනයෙන් තොරය, එබැවින් ඒ ගැන නොතැවෙමිය සිතා සිත සන්සුන් කරගත හැකි වේනම් ඒ උදක්ම අගනේය.
@ Ravi
ReplyDeleter u out of ur mind?
@LuCkY rOsE
ReplyDeletehey..
ගොඩක් ස්තූතියි රෝස්....
ඇත්ත ඒත් කවුරු හරිද වැරදිද අපි දන්නෙ නැහැ රෝස්...
ස්තූතියි
මයියා....
ReplyDeleteඅහ් ඔව් ඒක වෙන්න පුලුවන්. ඒත් අනේ මන්දා ඒ සින්හල වැකිය තරම් හිතට ඉන්ග්‍රිසි වැකිය වැදුනෙ නැහැනෙ ....
:)
මුදියන්සේ...
ReplyDeleteනියම කතාව යාලු...
පැන්සල්...
ඔවු...
පර්මනන්ට් මාකර් ප්න් වගෙ ඈයො ඉඳහඉට දකින එක හොඳා. නැතිනම් ඔය පැල්ලම් මැකෙන්නෙ නැහැ. අරින්නත් බැහැ ලේසියෙන් :) :)
exactly thisara .....
ReplyDeletewe r never the same.
but wiser we thini, we can grow with the experience , not disappoint or start hating us. :) thanks alot.
sahan
ReplyDeleteමටත් කියන්ට තියෙන්නෙ ඒකම තමා...
හෙ හෙ.
ඒත අඩුගානෙ දැන්වත් දන්නවනේ.....
හැලප :
ReplyDeleteහෙ හෙ. අනිවාර්යෙන්
පරිවර්තනය
සර්පයා
ReplyDeleteහ්ම්ම්.. සුජීවගෙ පොත් කියන්නෙ බොහෝ අතාර්කික ලෝකයක විය හැකි සම්පූර්න දෙයක්...
තාර්කික ලෝකෙ ආදර කතා වල ඔය බොලඳ කෑලි එක දෙකෙක් හෝ තියනවා තමා.. ඒත් ඔය මුලු කතාන්දරයෙම වගෙ නැහැ. හෙ හෙ.
තාර්කිකව ජීවත් වෙන එකත් පොඩි කාලෙම හිට හදන්න ඕනෙ දෙයක් මම හිතන්නෙ.... '
පොඩි කාලෙ හිටම අම්මලා ලමයින්ව සූකිරි ටින් ටින් ලෝකෙක හිර කෙරුවම .... උන් ලොකු උනාමත් හිතන්නෙ එහෙමම ලැබෙන්න ඕනෙ කියලා...
රේන් ගර්ල්...
ReplyDeleteඒක එහෙමද... අනේ මන්දා එහෙනම්.. උපේක්ශගෙන්ම අහල බලමුද > :)
ඔබ හරි රවි අයියා...
ReplyDeleteජීවිතේ දෙන අරන් යන , ආපහු දෙන , උදුරන් යන ඔය හැම තැනකට දෙස් දෙවොල් තියන්න ගත්තොත් ඒ ඇරෙන්න වෙන ජීවිතයක් අපිට නැහැ.
ඒ නිසා ....
ජීවත් වෙනකොට ඒකෙ නිසි හරය දැනෙන්න නම් අපි ජීවිතේ අරමුණු සාක්ෂාත් කරගන්න ඕනෙ.
ආදරේ කියන්නෙ ජීවිතේ කොටසක් වෙන තරමට ඕනෙම මොහොතකදී වෙන් වීම (මරණයෙන් හෝ) අපට මුලුමහත් ජීවිතය ගැනම කලකිරවන්නේ නැහැ.
කෝම්න්ටුවට උත්තරයක් ලෙස ලියන්න ගත්තට අන්තිමට යන්නෙ කොහෙද මල්ලෙ පොල් උනා :) :)