සංසාරේ අපි මාසයක් වහලා දැම්ම ගානයි. බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් ලිවිල්ල නම් එපා වෙන්නෙ නැහැ. ඒත් දන්නවද, ජීවිතේ මල්ට ටිකක් දුරට රයිටර්ස් බ්ලොක් වගෙ එකකුයි ටෙක්නිකල් ගෑජට් එපා විල්ලකුයි එක පාර සිද්ද උනා වගෙ මාසයක් හිත හිත දුක් වින්දා.
ජීවිතේ මල්ට තියන ලොකුම ලෙඩේ තමා ජීවිතේ වෙනස් වීගෙන යද්දි ඒකට හේතු භූත වෙච්චි කරුණු කාරනා හොයන්නෙම තම ඇතුල් හිතෙන්. ගම්පෙරලියෙ නම් කිව්වෙ මාතර හාමිනේ කියන්නෙත් ඒ වගෙ කෙනෙක් කියලයි. ඒත් ජීවිතේ විවිධ අභියෝග සංසිද්ධි එක්ක වැඩෙද්දි ඇතුල් හදට එල්ල වෙන ඇහැ පිට ලෝකයට පරාවර්තනය වෙන එක වලක්වන්නත් බැහැ.
ගෙදර ආවම හැමදාම පුරුද්දට වගේ , ඉක්මනට ඇඟ පත හෝදලා , අලි පත තේ එකත් එක්ක කොම්පියුටරේ ගාව වාඩි වෙන එක ඉස්සර හිටන්ම අවිඥාණකවම සිද්ද වෙච්ච දෙයක්. කොම්පියුටරෙන් කරන්න විශෙෂ වැඩක් ඇතත් නැතත් ඒක නිකම්ම සිද්ද උනා.
අපරාදෙ කියන්න බැහැ , ජීවිතේ මල්ට තියන අරපිරිමැසුම් ජිවිතේට පුලුවන් උනා මීට අවුරුදු තුනකට ඉහතදි , දුකසේ ඉතුරු කරපු කොලඹ බෝඩින් ජීවිතේ අතරතුරම , යම්තම් ලැප්ටොප් එකකුත් ගන්න. ඒකට එකම රහස තමා ජීවිතේ මල් පඩි ලැබුනාම ඉතුරුව කරලා ඉවර වෙලයි පඩි පතෙන් වියදම් කරන්න පටන් ගන්නෙ. ඉතින් එදා ඉඳන්ම කොම්පියුටරේ කෑලි ගැලවිලා පැත්තකට උනා. යන එක හැම තැන ලැප්ටොප් එකට උස්සගෙන යන්න උනා.
අවුරුදු දෙකක් යද්දි ඉතින් පොඩි පහේ පස් තාච්චි උපාදියකුත් කරගෙන , ආයිමත් පොඩි හුස්මක් ගත්තෙ කන්ද උඩරට පුරුදු හීතල ජීවිතේ ආසාවෙන් තුරුලු කරගනිමින්මයි. ඔන්න බොලේ ඒකත් ඉවරයි. හුරේ ...! අප්පා එතනින් එහාටයි ජීවිතේ පටන් ගත්තේ.
අලුත් අලුත් දේවල් කරන්න , වගකීමක් දෙකක් දරන්න නිදහසත් , අවස්ථාවත් , අනුබලයත් ලැබෙන රස්සාවකුයි නිස්කලංක ජීවිතේකුයි එක්ක ජීවිතේ මල් නුවර පැලපදියම් උනේ එහෙමයි ආයිමත්.
ජීවිතේ අධිවේගයෙන් ගලාගෙන යන්නට වුනා. හැමදවසක්ම අභියෝගයක්. හැම දවසකම අලුත් දෙයක්. ඉහේ හිට දෙපතුලට ගිලෙන්න අලුත් අලුත් වැඩ ගොඩක්,.. හැබැයි එක දෙයක් විස්වාසයි. මෙතෙක් වැඩකල අවුරුදු 6ත් හරි, පහුගිය අවුරුද්දත් හරි. ඒ තරම්ම අලුත් අත්දැකීම් ගොන්නක්. අභියෝග , ප්‍රශ්න , ගැටලු, අලුත් අදහස්, ඔක්කොම උල්පතක් වගේ දෝරෙ ගලන්නට උනේ ව‍්රය්ත්තිය ජීවිතේ අලුත්ම පිටුවක් පෙරලමින්.
අලුත් කාර්යක්ෂම අදහස් වලට නිකම්ම හිත නැමෙන මගෙ නව ඇරඹුම් හැම එකක්ම් තෘප්තිමත්ව නිම කරන්නට ලැබෙන ලැබීමත් හරිම සතුටු හිතෙන දෙයක්. ඉතින් මාස පහ හයකට මත්තෙන් හිත අවුරුද්දක් විතර තිස්සෙ සිහින මැවුව අයි පෑඩ් එකක් හිමි කරගන්නත් , මගෙ අරපිරිමැසුම් ජීවිතේට වාසනාව ලැබුනා.
දැන් ඔයාලට හිතෙයි ජීවිතේ මල්ගෙ ජීවිතේ නම් 'මල් හතයි' කියලා. මට තියන ලොකුම සතුට තමයි , ඒක එහෙම නොවී තියන එක දන්නෙ මගෙ හිත විතරක්ම වීම.ජීවිතේ කියන්නෙ මොන තරම් අසාදාරණ , කටුක , නින්දිත , තුච්ඡ එකක්දැයි ඔබ මගෙන් ඇහුවත් මට කොයිතරම් හොඳ පිලිතුරකට අත්දැකීම් තිබුනත් , මම ඔබට හිනහ වෙලා කියාවි , ජීවිතේ සුන්දරයි කියලා. ඒකට හේතුව තමයි , ඒ තරම් කටුක රළු මං පෙතේ අද මට මෙන්න මේ වගෙ සටහනක් ලියන්නට තරම් දේවල් මට තියෙන්නේ, මගෙ හිතේ තියන නොසැලෙන ආත්ම විස්වාසය නිසයි.
නොමග යන්නෙපා. ජීවිතේ මල්ගෙ හැබෑ ජීවිතේ ඔබට අදහන්නවත් බැරි තරම් ගින්දර ගොඩක්. ඒත් අන්න ඒ නිසාමයි මම ආඩම්බරයෙන් කියන්නේ..... , රැඩිකල් නොවී නැචුරල් ගැහැණියක් වන්නේ..... , මම පොතපතින් නොව සැබෑ අත්දැකීමෙන්ම ජීවිතය උගෙන ගත් නිසා.
අද මේ මොහොතේ , මගේ කතන්දරයේ අඳුරු ආවාට කිහිපය කිසිසේත්ම මම සේල් දමන්නට අදහසක් නම් නැහැ. ඒ නිසාවෙන් මම ඉපැයූ පශ්චාත් උපාධියත් , අභියෝග පිරුනු රැකියාවත්, මගෙ ලැප්ටොප් , අයිපෑඩ් සහ ගැජමැටික් පිරිච්චි ලෝකයත් නිකම්ම නිකම් කෙල්ලෙකුගේ සින්තටික් ඇචීව්මන්ට්ස් ටිකක් හැටියකට ඔබට පෙනෙන එක සාධාරණයි. ඒත් මම දන්නවා බොහොමත්ම මෑත අනාගතයේදී ඔබේ කුකුසට ඉතා හොඳ සාධාරණයක් කරන්නට මට හැකි වේවි.
මගේ ලෝකය කියන්නේ මා අද මැරුනත් තෘප්තිමත් එකක්. අවුරුදු 29ට මා ලද දේ මෙන්ම , මගේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකයට දුන් දේ , මට තෘප්තිමත් වීමට ඉහටත් උඩින් ප්‍රමාණවත්.
මා ලද දේ නම් මගේ ඉගෙනුමත්, වෙහෙසී කල රැකියාවෙහි පඩියත්. එසේ වෙහෙසී ඉපැයූ දෙයින් සැබෑ කොටගත් සිහිනයනුත් පමණයි.
එහෙත් මා ලෝකයට දුන් දෑ සිතුවොත් මට ඊට වඩා දහස් වතාවක් තෘප්තිමත් විය හැකියි. දහසක් ජීවිත වල ඇස් පෑදූ තෘප්තියත්, ලෝකයට මේ මේ දෑ දිය යුතු යැයි, මේ මේ සේවයන් කළ යුතු යැයි සිතෙහි ඇඳී තිබූ යම් තාක් සිහින වේද , නිසි කල්හි ඒ හැම සිහිනයක්ම සැබෑ කරමින් ජීවත් වූ මහපොලවටත්, මාපියන්ටත් මා මෙතෙක් දුන් තෘප්තීන් පිලිබඳ සිතෙහි තිබෙන්නේ ඉමහත් සතුටක්.
මේ ආත්ම වර්නනාවක් නොවේ. එහෙත් මා ඉල්ලන්නේ එකම දෙයයි. ඔබේ පඩිපත, ඔබේ ලස්සන, ඔබේ උගත්කම් , ඔබේ රැකියා , ඔබේ ගැජමැටික් , ඔබ ඉපැයූ ඒවායි. ඔබ ලොවින් උකහා ගත් ඒවායි. මඳකටසිතන්න , කිසිදු ප්‍රතිලාභයක් නොසොයා ඔබ මෙතෙක් ලෝකයට දුන් දෑ මොනවාද? ජීවිතාශාව උදෙසා ඔබ රැස් කළ යුත්තේ ඒවායි. ලෝකයම ඔබ දෙස සමච්චලයෙන් වපරැසින් බලද්දී ඔබට ඔබව වීරයකු ලෙස පෙනේවී. එය මතු වන්නේ ආත්මාභිමානය තුලින්. ආත්මාභිමානය උණන්නේ , ඔබේ පෞරුෂය ලන්නගා කොටගත් දිනුම් කණු ඇසුරෙන්. පරාජිතයකු තුලින් අභිමානවත් මිනිසෙකු කෙලෙසින් බිහි වේවිද?
මගේ හිතවතුන් මා පිලිබඳ නොරුස්නා ප්‍රධානම දෙයන් නම් මගේ මරණාවර්ජනයයි. එහෙත් , ඔබට සිතෙන්නේ නැද්ද මරණය පිලිබඳ මා අකම්පාල විය යුතු නැති බව? ඒ යතාවබෝධය නිසානොවෙයි. ඊට හේතුව නම් , අද මේ හුස්ම ටික ගියත්, මා මියෙන්නේ , 29 වසරක ජීවිතය පිලිබඳව අතිශයින් තෘප්තිමත්ව නිසයි.
ආ සැප සහ පරිභෝගයෙන් සංතෘප්ත නැහැ. එහෙත් තෘප්තිය උදෙසා මට ඒවා ලැබිය යුතුත් නැහැ. තෘප්තිය උදෙසා මගේ හිතෙන් , හිසෙන් සහ ගතින් වෙහෙසව ලොවට දුන් දෑ සිතීමම ප්‍රමාණවත්.
අපෝ ඔය මරණය ආවර්ජනය කරන්න වටින එකෙක් ද? වැඩකට ඇති එකෙක් ආවර්ජනය කරන්න මෙයා.... :D
ReplyDeleteනෑ, නෑ නිසූපා මාතර හාමිනේ අපි හිතනවාට වඩා හරි ෆෝර්වඩ් ..එයා හිතේ තියාගෙන හිටි දෙවල් කවුරුන් ලවා හරි කරගන්න මාන බැලුවා .
ReplyDeleteවයසත් කියල නේද ;-)
ReplyDeleteවයසත් කියලා නිසා දැන් නම් වැඩේ හරි :D
ReplyDeleteඅද මැරුණත් ජීවිතේ තෘප්තිමත්....
ReplyDeleteඇත්තටම ඊට වඩා දෙයක් මනුශ්‍යෙයකුටත.් තවත් නෑ කියලයි මා සිතන්නෙත්. පහුගිය දවස් වල වැඩි සද්දයක් නැත්තේ ඇය් කියලයි මාත් බැලුවේ...
ReplyDeleteජීවිතේ දිහා ආපහු හැරිල බලද්දි
මූනේ පුංචි හිනාවක් ඉතිරි වෙනව නම්
ආයේ තව මොනවද එච්චරයි.
මරණය ආවර්ජනය ඒ මොන බහු බූතයක්ද.
ඒක ඔය වෙන වෙලාවක වෙයි නෙ.
dissatisfaction and bitterness runs between lines in your entry..Hope somebody understands it !
ReplyDeleteමට නම් රස්සාවේ කිසිම අවුලක් නෑ. මාරම සතුටකින් ජොබ කරගෙන යනවා.
ReplyDeleteඅර පින්තූරේ නම් මරු
හ්ම්ම්ම්... ජීවිතේ ගැන ධනාත්මක දෙයක් අහන්න ලැබෙන එකත් ලොකු දෙයක් .. සතුටුයි ජීවිතේ මල් ගේ දැක්ම ගැන ... ජය වේවා, ඔහොම යමු :)
ReplyDeleteලිපිය කියවලා හිතන්න දේ බොහොමයි. ජීවිතෙ මුල ඉඳන්ම ආපහු මතක්වුනා. ස්තුතියි! මේ වගේ වටිනා අදහස් මතක් කරනවට.
ReplyDeleteඑහෙම බැලුවාම මමත් 23ට උපරිම සතුටින් ඉන්න ඕනෙ කෙනෙක්. 24 වෙනි අවුරුද්ද හොඳ වසරක් වෙයි..
ReplyDeleteඅතෘප්තිකර ලෝකයක තෘප්තිමත් පුද්ගලයෙක් දැකීමත් සතුටක්.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනගි මනෝ විශ්ලේෂනයක්නේ ඔබ ඉතාම සාර්ථකයි..ජයවේවා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
මෙහෙම සතුටු වෙන්නෙ කීයෙන් කීදෙනාද? මල්. ඇත්තටම නංගි මේක තමයි උපරිම සතුට. අපි ජීවිතේ ආපස්සට හැරිල බලත්දි අපිට ඒ ජීවිතේට වටිනා කමක් දෙන්න පුළුවන්නම් ඒක තමයි අපි ලබන උපරිම තෘප්තිය. ඔබේ ඉදිරි ජීවිතෙත් වාසනාව සතුට සම්පත පිරි සාර්ථක ජීවිතයක්ම වේවා! කියල සෙනෙහසින්ම පතනවා.
ReplyDeleteතමා කල කී දෑ ගැන සතුටින් පසුවීම කෙනෙකුට ලඟා කරගත හැකි වටිනාම සතුටක්. හැබැයි ඒ සතුට ලැබෙන විදිහ //කිසිදු ප්‍රතිලාභයක් නොසොයා ඔබ මෙතෙක් ලෝකයට දුන් දෑ// නිසාම ඇති වෙන එකක් කියලා මම හිතන්නේ නැහැ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නට පුළුවන්. කිසි කෙනෙකුට දැනුවත්ව වරදක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත්වීම තුලිනුත් මේ සතුට ලබා ගන්න පුලුවන් කියලා මම හිතනවා.
ReplyDeleteඔබගේ ජීවිතය ගැන කියන්න මම දන්නේ නැති උනත්, මට හිතෙන්නේ ඔබම කියා ඇති පරිදි, ඔබ ලැබූ තිත්ත ඇත්දැකීම් මැදින්, ඒවා පරදවා යම් කිසි ප්‍රීතිමත්, ස්ථාවර බවක් තිබීම පිළිබඳ ඔබේ හිතේ ඇති සතුට නිසා ඔබේ හිතේ ඇතිවී තිබෙන හැඟීමක් කියලයි. ඇනෝ කෙනෙක් කියලා තියන විදිහට, ජීවිතයෙදි ඔබ ලැබූ කටුක අත්දැකීම් වල සෙවනැල්ලක් මේ පෝස්ටුවේ තියනවා. පව්, පින්, හොඳ, නරක කියන හැම දේම යම් කිසි දෙයකට විරුද්ධව යෑමේ ප්‍රතිපලයක්.
කටුක අත්දැකීම් වලට මුහුණ දුන්නෙකුට, ලෝකයාගේ ප්‍රශ්නාර්ථයට ලක් වෙච්චි කෙනෙකුට.. තමන්ගේ ආත්මාභිමානය වෙනුවෙන් යම් යම් දේ කරන්නට සිද්ද වෙනවා. යම් යම් දේ දිනා ගන්නට සිද්ද වෙනවා. නමුත් සමහරුන්ට ආත්මාභිමානය පිළිබඳ ඒ ප්‍රශ්නය නැහැ. උපතින්ම ඒ අයට හිමි යම් යම් දේ නිසා සහ තවත් විවිධ හේතු නිසා. ඒ නිසා ආත්මාභිමානය, ආත්ම තෘප්තිය කියන දේවල් අපේ ජීවිතයට සාපේක්ෂයි.
කෙනෙකුට තමන්ගේ ඉතිහාසයෙන් ගැලවෙන්න ඉතාම අමාරු නිසාම, තමන් ලබා ගන්නා ආත්ම තෘප්තිය නිතරම මේ ඉතිහාසය සමග බැඳී පවතිනවා... ඒක මම අඩු තක්සේරු කරන්නේ නැහැ... නමුත්... තමන්ගේ ඉතිහාසයට සාපේක්ෂ නොවන, ඉතිහාසය හා බැඳී නැති ආත්ම තෘප්තිය ඊට වඩා වටිනවා කියලා මම හිතනවා. කලින් කිව්වා වගේ ඔබේ ජීවිතයේ ඇති ආත්ම තෘප්තිය මොන ආකාරයේදැයි කියන්න මට හරියටම බැහැ... පෝස්ටුවේ ඇති දේවල් වලින් උපකල්පනය කරල තමයි ලිව්වේ..
@රතු රජරට
ReplyDelete.
.
හයියෝ.... කවුද නිසූපා මෙහේ ?>?? :)
සෝඩා අයියා...
ReplyDeleteහා හා.. හැබෑ නේන්නම් මෙයා... මරණය ආවර්ජනය කලාට කාටද වැඩක් උනේ නේහ්හ්හ් ?? හී හී
රතූ
හෑ... කොයි නිසූපෙක් ??? නිසූපා එන්ඩෝ.. මෙයා ඔයාව හොයනෝ... :) :)
චානක
ඇයි දන්නෙ නැද්ද... ? කොතැනත් දාන එකනෙ...
සබී
කාටද වැඩේ හරි? :)
ප්‍රියා අයියා...
ඔවු අයියා... අවුරුදු තුනක් එක දිගට ඇලුන අන්තර්ජාලෙන් පොඩ්ඩක් මිදුනා. දැන් නම් ටිකක් කොන්ට්‍රෝල්ල්ල් :) :) හොඳින් ඉන්නවා ඇතැයි සිතමි.. පේරා පැත්තේ එන්නත් ඕනේ...
නිශ්
හැබෑට මරණයා කියන්නෙ ආවර්ජනේ කරන්න වටින එකෙක්යැ ... හිකිස්.. මරේ මේ පැත්තට එනු. ඇවිත් පැටලෙනු කෝ... :)
ano
ReplyDeleteoh you ...
whoever you are
...
might /might not know me ..
MIGHT KNOW MY THOUGHTS as well..
cheers !
මල්ලි මදූ
ReplyDeleteඔයා දන්නවනෙ ඉතින් මගෙ පින්තූර තේරිල්ල...
:)
:)
ලකීරෝස්
ජය වේවා... ජීවිතේ මල් පිපේවා :)
පිසා
ස්තූතියි පිසා.. නිතර ඇවිත් අපිව බලල යනව නේඅ...
නද්යා
හෙ හෙ. ජය වේවා.. සුබ වේවා නගා :)
ඩූඩ්
ReplyDeleteහේයී..... ලඟදි හම්බෙච්ච සෝක්ම බ්ලොගර්... කොහොමද ඉතින් :)
නලීන්
ජයවේවා .... අනිවා සමකය පැත්තෙ වෙලා තියෙන අහෙටියට එන්නම් :)
චන්දි
ස්තූතියි යාලුවේ... සතුට කියන්නෙ හරි අමුතු දෙයක්... ඒත් එයාව හොඳට රැක ගත්තොත් ජීවිතේ මල් :)
තිසර
ඔබ හොඳම විශ්ලේෂකයෙක්..සැකයක් නැහැ. මගෙ ජීවිතේ තියන තෘප්තිය සහ අඳුර බොහොම ලස්සනට අකුරු කලාට ජය වේවා :)