එය නම් අරුමයක්මැයි...
හිස ගසා ගත් කලක බිත්තියක
සීරුනු තැනින් ගලයි
කුකවි පද එක දෙක...
බිත්තියද සසලව
හඬයි වැලපෙයි
රතු පාට සීරුමක් වෙවුලයි
දෙදරුමට අවනතව ....
හිත හොඳින් ඇති විටක
ගැයු මනා කවි පද
පොළවත් අහසත් සුලඟත්
කොතෙකුත් ලියා වැනුවද .....
බිත මත රැඳුනු කෙස් පොද
හිස මත ඇඳුනු රතු හුණු
හැඬුමට අනුනාද වන තරමට
මහ පොළව සිත් පිත් නැත....
.
.
සිත ප්‍රීතියෙන් පසුවන කල්හි , බොහෝ අය ප්‍රීතිය බෙදා ගැනීමට වෙති... එහෙත්
සිත අසරණ වන විට , සුන්දර බොහෝ දේ සිතක් නැතිවාක් මෙන් නිසල වෙයි, අප වැනූ
බොහෝ දේ අපට සංවේදී නොවෙයි.
එහෙත් වේදනාවෙන් භරිතව හිස ගසා ගන්නට අවැසි තරම් අසරණ වන කල්හි, තම සැප නොසලකා, හිස ගසා බෙරිහන් දෙන්නටත් හිස හොවා හඬන්නටත් තම පපුව දී , අපත් සමග රැඳෙන්නේ එහෙමත් කෙනෙකි.
හිස ගසා ගත් කලක බිත්තියක
සීරුනු තැනින් ගලයි
කුකවි පද එක දෙක...
බිත්තියද සසලව
හඬයි වැලපෙයි
රතු පාට සීරුමක් වෙවුලයි
දෙදරුමට අවනතව ....
හඬයි වැලපෙයි
රතු පාට සීරුමක් වෙවුලයි
දෙදරුමට අවනතව ....
හිත හොඳින් ඇති විටක
ගැයු මනා කවි පද
පොළවත් අහසත් සුලඟත්
කොතෙකුත් ලියා වැනුවද .....
බිත මත රැඳුනු කෙස් පොද
හිස මත ඇඳුනු රතු හුණු
හැඬුමට අනුනාද වන තරමට
මහ පොළව සිත් පිත් නැත....
ගැයු මනා කවි පද
පොළවත් අහසත් සුලඟත්
කොතෙකුත් ලියා වැනුවද .....
බිත මත රැඳුනු කෙස් පොද
හිස මත ඇඳුනු රතු හුණු
හැඬුමට අනුනාද වන තරමට
මහ පොළව සිත් පිත් නැත....
ඒ එහෙමත් එවුන්ට අපි යහළුවන් යැයි කියමු.. වාසනාවකට වගේ මට එවැනි එවුන් කිහිප දෙනෙක් සිටිති!!
ReplyDeleteජය වේවා!!
හ්ම්ම්ම්ම්
ReplyDeleteඋත්තම නිර්මාණයක්.හද පතුලෙන්ම ලියැවිලා තියෙනවා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
When you laugh,
ReplyDeletethe whole world laughs with you.
When you cry,
you cry alone.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අදයි මේ පැත්තට ගොඩ වුනේ ඇත්තටම සුපිරි නියම නිර්මාණ
ReplyDeleteකල කෙලි කවට කම් අතැරව ගියාදෝ...
ReplyDeleteනලලත තැබූ තිලකය අවපැහැවිනිදෝ...
සිත දුක් දකිනු රිසි නොමැතිව සැඟවුණිදෝ...
සකියනි සෝ සුසුම් සවනත නොවැකේදෝ...
couldn't do much.. :-(
ලස්සන කවි පෙල අක්කේ..
ReplyDelete@Dude
ReplyDelete@Dude
මේකෙ අන්තිම පදය the whole world laugh without you කියල වගේ මතකයි.
එවැනි 'එහෙමත්' එවුන් පාසල් කාලයෙන් පස්සේ හම්බවෙන්නේ කලාතුරකින්. ඒ 'එහෙමත්' එවුන් ඊට පස්සෙ නැතිවෙලා යන නිසා නෙවෙයි. පාසල් කාලයෙන් පස්සේ අපි අත්දකින සමාජය ඔය 'එහෙමත්' කම මතුපිටට එන්න බැරිවෙන තරමට සීමා මායිම් වලින් ඇහිරිලා නිසා කියල මට හිතෙන්නෙ. අසරණවුනු කෙනාට උනත් තමන්ගේ අසරණකම පූර්ණ අවංකත්වයකින් එළිදක්වන්න තරම් ඉඩක් ඒ සමාජයේ ලැබෙන්නේ නැහැ. ගොඩක් දිගින් දිගට කතා කරන්න පුළුවන් මාතෘකාවක්... ඒ නිසා නවතින්නම්.
ReplyDeleteඅරුත්බර සිතුවිල්ලක්........
ReplyDeleteමම අද තමා මේ පැත්තට ආවේ.....
This comment has been removed by the author.
ReplyDeleteකලින් කොමෙන්ටුවක් දැම්ම කියලා මතකයි... මම ලිව්වේ, ඔය 'එහෙමත්' වර්ගයේ අය පාසල් කාලෙන් පස්සෙ හම්බවෙන්නේ කලාතුරකින් කියලා. තමන්ගේ අසරණකමක් පාසල් කාලෙන් පස්සේ ඇතිවෙන යාලුවෙක් ඉස්සරහ පූර්ණ අවංකත්වයකින් දිගහරින්න කෙනෙකුට අමාරුයි කියලා හිතෙනවා. සමහර වෙලාවට තව කෙනෙක්ගේ දුක තේරුම් ගන්න තවත් කෙනෙක් අපොහොසත් වෙන වෙලාවල් තියනවා... අර ගීතයකත් තියෙන්නේ... "විරහ තාපයේ දැඩිකම, සිත් පිත් ඇති අයටත් නෑ දැනුනේ යාලූ" කියලා.
ReplyDeleteI couldn't have really asked for a much better blog. You are always at hand to provide excellent information, going straight away to the point for easy understanding of your subscribers. You're really a terrific pro in this arena. Many thanks for remaining there humans like me.
ReplyDeleteස්වභාව ධර්මයේ ම එක් අපූර්ව ධර්මතාවයක් නංගී අපිව තනි නොකරන එක... දහසක් දෙනා ඈත් උනත් එක් අවංකයෙක් ඉතිරිවීම...
ReplyDelete"සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...."
හිතල බලන්න බෝවන ලෙඩකදී ගෙදර සියල්ලටම වැළදුනත් එක් අයෙක් ඉතිරි කරන අවස්ථා තියෙනවා නේද කියලා....
I have come here for the first time.How true !but that is life.
ReplyDeleteලස්සන කවි පෙලක්
ReplyDelete